ප්‍රබුද්ධ කවියකු මෙන්ම වියත් පඬිවරයකු වූ අභාවප්‍රාප්ත විමල් අභයසුන්දර සූරීන්ගේ 99 වැනි ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
අපට ඇසුරු කරන්නට අදහස් උදහස් බෙදා හදා ගන්නට දැනුම අවබෝධය ලබන්නට රසවත් අත්දැකීම් ලබන්නට සිටි බොහෝ දෙනා දැන් ජීවතුන් අතර නොමැත. පණීභාරත ගුරුතුමා, චිත්‍රසේන ගුරුතුමා, මහාචාර්ය තිස්ස කාරියවසම් ඒ බොහෝ නම් අතර මට සිහිපත් වෙයි. තවත් සුවිශේෂී පුද්ගලයකු මගේ වැඩිහිටි මිතුරකු ලෙස මහද තැන්පත්ව ඇති බව මම දනිමි. එතුමාට මා කතා කරනුයේ පඬිතුමා යන ගුරු බුහුමකිනි. කිහිප අතකින් අපි මිතුරෝ වූයෙමු.
ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය අව්‍යාජ වෙයි. අපමණ හැකියා කුසලතා එක්තැන්ව පැවැති විමල් අභයසුන්දර කවියා, ගී පද රචකයා, නවකතාකරුවා, කෙටි කතාකරුවා, විචාරකයා, මුද්‍රා නාට්‍ය රචකයා එතුමාය. සිංහල, පාලි, සංස්කෘත, හින්දි, ඉංග්‍රීසි වැනි ප්‍රාචීන ප්‍රතිචීන භාෂා, සාහිත්‍යය, ඉතිහාසය, ආගම, සංස්කෘතිය බෙහෙවින් දත් මේ පඬිවරයා බහුශ්‍රැතයෙකි. කවිතා ගුණයෙන් හෙබි ප්‍රතිභා සම්පන්න සුධීමතෙකි. කොළඹ කවි යුගය බැබළවූ කවීන්ද්‍රයෙකි. කවි සමුළුවල ගුරුවරයෙකි.
1921 සැප්තැම්බර් මස 17 වැනිදා දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ බෙන්තර වලල්ලාවිට කෝරළේ වැල්තොට වැල්ලබඩදී ඔහු උපත ලැබීය. අරුමාදුර හරුමානිස් ද සිල්වා සහ පොරොවගොඩ ලැයිසො හාමි ද සිල්වා දෙමහල්ලන්ගේ සිවුවැනි දරුවා ලෙසිනි ඔහු ඉපැදුණේ.
වැලිතොට ශ්‍රී ඤාණතිලක මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1926 දී ඔහුට අතපොත් තැබූහ. වතුරෙගම සිංහල පාසලෙන් පස්වැනි ශ්‍රේණිය දක්වා උගත් ඔහු අඹගහපිටිය මූල මහා විහාරයේ සුගත ශාසනෝදය පිරිවෙනේදී මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේය. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහාපිරිවෙනේදී පාලි, සිංහල, සංස්කෘතික, හින්දි, ප්‍රාකෘත, තර්ක, න්‍යාය, ඡන්දෝලංකාර යන විෂයයන් හදාරමින් විශිෂ්ට ලෙස සාමාර්ථ් ලද්දේය. 1948 දී ත්‍යාග ද දිනා ගත්තේය.
කොළඹ අගනුවර ලෝරන්ස් විද්‍යාලය, ඕල්කොට් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, පෙම්බ්‍රෝක් විද්‍යාලය යන විදුහල්වලින් තත්අධිරාජ්‍යවාදී සමයේදී ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුවේ මහත් උනන්දුවෙනි. ලන්ඩන් පොදු අධ්‍යාපන සහතික පත්‍ර විභාගයෙන් (උසස් පෙළ) පරීක්ෂණයෙන් ද විද්‍යෝදය අවසාන පරීක්ෂණයෙන් ද ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පැවැත්වූ ප්‍රාචීන පණ්ඩිත විභාගයේ අවසාන පරීක්ෂණයෙන් ද විශිෂ්ට ලෙස සමත් වු ඔහු ශාස්ත්‍රපති (එම්.ඒ.), යෝග්‍යතා පරීක්ෂණය (විද්‍යාලංකාර) සමත් විය. ඉන් අනතුරුව පුවත්පත් කලාවේදියකු ලෙස වෘත්තීය ජීවිතයට පිවිසුණේය.
සරසවි සඳරැස (1949), ලංකාදීප (1950), පෙරමුණ (1953), දිනමිණ (1953) සේවය කළ ඔහු සිංහල විශ්වකෝෂයේ සමාරම්භයේම (1955) සහකාර සංස්කාරකවරයකු වූයේය. ගුවන්විදුලි දෙපාර්තමේන්තුවේ නිබන්ධ සම්පාදකවරයකු වූ 1978 දී විශ්‍රාම යනතුරු විවිධ තනතුරු හෙබැවූයේ ගුවන්විදුලියට කීර්තියක් අත්පත් කරදෙමිනි.
1937 විමලසාර ගුණ සමරපද්‍ය කෘතියේ සිට 2008 ජුනි මස 8 දින මියයෑම දක්වා ඔහු ඉමහත් ධෛර්යයෙන් ලේඛනකරණයේ නිරත වූ සැටි අපට මතකය.
1959 දී ඔහු විසින් ලියන ලද නිෂාදී (විචාර, ගීත හා ගීත නාටක) කෘතියට 1959 පළවූ උසස් කාව්‍ය ග්‍රන්ථයට පිරිනැමුණු පළමුවැනි ත්‍යාගයට හිමිවූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණි. 1963 දී පළවූ වනපස මලින් පුද (බෞද්ධ කාව්‍ය විචාර හා නිබන්ධ) කෘතිය 1963 දීම පළවූ පෙරදිග සංගීතය පිළිබඳ පූර්ණ සමීක්ෂණයක් වූ පිට 1250ක් පමණ විශාල සංගීත සංහිතා ග්‍රන්ථය ද අප විශ්වවිද්‍යාලයේ ද මූලාශ්‍රය ග්‍රන්ථ ලෙස භාවිත කරනු ලැබේ.
ගීත ප්‍රබන්ධයකු හැටියට ගැඹුරු අර්ථවත් රසාලිප්ත වූ ගීතාවෙන් යුක්ත ගී පද රචනා සිය ගණනක් ඔහු විසින් පබඳින ලදී. ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග ගැයූ ධර්මදීපනී ලංකා ධරනී, ආචාර්ය අමරදේවයන් ගැයූ ස්වස්ති ශ්‍රී සෞභාග්‍යය සුපුරිත, වසන්තා සන්දනායක (පසුව විශාරද නන්දා මාලනී) ගැයූ ධර්ම රජා නමාමි මා, දොළ ළඟ ගුරු පාර දිගේ ඒවි, මහාචාර්ය සනත් නන්දසිරි ගැයූ අලුත් ඉරක් පායා, නවලෝකේ, නයන තරංගි, හංස හංසි (සනත් ගුවන්විදුලියට ගැයූ මුල්ම ගීතය), මල්කාන්ති නන්දසිරි ගැයූ සුනිල් සරැළි කෙස් කළඹ මගේ ආදී ගීත රාශියක් ජනකාන්ත වූයේය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගෙන් පසුව ගුවන්විදුලිය ගීත නාටකයට නව හැඩයක් එක් කළේ විමල් අභයසුන්දරය.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන හතර වතාවක් දිනාගත් ඔහුගේ බිරිඳ කල්‍යාණි අභයසුන්දර ද ඒකල මෙන්ම ජිනදාස ගුණසේකර සමග යුග ගී ගැයූ ගුවන්විදුලි ග්‍රැමෆෝන් ගායිකාවකි. ඇය අමරදේව, ඩී.ආර්. පීරිස්, පී.වී. නන්දසිරි, එස්.ඩී.එස්. ජයසේකර වැනි ලාංකික කලාකරුවන් සමග ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාළාය. වීණාව ඇගේ වාද්‍ය භාණ්ඩයයි.
සිංහල ගුවන්විදුලි සේවයට ඔහු විසින් අලුතින් හඳුන්වා දෙන ලද වචන මහත් රාශියකි. විශේෂ වැඩසටහනක් සංගීතමය ප්‍රණීතාංග ආදියට හා සරල ගීත ශාස්ත්‍රීය ගීත ගුවන්විදුලිය ගීත නාටක ආදියට ඒ අතින් ලැබුණු පරිපෝෂණය ඉතා උසස්ය. නිතිපතා ප්‍රචාරය වන ඇතැම් වැඩසටහන්වලට දුන් සිරස්තල අදත් ගුවන්විදුලියෙන් ඇසේ. ගුවන්විදුලිය පද්‍යාවලිය ඉතා දීර්ඝ කාලයක් නිෂ්පාදනය කළේ ඔහුය. ගුවන්විදුලි සේවයෙන් විශ්‍රාම ලැබූ පසු ද පද්‍යාවලිය සහ නාට්‍ය වැඩසටහන් ඔහු විසින් ඉදිරිපත් කරන ලදී.
එළිමහන් සන්දර්ශනවලට ඔහු ලියූ පිටපත් අතර හෙළපුවත (1959), සම්බුදුසිරිත් (1959), වීරකැප්පෙටිපොළ, මධුමාධවී, ආලෝකධ්වනි ආදිය වෙසෙසින් සඳහන් කළ හැකිය.
ඔහු විසින් පබඳින ලද ගම්මානයේ මල් පිපිලා වේදිකා ගීත නාටකයේ නර්තනයෙන් රංගනයෙන් දායක වීමට මට අවස්ථාව ලැබීම අදත් මවිසින් සිහි කරනුයේ අතිශය ආස්වාදයකිනි. එම ගීත නාටකය අධ්‍යක්ෂණය කළේ කලාගුරු ඇස්. පණීභාරත ආචාර්යවරයා විසිනි. ආචාර්ය අමරදේව, විශාරද ඩී.ආර්. පීරිස් තනු නිර්මාණය කළ මෙම ගීත නාටකයේ අමරදේව, සනත් නන්දසිරි, නන්දා මාලනී, දයාරත්න හා අමරා රණතුංග, මල්කාන්ති නන්දසිරි ඇතුළු ගායන ශිල්පීහු ගී ගැයූහ. එම ගීත නාටකය මධුර රසාලිප්ත කලාංගයක් වූ බව මට මතකය. 1978 වසරේදීය.
ප්‍රනීත්, අර්ජුණ, පුලස්ති, සුභානි යන දරුවන් සතරදෙනකුගේ පියා වන විමල් අභයසුන්දර සැම විටම රට දැය සමය පිළිබඳ ඉමහත් ඇල්මෙන් ලියූ කියූ පඬිවරයෙකි. ඔහුගේ වැඩිමල් පුත් ප්‍රනීත් අභයසුන්දර අප සමග විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ හා සාහිත්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි විවධ ක්‍රියාවන්හි නිරත වෙයි.
විමල් අභයසුන්දර සිය රට බිම් අඟලක් අඟලක් නොහැර ගමන් කළේ කවියෙනි. විදේශීය රටවලට පවා ගියේ තම රට සිංහල කවිය නියෝජනය කරමින් කවියෙනි. ගුවන්විදුලියට පිවිසියේ ද කවියෙනි. පුවත්පත්, සඟරා, මාධ්‍ය ලෝකය හෙබවූයේ කවියෙනි. දේශන, සම්මන්ත්‍රණ කථිකා බැබළවූයේ කවියෙනි. ඔහු උපන් ගම දිස්ත්‍රික්කය පළාත රට කලාපය අලංකරණය කළේ කවියෙනි. ඔහු නියම සංස්කෘතික මිනිසෙකි.
(***)
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක
මෙවර “කිවිදා දැක්ම” මා උපයෝගී කරගන්නේ පසුගිය දවස්වල ලංකාවේ මාධ්‍ය වාර්තා කළ ප්‍රධාන සිදුවීම් දෙකක් නිමිති කොටගෙන ලංකාවේ දේශපාලන ආණ්ඩුකරණය පිළිබඳ සා
අප රට එක් අතකින් කෙතරම් අවාසනාවන්ත දැයි කියතොත්, එක් බරපතළ ප්‍රශ්නයක් නිරාකරණය කරමින් සිටින විට, රට ළඟින් යන නැවක් හෝ ගිනි ගනී. මේ දිනවල ද එබඳු ගින්නක් අ
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (1) පැවසීය. තම අ
මහජන නියෝජිත ආයතන අතරින් පාර්ලිමේන්තුව උත්තරීතරය. ඒ එය රටේ ව්‍යවස්ථා සම්පාදන ආයතන ද වන හෙයිනි. වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් 196 ක
කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසුන්ට ප්‍රමාණවත් ආහාර සැපයීමක් නොකරන බවත්, සිසුන් සියයක් පමණ රෝගාතුර වී ඇති බවත් පසුගිය දිනෙක අප පුවත්
‘‘අමුත්තාට - හිතවතාට නෑයාට අමතක ක්‍රමයේ වරදක් තිබේද?’’ මැයෙන් ලන්ඩනයේ සිට ආචාර්ය රාජසිංහ බණ්ඩාර නම් අයෙකුගේ නමින් ඉකුත් 24 වැනිදා ලංකාදීප පත්‍රයේ ලිපි
මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා
ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්
කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ
යුග යුග නොමියෙන තුඩ තුඩ රැව්දෙන මහ පඬිරුවන
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 17 September 2020 03:08 PM
මාගේද ගුරු පියෙකු වන මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා ලියූ සාරගර්භ ලිපිය ඉතා කැමැත්තෙන් කියවීමයි. ඒ ලිපියේ සඳහන් විමල් අභයසුන්දර මහතාගේ පුත් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා අප සරසවියේ අප ගෞරව ආදරයට පත්වී සිටින, අප සනසන, අපට ගුරුහරුකම් දෙන සුන්දර මිනිසෙකි. එතුමන්ලා වෙනුවෙන් මෙසේ මේ සටහන තබමි.
rocky Saturday, 19 September 2020 03:06 AM
මේ පිටකසාගැනීම් කරන කිසිවෙක් සාමාන්‍ය සාහිත්‍යකාමී ජනතාවගේ සැලකිල්ලට යොමුවූවෝ නොවෙති.