IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බඹර ප‍්‍රහාරයකින් දමිළ දරුවන් රැකගත් සිංහල දරුවන්ගේ කතාවක්

කළුකැලේ කියන්නෙ මේ රටේ දුප්පත්ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වන රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිබෙන අති දුෂ්කර ගමක්. ගමට යන්න හරිහැටි පාරක් නැතුවා වගේම මේ ගමේ දරුවන්ට ඉගෙන ගන්න ගමේ හොඳ පාසලක් ඇත්තෙත් නැහැ. ගමේ පාසලෙන් පහේ පන්තිය දක්වා ඉගෙන ගන්න මේ ගමේ සිංහල දරුවො වගේම දමිළ ජාතික දරුවො ඉතිරි ටික ඉගෙන ගත්තෙ ගමට කිලෝමීටර් 78ක් දුරින් පිහිටි අරාව මහා විද්‍යාලයෙන්. කළුකැලේ ගමේ ඉඳල අරාව දක්වා යාමට තියෙන අබලන් ගුරු පාර හරිම දුෂ්කරයි. සුද්දන්ගේ කාලෙ හදපු ඒ පාර මේ වෙනකොට කැලේට යටවෙලා. විනාශ වෙලා. අඩිපාරක් වගේ. කඳුවැටි, දියකඳුරු, ගස්-ගල් උඩින් වැටුණු මේ පාර හරිම දුෂ්කරයි. හරිම දුරයි. උදේට පන්දම් පත්තු කරගෙන ගෙවල්වලින් පිටවෙන මේ ගමේ දරුවො ආපහු ගෙවල්වලට යන්නේ වටින් ගොඩින් අඳුර වැටෙද්දී. පාර අමාරු වුණත්, ගමන දුෂ්කර වුණත් කළුකැලේ දරුවො උදේ හවස මේ මාර්ගය තරණය කරල අරාව පාසලට ආවෙ අකුරක් ඉගෙන ගන්න තියෙන ආසාව නිසයි. කැලෑ රොදවල්, හෙල පාරවල්, පතන් මැදින් වැටුණු මේ පාර හරිම පාළුයි. පේන තෙක් මානෙක ගෙයක් දොරක් නෑ. ඒ හින්ද මේ පාරේ යන දරුවො පාසල් ආවෙත් ආපහු ගියෙත් එකටමයි. එයාලගෙ අම්මල තාත්තලා උපදෙස් දීලා තිබුණෙත් එහෙමයි. පහුගිය බ‍්‍රහස්පතින්දත් (6) සුපුරුදු පරිදි පාසලෙන් පිටවුණු මේ දරුවො මේ දුෂ්කර මාර්ගය ඔස්සේ ගමට එන්න පිටත් වුණා. හවස 3.00 විතර වෙනකොට ඒ පාර අතරතුර තියෙන කළුකැලේ රබර් යාය හරියට ළඟා වුණා. පාරෙ ඉස්සරහින්ම ගියේ හය හත වගේ පන්තිවල ඉගෙන ගන්න පුංචි දරුවො. ලොකු අයියල, අක්කලා ගියේ පිටිපස්සෙන්. සිංහල වගේම දමිළ දරුවොත් මේ නඬේ හිටියා. රබර් කෑල්ල පහුකරල ටික දුරක් යද්දී නඬේ ඉස්සරහින්ම ගිය ආර්. ප‍්‍රදීපන්ගේ ඔළුවට කවුද මහ හයියෙන් ටොක්කක් අනිනව වගේ දැනුන ප‍්‍රදීපන්ට හිතා ගන්නවත් ලැබුණෙ නැහැ. විදුලි කොටනව වගේ කොහෙන්ද ආව බඹර රැනක් ඔළුව වටකරගෙන අනින්න පටන් ගත්තා. ප‍්‍රදීපන් මහ හඬින් කෑගැහුවා. ඒ එක්කම ඔවුන් එක්ක හිටපු 10-15 දෙනෙකුටම බඹරු අනින්න පටන් ගත්ත. සමහර ළමයි පාරෙ උඩට දිව්වා. තව සමහරු පාරෙ පහලට දිව්වා. සමහරු එතනම ඇදගෙන වැටුණා. ඉස්සර වෙලාම බඹරු කාපු ප‍්‍රදීපන් වගේම එයත් එක්ක එක පන්තියෙ ඉගෙන ගත්ත එස්. සෙල්වරාණි බඹර ප‍්‍රහාරය දරා ගන්න බැරිව එතනම ඇදගෙන වැටුණා. පාර උඩහට දුවපු අක්කල දෙන්නෙකුටත් එච්චර දුර යන්න ලැබුණෙ නෑ. බඹර රංචුව එලව එලව පහර දුන්නා. ඒ දෙන්නටත් සිහිය නැති වුණා. හැබැයි පුංචි ප‍්‍රදීපන්ට වෙච්ච සිද්ධිය හොඳට මතකයි. බඹර විෂ ශරීර ගත වෙලා මීගහකිවුල රෝහලට ඇතුළුවෙලා ප‍්‍රතිකාර ලබමින් ඉන්න ප‍්‍රදීපන් ඒ සිද්ධිය මෙහෙම විස්තර කළා. ‘‘එදා අපි 15 දෙනෙක් විතර ඉස්කෝලේ ඇරිල පාර දිගේ ගමට එන්න පිටත් වුණා. මහ පාරෙ එන එක දුරයි. ඒ හින්ද අපි කැලේ මැදින් තියෙන අඩි පාරවල්වලින් තමයි ආවෙ. හවස 3.00 විතර වෙනකොට රබර් කෑල්ල හරියට ආවා. මමයි මගේ පන්තියෙ ඉගෙන ගන්න සෙල්වරාණියි ළඟ ළඟ ආවෙ. එක පාරටම ඞීං ගාලා මගේ ඔළුවෙ මොකක්ද වැදුණා. මට තරු පැන්න. කෑ ගැහුණා. ඒ එක්කම බඹර රංචුවක්ම මට අනින්න පටන් ගත්ත. සෙල්වරාණිටත් ඇන්න. අපි කෑ ගහගෙන පහළට දිව්වා. තව කට්ටියක් උඩට දිව්වා. මගේ පපුව හිර වෙනව වගේ දැනුනා. කලන්තෙ හැදුනා. එතකොටම අපිට පිටුපස්සෙන් ආව පැතුම් අයියයි ක‍්‍රිශාන්ත අයියයි මාවයි සෙල්වරාණිවයි කරේ තියාගෙන තව නංගිල දෙන්නෙකුත් අතින් ඇදගෙන පාරෙ පහළට දිව්වා. ඒ අයියලා දෙන්න නොඉන්න  අපි ටිකට මොනවා වෙයිද දන්නෙ නැහැ. ගිනි පුපුරු මෙන් ඇඟ පුරා දැවටෙන බඹර රංචුවේ ප‍්‍රහාරය මැද වුවද එම නඩයේ සිටි ක‍්‍රිෂාන්තටත් පැතුම්ටත් මේ පුංචි නංගිලා මල්ලිලා අතහැර දමා පැන දුවන්නට සිත් පහළ වූයේ නැත. තම ජීවිත ගැන පමණක් හිතන්නට වුවමනාවක් තිබුණේ ද නැත. තමන් අභිමුව ජීවිතය ඉල්ලා මරහඬ තලන මේ දරුවන් දැක දැක ඔවුනට ජාති භේදයක් මතක් වූයේ ද නැත. ඒ නඬේ සිටි එකම සිංහල කොලූ පැටව් දෙන්නා ක‍්‍රිෂාන්තත් පැතුම් දිසානායකත් තමන් ඉදිරිපිට හඬා වැටෙන මේ දමිළ ජාතික පැටව් ටික හැකි අයුරින් කර තබාගෙන පාරේ පහළට දුවන්නට පටන් ගත්තේ වීර චිත‍්‍රපටියක දර්ශන පෙළක් අනුකරණය කරන පරිද්දෙනි. එලව එලවා පහර දෙන බඹර රංචුවේ ප‍්‍රහාර මැද්දේ වුවද මර ළතෝනි දෙන දරු පැටව් අත් නොහල ක‍්‍රිෂාන්තත්, පැතුම් දිසානායකත් ආපසු හැරී බැලූවේ කිලෝමීටරයටත් වැඩි දුරක් ගමන් කිරීමෙන් අනතුරුවය. අරාව මහ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මේ දරු දෙදෙනා නොඉන්නට ඇතැම් විට අපට ලියන්නට සිදුවන්නේ මීට වඩා දුක්බර කතාවක් වන්නට ඉඩ තිබිණි. ජීවිතේ කිසි දිනක අත්නොවිඳි ඒ අකාරුණික මොහොත ක‍්‍රිෂාන්ත දරුවා සිහිපත් කළේ මේ අයුරිණි. ”අපි එදත් පාසල් ඇරිල ගමට යන්න පිටත් වුණා. පැතුමුත් මමත් පාරෙ පිටිපස්සෙන් ගියා. පුංචි නංගිලා මල්ලිලා ඉස්සරහින් ගියා. අපේ ගමේ ඉන්න සිංහල වගේම දෙමළ ජාතික ළමයිනුත් ඉගෙන ගන්නෙ අරාව පාසලෙන්. අපිට කවදාවත් එතනට සිංහල දෙමළ කියල වෙනසක් තිබුණෙ නැහැ. පොඩි අයට මීටර් 100-150ක් දුරින් තමා අපි ආවෙ. ටික දුරක් යනකොට පොඩි මල්ලිල නංගිල කෑ ගහනව ඇහුණා. වෙනදටත් ඒ අය කෑ ගහ ගහ තමා යන්නෙ. ඒ නිසා අපි ගණන් ගත්තෙ නෑ. ඒත් ඒ සද්දෙ වෙනසක් දැනුන නිසා අපි ඒ පැත්තට දිව්වා. එතකොට ප‍්‍රදීපන් කියන මල්ලියි තව නංගි කෙනෙකුයි අනේ අපි බේරගන්න කියල කෑ ගහගෙන අපි දිහාට අවා. එතකොට අපිට බඹරු අනින්න පටන් ගත්තා. අපිට දුවන්න පුලූවන් උනත් මේ මල්ලිල නංගිල දාල දුවන්න හිතුනෙ නෑ. අප දෙන්න ඒ නංගියි මල්ලියි කරට අරගෙන අනිත් අයත් අතින් ඇදගෙන හයියෙන් පාරෙ පහළට දිව්වා. දුවද්දි අපිටත් බඹරු ඇන්නා. ඒත් මේ නංගියි මල්ලියි කෑ ගහන සද්දෙට අපි ඒ වේදනාව පිටම එයාලත් උස්සගෙන පහළට ආව. ඒ අයට සිහිය නැති වුණා වගේ වුණා. හැතැම්මක් විතර එනකොට ගෙයක් හම්බ වුණා. ඒ අයට විස්තරේ කීවා. ඒ අය ගෙවල්වලට කතා කරලා අපිටයි මේ නංගිටයි මල්ලිලාටයි තේ හදල බොන්න දුන්නා. උඩට දුවපු නංගිලා ගැනත් අපි ගෙවල්වලට කීවා. ඒ අය ඇෙඟ් කටු ගලවල තෙල් ගෑවා. මේ නඬේම පැමිණි ප‍්‍රමිලාත් නිලූකාත් බඹර ප‍්‍රහාරය මැද්දේ සෙසු පිරිසෙන් වෙන්වී මාර්ගයේ අනෙක් පැත්තට දුවන්නට වූයේ කළ යුත්තේ කුමක්දැයි හරි හැටි හිතාගන්නටවත් ඉඩක් නොවූ නිසාය. ඒ වන විටත් ප‍්‍රමිලාත් නිලූකාත් වටකරගත් බඹර රංචුව ඔවුන්ටත් දිගට හරහට පහර දෙන්නට වූ අතර බඹර ප‍්‍රහාරය මැද කන්දෙ ඉහළට දුවන්නට වාරු නොවූ ඔවුහු හත් අට පොළකම ඇද වැටුණහ. එතෙක් කළ යුතු අන් දෙයක් නොවූ නිසාත් ජීවිත ආසාව නිසාත් ගතට වාරු ගත් ඔවුහු තව තවත් දුවන්නට වූහ. බඹර ප‍්‍රහාරයෙත් බරපතළ තුවාල ලැබූ නිලූකා දමයන්ති ඒ මොහොත මෙසේ ආවර්ජනය කළාය. බඹරු අනින්න පටන් ගන්නකොට අපිත් එක්ක ආව කට්ටියක් පහළට දිව්වා. මාත් ප‍්‍රමිලාත් උඩට දිව්වා. පාරෙ උඩට දුවපු අපි දෙන්න වටකරගත්ත බඹරු අපිට හොඳටම අනින්න පටන් ගත්තා. අපි කීප වතාවක්ම වැටුණා. සුදු ගවුමට බඹරු එනව වැඩියි කියල අහල තිබුණු නිසා මම ගවුම ගලවල දාලා දුවන්න පටන් ගත්තා. ප‍්‍රමිලගෙ ගවුම හිර නිසා ගලව ගන්න බැරි වුණා. ප‍්‍රමිලා තුන් හතර පොළක වැටුණා. මාත් වැටුණා. අපි ආයෙත් නැගිටලා දිව්වා. ප‍්‍රමිලට දුව ගන්න බැරි වුණා. මම දුවගෙන යද්දී වතුර වළක් දැකල ඒකෙ එබුනා ඇෙඟ් තිබුණු කටු ගලව ගත්තා. එතකොට ඔබරු අනින එක නතර වුණා. මම ඊට පස්සේ හයියෙන් කෑ ගැහුවම ඒ ළඟ ගෙදරක කට්ටියක් ඇවිත් මාත් ප‍්‍රමිලත් බේර ගත්තා. ඊට පස්සෙ ඒ අය එකතු වෙලා තෙල් මතුරලා ගාලා අපි හැමෝම මීගහකිවුල රෝහලට ගෙනාවා. මේ බඹර ප‍්‍රහාරයෙන් පාසල් සිසුහු 10-15 අතර පිරිසක් තුවාල ලැබූහ. ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සිව් දෙනකු (4) රෝහල් ගත කෙරිණි. බඹර ප‍්‍රහාරය හේතුවෙන් ඔවුන්ගේ මුහුණු දැඩි ලෙස ඉදිමී තිබූ අතර ඉකුත් ඉරිදා (9) වන විටත් බඹර ප‍්‍රහාරයට ලක්වූ නිලූකා දමයන්ති (11)ත් ආර්. ප‍්‍රමිලාත් සම්පූර්ණ සුවය ලබා නොතිබිණි. පාසල් දරුවන් මෙන්ම වතුකරයේ හා ඒ අවට ප‍්‍රදේශවල ජනතාව බඹරුන්ගේ හා දෙබරුන්ගේ ප‍්‍රහාරවලට ලක්වූ එකම අවස්ථාව මෙය නොවේ. මේ දිනවල පවත්නා දැඩි නියඟයත් සමගම ඇවිස්සෙන බඹරුන්ගේ මෙන්ම දෙබරුන්ගේ ප‍්‍රහාරවලට ලක්වෙන විශාල පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල් ගතවෙති. බඹර විෂ ශරීරගතවීමෙන් මියගිය පුද්ගලයින් ගැන ද පසුගිය කාලයේ අසන්නට ලැබිණි. බඹරුන්ගේ මෙන්ම දෙබරුන්ගේ කූඩුවලට ගල් ගැසීමෙන් මෙන්ම උකුස්සන් පහරදීමෙන් ද ඒවා ඇවිස්සෙන බව මේ ගැන දන්නා ජනතාව පවසති. දෙබරුන්ටත් වඩා බඹර විෂ ඉතා දරුණු බව ජනතාව පවසති. දෙබරුන් මෙන්ම බඹරුන් ඇණීමෙන් පසු එම සතුන් මියයන බවත් ඔවුන්ගේ විෂ සහිත ‘‘විත’’ නමැති කටු සිරුරේ රැුඳෙන බවත් බඹර ප‍්‍රහාරවලට ලක්වන්නෝ කියති. මෙම විත ගලවද්දී ද දැඩි වේදනාවක් දැනෙන බව ද ඔවුහු කියති. බඹරුන් හත් දෙනෙකු කෑ විට පොළොං විෂ ඇතැයි තවත් විශ්වාසයක් මේ ප‍්‍රදේශවල පවතී. ඒ නිසාම බඹර හා දෙබර විෂ යන්නට කියා තෙල් මතුරා ආලේප කරන පිරිස් ද තවමත් වියලූවේ ගම්වල සිටිති. කෙසේ වෙතත් මේ දරුවන් ප‍්‍රහාරයට ලක්වූ මෙම පාළු මාර්ගයේ රූස්ස ගස් මත බඹර වද විශාල ප‍්‍රමාණයක් දැක ගන්නට ලැබෙන අතර කොයි මොහොතේ හෝ ඒවා ඇවිස්සීමෙන් මීට වැඩි විනාශයක් වන්න ඉඩ ඇති බව මේ දරුවෝ කියති. කලකට පෙර වෘත්තියක් ලෙස බඹර කැපීමේ යෙදෙන්නන් සිටිය ද අද වන විට මෙවැනි අන්තරාකාරී රැුකියාවක නිරත වන්නන් නොමැතිකමින් මෙසේ බඹර වද ගස්වල ඉතිරිවන බව ද ගම්මු කියති. කෙසේ වෙතත් බඹර පැණි ඇති කාලය අත්දැකීමෙන් දන්නා ඇතැම් පිරිස් තවමත් මෙම බඹර කපා පැණි ගැනීම සිදුකරති. එහෙත් රූස්ස ගස් මත ඇති විශාල බඹරවලින් නොව කුඩා ගස්වල ඇති පහසුවෙන් ළඟා විය හැකි බඹරවලිනි. පසුගියදා මෙම පාසල් දරු පිරිසට එල්ල වූ බඹර ප‍්‍රහාරයෙන් පසුව එම ප‍්‍රදේශයේ පිහිටි බඹර වද කීපයක්ම ප‍්‍රදේශවාසීන් එක්ව විනාශ කර දැමූහ. එහෙත් එම අනතුර තවමත් පහව ගොස් නැත. ඒ මේ පාළු මාර්ගයේ රූස්ස ගස් මත ඇති බඹර කිහිපයක් තවමත් ඉතිරිව ඇති නිසාවෙනි.බඹරු අනින්න පටන් ගන්නකොට අපිත් එක්ක ආව කට්ටියක් පහළට දිව්වා. මාත් ප‍්‍රමිලාත් උඩට දිව්වා. පාරෙ උඩට දුවපු අපි දෙන්න වටකරගත්ත බඹරු අපිට හොඳටම අනින්න පටන් ගත්තා. අපි කීප වතාවක්ම වැටුණා. සුදු ගවුමට බඹරු එනව වැඩියි කියල අහල තිබුණු නිසා මම ගවුම ගලවල දාලා දුවන්න පටන් ගත්තා. ප‍්‍රමිලගෙ ගවුම හිර නිසා ගලව ගන්න බැරි වුණා. ප‍්‍රමිලා තුන් හතර පොළක වැටුණා. මාත් වැටුණා. අපි ආයෙත් නැගිටලා දිව්වා. ප‍්‍රමිලට දුව ගන්න බැරි වුණා. මම දුවගෙන යද්දී වතුර වළක් දැකල ඒකෙ එබුනා ඇෙඟ් තිබුණු කටු ගලව ගත්තා. එතකොට ඔබරු අනින එක නතර වුණා. මම ඊට පස්සේ හයියෙන් කෑ ගැහුවම ඒ ළඟ ගෙදරක කට්ටියක් ඇවිත් මාත් ප‍්‍රමිලත් බේර ගත්තා. ඊට පස්සෙ ඒ අය එකතු වෙලා තෙල් මතුරලා ගාලා අපි හැමෝම මීගහකිවුල රෝහලට ගෙනාවා. මේ බඹර ප‍්‍රහාරයෙන් පාසල් සිසුහු 10-15 අතර පිරිසක් තුවාල ලැබූහ. ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සිව් දෙනකු (4) රෝහල් ගත කෙරිණි. බඹර ප‍්‍රහාරය හේතුවෙන් ඔවුන්ගේ මුහුණු දැඩි ලෙස ඉදිමී තිබූ අතර ඉකුත් ඉරිදා (9) වන විටත් බඹර ප‍්‍රහාරයට ලක්වූ නිලූකා දමයන්ති (11)ත් ආර්. ප‍්‍රමිලාත් සම්පූර්ණ සුවය ලබා නොතිබිණි. පාසල් දරුවන් මෙන්ම වතුකරයේ හා ඒ අවට ප‍්‍රදේශවල ජනතාව බඹරුන්ගේ හා දෙබරුන්ගේ ප‍්‍රහාරවලට ලක්වූ එකම අවස්ථාව මෙය නොවේ. මේ දිනවල පවත්නා දැඩි නියඟයත් සමගම ඇවිස්සෙන බඹරුන්ගේ මෙන්ම දෙබරුන්ගේ ප‍්‍රහාරවලට ලක්වෙන විශාල පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල් ගතවෙති. බඹර විෂ ශරීරගතවීමෙන් මියගිය පුද්ගලයින් ගැන ද පසුගිය කාලයේ අසන්නට ලැබිණි. බඹරුන්ගේ මෙන්ම දෙබරුන්ගේ කූඩුවලට ගල් ගැසීමෙන් මෙන්ම උකුස්සන් පහරදීමෙන් ද ඒවා ඇවිස්සෙන බව මේ ගැන දන්නා ජනතාව පවසති. දෙබරුන්ටත් වඩා බඹර විෂ ඉතා දරුණු බව ජනතාව පවසති. දෙබරුන් මෙන්ම බඹරුන් ඇණීමෙන් පසු එම සතුන් මියයන බවත් ඔවුන්ගේ විෂ සහිත ‘‘විත’’ නමැති කටු සිරුරේ රැුඳෙන බවත් බඹර ප‍්‍රහාරවලට ලක්වන්නෝ කියති. මෙම විත ගලවද්දී ද දැඩි වේදනාවක් දැනෙන බව ද ඔවුහු කියති. බඹරුන් හත් දෙනෙකු කෑ විට පොළොං විෂ ඇතැයි තවත් විශ්වාසයක් මේ ප‍්‍රදේශවල පවතී. ඒ නිසාම බඹර හා දෙබර විෂ යන්නට කියා තෙල් මතුරා ආලේප කරන පිරිස් ද තවමත් වියලූවේ ගම්වල සිටිති. කෙසේ වෙතත් මේ දරුවන් ප‍්‍රහාරයට ලක්වූ මෙම පාළු මාර්ගයේ රූස්ස ගස් මත බඹර වද විශාල ප‍්‍රමාණයක් දැක ගන්නට ලැබෙන අතර කොයි මොහොතේ හෝ ඒවා ඇවිස්සීමෙන් මීට වැඩි විනාශයක් වන්න ඉඩ ඇති බව මේ දරුවෝ කියති. කලකට පෙර වෘත්තියක් ලෙස බඹර කැපීමේ යෙදෙන්නන් සිටිය ද අද වන විට මෙවැනි අන්තරාකාරී රැුකියාවක නිරත වන්නන් නොමැතිකමින් මෙසේ බඹර වද ගස්වල ඉතිරිවන බව ද ගම්මු කියති. කෙසේ වෙතත් බඹර පැණි ඇති කාලය අත්දැකීමෙන් දන්නා ඇතැම් පිරිස් තවමත් මෙම බඹර කපා පැණි ගැනීම සිදුකරති. එහෙත් රූස්ස ගස් මත ඇති විශාල බඹරවලින් නොව කුඩා ගස්වල ඇති පහසුවෙන් ළඟා විය හැකි බඹරවලිනි. පසුගියදා මෙම පාසල් දරු පිරිසට එල්ල වූ බඹර ප‍්‍රහාරයෙන් පසුව එම ප‍්‍රදේශයේ පිහිටි බඹර වද කීපයක්ම ප‍්‍රදේශවාසීන් එක්ව විනාශ කර දැමූහ. එහෙත් එම අනතුර තවමත් පහව ගොස් නැත. ඒ මේ පාළු මාර්ගයේ රූස්ස ගස් මත ඇති බඹර කිහිපයක් තවමත් ඉතිරිව ඇති නිසාවෙනි. වියලූවේ නිශාන්ත කුමාර දමයන්ති වැටී සිටි වතුර වළ කළුකැලේ ගම



අදහස් (0)

බඹර ප‍්‍රහාරයකින් දමිළ දරුවන් රැකගත් සිංහල දරුවන්ගේ කතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31399 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13649 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11024 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1041 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 286 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site