IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


බැන බැන හිටපු ආණ්ඩුවට එකතුවුණා කියලා මට දුකක් නෑ

 

 

දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයේ සිටි හැඩකාර, කටකාර තරුණ මන්තී‍්‍රවරයෙකි. ආණ්ඩුවට රිදෙන්න ප‍්‍රහාර එල්ල කළද ඔහු පිළිබඳ කට කතාවලින් කියැවුණේ ඔහු ආණ්ඩුවට යන බවය. ”මම යන්නේ නෑ”යි ශපථ කළද ඔහු ඉකුත්දා එජාපයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයෙන්ද ඉල්ලා අස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. ”දේශපාලනයේ සදාකාලික මිතුරොත් නැති හතුරොත් නැතැ”යි එන කියමන යළිත් වරක් ජීවමාන යථාර්ථයක් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ මහ ඇමැති අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා සමග මේ කතාබහ ඔහුගේ කරණම හා ඉරණම පිළිබඳවය.

ප‍්‍රශ්නය:- බොහෝ කාලයක් පුරා ඔබ සැලසුම් කළ දෙය ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී ඔබ කි‍්‍රයාත්මක කළා? මම හරිද? වැරැදිද?
පිළිතුර:- ඔබ වැරැදියි. බොහෝ කාලයක් සැලසුම් කළා නම් මට මීට වැඩිය දෙයක් කරන්න තිබුණා. ඒක දවස් දෙකකින් විතර සැලසුම් කරලා කරපු දෙයක්. ඒ නිසා මට කිව යුතුවම තිබුණු සමහර කාරණා මට පාර්ලිමේන්තුවේදී කියන්න බැරිව ගියා. ඒ නිසා ඔබගේ ඔය කාරණාව මම ප‍්‍රතික්ෂේප කරනවා. මේක ඉතාම හදිසියේ ගත්ත තීන්දුවක්.

 


ප‍්‍රශ්නය: ඔබ එහෙම කිව්වත් ඔබ වයඹ මහ ඇමැතිකමට කැමැතියි කියලා අප පුවත්පතට කිව්වේ මෙයට මාස හත අටකට පෙරදියි?
පිළිතුර: ඔය කියන කාලයේ ඔබ මගෙන් ගත්ත ඉන්ටර්විව් එකේ එහෙම දෙයක් ගියා. මම එතැනදි කිව්වේ මම වයඹ වැඩ කරනවා නම් මම කැමැතියි කියලා. ඒක ප‍්‍රකාශ කළේ වැඩක් කරන්න වුවමනාවක් තිබුණ නිසයි. ඔබ එදා මගෙන් ඇහුවා ආණ්ඩුවට යනවද යනවා නම් කොහොමද යන්නේ කියලා. එතැනදි තමයි මම කිව්වේ යනවා නම් යන්නේ මේ විදියටයි කියලා. එහෙම නැතිව ප්ලෑන් එකක් ඔළුවේ තියාගෙන කියපු දෙයක් නොවෙයි. අද ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක මට මේ තීරණය ගන්නවීම ගැන මම සතුටු වෙනවා.

 


ප‍්‍රශ්නය: ඇත්තටම ඔබ එජාපයෙන් ඉවත් වුණේ ඇයි?
පිළිතුර: හේතු කියන්න ගියොත් පැයක් විතර කියන්න වෙනවා. මට කියන්න තියෙන්නේ බොහොම පොඩි කාරණයක්. මේ පක්ෂය ජයග‍්‍රහණය කරා ගෙනියන්න උත්සාහ කිරීම, සිතීමේ නිදහසට තර්ජනය කිරීම හා අපේ පක්ෂ ජයග‍්‍රහණය කරාගෙන යන ජනතා මතයට ගරු කරලා කරපු වැඩවලට ලැබුණු කෙනහිලිකම්, කැපීම්, කෙටිලි පසෙකට තල්ලූ කිරීම් මේ වගේ කාරණා කිහිපයක් නිසා තමයි මේ තීරණයට ආවේ.

 


ප‍්‍රශ්නය: පක්ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කරන්න, සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂ නායකත්වයට ගේන්න ඔබ සටන් කළා. ඒ සටනින් ඔබ පරාද වුණා.
පිළිතුර: මෙහෙමයි, එතැනදි රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කිරීමවත් සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වයට ගෙන ඒමටත් නොවෙයි ඇත්තටම අපට අවශ්‍ය වෙලා තිබුණේ. මේ පක්ෂය ජයග‍්‍රාහි පක්ෂයක් බවට පත් කිරීමයි. එයට බාධාවක් වශයෙන් අපි දැක්කේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයයි. අදටත් ඒ බාධාව එහෙම්ම තියෙනවා. එදා අපි හිතුවේ සජිත් පේ‍්‍රමදාස මහත්තයා ඉදිරියට අරගෙන ගිහිල්ලා මේ ගමන කෙළවර කරන්නයි. ඒක පරාජයට පත්වුණා. එහෙම පරාජය වුණා කියලා ඒ ප‍්‍රශ්නය අපි දිගටම අරගෙන ගියේ නෑ. මම පෞද්ගලිකව ගිහින් එතුමා සමග කතා කළා. අපි එකට එකතුවෙලා වැඩ කරමු කියලා මම කිව්වා. ඒක ඇත්තටම එතුමා කියන්න  ඕනෑ කාරණයක් නායකයෙක් විදියට. නමුත් මම එහෙම කිව්වා. මම තව දුරටත් කිව්වා ”ඔබතුමාගේ නායකත්වය අපි පිළිගන්නවා. ප‍්‍රශ්න තියෙන ඒවා අපි සාකච්ඡා කරලා ඉස්සරහට යමු” කියලා අවුරුදු දෙක හමාරම ඒ ප‍්‍රශ්න ගැන කතා කරන්න එතුමා ඉදිරිපත් වුණේ නෑ. හැමදාම කළේ පණිවිඩකරුවන් හරහා තමන්ගේ ප‍්‍රශ්න ටික කතා කරපු එකයි. ඒ නිසා මම හිතනවා නායකයෙක් ප‍්‍රශ්න විසඳන්නේ ඔය විදියට නොවෙයි. නායකයෙක් ප‍්‍රශ්න විසඳන්නේ පණිවිඩකරුවන් හරහා පණිවිඩ එවලා නොවෙයි. තමන් ඔවුන් එක්ක ඉඳගෙන ප‍්‍රශ්න සාකච්ඡා කළ යුතුයි. ඒක එතුමගෙන් මග හැරුණු එක තමයි මේ සිද්ධ වුණේ?

 


ප‍්‍රශ්නය: නායකයා ඉවත් කරන්න කරපු සටනින් නායකයා හය වසරකට නායකත්වය ස්ථිර කරගත්තා. ඔබේ උපාය උපක‍්‍රම අසාර්ථකයි?
පිළිතුර: ඔහු ශක්තිමත් වෙලා තියෙනවා. මේ වෙනකොට ගිය අවුරුද්දේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සිග්නල් කණු ටික අත උස්සලා එතුමව අවුරුදු හයකට පත්කර ගත්තා. 2015 දී විතර තියෙන ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කළායින් පස්සේ ඊට පස්සෙත් එතුමට තියෙනවා තව අවුරුදු තුනක්. 2018 විතර වෙනකම්. ඊටත් පස්සේ තවත් අවුරුදු දහයකට බැරිනම් පන්සියයකට දික් කරගන්නත් අපට ප‍්‍රශ්නයක් නෑ. එතුමා ඉන්න ඉන්න අපට හොඳයි. එතුමා නායකත්වයෙ තියාගන්න එක තමයි කරන්න පුළුවන් එකම කාරණය. හැබැයි පක්ෂය හා පාක්ෂිකයා දවසින් දවස අනාථ වෙනවා. කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් පුත්තලම් දිස්ති‍්‍රක්කයෙන් පාක්ෂිකයෝ ටික මම බලා ගන්නවා. අනෙක් පැතිවලත් පක්ෂයෙන් ඉවත් වුණු අපේ මන්තී‍්‍රවරුන් ඒ පාක්ෂිකයන් හොඳින් බලාගෙන ඉන්නවා. ඉතින් මේ සියලූ දෙනාට සිද්ධ වෙන්නේ අපත් එක්ක ගමන් කිරීම විතරයි. තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා සමග ගිහිල්ලා වඳ බහින පක්ෂයක ඉඳලා වැඩක් නෑ. මේක පක්ෂයේ වරදක් නොවෙයි. මේක ආදරණීය පක්ෂයක්. ජනතාවට සේවය කරපු පක්ෂයක්. දුප්පතුන් ගැන හිතපු පක්ෂයක්. වැදගත් පක්ෂයක්. ඒ නිසා මෙතැන තියෙන්නේ ඒ පක්ෂය පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි නායකත්වය හා ඔහු වටේ ඉන්න කීප දෙනෙක් කරන පක්ෂය විනාශ කිරීමේ කි‍්‍රයාදාමයට එරෙහිව යන ගමනක් තමයි මේ යන්නේ.

 


ප‍්‍රශ්නය: ඔබ දැන් කිව්වා සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂ නායකත්වයට ගෙන එන්න සටනක් කළා කියලා. පසු කාලයේදී ඒ සටනිනුත් ඔබ ඉවත් වෙනවා. ඒ ඇයි?
පිළිතුර: මං කිව්වා ඒ සටනේ අපේ බලාපොරොත්තුව තිබුණේ සජිත් පේ‍්‍රමදාස මැතිතුමා නායකත්වයට ගෙන ඒමේ වැඩ පිළිවෙළයි. නමුත් එතැනින් පස්සේ සිද්ධ වුණේ සජිත් පේ‍්‍රමදාස මැතිතුමා වෙනුවට කරු ජයසූරිය මැතිතුමා ඉදිරියට ගෙන ඒමයි. නමුත් අපි රට වටේ කියාගෙන ගියේ සජිත් පේ‍්‍රමදාස මැතිතුමා නායකයා විදියට ගේන්න  ඕනෑ කියලයි. ඒ නිසා තමයි බුද්ධික පතිරණ මන්තී‍්‍රතුමා කිව්වේ අපේ‍්‍රල් මාසයෙදි අපි සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ නායකත්වයෙන් කිරිබත් කනවා කියලා. ඒක එහෙම කියලා කරු ජයසූරිය මහත්මයා ගෙනල්ලා එතුමා එතැනදි අනාථ වුණාට පස්සේ මම කිව්වා තව දුරටත් නායකයෝ හදන වැඩ පිළිවෙළේ මම නෑ. එතැන ප‍්‍රශ්න ගණනාවක් තිබුණ නිසා. එතැනදි තමයි මම කිව්වේ අපි කවුරුත් එකතුවෙලා වැඩ කරමු කියලා. නමුත් වැඩ කරන්න සජිත් පේ‍්‍රමදාස මැතිතුමා, කරු ජයසූරිය මැතිතුමා ඇතුළු අපිව එකතු කරන්න තවමත් නායකත්වයට බැරිවෙලා තියෙනවා. නිකම් බොරු කතා කියලා වැඩක් නෑ. ඔක්කොම ඉන්නේ කනගාටුවෙන්. මම එදා පාර්ලිමේන්තුවේ කතා කළේ අපේ පක්ෂයෙ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් බහුතරයකගේ හදවතේ තියෙන ඇත්ත හැඟීම්. ඒක දයාසිරි ජයසේකරට විතරක් බලපාපු කාරණයක් නොවෙයි. ඒක ඔවුන් වෙනුවෙන් කියාගන්න ලැබීම මට සතුටක්.

 


ප‍්‍රශ්නය: ඔය සටන් යන අතරේ ඔබට විනය පරීක්ෂණ එනවා. කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය අහිමි වෙනවා. හැබැයි ඔබ වෙනුවෙන් කවුරුවත් කතා කරන්නේ නෑ. ඒ කලකිරීමත් ඔබට තිබුණා?
පිළිතුර: මම කියන්න කැමැතියි සජිත් පේ‍්‍රමදාස මැතිතුමා මා වෙනුවෙන් කතා කළා. අන්තිම අවස්ථාවේදී රවි කරුණානායක මැතිතුමා මගේ අසාධාරණය වෙනුවෙන් කතා කරලා තිබුණා. ඒ අය හැර අනිත් අය ඊට අඩුවෙන් තමයි කතා කරලා තිබුණේ. තැන් තැන්වල කතා කරලා තිබුණා. නමුත් ප‍්‍රශ්නයට මැදිහත්වීමක් වෙලා තිබුණේ නෑ. ඒ ගැන මම කනගාටුවට පත් වෙන්නේ නෑ. මොකද ඔවුනුත් අසරණ වෙලා හිටියේ. රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ගත්තත් තලතා අතුකෝරාළ මැතිනිය ගත්තත් අපි වෙනුවෙන් හිටපු පිරිස් පක්ෂය නොසලකා මුල්ලකට තල්ලූ කරලා තිබුණේ. ඔවුන් තීරණ ගන්න ස්ථානවල හිටියේ නෑ. තීරණ ගන්න තැන්වල හිටපු කිසි කෙනෙක් නායකත්වය කරන වැරැදි ගැන අඩු තරමේ ඔහු සමග පෞද්ගලිකවත් කතා කරන්න ඉදිරිපත් වුණේ නෑ. ඔවුන් සියලූ දෙනාම එතුමාව ආරක්ෂා කිරීමේ ස්ථාවරයක තමයි හිටියේ. මේ පක්ෂය ඛාදනය වන බව දැනගෙන හෝ නොදැන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු, පළාත් සභා මන්තී‍්‍රවරු, ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු මේ පක්ෂය ගොඩගන්න බැරි බව කියන බව පෙනි පෙනී ”ඉයර්ස් සර්” කියන පිරිසක්. අද ඔය නායකයා වටේ ඉඳගෙන නායකයාගෙන් තනතුරු ලබාගන්න අපේක්ෂාවෙන් දඟලන 2010දී පාර්ලිමේන්තුවට ආපු තුන් හතර දෙනාගෙන් බලාපොරොත්තුව තමයි පක්ෂය තවත් දියකර හැරීම. ඒක තමයි දැන් සිද්ධ වෙමින් තිබෙන්නේ. ඒ හැර වෙන කවුරුවත් මා ගැන කතා කළේ නෑ. ඒ ගැන විශාල කනගාටුවක් මට තියෙනවා.

 


ප‍්‍රශ්නය: ඔබ එජාපයෙන් ආවා නොවෙයි. ඔබව යැව්වා කියලා මතයකුත් තියෙනවා. ඔබ කාගේ හරි උගුලකට හසු වුණාද?
පිළිතුර: නෑ, හැබැයි ඔබ කියන විදියට නායකතුමාත් කළේ මාව තල්ලූ කරපු එක තමයි. එතුමා පුළුවන් තරම් හයියෙන් මාව තල්ලූ කළා. මම පුළුවන් තරම් හයියෙන් එල්ලිලා හිටියා. එල්ලිලා ඉන්න පුළුවන් ප‍්‍රමාණයක් තියෙනවා. ප්ලේන් එකක් කඩා වැටෙන කොට තට්ටක හරි එල්ලිලා ඉන්න පුළුවන්. ඒත් හුළඟ චණ්ඩ මාරුතයක් බවට පත්වෙනකොට ඒක අල්ලාගෙන ඉන්න බෑ. එතනින් විසි වෙනවා. ඇත්තම කිව්වොත් මාව බාගෙට තල්ලූ කරලා තිබුණේ. ඒ තල්ලූ කිරීමේ ප‍්‍රමාණය දරාගෙන ඉන්න බැරිවෙනකොට අත් දෙක අත හැරෙන එක ගැන කියන්න දෙයක් නෑනේ. ඒක තමයි මෙතැනදි සිද්ධ වුණේ. ඒ නිසා නායකතුමා ඇතුළු පිරිසකට වුවමනා වෙලා තිබුණ මාව එළියට තල්ලූ කරන්න.

 


ප‍්‍රශ්නය: ඔබ කිව්වා එජාපයෙන් ඉවත්වෙලා ආණ්ඩුවට ඒම දවස් දෙකක් තුළදී ගත් තීරණයක් කියලා. ඒක ඇත්තමද?
පිළිතුර: ඒක ඇත්ත. මාව ළඟින්ම ආශ‍්‍රය කරපු අය ඒක දන්නවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් පණිවිඩ අරගෙන ආපු අපේ ජනාධිපතිතුමාගේ ඒ ඒ වගේම මේ වැඬේට දායක වුණු අය දන්නවා මම පාර්ලිමේන්තුවේ කතා කරපු දවසට දවස් දෙකකට කලින් වචනයක් දීලා තිබුණේ නෑ. මට විවිධ ආරාධනා තිබුණා. විවිධ යෝජනා තිබුණා. මම ඉතාම දැඩිව යන්නේ නෑ කියන මතයේ හිටපු නිසා තමයි මාධ්‍යයට කිව්වේ ”මම යන්නේ නෑ” කියලා. දවස් දෙකකින් තමයි අවසාන තීරණයට ආවේ. දවස් දෙකක් තුළ තමයි මේ පරිවර්තනය සිද්ධ වුණේ?

 


ප‍්‍රශ්නය: ඔබ කියන ඒ දවස් දෙක වයඹ පළාත් සභා මැතිවරණයට නාමයෝජනා සකස් කරන කාලෙදීම උදාවීම අහම්බයක්ද?
පිළිතුර: අහම්බයක් කියන්නේ සත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව ඇතුළේ මට යන්න තිබුණ කිසිම ගැටලූවක් නැතිව. හැබැයි මම පැහැදිලිව හිටපු මතය මම ඔබට කියන්න  ඕනෑ. මම කිසි දවසක පාර්ලිමේන්තුවේ රතු පලස හරහා මගේ දේශපාලන ගමන් මග වෙනස් කරන්නේ නෑ. ඒකට මගේ හදවත කිසිදාක මට ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා තමයි මම කල්පනා කළේ එක්සත් ජාතික පක්ෂයේ ඡුන්ද ටික එතුමා ගාව තියලා එතැනින් එළියට පැන්න. ඉතින් ඒ නිසා ඒ තීන්දුව අහම්බයක් විදියට තමයි මම දකින්නේ. යනවා නම් මට ඇමැති තනතුරක් අරගෙන යන්න තිබුණා. ඒ කි‍්‍රයාදාමය මම කළේ නැත්තේ අපේ පක්ෂයටත් පාක්ෂිකයාටත් තියෙන ආදරය නිසයි. ඒ දේ නොකිරීම ගැන මම හදවතින්ම සතුටු වෙනවා. මගේ මියගිය අම්මාට තාත්තාට මගේ දරුවන්ට ශාප නොකරන්න විදියේ වැඩ පිළිවෙළක් තමයි මම අනුගමනය කළේ. මම පක්ෂයෙන් ඉවත්වෙලා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ටික නායකතුමා ළඟ තියලා මම එළියට ආවේ පක්ෂයටත් පාක්ෂිකයාටත් ද්‍රෝහි වෙන්න බැරි නිසයි.

 


ප‍්‍රශ්නය: පාර්ලිමේන්තුවේ ඔබේ කතාවෙන් පස්සේ කතා කළ එජාප මන්තී‍්‍රවරුන් කිව්වේ ඔබේ කරණම යට විශාල වශයෙන් මුදල් පොදි ගැට ගැසී තිබුණ බවයි. ඇත්තටම ඔබට කීයක් ලැබුණද?
පිළිතුර: ඔය මුදල් කතාව එක්සත් ජාතික පක්ෂය හැමදාම ගහන තැටියක්. ඒ තැටිය හැමදාම ඒ අය ගහගත්තුදෙන්. මම හෘද සාක්ෂියට අනුව දන්නවා කිසි දවසක මුදල් පසුපස්සේ ගිහින් මන්ති‍්‍රකම පාවා දෙන කෙනෙක් නොවෙයි. ඒ වගේම විපක්ෂයේ ඉන්නකොට විපක්ෂයේ මන්තී‍්‍රවරු මුදලට ගියා කියලා කෑගහන මන්තී‍්‍රවරු ආණ්ඩුවක් එක්ක දාන ඞීල් මම දන්නවා. ඒ ගොල්ලන්ගේ තාත්තලා නැව් ගෙනල්ලා නැව්වලින් කරපු බිස්නස් මම හෙට අනිද්දම හෙළිදරව් කරන්නම්. ඔය කියන කට්ටිය පොලියට සල්ලි දෙන කට්ටිය. ඒ නිසා ඒ අයට සල්ලි වටිනවා ඇති. මට සල්ලි හම්බ වුණොත් ඒ සල්ලි ටික මම එයාට දෙන්නම් තාත්තට පොලියට දෙන්න කියලා. එච්චරයි මට ඒ ගැන කියන්න තියෙන්නේ. මම සල්ලිවලට පක්ෂය දේශපාලනය පාවා නොදෙන කෙනෙක් නොවන බව මේ වයඹ පළාත් සභා මැතිවරණයෙදි ජනතාව ඔප්පු කරලා පෙන්වාවි. එතකොට ඔය කටවල් වහගන්න වේවි.

 


ප‍්‍රශ්නය: මීට දින කිහිපයකට කලින් ඔබ තිස්ස අත්තනායක හා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමග සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාව වුණේ මොන පදනමින්ද?
පිළිතුර: තිස්ස අත්තනායක මැතිතුමා තමයි මගෙත් එක්ක සාකච්ඡුා කළේ. ඒකට නායකතුමත් ආවා. ඒක මේ ප‍්‍රශ්න විසඳන්න කරපු සාකච්ඡුාවක් නොවෙයි. එතැනදි අහන්න  ඕනෑ කොහොමද මේ ප‍්‍රශ්නය විසඳන්නෙ කියලා. එතැන කතා වුණේ මහලේකම්තුමා කිව්වේ ජාතික සේවක සංගමයේ උප සභාපතිකම අරගෙන වැඩ කරන්න. නැත්නම් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ වන්නි හත්පත්තුවේ දේශපාලන කටයුතු ටික කරගෙන යන්න. නැත්නම් විශ‍්‍රාම සමිති ටික අරගෙන වැඩ කරන්න.  ඕක තමයි කතාව. නමුත් මගේ පැත්තෙන් මම කිව්වා තනතුරු ගන්න නොවෙයි මම ආවේ. තනතුරු ගැන සාකච්ඡුා කරන්නවත් නොවෙයි මෙතැනට ආවේ. මගේ කතාව ඔබතුමාලට කියලා යන්නයි මම ආවේ කියලා මම කිව්වේ.

 


ප‍්‍රශ්නය: ඒ සාකච්ඡාව කෙරුණේ ඔබේ ඉල්ලීමකටද? පක්ෂයේ ඉල්ලීමකටද?
පිළිතුර: ඒ සාකච්ඡාව ඇත්ත වශයෙන් පක්ෂයේ ඉල්ලීමක් විදියටයි ආවේ. රවී කරුණානායක මැතිතුමා  මැදිහත් වුණ නිසයි ඒ සාකච්ඡාව තේරුණේ. මම එතුමට මගේ ගෞරවය ස්තුතිය පුද කරනවා.
මං ඒකයි කිව්වේ කවදා හරි දවසක එතුමගේ නම ඉතිහාසයේ ලියැවෙන තැනකට ගේනවා. ඒ වෙන හේතුවක් නිසා නොවෙයි එතුමා මේ ප‍්‍රශ්නයට මැදිහත් වුණු ප‍්‍රමාණය අති විශාලයි. ඒ නිසා වයඹ පළාත් සභා මැතිවරණයට ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්ට තිබුණු චෝදනා ටික අයින් කරගන්න පුළුවන් වුණේ රවී කරුණානායක මැතිතුමා කතා කරපු නිසයි. නැත්නම් ඒක වෙන්නෙත් නෑ. ඒ නිසා එතුමාට මම මගේ ගෞරවය පුද කරනවා. ඒ අනුව මම මගේ කාරණා ටික කියලා මම එළියට ආවා. විසඳුමකට ආවේ නෑ. විසඳුමකට ඇවිල්ලා කතා කරන්න ලැබුණෙත් නෑ. එතැනින් ඒ කතාබහ ඉවර වුණා.

 


ප‍්‍රශ්නය: ඊට පස්සේද මේ කරණමට ඔබ හිත හදා ගත්තේ?
පිළිතුර: නෑ එහෙමත් නොවෙයි. ඊට පස්සේ මම කල්පනා කළා සජිත් පේ‍්‍රමදාස මැතිතුමාට කතා කළා. රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරාළ ඇතුළු විශාල පිරිසක් මට කතා කළා. මම ඔවුන්ට කිව්වේ ”මම යන්නේ නෑ” කියලා. මම ඒත් කල්පනා කළේ ඔය ප‍්‍රශ්න තියෙද්දිත් මම ඉඳගෙන පක්ෂයට වැඩ කරනවා කියලා. නමුත් එන්න එන්න මේ අර්බුදය දරුණු වෙන තැනකට තමයි තල්ලූ වුණේ. ඊට පස්සේ තමයි ආණ්ඩුවෙන් මේ යෝජනාව ආවට පස්සේ එතැනින් ඉවත්වෙලා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න තීරණය කළේ.

 


ප‍්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න ඔබ උත්සාහ කළා?
පිළිතුර: ඔව්!

 


ප‍්‍රශ්නය: ඔබ එහෙම කළේ මේ ආණ්ඩුව පෙරළලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කරන්න?
පිළිතුර: අනිවාර්යයෙන්ම ඔව්!

 


ප‍්‍රශ්නය: ඔබේ උත්සාහය අසාර්ථක වුණාම ඔබ පෙරළන්න හිටපු ආණ්ඩුවටම යනවා. ඔබ කොහොමද ඒක සාධාරණීකරණය කරන්නෙ?
පිළිතුර: ඔව්! විපක්ෂයේ අපෙන් බලාපොරොත්තු වුණු යුග මෙහෙවරක් තිබුණ. අවුරුදු 13ක් අපේ පක්ෂය වෙනුවෙන් මම වැඩ කළා. එතැනදි කඳුළු ගෑස් කෑවා. අපිට නඩු වැටිලා තියෙනවා. අදටත් මට නඩු තියෙනවා. පක්ෂය වෙනුවෙන් පාක්ෂිකයා වෙනුවෙන් උද්ඝෝෂණ පෙළපාලි ගිහින් තියෙනවා. දෙවුන්දර ඉඳන් කොළඹට, නුවර ඉඳන් කොළඹට යන්න පුළුවන් හැම ගමනක්ම අපි ගියා. ඒ කාලය තුළ මම කල්පනා කළේ පක්ෂය බලයට ගේන්නයි. ඒක තමයි විපක්ෂයෙ පක්ෂයක අරමුණ, පක්ෂයක මූලික අරමුණ බලයට පත්වීම. පක්ෂයක මූලික අරමුණ ආණ්ඩුවක් පිහිටුවීම. ඒක ඇතුළේ ඉඳගෙන කි‍්‍රයාත්මක කරන්න. අපට ඉඩ දෙන්නේ නැත්නම් අපිව පක්ෂයට වටින්නේ නැත්නම් නායකතුමාට අපිව වටින්නේ නැත්නම් ඒ  වටිනාකම අපිට දෙන්නත් බැරිනම් එතැන ඉඳලා පක්ෂය වෙනුවෙන් කතා කළාම අපට ගහනවා නම් ඔබ මට කියන්න ඊළඟට මම කරන්න  ඕන මොකද්ද කියලා. අවුරුදු 13ක් අපි ඒ දුක වින්දා. ඒ නිසා තමයි මම තීරණය කළේ විවේචනය කර කර ඉන්නේ නැතිව වැඩක් කරන එක හොඳයි කියලා. ආණ්ඩුවේ ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. අර්බුද තියෙන්න පුළුවන්. හැබැයි වයඹ පළාත් සභාව තුළ මට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. ජනාධිපතිතුමාගේ සංකල්ප ඉදිරියට ගෙනයන්න මම කැප වෙනවා. මම කනගාටු වෙන්නේ නෑ. බැන බැන හිටපු ආණ්ඩුවට එකතු වුණා කියලා මට දුකක් නෑ. මේ ආණ්ඩුව තවදුරටත් ශක්තිමත්ව අරගෙන යන්න මිනිසුන්ට වැඩ කරන්න මට අවශ්‍යයි. මම වැඩ කරලා පෙන්වන්නම්. ජනාධිපතිතුමාගේ සහයෝගය මට තියෙනවා.

 

 

සාකච්ඡා කළේ - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

බැන බැන හිටපු ආණ්ඩුවට එකතුවුණා කියලා මට දුකක් නෑ

සූරිය පියසේන Tuesday, 30 July 2013 01:10 PM

ඔබ ඉවසල ඉවසල බැරිම තැන ගත්ත තීරණය හරි. මගේ කැමැත්ත පක්ෂයකට නොවේ ඔබට. (ස)

:       0       0

අරුණ Monday, 29 July 2013 09:15 PM

එතුමා ලංකාවට වටිනා මිනිහෙක්.එදා දරපු අදහස් වෙනස් කන්න එපා.ආණ්ඩුව ඇතුලේ ඉඳන් පොඩි මිනිහට වැඩ කරන්න බලන්න.ඔබ තුමාට සුබ අනාගතයක්. (දී)

:       0       0

කර්ම Tuesday, 30 July 2013 06:10 PM

මල්ලි , ගහට නගින ලද මිනිහටත් කියන්න දේවල් තිබුණු එකේ, ඔහොම යමු. ඔබ කියපු විදියට ආණ්ඩුව දූෂිතයි, එසේ නම් දූෂිතයින් සමග ඔබ එකතු වුනේ ඇයි?පවු නේද අහිංසක රටවැසියෝ? (නි)

:       0       0

චන්දන Tuesday, 30 July 2013 01:22 PM

සුබ පැතුම් (අ)

:       0       0

සුදත් ශ්‍රී Monday, 29 July 2013 08:21 AM

දයාසිරි කියන්නේ වෘත්තීමය දේශපාලඥයෙක්. කෙටියෙන් කිව්වොත් එයාගෙ රැකියාව දේශපාලනය. තමන් රැකියාව කරන තැන ඉහලට යන්න අවස්ථාවක් නැතිනම් වෙන ආයතනයක රැකියාවක් හොයාගෙන යන්න හිතෙන එක සාධාරණයි. එතුමා අනිත් අය වගේ ආයතනයෙන් දුන්න එක් ලක්ෂ තිස්දාහක ඡන්ද "වාහනය" අරන් ගියේ නැහැ. ඒක කැමති ඕනෙ එනෙක්ට දෙන්න කියලා, රනිල් මහත්තයාට දීලයි ගියේ. (දී)

:       0       0

රේණුක Friday, 02 August 2013 09:00 PM

අපි දන්නවා ඔබතුමාට දුකක් නැහැ කියලා.දුක මන්ත්‍රිතුමනි මේ ජීවත්වෙලා ඉන්න අපිටනේ. (නි)

:       0       0

රේණුක Tuesday, 30 July 2013 07:12 PM

ජනතාවට සේවය කරන්න ආණ්ඩු පක්ෂයේම ඉන්න ඕනෑ නැහැ .එම නිසා මම පක්ෂ මාරුව අනුමත කරන්නේ නැහැ. විපක්ෂයේ ඉදගෙනම ජනතා සේවය කරන්න පුළුවන්. ඒකට කැපවීම තිබෙන්න ඕනෑ. හැම වෙලාවේම ආණ්ඩුවේ වැරදි ගැන කියා කියා ඉන්නේ නැතුව ආණ්ඩුව කරන හොඳ වැඩ අගය කරලා වැරදි වැඩ වලට විරෝධය දක්වලා විපක්ෂයට පුළුවන් තමන්ගේ ස්ථාවරය ජනතාවට පෙන්වන්න. (නි)

:       0       0

චතූ Tuesday, 30 July 2013 09:28 AM

වීරෙස්කර වටිනාකම කියන්නේ පරණ හණමිටි කරේ තියාගෙන යන එක නොවෙයි. රටට වැඩක් කරන්න පුළුවන් තැනකට යන එකයි. මම නම් මුළු හදවතින්ම සුභ පතනවා එතුමාට (නි)

:       0       0

ගාමිණී Friday, 02 August 2013 01:00 AM

දයාසිරි ගියාට පස්සේ දොස් කීම පලක් නැහැ. එයාගේ තීරණය මම අනුමත නොකළත් එතුමාට පක්ෂයේ නිසි තැන දීලා එතුමාට වයඹ නායකත්වය අරන් වැඩ කරන්න දුන්නා නම් එතුමා කවදාවත් පක්ෂය දමලා යන්නේ නැහැ. අවසන් මොහොත දක්වාම එතුමාගේ ගමන නවතන්න උත්සාහ කළ අයකු ලෙස මම හොඳටම දන්නවා එතුමා ගියේ පාක්ෂියකයන්ට හෝ පක්ෂයට ආදරේ නැතුව නොවේ. (නි)

:       0       0

ලලිත් Friday, 02 August 2013 01:26 AM

දයාසිරි මැතිතුමාගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබට එ ජා ප අය බැන්නට දොස් කිවුවාට ඔබ ඒවාට පිළිතුරු දෙන්නවත් ඒ අයගේ දොස් කියන්නවත් යන්න එපා. ඊයේ වෙනතුරු මේ සේරම ඔබේ හොඳම යාළුවො නේද? එහෙමනම් ඔබ නියම ජන හිතකාමී මිත්‍රයෙක් නම් ඔබ කොහොමද ඔබේ මිත්‍රයන්ට එහෙම කරන්නේ. නමුත් අනාගතේදී ඔබ ඉන්නේ හරි පැත්තේ. මේක හොඳින් මතකයේ තබාගෙන විපක්ෂයත් ඔබේම පක්ෂය බව තරයේ මතක තබාගෙන ඉදිරියටම යන්න. ඔබට ජය! (නි)

:       0       0

චතූ Monday, 29 July 2013 02:49 PM

වැඩක් කරන්න පුළුවන් මනුස්සෙයක් වැඩක් කරන්න පුළුවන් තැනකට ගිය ඒක ගැන අැත්තටම සතුටුයි (දී)

:       0       0

රොෂාන් සංජීව Sunday, 04 August 2013 01:00 AM

ඔබතුමා කළ යුතු දේ කළා. ඔබ හරියට හරි. හොද තීරණයක්. කාලෝචිතයි. ඔබට ශක්තිය හා ධෛර්යය... (නි)

:       0       0

කෝලිත Saturday, 03 August 2013 01:14 PM

ඔයා පට්ටිය හන්දිය අවට සින්දු කියන කාලයේ ඉදල මම ඔයාව දන්නවා. ඔබ හොරෙක් නොවේ කියලත් මම හොදටම දන්නවා , ඔබට ජය

:       0       0

පවිත්‍ර Wednesday, 31 July 2013 11:54 AM

අපි බස්සත් හදුනනවා. බකමුණත් හදුනනවා. කළකම් පලදෙනවා දුප්පත් ජනතාව රවටන හැමෝටම (නි)

:       0       0

වීරසේකරගේ Sunday, 28 July 2013 10:31 PM

දයාසිරිත් එහෙනම් වටිනාම දේ නැතිකරගත්තා. (නි)

:       0       0

එෆ. එස්. ෂානි Tuesday, 30 July 2013 11:32 AM

එන්නකෝ චන්දෙ දෙන්නම් ඔයාට....(ස)

:       0       0

අනුර Sunday, 28 July 2013 01:45 PM

එහාට මෙහාට පනින කෙනෙක් නේද ඔබතුමා (දී)

:       0       0

බණ්ඩා Sunday, 28 July 2013 02:03 PM

ඔබට සියලු දෙවි පිහිට ලැබේවා! (නි)

:       0       0

දෙවු Tuesday, 30 July 2013 12:31 PM

දයාසිරි කියන්නේ දුප්පත් අයගේ ප්‍රශ්නගැන ටිකක් වැඩියෙන් හිතන කෙනෙක් කියල මම දන්නේ මගේ කනට ඇහුන දේවල් වලින් .ඔබ ගත්ත තීරණය හරි .සුබ ගමන් !!!!!! (දී)

:       0       0

නිරංජලා Friday, 02 August 2013 12:49 PM

කවුරුත් සල්ලිවලට කැමතී. හැබැයි නියම මිනිසා සල්ලි වලට යට නොවේ. (අ)

:       0       0

අනිල් Saturday, 03 August 2013 04:42 PM

ලලිත් ඔබ හරි (දී)

:       0       0

පවිත්‍ර Saturday, 03 August 2013 08:05 AM

එ.ජා.ප.යට තිබෙන ලොකුම පිළිකාව කවුද දන්නවද? (නි)

:       0       0

ගිම්හානි Sunday, 28 July 2013 04:03 PM

මෙයා ගැනත් කියන්න තියෙන්නේ එක දෙයයි ඉතින් (නි)

:       0       0

පුස්පඃ සහ ගාමිණි Wednesday, 31 July 2013 01:42 PM

දක්ෂයෙක් පක්ෂයට නැතුව ගියා (නි)

:       0       0

චරිත Thursday, 01 August 2013 11:12 PM

දයාසිරි කියන්නේ හිත හොද මිනිහෙක්. ඒක අපි හොදින් දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 237 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 116 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 247 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 134 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 616 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4826 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site