මධ්‍යම පළාතේ දොළොස්බාගේ නගරයේ සිට සැතපුම් දෙකහමාරක පමණ දුරින් කිනිහිරකන්ද හෙවත් රාක්ෂාව කන්ද පිහිටා තිබේ.
රාවණ යුද්ධයේ දී රාවණ රජුට අවශ්‍ය යුද අවි තනා ගත් කම්මල් මෙහි තිබූ බැවින් කිනිහිරකන්ද වූ බව ජනප‍්‍රවාදයයි.
එහි කම්මල් ඔරුවෙන් මතුවන කුඩා දිය උල්පත් දෙකකි.

ඉන් එකක් මාඔය නිර්මාණය කරමින් පහළට ඇදී යන්නේ රාවණ ඇල්ල හෙවත් රාස්ස ඇල්ල රාක්සාඇල්ල හා නාගඇල්ල යන නම්වලින් හැඳින්වෙන දියඇල්ල නිර්මාණය කරමිනි.
 

සුමනසාර හිමි

මෙම දියඇල්ල වැටෙන කඳුපන්තිය මුහුදු මට්ටමේ සිට මීටර් 570ක උසින් යුතුය. දිය ඇල්ලේ උස මීටර් 30ක් පමණ වේ. එක එල්ලේම බිමට නොවැටෙන දියඇල්ල පෙණපිඩු මවමින් ගල්තලාවක් දිගේ බැසයන්නේ රහලගල හා නාත්තකන්ද අතරිනි.

ඉක්බිති පහළ තටාකයකට ඒකව එය පුරාව දෝරගලා යළි පහළට ඇදෙන්නීය. එම තටාකය හැඳින්වෙන්නේ මිනිකඳවල නමිනි.
අරණායක අරම පදිංචි ජේ.වයි.එම්. ගුණදාස බණ්ඩා හෙවත් පීකර් බණ්ඩා (71): එම ජනප‍්‍රවාදය පවසන්නේ මෙසේය.

”මේ දියඇල්ලට නුදුරු රහලගලේ ප‍්‍රපාතාකර බෑවුමේ තිස් කුමාර ලෙන කියන අභිරහස් ලෙනක් තියෙනවා. වලගම්බා රජ දවස ඒකෙ කුමාරවරු තිස් දෙනෙක් සමග බිසෝවරු ජීවත්වෙලා තියෙනවා.

මේ රජ කුමාරවරු යුද්ධයට යනකොට බිසෝවරුන්ට කියල තියෙනවා යුද්ධයෙන් දිනුවොත් ඈත පේන බතලේගල මුරගල ඉදලා සුදු කොඩියක් වනනවා. පැරදුනොත් කළු කොඩියක් වනනවා කියල. යුද්ධයේදී කුමාරවරුන්ට ජය ලැබුණා.

කුමාරවරු හිතල තියෙනවා බිසෝවරුන්ට විහිළුවක් කරන්න.

ඒ අනුව සටනින් පැරැදුන බව හඟවා කළු කොඩියක් ඔසවන්න මොකද මෙහෙම කළේ බිසෝවරු මොනව කරයිද බලන්න.
හැබැයි විපතක් නොවන විදියට ඒ කොඩි ඔසවන අවස්ථාව වනවිට බිසෝවරුන්ට ලැබෙන සේ යුද්ධයෙන් ජයගත් බවට හසුනක් යැවීමටත් සැලසුම් කර තිබුණා.
 

 ඒකනායක

ඔය ලියුම අරගෙන ගියේ දෙමළ මනුෂ්‍යයෙක් එයා යන කොට භූවැලිකඩ කියන හරියේ ගමේ කට්ටියක් වල්ඌරෙක් මස් කරනවා. මේ මිනිහා ඒක බලාගෙන ඉඳලා යනකොට නියම වෙලාව පහුවුණා කුමාරවරු හිතුවේ වෙලාවට හසුන යන්නඇති කියලා මුරගලින් මුරගලට කළු කොඩි එසවූවා. යුද්ධ පරාජය ඉවසාගන්න බැරිවුන බිසෝවරු මේ රාක්ෂාඇල්ල ළඟ දියවළට පැනලා. දෙමළ මනුස්සය හසුන අරන් යනකොට වැඬේවෙලා ඉවරයි. සමහර බිසෝවරු දියේ ගිලි මැරුණා. මිනි පාවෙන්න පටන්ගත්තා ඊට පස්සේ තමයි මිනීකදවළ උනේ.

ඒ මළකදන් අටක් ඒ ළඟම ආදාහනය කරලා තියෙනවා. තවත් මිනි මාඔයේ ගසාගෙන ගිහින් මග දිගට පාවෙලා තැනින් තැන ආදාහනය කරලා තිබෙනවා. ඒ අළුමුට්ටි අපේ මුතුන් මිත්තෝ පවා දැකල තියෙනවා. මේ කතාවම තරමක් වෙනස් ආකාරයකට පැවසුවේ රහල පදිංචි 70 හැවිරිදි ප‍්‍රැන්සිස් සෝමසිරි හෙවත් මහතුන්මාමාය.

රහලගලේම තමයි බෑවුමක තිස්කුමාර ලෙන තියෙන්නේ මේකේ ප‍්‍රාදේශීය රජ කෙනෙකුයි අන්තංපුර බිසෝවරු 30 දෙනකුයි හිටියා තිස් කුමාරි ලෙන තමයි. තිස්කුමාර ලෙන වෙලා තියෙන්නේ. රජතුමා යුද්ධයෙන් දිනුවොත් සුදුකොඩියක් ඔසවා ඈත සිටම සංඥාවක් දෙන බව කියල තියෙනවා ඒක කලබලේට ඔසවා තියෙන්නේ කළු කොඩියක් මේක ඉවසාගත නොහැකි වූ බිසෝවරු දියඇල්ලට පැනලා තියෙනවා.

රජතුමා එනකොට සියලූදේ ඉවරයි එතුමාත් අශ්වයා එක්කම දියඇල්ලට පැනල මැරිලා.
 

ලූසී

අරණායක රහල විද්‍යාලයේ ගුරුවරයකු වන කේ.ඩබ්ලිව්.එස්.ඩබ්ලිව්. බණ්ඩාර මහතා මේ කතාවටම බැදුන තව කොටසක් සිහිපත් කළේය.
ඒ කතාව අනුව බිසෝවරු කීපදෙනෙක් පණපිටින් ගසාගෙන ගොස් ඇති අතර ගම්වැසියන් විසින් කීපදෙනෙක් පණ පිටින් ගොඩගෙන තිබෙනවා. ගැබ්බරව සිටි එවැනි බිසවකට දාව තමයි දප්පුල කුමාරයා ඉපදිලා තියෙන්නේ දිප්පිටිය විහාරය පිහිටා තිබෙන්නේ එම ස්ථානයේ යැයි ද ඔහු පැවසීය.

රාවණ රජු ඇතු පිටින් ගොස් ඇතා ඇල්ල පාමුල රඳවා දියඇල්ලේ සිරිනරඹද්දී හදිසියේ කැඞී ආ ගලක් ඇතා මත වැටී ඇතා දියවළට වැටී මියගිය බවටද ජනප‍්‍රවාදයක් පවතී. මෙතෙක් අප කතා කරමින් සිටියේ රාවණඇල්ල රාක්ෂාඇල්ල හා නාග ඇල්ල නමින් හඳුන්වන ඇල්ල බව ජනප‍්‍රවාද වලින් අපුරුවට පැහැදිලි කර ඇතත් මේ දියඇල්ල අසුපිනි ඇල්ල ලෙස අද බොහෝදෙනා හඳුන්වති.

සංචාරක නාමපුවරු හා පොත පතෙහිද අසුපිනි ඇල්ල ලෙස සටහන් කර ඇත්තේ මෙම දියඇල්ලය.

ඒ පිළිබඳව මෙම ගම්මානවල පාරම්පරික ජනයා තුළ ඇත්තේ දැඩි අප‍්‍රසාදයකි. විරෝධතාවකි.

අසුපිනිඇල්ලේ අනන්‍යතාව තහවුරු කරන ජනකවියක් පාරම්පරිකව පවතින බව ඔව්හු පෙන්ව දෙති. එය මෙසේය.


වයිකුන්ටය සදිසි අල්පිටි කන්ද
                                 ගල
බලත්ගමු කන්ද කරගල රහල

ගුණදාස බණ්ඩා

                                 ගල
රන් ආඳා ලගින මිනිකද කියන
                                වළ
අසුපැනි ඇල්ල වැටුණෙ ගම මැදිනි                      බෙරවිල


මේ අනුව ඇසුපිනිඇල්ල පිහිටා ඇත්තේ බෙරවිල ගම මධ්‍යයේය. බෙරවිල පිහිටා ඇත්තේ මෙම රාස්සාඇල්ලේ සිට කිලෝමීටර් 3ක් පමණ දුරිනි.


රාස්ස ඇල්ල අසුපිනි ඇල්ල ලෙස හැඳින්වීමට බරපතළ ලෙස විරෝදය දක්වන අරණායක අරම පදිංචි ජේ.වයි.එම්. ගුණදාස බණ්ඩා හෙවත් පීකර් බණ්ඩා (71) : මහතාගේ හඬට සවන් දෙමු.


මහත්තයා මගේ මේ ගෙදර තියෙන්නේ මෙතැනින් විශාල පිරිසක් දිනපතාම අස්පිනිඇල්ල හොයාගෙන එනවා. මේ ඉහළින් තියෙන්නේ රාස්සාඇල්ල කියලා පැහැදිලි කළත් සමහරු ඒක පිළිගන්නේ නැහැ.


අසුපිනිඇල්ලට යන්න  ඕනෑ දෙයියන්වල පැත්තෙන්. අද බොහෝ දෙනක් අසුපිනි ඇල්ල කියන්නේ පැරැණියෙන් අප රාස්ස ඇල්ල කී දියඇල්ලටයි.
ඒ රාස්ස දියඇල්ල සිට කිලෝ මීටර් 3ක් විතර පහළින් තමයි මේ අසුපිනිඇල්ල පිහිටා තියෙන්නේ. ඒක හරිම නම නම් අසුපැනි ඇල්ල රාමකුමාරයාගේ අශ්වයා පැන්න නිසා එතැනට අසුපැනි ඇල්ල කියන්නේ.


රාස්සාකන්දෙන් කිනිහිරින් එහා පැත්තට ගලන ඔයට කියන්නේ ගුරුමඩ ඔය කිනිහිරෙන් මෙහාපැත්තට රාස්සා ඇල්ල දෙසට ගලන ඔයට කියන්නේ මාඔය කියලා.

 

පී. රාජපක්‍ෂ

රාවණ රජු සීතා දේවී අරගෙන ආ වේලාවේ රාම කුමාරයා අශ්වයා පිටින් ඇවිදින් අශ්වයා පැන්න තැන අශ්වයාගේ කුර සටහන් තියෙනවා.
රාස්සඇල්ල නැරඹූ අප ජනප‍්‍රවාදයන් පවතින අසුපිනිඇල්ල සොයා යාමට අපි තීරණය කළෙමු.


මේ ගමනට එක්වූ යුද හමුදාවේ විශ‍්‍රාමලත් බලලත් නිලධාරී රහල පදිංචි ඩබ්ලිව්.ඒ.යූ. ඒකනායක මහතා මට විශාල ශක්තියක් විය.
අරනායක හොරවල ඔස්සේ දෙයියන්වලට පැමිණි අපට හමු වූ ඞී. රාජපක්‍ෂ මහතා අසුපිනිඇල්ල අරණ පරිසර සමිතියේ සභාපතිවරයා මෙන්ම සතර කෝරල කලා සංගමයේ විධායක සභා සාමාජිකයෙක් වන්නේය.


ලබන සතියට...

 

බදුල්ලේ පාලිත ආරියවංශ

 

 

 

රාස්සාඇල්ල

 

අසුපිනි ඇල්ල

 

අසුපිනිඇල්ලට පහළින් ඇති ගල් ගුහාව