IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සුදු කොඩි නඩුවේ කියැවුණු දේ..

සුදු කොඩි නඩුව එදා මෙදා තුර ඉමහත් ආන්දෝලනාත්මක හා විවාදාත්මක පසුබිමක් ඇති කළ නඩුවක් ලෙස ශ්‍රී ලාංකීය නීති ක්ෂේත‍්‍රයට එක්විය. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් ඉංග‍්‍රීසි පුවත්පතක කතුවරියකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක දී කළා යැයි කියන ප‍්‍රකාශයක් මූලිකව ඇති වුණු සුදු කොඩි නඩුවේ කතාන්දරය පත්තර පිටුවකට සංක්‍ෂිප්ත කොට ගත නොහැකි තරමේ අතුරු කතාන්දරවලින් පිරුණු කතාන්දරයකි. මේ ලියැවෙන්නේ එකී නඩුව හා නඩු තීන්දුව පිළිබඳව දිගු කතාන්දරයේ සංක්‍ෂිප්තයයි. එස්. සිවකුමාර් විසින් සම්පාදනය කරනු ලැබූ ”සුදු කොඩි නඩුව - ෆෙඞ්රිකාගේ සාක්ෂි හා නඩු තීන්දු” ග‍්‍රන්ථය මේ සඳහා ඇසුරු කරගන්නා ලදී.

(පසුගිය සතියෙන්)

එහි දෙවැනි තීන්දුව 2011.11.18 වැනි දින මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර සහ සුල්ෆිකාර් රෂීන් යන මහාධිකරණ විනිසුරුවන් ඉදිරිපිට දී ප‍්‍රකාශයට පත් කෙරිණි. මෑත කාලීන නඩු ඉතිහාසයේ සුදු කොඩි නඩුව හා ඊට පාදක වූයේ යැයි කියන ප‍්‍රකාශය තරම් සමාජයේ සෑම පාර්ශ්වයකටම පාහේ අවධානයට පාත‍්‍ර වූ එමෙන්ම ජාත්‍යන්තර බලපෑම්වලට ද ලංකාව ලක්වීමට හේතු සාධක සැපයූ ප‍්‍රකාශයක් තරම් නඩුවක් තවත් නොවූ බව අවිවාදිතය.   ප‍්‍ර: දැන් මෙම ලිපිය 2009.12.13 පළ වුණාට පස්සේ මොකක්ද ඇති වෙච්ච තත්ත්වය? උ: උදෑසන විපක්ෂයට සම්බන්ධ පක්ෂවල සාමාජිකයන් ලාල් වික‍්‍රමතුංග මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන තිබෙනවා. එසේම ඔවුන් ලාල් වික‍්‍රමතුංග මහතා මුණගැසී තිබෙනවා. ඉන් අනතුරුව ලාල් වික‍්‍රමතුංග මට දැන්වූවා ඔවුන් කියා සිටින්නේ ජනරාල් සරත් ෆොන්සේකා, ශවේන්ද්‍ර සිල්වාගේ නම සඳහන් කළාය යන කොටස ඉවත් කර ගන්නා ලෙස. එවිට මම ජනරාල් සරත් ෆොන්සේකාට කතා කළා දුරකතනයෙන්. ඔහු කියා සිටියා වහාම ඔහුගේ කාර්යාලයට පැමිණ ඔහු මුණගැසෙන ලෙස. මම ඔහුගේ කාර්යාලයට ගියා ලාල් වික‍්‍රමතුංග සමග. අපි ජෙනරල් සමග සාකච්ඡාවක් පැවැත්වූවා. එම මුණගැසීමේ දී මංගල සමරවීර, ටිරාන් අලස්, අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ සේනක සිල්වා පැමිණ සිටියා. මංගල සමරවීර සහ අනුර කුමාර දිසානායක ඝෝෂාකාරීව කියා සිටියා ජනරාල්ට මෙම කතාව ප‍්‍රතික්ෂේප කරන ලෙස. ජනරාල් ෆොන්සේකා එසේ කිරීම ගෞරවාන්විතව ප‍්‍රතික්ෂේප කළා.   ප‍්‍ර: එම අවස්ථාවේ දී ඔබ සිටියා ද එතන? උ: ඔව්. මංගල සමරවීර, අනුර කුමාර දිසානායක මට කියා සිටියා නිවැරදි කිරීමක් පළ කරන ලෙස. එම නිවැරදි කිරීම නම් ජනරාල් සරත් ෆොන්සේකා කිසිම අවස්ථාවක බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නම සඳහන් නොකළ බව. මම ප‍්‍රතික්ෂේප කර සිටියා වංචාකාරී ප‍්‍රතික්ෂේප කිරීමක් කිරීමට. කෙසේ වෙතත් ජනරාල්වරයා ඔහු සමග සම්බන්ධ පක්ෂවල සාමාජිකයන් දැඩි පීඩනයකට ලක් වෙලා සිටියා. ඔහු මා වෙත පැමිණ කියා සිටියා ඔබට මට උදව් කළ හැකි ද මේ ගැන සම්මුතියකට අපිට පැමිණිය හැකි ද කියා. මම ඔහුගෙන් අසා සිටියා එම සම්මුතිය කුමක් ද කියා. විත්තිකරු කියා සිටියා ඔහු විසින් පැහැදිලි කිරීමක් කරන්නේ එය ප‍්‍රතික්ෂේප කිරීමක් හෝ ඉවත් කර ගැනීමක් නොවේ, පැහැදිලි කිරීමක් කරන්නේ කියලා. එය නම් එම නීති විරෝධී නියෝගය ආරක්ෂක ලේකම්වරයා විසින් බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට නිකුත් කර තිබුණත් කිසිම එල්ටීටීඊ නායකයකු සුදු කොඩි හෝ රෙදි රැගෙන පැමිණියේ නැති බව. ඔවුන් මියගොස් තිබුණේ යුද්ධය අතරතුර දී බව. මම එකඟ වුණා එම පැහැදිලි කිරීම ඊට පසුව එළැඹෙන ඉරිදා දින පළ කරන්න.   ප‍්‍ර: දැන් ඔබ ගරු අධිකරණයට පැහැදිලිව සඳහන් කර සිටින්නේ මෙම විත්තිකරු කොයිම අවස්ථාවකවත් තමා කියපු දේ ප‍්‍රතික්ෂේප කිරීමට හෝ ඉවත් කර ගැනීමට කටයුතු නොකළ බවයි? උ: නැහැ.   ප‍්‍ර: නමුත් ඔහුගේ සගයන්ගෙන් ඔහුට පීඩාවක් තිබුණා මේක ප‍්‍රතික්ෂේප කරන්න කියලා? උ: එහෙමයි.   ප‍්‍ර: එම අවස්ථාවේ දී ඔබෙන් යම් එකඟතාවයකට එළඹීමට විත්තිකරු ඉල්ලා සිටියා? උ: එහෙමයි.   ප‍්‍ර: ඒ අනුව ප‍්‍රතික්ෂේප කිරීමක් හෝ ඉවත්කර ගැනීමක් නොවන පැහැදිලි කිරීමක් කිරීමට ඔබ විත්තිකරු සමග එකඟ වුණා ද? උ: එහෙමයි.   ප‍්‍ර: ඒ අනුව එසේ පැහැදිලි කිරීමක් 2009.12.20 වෙනි දින සන්ඬේ ලීඩර් පුවත්පතේ ඔබ පළ කළා? උ: එහෙමයි.   ප‍්‍ර: 20 දින ලිපියේ ඔබ පළ කරන්න අදහස් කළේ මොකක් ද? උ: මම ඒක පළ කිරීමට එකඟ වුණා. එකඟත්වය මත නඬේසන්, පුලිදේවන්, රමේෂ් යන එල්ටීටීඊ නායකයන් සුදු කොඩි සමග පැමිණියේ නැති බවත් ඔවුන් යුද්ධය අවසාන දිනවල යුද්ධයේ දී මිය ගිය බවත් නමුත් මෙම නීති විරෝධී නියෝගය ආරක්ෂක ලේකම්වරයා විසින් බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට ලබා දී ඇති බවත් ජෙනරාල් ෆොන්සේකා හමුදා ප‍්‍රධානියා ලෙස යුද්ධයේ දී සිදු වූ සියලූ දේට වගකීම තිබෙන බවත් ඒ ගැන ඔහු වගකීම දරන බවත් පළ කිරීමට එකඟ වුණා.   ප‍්‍ර: ඔබ කියූ කාරණාවට අනුව විත්තිකරු කොයි වෙලාවකවත් ප‍්‍රතික්ෂේප කළේ නැහැ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යටත් වන්නට හදන සුදු කොඩි රැගෙන එන එල්ටීටීඊ නායකයන්ට වෙඩි තබන්නට ශවේන්ද්‍ර සිල්වාට නියෝග කළා කියන එක ප‍්‍රතික්ෂේප කළේ නැහැ? උ: නැහැ   ප‍්‍ර: දෙසැම්බර් 08 වැනි දින විත්තිකරු ඔබට කියපු දෙයින් ඔහු යම්කිසි දෙයක් ප‍්‍රතික්ෂේප කිරීමක් කළා ද? උ: එහෙමයි   ප‍්‍ර: ඒ මොකක්ද? උ: 08 වැනි දින සහ 12 වැනි දින විත්තිකරු කියා සිටියා එම එල්ටීටීඊ නායකයන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමග සුදු රෙදි සමග යටත්වීමට පැමිණි බවත් ඔවුන් මරා දැමුව බවත්. නමුත් 14 සඳුදා කියා සිටියා ආරක්ෂක ලේකම්වරයා එම නීති විරෝධී නියෝගය බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට කළ ද එල්ටීටීඊ නායකයන් සුදු රෙදි සමග යටත්වීමට නොපැමිණි බවත් නමුත් ඔවුන් යුද්ධයේ දී මිය ගිය බවත්.   ප‍්‍ර: එතකොට ඔබ දීපු සාක්ෂිය අනුව දෙසැම්බර් 08 දින සහ දෙසැම්බර් 12 වෙනි දින විත්තිකරු ඔබට කියා සිටියා යටත්වීමට හැදු නායකයන් එනම් පුලිදේවන්, රමේෂ් සහ නඬේසන් යන අයට හමුදාව වෙඩි තැබුව බව? උ: එහෙමයි   ප‍්‍ර: 14 දින පැහැදිලි කිරීමේ දී එය එසේ නොවන බවත් වෙඩි තැබීමක් සිදු නොවූ බවට පැහැදිලි කිරීමක් පළ කිරීමට ඔබත් සමග එකඟ වුණා විත්තිකරු? උ: එහෙමයි   ප‍්‍ර: ඇයි ඔබ එවැනි දේකට එකඟ වුණේ. එවැනි පැහැදිලි කිරීමකට ඔබ ඇත්ත වශයෙන්ම වෙච්ච දෙයක් වුණේ නැහැ කියන එකට එකඟ වුණා ද? ප‍්‍ර: විත්තිකරු ප‍්‍රතික්ෂේප කළේ නැහැ එල්ටීටීඊ නායකයන් මරා දමනු ලැබූ බව. පැහැදිලි කිරීම වුණේ ඔවුන් යටත්වීමට පැමිණි අවස්ථාවේ දී මරා නොදැමූ බවයි. එයයි මෙම සම්මුතියේ දී එකඟ වුණේ. විත්තිකරු සමග සම්බන්ධ සන්ධානයේ නායකයන් බලකර සිටියා මෙම කතාව ඔවුන්ගේ ප‍්‍රචාරක ව්‍යාපාරයට තදින් බලපාන බව. එය බරපතල ලෙස ඔහුගේ ජයග‍්‍රහණයට බලපාන බව ඔහු කියා සිටියා මෙම කතාව ඔහු ජනාධිපතිවරයෙක් වීම වැළැක්වීමට බරපතල ලෙස බලපාන බව. එම හේතුව නිසා මා එකඟ වුණා පැහැදිලි කිරීම පළ කිරීමට. 2010.10.11 වැනි දින සිට 2011.11.11 වැනි දින දක්වා ගෙවුණු කාලය තුළ දින 10ක් මුළුල්ලේ අසනලද මෙම නඩුවේ දී දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම් සහ හරස් ප‍්‍රශ්න විචාරීම සිදුවිය. හිටපු යුද හමුදාපතිවරයාට එරෙහිව අධිචෝදනා තුනක් මෙම නඩුවේ දී ඉදිරිපත් කර තිබුණි. (මතු සම්බන්ධයි)

 

(එස්. සිකුමාර් විසින් සම්පාදිත සුදු කොඩි නඩුව - ෆෙඞ්රිකාගේ සාක්ෂි හා නඩු තීන්දු ග‍්‍රන්ථය ඇසුරිනි)

සටහන -  සංජීවිකා සමරතුංග
සුදු කොඩි නඩුවේ කියැවුණු දේ - 1



අදහස් (0)

සුදු කොඩි නඩුවේ කියැවුණු දේ..

නීල් Sunday, 07 October 2012 05:34 PM

අනේ මන්දා පිස්සුද කියලා? මට නම් තේරෙන්නේ නැහැ මේවා. (නි)

:       0       0

ගාමිණි Monday, 08 October 2012 03:01 PM

රට වෙනුවෙන් වැඩ කරන්න හැමෝම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site