IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


මාව දැක්ක ගමන් සුරතල් නයි පැටියාගේ ඇස් දෙකට කඳුළු ආවා

”නංගී ඔයාගේ ආදර සුරතලා නයි පැටියා ආයෙත් ලැබුණා නේද?” ”ඔව් අයියේ මගේ සුරතලා මාස තුනකට විතර පස්සේ ආයෙත් ලැබුණා. ජීවිතයේ වඩාත්ම සතුටට පත්වුණේ අද තමා. මෙච්චර කාලයක් මම මගේ සුරතල් නයි පැටියා නැතිව හුඟාක් දුකෙන් හිටියේ. එයත් මාව නැතුව දුකෙන් ඉඳලා තියෙන්නේ. මගේ හුරතලා අතට ගත්ත හැටියේම ඒ බව තේරුණා.” නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නමැති ඒ සුන්දර සුකොමල තරුණිය පැවසුවේ සතුටින් ඉපිල යමිනි. ඇය බොහෝදෙනෙක් හඳුන්වන්නේ නයි නළඟන වශයෙනි. ”නයි හුරතලා ඔයා නැතිව දුකෙන් හිටියේ කියලා කියන්නේ කොහොමද නංගී” යැයි මම ඇයගෙන් විමසූහ. ”මගේ නයි සුරතලා මාව දැක්ක ගමන් හඳුනාගත්තා. මම එයාව අතට ගත්තා විතරයි එයාගේ ඇස් දෙකේ කඳුළු පිරිලා තිබුණා. නයි පැටියාගේ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා දැක්කම මටත් ඉවසාගන්න බැරි වේදනාවක් හිතට දැනුනා. එයාගේ ඇස් දෙකට කඳුළු ආවේ මගේ උණුසුම ආදරය නොමැතිව හිටිය නිසා ඇතිවූ දුකටයි. මාව දැක්ක ගමන් ඇඬුවත් එයාට (නාගයාට) ඒ දුක වාවගන්න බැරිව ගිය නිසයි” යනුවෙන් නිරෝෂා විමලරත්න බොහෝ හැඟුම්බරව කීවාය.

 

නයි නළඟන කියන කතාව

”මගේ නයි සුරතලාට කථා කරන්න පුළුවන්කමක් එහෙම තිබුණානම් මාව නැතිව හිටපු මාස තුනක කාලය කොච්චර දුකකින් හිිටියාද කියලා කියාවි. මට වගේම එයාටත් මාව නැතිව ඉන්න බැහැ.” නිරෝෂා විමලරත්න කියන්නීය. ”නිරෝෂා ඔයයි නයි පැටියයි අතරේ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද?” මම ඇයගෙන් විමසූවෙමි. ”අයියේ අප දෙන්නා අතර තියෙන්නේ පේ‍්‍රම සම්බන්ධතාවක් එහෙම නෙවෙයි. මේක සංසාරයක් සංසාරයක් පතා එන ආත්මීය බැඳීමක්. ඒ ආත්මීය බැඳීම නිසා මේ නයි සුරතලාවයි මාවයි වෙන්කරලා තියන්න කාටවත් බැහැ. අපි දෙන්නව වෙන්කරන්න උත්සාහ කරන  ඕනෑම බලවතකුට නාග ශාපය වදිනවා. මගේ පණටත් වඩා මම නයි සුරතලාව ආරක්ෂාකරගන්නවා. ඒවගේම නයි සුරතලාත් එයාගේ පණට වඩා මාව ආරක්ෂා කර ගන්න බව මම දන්නවා” යැයි නිරෝෂා පැවසුවේ නාගයා ඇයගේ දෙකොපුල් සමීපයට ගනිමිනි. නාගයා ද නිරෝෂාගේ සුන්දර වත පුරා රිසිසේ සැරිසරමින් සුරතල් වන ආකාරයත් ඇයගේ උණුසුම ලබන ආකාරයත් හරිම අපූරු දසුනකි. සුන්දර යුවතියක් නාගයකුට ආදරය කරන්නේ කුමක් නිසාද යන්න බොහෝදෙනකුට තේරුම් ගැනීමට නොහැකි අරුම පුදුම සංසිද්ධියකි. ඒ ප‍්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් නිරෝෂාගෙන් විමසූ අවස්ථාවේ ඇය දුන්නේ මෙවැනි පිළිතුරකි. ”මුලින්මත් මම අයියත් එක්ක කිව්වේ මේක සංසාර ගණනාවක සිට එන ආත්මීය බැඳීමක් කියලා. මේක මට නාථ දෙවියෝ දුන් වරමක්. දෙවිවරු මට නිතර කතා කරනවා. මා ළඟ තවත් ලොකු නාගයෙක් ඉන්නවා. ඒ නාග රාජය කොළඹ පැත්තේ කෝවිලකට බලාගන්න දීලා තියනවා. ඒ නාගයාගේ ආරක්ෂාව ගැන හිතලා ඌ ඉන්න තැනක් ගැන මට හෙළිකරන්න බැහැ. මම ඒ නාග රාජයාව බලන්න ඉඳහිටලා යනවා.” ”ඔයාගේ සුරතලා නයි පැටියාට එයාගේ නාග අම්මාව පෙන්වන්න යන්නේ නැත්ද?” මම නිරෝෂාගෙන් ඇසුවෙමි. ”මේ නයි පැටියාගේ අම්මා (හැපින්න) මම අල්ලාගෙන ඇවිත් අහිකුණ්ඨික මනුෂ්‍යයකුට දුන්නා. මේ දවස්වල ඒ මනුෂ්‍යයා ඉන්නේ අනුරාධපුරය පැත්තේ. එයා දොඩන්වල දේවාලයට ගෙනල්ල එතැනදි නයි පැටියාට එයාගේ අම්මාව පෙන්නනකම් මට ඉස්පාසුවක් නැහැ. නයි පැටියාගේ පෙන ගොබය හරියට කොනිත්තලා තුවාල කරලා තිබෙන බව මට පෙනී ගියා. මට ඒ ගැන හරිම දුකයි. මෙයාට නිසි පෝෂණයක් ලැබිලත් නැහැ. සමහර විට බොන්න සත්තුවත්තෙන් කිරි දෙන්න ඇති. ඒත් එයා හරියට කිරි බොන්නෙ නැතිව ඇති. එයා හරියට කෑමක් කාලා නැති බවක් පේන්න තියනවා. නයා හොඳටම කෙට්ටුවෙලා. නයා හරියට කෑම කෑවානම් මීට වඩා හොඳට මේ මාස තුනට හැදෙන්න  ඕනෑ. එයාට මගේ අතින් කිරි ටික කෑම බීම ටික ලැබෙන්නේ නැතිනම් කන්න කැමතිත් නැහැ. තව ටික දවසක් ගියානම් නයාට මොකක් වෙයිද කියල හිතාගන්නවත් බැහැ. මම ලංකාවට, ලංකාවේ මිනිස්සුන්ට හරිම ආදරෙයි. කුහක මිනිස්සුත් ඉන්නවා. නමුත් වැඩි දෙනෙක් හරිම හොඳයි. ළඟදි දවසක මම අම්මා බලල එන්න යනවා. මේ රට දාලා යන්න කැමති නැහැ. මම නයාව තුරුල් කරගෙන තමා කිරි පොවන්නේ එයා මට තුරුල්වෙලා කිරි බොන්න හරිම ආසයි. පිටි කිරි තමා දෙන්නේ. ඒ හැපින්න එයාගේ පැටියා බලන්න බොහොම ආශාවෙන් ඉන්නවා. මගේ සුරතල් නයි පැටියත් එයාගේ නයි අම්මා බලන්න යන්න බොහොම ආශාවෙන් ඉන්නවා. එයා සමහර වෙලාවලට මගේ දිහා එක එල්ලේ බලාගෙන ඉන්නවා. ඒකෙන් තේරෙන්නේ මගේ සුරතලාට එයාගේ නාග අම්මව බලන්න යන්න  ඕනෑ කියන එකයි.” ”නිරෝෂා ඔයාගේ සුරතලා එක්ක එයාගේ නාග අම්මා බලන්න යන්නේ කවදාද?” ”මගේ සුරතලා උසාවි නියෝගයකින් දෙහිවල සත්තුවත්තට බාර දුන්නාට පස්සේ වෙච්ච නස්පැත්තිය කියන්න එයාගේ නාග අම්මාව (හැපින්න) සොයාගෙන දවසක් මම දොඩන්වල දේවාලයට යන්න ගියා. නමුත් පොලිසිය මට දේවාලයට යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මම ආපසු හැරිලා ආවා. දැන් මට ආයෙත් මගේ සුරතල් නයි පැටියා ලැබුණා. මගේ සුරතලාවත් අරගෙන එයාගේ නාග අම්මාව පෙන්වන්න ළඟදීම යන්න ඉන්නේ. ඒත් ඒකට පොලිසිය ඉඩ දෙයිද කියන එකයි ප‍්‍රශ්නේ. ඒත් කොහොම හරි මම මේ ගමන යනවා. මගේ නාගයා පොලිසිය අල්ලා ගෙන අධිකරණ නියෝගයකින් සත්තුවත්තට බාරදුන් දවසේම මම අධිෂ්ඨාන කරගත්තා ආයෙත් එයාව මගේ ළඟට ගන්නවා කියලා. මාස තුනකට  පස්සේ මගේ ඒ අධිෂ්ඨානය හරිගියා. ඒවගේම මම මගේ නාගයා අරගෙන එයාගේ අම්මාට පෙන්වන්න යනවා කියලා අධිෂ්ඨාන කරගෙන ඉන්නේ.” ” ඕනෑම කෙනකුට පන්සලකට දේවාලයකට හරි  ඕනෑම සිද්ධස්ථානයකට යන්න පුළුවන්. ඇයි ඔයාට විතරක් දේවාලයට යන්න පොලිසිය ඉඩ නොදෙන්නේ” යැයි කියා විමසූ විට නිරෝෂා කීවේ ඒ ඇයිද කියා කීමට තමන් නොදන්නා බවය. දොඩන්වල නාථ දේවාලයේ ළිඳක් තියනවා. ඒ ළිඳේ නාග රූපයක් කොටලා තිබෙනවා. ඒ ළිඳ පෞරාණික ළිඳක්. ඒ ළිඳේ වතුර ටිකක් පහනකට දාලා වැටියක් දමා පත්තු කළාම දැල්වෙනවා. ඒ තරමට ඒ ළිඳේ වතුර මහ බලගතුයි. ඒ ළිඳේ වතුරෙන් මගේ නාග පැටියා නාවන්න  ඕනෑ. ඒ ළිඳෙන් වතුර ටිකක් එයාට පොවන්න  ඕනෑ. ඒ විතරක්ද මෙයාගේ නාග අම්මා එයා එනතුරු මග බලාගෙන ඉන්නවා.” නිරෝෂා පවසන්නීය. නාග සුරතලා නොමැතිව ගත කළ ඒ මාස තුනක කාලය නිරෝෂා විමලරත්න මෙනවිය ගතකර ඇත්තේ දුක, ශෝකය හා සංතාපය හිත තුළ තුරුළු කරගෙනය. මේ ඒ දුක්බර අතීතය මෙනෙහිකරමින් පැවසූ කතාවයි. ”මගේ සුරතල් නයි පැටියාට මාව නැතිව ජීවත්වෙන්න අමාරුයි. ඒවගේම තමා මටත් එයා නැතිව ජීවත්වෙන්න අමාරුයි. එයා නැති ටිකේ මට හරියට නින්දක් ගියේ නැහැ. ඒ වගේම තමයි මගේ නයි සුරතලාටත් එයාටත් මාව නැතිව හරිහැටි නින්දක් ගිහින් නැහැ. ඒ බව මා තේරුම් ගත්තේ එයා මගේ අතට ආපහු ලැබුණයින් පස්සේ. මෙයාගේ හැසිරීම් වලින් මෙයාගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ශක්තියක් තිබෙනවා.

 

මේක සංසාරගත ආත්මීය බැදීමක්

නාග පැටියා මගේ ළඟ නැති කාලේ මගේ මුළු සිරුරට මහා පුදුමාකාර අමුත්තක් දැනුනා ඒ කාලයේ මගේ ඇෙඟ් තිබුණ ශක්තිය ජවය නැතිවෙලා වගේ ගිහින්වගේ තිබුණේ කියලා තේරුණා. ආයෙත් නාග පැටියා මගේ ළඟට ආවා විතරයි. කලක් තිබුණ අමුතුම ශක්තිය ජවය බලය මගේ මුළු සිරුරෙ ඇට මිදුළු නහර පුරා දිව ගියා වගේ තේරුණා. දැන් මට මහා පුදුමාකාර ශක්තියක් තිබෙනවා. මේ ශක්තිය බලය මට ලැබෙන්නේ මේ නාග පැටියාගෙන්. එයාව මගේ ඇසුරින් ඉවත් කළොත් ආයෙත් ඒ බලය ශක්තිය නැතිව යනවා. අපි දෙන්නා අතර තියෙන බැඳීම බිඳ දමන්න කිසිම කෙනකුට බැහැ. ඒ ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. මෙයා මගෙන් වෙන්වෙලා හිටපු කාලයේ හැම දවසකම රෑට හීනෙන් මා එයාව දැක්කා. මෙයාව ආරක්ෂා කරන දෙවියෝ කිව්වා වැඩි කාලයක් යන්නට කලින් නුඹට ඔය නාගයා ආයෙත් ලැබෙනවා කියලා. ඒක ඇත්තක්වුනා.” ඇය අහිංසක ලෙස සිනා සෙමින් පවසන්නීය. නාග පැටියාට හැමදාම උදේටයි රෑටයි නොවරදවාම එළකිරි බොන්න දෙනවා. උදේ පාන්දර බුදුන් වැඳලා ඉවර වුන ගමන්ම කරන්නේ මෙයාට කිරි පොවන එකයි. මගේ අතින්ම කිරි ටික පෙව්වේ නැත්නම් එයා බොන්නේ නැහැ. බිත්තරත් දෙනවා. මම බිත්තරේ කඩලා පොඞ්ඩක් බීලා ඉතිරි ටික නයි පැටියාට දෙන්නේ බිත්තරෙන් කොටසක් මම මුලින්ම බිව්වේ නැත්නම් එයා බොන්නේ නැහැ. ඒ තරමට එයා මට ලෙන්ගතුයි මේ නාගයා මගෙන් ඉවත් කළාම ඇඟ පණ නැතිවෙනවා එදා පොලිසියේදීත් ඒක සිද්ධවුණා. රෝහලේදීත් මම නයා ඉල්ලලා අසිහියෙන් කෑගහලා තියෙනවා. ඒ බව පස්සේ තමා දැනගත්තේ. ටික කාලයකට හරි ඇයි එයාව මගෙන් වෙන් කළේ. කොහොම වුනත් අවසානයේ සත්‍ය ජයගත්තා. මම වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මහත්වරුන්ට මගේ හෘදයාංගම ස්තුතිය පුදකරනවා. මගේ සුරතලාව ආයෙත් මගේ ළඟට ගන්න පහුගිය ටිකේ කොච්චර මහන්සි වුණාද කියන එක දන්නේ මම විතරයි. හුඟදෙනෙක් හිතාගෙන හිටියේ මම පිස්සු කෙල්ලෙක් මට මොකක්හරි මානසික රෝගයක් තියෙනවා කියලා. අධිකරණ නියෝගයකින් මගේ මානසික තත්ත්වය පරීක්ෂා කරපු මානසික රෝග විශේඥ වෛද්‍ය නීල් ප‍්‍රනාන්දු මහතා කිව්වේ කිසිම මානසික රෝගයක් මට නැහැ කියලා. පොලිසිය නිසා තමා මට මේ සේරම කරදර හිරිහැර වුණේ. මගේ පාඩුවේ ඉන්න නැහැ.” යැයි ඇය පැවසුවේ පොලිසියට දෝෂාරෝපනය කරමිනි. අධිකරණ නියෝගයක් මත දෙහිවල සත්තු වත්තට ගොස් නාගයා ලබාගැනීමට මොහොතකට කලින් නිරෝෂා සමග මම කථා කළෙමි. ”මගේ නයි පැටියාද දන්නේ නැහැ මට ආපහු බාරදෙන්න යන්නේ. මගේ හුරතල් පැටියා වෙනුවට වෙනත් කෙනෙක් මට දෙයිද කියන්න බැහැ. කොහොම වුණත් මගේ කටහඬ මගේ පැටියාට හොඳට හුරුයි. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා” නිරෝෂා කිව්වේ එහෙම කතාවකි. දෙහිවල සත්තුවත්තේ සිටි නයි පැටියා බාර ගැනීමෙන් පසු ඇය ජයග‍්‍රාහී විලාශයකින් මා සමග පැවසුවේ ”අයියේ ඒ මගේ නයි පැටියාම තමයි” යැයි කියාය. නාගයකු සමග ජීවත්වන සුන්දර යුවතිය නිරෝෂා අපේ රටේ බොහෝ දෙනෙකුගේ කතාබහට අවධානයට ලක්වූ සුවිශේෂී චරිතයක් වුණා යැයි කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ. නාගයකුගේ අයිතිවාසිකම් ඉල්ලා නඩු මගට ගිය මුල්ම තරුණිය ලෙස නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි මෙරට අධිකරණ ඉතිහාසයටද එක්වනවා නිසැකය. නිරෝෂා ඉදිරියේදීත් පුවත් මවන චරිතයක්වනු ඇත්තේ මෙම නාග නඩුව ඉදිරියේදීත් කොටුව මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කනිෂ්ක විජේරත්න මහතා ඉදිරියේදී විභාග වීමට නියමිතව ඇති නිසාය. නාග පැටියා නිරෝෂාට හමුවී ඇත්තේ පසුගිය අගෝස්තු මාසේ පළමු වැනිදාය. පිළිමතලාව දොඩන්වල නාථ දේවාලයට ගිය අවස්ථාවේ ඇයට මේ නයි පැටියා හමුවී ඇත. හැපින්න විසින් තමාට මේ නයි පැටියා හොඳින් රැකබලා ගන්නා ලෙස පවසා ලබාදුන් බව කියන නිරෝෂා මේ නාගයා පෙට්ටියක බහා යතුරු පැදියක පිටුපස තබාගෙන කොළඹට රැගෙන ඇවිත් ඇත. ඇය උපත ලබා ඇත්තේ හයිද්‍රාබාද් වලය. ඇයගේ මව ජීවත්වන්නේ හයිද්‍රාබාද්වලය. නැටුමට උපන් හපන්කම් ඇති සුන්දර යුවතියක් වන නිරෝෂා රාත‍්‍රි සමාජ ශාලාවක නළඟනක් ලෙස කටයුතු කරන්නීය. ඇය 21 හැවිරිදි වියේ පමණ පසුවන යුවතියකි. නිසි මව් පිය ආදරයක් නොලැබී ඇති නිරෝෂා නාගයන්ට දක්වන්නේ පුදුම ආදරයකි. නාගයින්ට මාණික්‍යයක් ඇති බවත් එය සුරක්ෂිත කළ යුතු බවත් නිරෝෂා පවසන්නීය. නිරෝෂාගෙන් අවසන් වශයෙන් මම විමසා සිිටියේ කවදාවත් ඔයාගේ සුරතලා ඔයාට දෂ්ඨ කරලා නැත්ද කියාය. ”නැහැ නැහැ එයා මට එහෙම නපුරක් කරලා නැහැ.” යැයි නිරෝෂා පිළිතුරු දුන්නාය.
සටහන -  ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා
නාගයා සිරුරේ දැවෙටෙමින් ඩිලානි නයි පැටවා රැගෙන යමින්



අදහස් (0)

මාව දැක්ක ගමන් සුරතල් නයි පැටියාගේ ඇස් දෙකට කඳුළු ආවා

කාංචනා Wednesday, 19 December 2012 03:51 AM

තුෂාරි මේ කතාවෙ ඇත්ත පොඩ්ඩක් හරි කියන්නකෝ..!(නු)

:       0       0

නාමල් Monday, 17 December 2012 11:06 PM

කොහෙද අනේ නයි අඩන්නේ? (ස)

:       0       0

ගුණරත්න Tuesday, 18 December 2012 01:26 PM

බොරු වෙන්නත් බැහැ ඔය අල්ලන් ඉන්න තාලෙට (දී)

:       0       0

කණිෂ්ක Monday, 17 December 2012 04:35 PM

පිස්සු නැත්නම් හොඳයි ඉතින් (ස)

:       0       0

කල්පනී Thursday, 20 December 2012 02:12 PM

මට නම් ඔය කොච්චර කියුවත් විස්වාස නැහැ (දී)

:       0       0

ෂිරාශ් Tuesday, 18 December 2012 06:30 PM

මදැයි මෙයාට ගිය කල... (නි)

:       0       0

දිනේෂ් Saturday, 22 December 2012 06:14 PM

මේවා බලන අපිට පිස්සු (දී)

:       0       0

සුදේෂ් Monday, 17 December 2012 04:32 PM

මේ නයා රෝස් පාන් කනවද දන්නෙ නැහැ ? (නි)

:       0       0

ලීල් Friday, 21 December 2012 04:01 PM

නයාට කතාකරන්න පුලුවන් වුණා නම් එයා කියාවි එයාට ජංගම දරකතනයක් අරන් දෙන්න කියලා. (නි)

:       0       0

සරත් Tuesday, 18 December 2012 01:27 AM

නයි අඩනවා දැකලා තියෙනවාද (දී)

:       0       0

ලලිත් Tuesday, 18 December 2012 01:27 AM

මේවා අහල පන යනවා ලබන පෙරේදා (ස)

:       0       0

විලේගොඩ Friday, 21 December 2012 04:40 PM

පොලිසිය නයින්ට බයයිද මන්දා? (නි)

:       0       0

මාරසිංහ Wednesday, 19 December 2012 08:41 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේක මේ මිග්ලමේනියා රෝගී තත්ත්වයද? (නි)

:       0       0

සම්පත් Friday, 21 December 2012 05:01 PM

අපේ ගෙදරත් ඉන්නවා නයෙක්. (නි)

:       0       0

අනුරාධ Wednesday, 19 December 2012 03:17 PM

නයි කයිද රෝස් පාන් (ස)

:       0       0

ශාන් Saturday, 22 December 2012 11:20 AM

කිසිම වැදගත් කමක් නෑ මේ කියන කතාවල (ස)

:       0       0

අමිල Wednesday, 19 December 2012 09:43 PM

ඇය දේශපාලනයට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත. (නි)

:       0       0

පියුමි Wednesday, 19 December 2012 09:21 AM

පිස්සු නැත්නම් ෂෝක් . මෙයාව අංගොඩ යැව්වනම් හොඳයි (ස)

:       0       0

චාන් Sunday, 16 December 2012 02:31 PM

මෙයාව හරියට දොස්තර පරීක්ෂා කරලා නැහැ වගේ. (නි)

:       0       0

ලලිත් Saturday, 22 December 2012 11:54 PM

එයාට කසාදයක් බන්දලා දෙන්නයි දැන් තියෙන්නේ. (නි)

:       0       0

සමාධි Saturday, 22 December 2012 12:54 PM

විකාර කතා. නයි කයිද රෝස් පාන් (ස)

:       0       0

ජයා Tuesday, 18 December 2012 08:40 AM

මීලඟ නැගී එන පරපුරේ නිළිය (ස)

:       0       0

ටුආන් Tuesday, 18 December 2012 09:00 PM

කදුලු ආවා නම් ඉතින් පිහිදාන එකනේ ඇත්තේ. (නි)

:       0       0

පුබුදු Monday, 17 December 2012 08:51 AM

මේක එක්තරා අකාරයක සුරංගනා කතාවක්. නැත්නම් මේ ළමයට පිස්සු. එහෙමත් නැත්නම මේවා බලන අපිට පිස්සු. (ස)

:       0       0

මලිනි Wednesday, 19 December 2012 09:55 AM

දැන්වත් කවුරු හරි දන්න කෙනෙක් කියන්නකො මෙයාගෙ මෙ සුරංගනා කථාවෙ ඇත්ත විස්තරෙ. (ස)

:       0       0

සුගත් Monday, 17 December 2012 09:37 AM

අන්න සේරම බොරු මාට්ටු. (නි)

:       0       0

දර්ශන් Monday, 17 December 2012 09:38 AM

එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න. (නි)

:       0       0

බන්දුල Monday, 17 December 2012 09:48 AM

ලෝක විනාශය කලින් තිබුණු දිනයට වුණා නම් අපිට මෙහෙම මේ කතාව ලංකාදීපයෙන් බලන්න වෙන්නේ නැහැ. (නි)

:       0       0

අරවින්ද Friday, 21 December 2012 07:56 PM

අනේ මන්දා . මෙහෙමත් විකාර (ස)

:       0       0

සදර්න් Thursday, 20 December 2012 12:45 PM

අපිට නම් මේ ගැන හිතාගන්නවක් බැහැ. (නි)

:       0       0

උපාලි Thursday, 20 December 2012 05:08 PM

ඔයා ඡන්දය ඉල්ලන්න. ඔය වගේ හුරතල් තමයි දැන් අවශ්‍ය සුදුසුකම්. (නි)

:       0       0

චමිලා Saturday, 22 December 2012 03:19 PM

පොඩි ළමයින්ගේ සුරංගනා කතාවක් වගේ (ස)

:       0       0

සුදේෂ් Sunday, 16 December 2012 05:13 PM

අනේ මන්දා? පුදුම නයි කතාවක්නේ මේක. (නි)

:       0       0

සම්පත් Monday, 17 December 2012 08:30 PM

ආදරය කියන්නේ ඕකට තමයි. මිනිස්සු , සත්තු අතර පුදුම බැදීමක් තියෙන්නේ (දී)

:       0       0

අනුර Monday, 17 December 2012 08:53 PM

සෙනෙහසක තරම (දී)

:       0       0

නාගිතා Monday, 17 December 2012 08:59 PM

නයා අඩන්න ඇත්තේ අයෙත් මෙයා ගාවට යන්න වෙච්ච එක ගැන.....(ස)

:       0       0

මුතු Monday, 17 December 2012 09:08 PM

මම අහලා තියෙන හැටියට නයි ඉන්නේ හුඔස්වල. (ස)

:       0       0

විපුල Thursday, 20 December 2012 01:10 PM

ඔච්චර මෙය ගැන කියවන්න එපා.. පස්සේ තව දේවල් කියන්න වෙයි.. එතකොට අන් දෙවියනේ කියලා අපි කියයි.!(නු)

:       0       0

කුමාර Monday, 17 December 2012 03:28 PM

බයනැතුව ඊළග පාර ඔයා ඡන්දය ඉල්ලන්න. (නි)

:       0       0

ශිහාන් Tuesday, 18 December 2012 04:56 PM

මට නම් විශ්වාස නැහැ. (නි)

:       0       0

තුෂාරි Tuesday, 18 December 2012 11:52 AM

අපි ඉන්නේ පිළිමතලාවේ. අපි මේ කතාවේ ඇත්ත දන්නවා. (නි)

:       0       0

නවුෂාඩ් Monday, 17 December 2012 03:40 PM

හුරතලයට හදන්න හිතුණේ නයෙක් විතරමද? ඒකත් පුදුමයි තමයි. (නි)

:       0       0

සුසිල් Friday, 21 December 2012 02:52 PM

බොරු කියන්න එපා නංගී. (නි)

:       0       0

අජන්ත Wednesday, 19 December 2012 01:32 AM

ඇත්තද , බොරුද (දී)

:       0       0

ලොලී Wednesday, 19 December 2012 06:52 PM

මට ඇයව පෙනෙන්නේ ඒලියන් කෙනෙක් වගෙයි. (නි)

:       0       0

විපුල Monday, 17 December 2012 10:22 PM

මම නම් විශ්වාස කරන්නේ නැහැ (දී)

:       0       0

විජිත Monday, 17 December 2012 10:17 PM

විශ්වාස කරන්න අමාරුයි (දී)

:       0       0

සමන් Monday, 17 December 2012 11:34 AM

නයි අඬන බවක් අපි අහලා තිබුණේ නෑනේ (ස)

:       0       0

අමීර් Monday, 17 December 2012 10:27 PM

ඇත්ත නයෙක්ද මේ (ස)

:       0       0

උෂාන් Monday, 17 December 2012 10:24 PM

මෙයාගේ කතා හොඳයි ළඳරු පාසල් යන වයසේ ළමයින්ට (ස)

:       0       0

මුතු Sunday, 16 December 2012 07:37 PM

දැන් එහෙනම් නංගී ඔයත් පුසිද්ධ වුණා නේ. අපේ පැතුම පාර්ලිමේන්තු ගැබට යාමට අවස්ථාව ඔබටත් උදාවේවා යන්නයි , (ස)

:       0       0

හේමන්ත Monday, 17 December 2012 04:15 PM

නයි අඬනවා මම දැකලම නැහැ (දී)

:       0       0

සමන්ත Monday, 17 December 2012 11:00 PM

විස්වාස කරන්නත් අමාරුයි (දී)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 19 December 2012 07:17 PM

ඇත්තටම පිස්සු හැදෙන කතාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 735 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 481 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 374 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1641 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 105 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 724 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 679 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 175 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1205 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site