පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

ජනතා විරෝධය මධ්‍යයේ දැවැන්ත පාරිසරික හානියක් සිදුකරමින් කොළඹ මහ නගර සභාව විසින් මුතුරාජාවල අභය භූමියට කසළ බැහැර කරමින් සිටියි.

පාඨලී චමිපික රණවකගේ  හා පරිසර අමාත්‍යංශයේ අවශ්‍යතාව මත මෙම කුණු මුතුරාජවෙලට  බැහැර කරන්නේ හුදෙක් කුණුවලට කිරීමට කිසිදු දෙයක් නැති නිසා නොවේ. පළමුව කුණු බැහැර කරමින් ඉඩම් ගොඩ කිරීම හා දෙවනුව එසේ ගොඩ කරන ඉඩම් කොළඔ මහ නගර සැලසුමේ අවශ්‍යතාව  අනුව  ව්‍යාපාරික ස්ථාන හා කර්මාන්ත ශාලා ඉදිකිරීමට සමාගම්වලට ඉඩකඩ   ලබාදීමටය. මෙය වඩාත් පැහැදිලිව ජාතික ‍භෞතික සැලසුමේ ද සිතියම් ගත කර ඇත. එම නිසා මුතුරාජවෙල අභය භූමිය හා එහි තවත් වගුරු බිම්වලට කුණු දමා ගොඩ කරමින්  රජය එක ගලින්   කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමේ ව්‍යාපෘතිය  ආරම්භ කර ඇත.

මුතුරාජවෙල වගුරු බිම කොළඔ අවට ප්‍රදේශවල භූගත ජලය ස්ථාවර මට්ටමක තබා ගැනීමටත්, ගංවතුර පාලනයටත් ඉටුකරන්නේ මහගු සේවාවකි. මුතුවැනි සම්බාවලින් අටුකොටු පිරවූ යුගයක් බටහිර ජාතීන් මෙරටට පය ගැසීමට පෙර තිබුණ බවට සාක්ෂි පවතී. ගුවීෆ් හැමිල්ටන් ආණ්ඩුකාරවරයා 1802 දී මෝඩ ඇළ සංවර්ධනයට මුල පිරීය. කැලණි ගඟ හා මීගමුව කළපුව අතර ප්‍රදේශය මෙමගින් ආවරණය විය.  මෝඩ ඇළ ( පසුව හැමිල්ටන් ඇළ) තැනූ පසු වෙනදා බලාපොරත්තු වූ සශ්‍රීකත්වය මුතුරාජවෙලින් බලාපොරොත්තු වීමට නොහැකි වූයේ මෝඩ ඇළ දිගේ කරදිය රට ඇතුළට ගලා ඒමෙන් වගා කටයුතු කිරීම අපහසු වූ නිසාය.  එම නිසාම වසර දෙසීයක් පමණ කාලයක් පුරා  කුඹුරු වගා කටයුතු සඳහා මේ ඇළ ජලය යොදාගත්තේ නැත. නමුත් පුරන් කුඹුරු, ඇළවල් හා ගං මෝය  ආශ්‍රිතවත් මීගමුව කළපුවට යාබදවත් ජෛව විවිධත්වයෙන් ඉහළ කඩොලාන පරිසරයක් වසර ගණනාවක් තිස්සේ විවිධ සතා සිව්පාවුන්ට නිවහනක් වූ බව  අදටත් නොරහසකි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ පාලනය වන මුතුරාජවෙල අභය භූමිය ආරක්ෂා කිරීමේ වගකීම පරිසර අමාත්‍යංශයට හා මධ්‍යම පරිසර අධිකාරියට පැවරී තිබේ.  නමුත් අදවන විට ඔවුන්ගේ දායකත්වයෙන් හා අවසරයෙන් සමස්ත මුතුරාජවෙල අභය භූමියම විනාශ කිරීමට රාජ්‍ය මැදිහත්වීම සිදුවෙමින් තිබේ.

තවද 2004 වර්ෂයේ දී ඉන්දීය රජය විසින් තහනම් කරන ලද ඉන්දියනු ෆාම් තෙල් ශුද්ධාගාර කිහිපයක් අද වන විට මුතුරාජවෙල අභය භූමියේ ස්ථාපිත කර ඇත. මැලේසියාවේ හා ඉන්දියාවෙන් ෆාම් තෙල් මෙරටට ගෙන්වා ඒවා භාවිතයට ගත හැකි ලෙස සකස් කිරීම මෙම කර්මාන්ත ශාලාවලදී සිදුකරයි. එලෙස තෙල් පවිත්‍ර කිරීමේ කටයුතුවලදී දහනය වන දුම මුතුරාජවෙල අභය භූමිය පමණක් නොව මුළු ප්‍රදේශය පුරාම දැඩි දුගඳක් පතුරුවයි. මෙලෙස දුම් මුදවා හැරීමට නිසි ප්‍රමිතීන් ඇතත් එය බල්ලෙකු තරම්වත් නොසලකා හරිමින් පරිසරයට මුදාහැරීමට කර්මාන්ත හිමියෝ අද වන විට කටයුතු කරමින් සිටිති.

1996.10.31 වැනි දින අභය භූමියක් ලෙස නම් කරන ලද මුතුරාජවෙල අභය භූමිය හෙක්ටයාර් 2569ක් විශාල බව National Wetland Directory of Sri Lankan කෘතියේ සඳහන් කර ඇත. මෙම කෘතිය මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ප්‍රකාශයට පත්කොට ඇත. එසේ වූවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාවේ තෙත් බිම් නමැති අත්පත්‍රිකාවට අනුව මුතුරාජවෙල අභය භූමියේ පළමුවැනි කොටස හෙක්ටයාර් 1028.6ක් ලෙසත් දෙවැනි කොටස හෙක්ටයාර් 256.8ක් ලෙසත් නම්කර ඇත. මුතුරාජවෙල සංරක්‍ෂණය කෙසේ වෙතත් පරිසර අමාත්‍යංශය යටතේ තිබෙන ආයතන දෙක තුළ මුතුරාජවෙල සම්බන්ධයෙන් ඇති දත්තවල පවා වෙනස්කම් දැකිය හැකිය.  මෙලෙස ඇති දත්තවල වෙනස්කම් නිසාම මුතුරාජවෙල අභය භූමියේ සීමා මායිම් නිසි ලෙස සටහන් වී නොමැති වීමත් නීතිය ක්‍රියාත්මක නොවීමත් විදේශිකයන්ට මෙන්ම මෙරට දේශපාලකයන්ටත් අභය භූමිය විනාශ කිරීමට පහසු වී ඇත.

අද වන විට සුළු වර්ෂාවකදී වූවද කොළඹ නගරය අඩි ගණනක් යටවන්නේ ප්‍රදේශයේ ජලය බැසගිය මුතුරාජවෙල වගුරු බිමේ පිහිටි කර්මාන්ත ශාලා,නිවාස, හෝටල් ආදිය නිසාය. කෙළඔ, ජාඇග,  වත්තල,  සීදූව, මීගමුව අදී ප්‍රදවල ජලය බැසයන ප්‍රධාන වගුරු භූමිය මුතුරාජවෙල වගුරු බිමයි.  අද වන විට  කුණු දැමීම නිසා  මුතුරාජවෙල වගුරු භූමියේ අක්කර පණහකට වැඩි ප්‍රමාණයක්  විනාශ වන අතර නගරයේ සියලුම විස අපද්‍රව්‍ය බැහර කරන්නේ මින් පසුව මෙම වගුරු භූමියටය.

පාරිසරික අතින් අධි  සංවේදී කලාපයක් වන මුතුරාජවෙල වගුරු බිමේ දැනට කර ඇති පර්යේෂණ දත්තයන් අනුව ශාඛ විශේෂ 192 වැඩි ප්‍රමාණයක් හදුනාගන ඇති අතර මත්ස්‍ය විශේෂ 40 වැඩි ප්‍රමාණයක් , උභය ජීවීන් විශේෂ 14,  සර්ප වීශේෂ 31,  පක්ෂි විශේෂ 103, ක්ෂරපායින් විශේෂ 22 හා සමනළුන් විශේෂ 48  වාර්තා වී තිබෙන අතර මෙහි තවත් ගණනය කර නොගත් සත්ව විශේෂ ශාක වීශේෂ ගණනාවක් ඇත. කෙළඔ නගරික සිමාවේ සත්ව හා ශාක ගහණය වැඩිම වගුරු භූමියක් ලෙස මෙය හැදින් විය හැකි අතර පරිසර අමාත්‍යවරයා හා පාඨලී චමිපික රණවක ඇමැතිවරයා එක්වී වනසන්නේ මෙවන් සුවිශේෂී ස්ථානයකි.

 කුණු ගොඩ ගැසීම නිසා ඇතිවන මීතේන් වායුව CH4 හෙතුවෙන් මුතුරාජවෙ අවට ජනතාවට හා කුඩා ළමුන්ට ඇස්මා වැනි රෝග තත්වයන් ඇතිවීමේ ඉඩකඩ වැඩිය. අනෙකුත් කුණු කදු අශ්‍රිතව ඇති අත්දැකීමි අනුව සමේ රෝග ශා කාන්තාවන්ගේ ගැබ් ගෙල පිලිකා ව්‍යාප්ත කිරීමට කුණු අශ්‍රිත නිෂ්පාදනය වන වීස රසායන ද්‍රව්‍ය හේතුවේ. එම නිසා මෙම ප්‍රදේශවල මිනිසුනට මින් පසුව දැවැන්ත සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුවේ.

සිදුවන පරිසර හානිය හා මහජනතාවට,බීමට ඇති ජලයට වන හානිය කොයි කුණු ගොඩටත් පොදුයි . කිරිදිවෙල, මුතුරාජවෙල, කරදියාන පමණක්  නොව රටපුරාම ජනතාව කුණු කඳුවලට බිලි දෙන තුරු පරිසර අමාත්‍යංශය හෝ වගකිවයුතු උදවිය කුණු ප්‍රතිනිෂ්පාදන සදහා හෝ පොහොර නිෂ්පාදනය සදහා භාවිතා කරන්නට අදහසක් නැති බව පෙනේ. වෙනත් රටක නම් කුණු යනු  ආදයම් උත්පාදනය වෙනුවෙන් යොදා ගන්නා මහඟු සමිපතකි .

නමුත් අවාසනාවකට මෙරට බලධාරීන් කුණු කදු ගොඩ ගසමින් එය පාතාලයේ එක් ආදායම්මි මාර්ගයක් බවට පත්කර ඇත. මිනිසුන්ගේ ජීවිත බිළිදෙමින් කුණුවලින් කප්පම් ගන්නා කප්පම්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පිටරටවලින් ගෙනෙන විද්‍යුත් අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට දැන් තිත තැබිය යුතුය. මෙරට එක්වන අපද්‍රව්‍ය කළමනාකරණය කර ප්‍රතිනිෂ්පාදනය සදහා යොදාගත හැකිය. එයට අවශ්‍ය තාක්ෂණික දැනුම පරිසර අමාත්‍යංශයෙන් ආරම්භ වී වළලා දැමූ පිළිසරු ව්‍යාපෘතියට පණදීමෙන් ලබාගත හැකිය .