IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


පාලමුණේදී යතුරු පැදියක් පුපුරුවා පෙර පුහුණුවක් දීලා



පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉකුත්දා නිකුත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය කටයුතු කළහ.

මෙහි පළවන්නේ සහරාන් හෂීම්ගේ මුල්වකවානුව සම්බන්ධයෙන් එම වාර්තාවේ ඇතුළත් පරිච්ඡේදයකි. කොටසකි.

රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයා සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ඔවුන්ගේ රාජකාරිවල අසමත් වූ විට පවා ආරක්ෂක ලේකම්වරයා විවෘත සාකච්ඡාවක් සඳහා මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළ යුතුව තිබුණි. ජාතික බුද්ධි ප්‍රධානී විසින් දැනුම් දුන් පරිදි අප්‍රේල් 8 වනදා වන විට ඔහු බුද්ධි තොරතුරු පිළිබඳව දැන සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) ව්‍යවස්ථාව මගින් සෑම අමාත්‍යාංශයකම ලේකම්වරයා විසින් අමාත්‍යවරයාගේ මඟපෙන්වීම සහ පාලනයට යටත්ව, අමාත්‍යවරයා භාරව සිටින දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතන අධීක්ෂණය කළ යුතුය. රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂක සහ ජාතික බුද්ධි ප්‍රධානී යන දෙදෙනාම ඒ වනවිට වාර්තා කරමින් සිටියේ ඔහු යටතේය. අදාළ ගැසට් නිවේදනය අනුව මෙම ආයතන දෙකම ඔහුගේ අධීක්ෂණය යටතේ පැවතුනි.

රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා විසින් 2019 අප්‍රේල් මස 4 වන දින ඉන්දියානු බුද්ධි සගයින්ගෙන් ලැබුණු පණිවිඩය අදාළ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙත යොමු කර ඇති අතර එය ඔහු විසින් සහකාර අධ්‍යක්ෂ වෙත යොමු කර ඇත. පසුව ඔහු එය අංශයේ භාර නිලධාරියා වෙත යවා ඇත. මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා කණ්ඩායමක් නැගෙනහිර පළාතට යවා තිබේ. රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයාගේ මතය පරිදි එය තොරතුරු පමණක් යැයි උපකල්පනය කරමින් බුද්ධි චක්‍රයේ ඊළඟ පියවර වූයේ එය විශ්ලේෂණය කර බුද්ධි තොරතුරු බවට පරිවර්තනය කිරීමයි.

2019 අප්‍රේල් 5 වන දින අදාළ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සිය වාර්තාව රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා වෙත යොමු කරන ලදී. ඔහු සඳහන් කරන්නේ බුද්ධි අංශ මගින් අදාළ තොරතුරේ සඳහන් වන ඇතැමුන් හඳුනාගෙන ඇති බවයි. මොවුන්ගෙන් 2018 දෙසැම්බර් 26 දින සිට මාවනැල්ල සිද්ධියෙන් පසු සහරාන් හෂීම් සහ ෂාහිඩ් අක්කරයිපත්තුවේ ඔලුවිල්හි සැඟවී සිටින බව හඳුනාගෙන තිබේ. රිල්වාන් සහරාන්ගේ සහෝදරයා බවත්, ඔහු ද 2017 මාර්තු 10 වන දින අලියාර් හන්දියේ සිද්ධියෙන් පසු සැඟවී සිටින බවත්, බුද්ධි අංශ වාර්තාවලට අනුව ඔහුද ඔලුවිල්හි සැඟවී සිටින බවත්, ඔහු රාත්‍රියේදී අරියම්පතිහි යම් ස්ථානයකට තම බිරිඳ හා දරුවන් ජීවත් වන ස්ථානයකට පැමිණෙන බවත් තවදුරටත් සඳහන් විය.

මිල්හාන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා සහරාන් සමග සම්බන්ධතා ඇති මොහොමඩ් මිල්හාන් ලෙස ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන බව වාර්තාවේ සඳහන් වේ. නවසීලන්තයේ කතෝලිකයෙකු විසින් ක්‍රයිස්ට් චර්ච් ප්‍රහාරයෙන් පසුව ඔහු 2019 මාර්තු 15 වන දින මුස්ලිම් නොවන අය පිළිබඳ විචක්ෂණශීලී අදහස් බෙදා ගනිමින් සිටියේය.

සහරාන් මේ දක්වා කතෝලික පල්ලිවලට හෝ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට පහරදීමට අනුගාමිකයින් පෙළඹවූ බවට කිසිදු සාක්ෂියක් නොතිබුණද, මීට පෙර ඔහු මුස්ලිම් නොවන අය ඝාතනය කිරීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බවත්, මුස්ලිම් නොවන අය ඝාතනය කරමින් ඉස්ලාමය ව්‍යාප්ත කළ යුතු බවත් පවසමින් තම අනුගාමිකයින් පෙළඹවූ බව එහි තවදුරටත් සඳහන් විය.
නැගෙනහිර පළාතට යවන ලද කණ්ඩායම 2019 අප්‍රේල් 8 වන දින කොළඹට පැමිණ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ වෙත වාර්තා කළේය.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් එවන ලද වාර්තාව සහ නැගෙනහිර පළාතට ගිය කණ්ඩායම ලබාදුන් ප්‍රතිපෝෂණ මත පදනම්ව රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා විසින් 2019 අප්‍රේල් 9 දිනැති පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා ඇත. (උප ග්‍රන්ථය IV) එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටපත් සහිතව පවත්වන ලද මූලික පරීක්ෂණයකට අනුව, රාජ්‍ය බුද්ධි අංශය විසින් අදාළ තොරතුරුවල අඩංගු වූ නම් සහිත පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය. ඔහු සහරාන් පිළිබඳ විස්තර ලබාදුන් නමුත් පුදුමයට කරුණක් නම් එම තොරතුරු මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමාවන්ට පහරදීමෙන් පසු ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, අක්කරයිපත්තුවේ ඔලුවිල්හි සැඟවී සිටින බවත් යන කරුණුවලට සීමාවීමයි. මෙම තොරතුරු අනුව සහරාන් විසින් ඒ වන තෙක් සිදුකරන ලද ක්‍රියාවන් කිසිවක් සඳහන් නොවේ.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හෝ කතෝලික පල්ලි ඉලක්ක කර ගන්නා ලෙස සහරාන් තම අනුගාමිකයින්ගෙන් ඉල්ලා ඇති බවට නිශ්චිත තොරතුරක් නොතිබුණද, සහරාන් 2016 සිට සිය ෆේස්බුක් පෝස්ට්වල සඳහන් කර ඇත්තේ මුස්ලිම් නොවන අය ඝාතනය කිරීම මහා ආගමික සත් ක්‍රියාවක් බවත් ඉස්ලාම් දහම ප්‍රචාරය කළ යුත්තේ මුස්ලිම් නොවන අය ඝාතනය කිරීමෙන් බව වන අතර විදේශීය පාර්ශ්වකරු විසින් සපයනු ලබන තොරතුරු පිළිබඳව රහස් විමසීම් කරගෙන යන බවයි.

විමර්ශන කොමිසමද පිළිගන්නා පරිදි බුද්ධි තොරතුරු විශේෂඥයින් බහුතරයකගේ මතය නම් මෙම ලිපියේ මෙම කොටස බුද්ධි තොරතුරුවල නිශ්චිතතාව අවම කිරීමට හේතුවී ඇති බවයි. අවසාන කොටසෙහි සඳහන් මෙසේය.

සහරාන් යන අය සමාජ ජාල ගිණුම ඔස්සේ සිය අනුගාමිකයින් අභිප්‍රේරණය කිරීමේදී මෙරට කතෝලික පල්ලි සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාල ඉලක්ක කරගන්නා ලෙසට නිශ්චිතව සඳහන් කළ බවට මේ වන තෙක් නිරීක්ෂණය වී නොමැති නමුත් සියලු අන්‍යාගාමිකයන් ඝාතනය කිරීම උතුම් ආගමික කරුණක් බවත්, අන්‍යාගමිකයින් විනාශ කරමින් ඉස්ලාමය ප්‍රවර්ධනය කළයුතු බවටත් සඳහන් කරමින් 2016 වර්ෂයේ සිට සිය සමාජ ජාල සහ ආගමික දේශන හරහා අනුගාමිකයන් අභිප්‍රේරණය කරන බවට නිරීක්ෂණය වී ඇත.

ඉහත සඳහන් තොරතුරු පිළිබඳව රහසිගත පරීක්ෂණ සිදුකරමින් පවතී.

මෙම පසුබෑමට හේතුවී ඇත්තේ එකල රාජ්‍ය බුද්ධි අංශ සතුව පැවති බුද්ධි තොරතුරු මත පදනම් වූ තීරණාත්මක අතපසුවීම් බව විමර්ශන කොමිසමේ අදහසයි. ලැබුණු තොරතුරු විශ්ලේෂණය කර එය බුද්ධි තොරතුරු බවට පරිවර්තනය කිරීමේදී එක් වැදගත් අංගයක් වනුයේ විෂය තොරතුරු පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශය සතුව පෙර සිටම පැවැති තොරතුරු හෝ බුද්ධි තොරතුරු සලකා බැලීමයි. ඉන්දියානු බුද්ධි සගයා විසින් ලබාදී ඇති තොරතුරු රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ විසින් ඉදිරිපත් කෙරුණ ආකාරයට හුදෙක් තොරතුරුම පමණක් යැයි උපකල්පනය කළහොත් 2019 අප්‍රේල් 4 වන විට ජාතික බුද්ධි අංශය සතුව ඒ වනවිටත් අදාළ තොරතුරු පැවැතියද පහත සඳහන් තොරතුරු සහ බුද්ධි තොරතුරු නොසලකා හැර තිබේ.

අ. 2016 සැප්තැම්බර් මාසයේ සිට සහරාන් අයිඑස් දෘෂ්ටිවාදය විවෘතව ඉදිරිපත් කළ අතර එයට සහාය පළ කරමින් ප්‍රකාශ නිකුත් කළේය.

ආ. සහරාන් විසින් 2018 මැයි 5 සිට 7 දක්වා නුවරඑළියෙහි පුහුණු කඳවුරක් පවත්වනු ලැබූ අතර එහිදී තෝරාගත් 25 දෙනෙක් පමණ පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි භාවිතය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වූහ.
ඇ. ඉරාකය, සිරියාව සහ ඇෆ්ගනිස්ථානය යන රටවල අයිඑස් අහිමි වෙමින් පැවතුණද, ශ්‍රී ලංකාවේ අයිඑස් හිතවාදීන්/ආධාරකරුවන් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම සඳහා කටයුතු කරමින් සිටින බව 2018 නොවැම්බර් මුලදී රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන්නේය.

ඈ. අයිඑස් ප්‍රචාරයේ අනුගාමිකයන් ලෙස හඳුනාගෙන ඇති ශ්‍රී ලාංකිකයන් විදේශිකයන් හා මුස්ලිම් නොවන අය කෙරෙහි වෛරයෙන් ජීවත් වන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරන බවත් 2018 නොවැම්බර් මැදභාගයේදී අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා ආරක්ෂක ලේකම්වරයාට දන්වා සිටියේය. මෙම පසුබිම තුළ මෙම මුස්ලිම් තරුණයන් හදිසියේම මුස්ලිම් නොවන අයට එරෙහිව ප්‍රහාර දියත් කළ හැකි බව තවදුරටත් සඳහන් විය.

ඉ. 2018 නොවැම්බර් 1 වැනිදා සහරාන් සිය ෆේස්බුක් වෙබ් අඩවියේ අයිඑස් සටන්කරුවකුගේ පින්තූරයක් පළකර ඇති අතර, ඉස්ලාමය වෙනුවෙන් ජිහාඩ් ඉටු කිරීමට අල්ලාහ් අයිඑස් සටන්කරුවන්ට අවස්ථාව ලබාදී තිබුණද, ඔහුට (සහරාන්) බලය තිබුණද අවස්ථාවක් නොමැති බව සඳහන් කළේය.

ඊ. බෞද්ධ, ක්‍රිස්තියානි සහ හින්දු ප්‍රතිමා ඇතුළු 2018 දෙසැම්බරයේ අගභාගයේ මාවනැල්ල සහ වෙනත් ප්‍රදේශවල ආගමික ප්‍රතිමා බිඳ දැමීම පිළිබඳ පරීක්ෂණවලින් සහරාන් සහ ඔහුගේ කණ්ඩායමේ මැදිහත්වීම අනාවරණය විය.

උ. සහරාන් වනාතවිල්ලුවේ තිබී සොයාගත් පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ සමග සම්බන්ධතාවක් ඇති බවට අනාවරණය විය. පොටෑසියම්, නයිට්ට්‍රේට්, නයිට්රික් අම්ලය, ඩෙටනේටර් වැනි බෝම්බ සෑදීමට යොදාගන්නා කළමනා සැලකිය යුතු ප්‍රමාණයක්. එම ස්ථානයෙන් සොයා ගන්නා ලදී. ජිහාඩ් සඳහා මාවත පෙන්වන සමහර පොත් සහ ලෝකප්‍රකට යේමනයේ ඇමරිකානු රැඩිකල් දේශකයකු වන අන්වර් අල් අව්ලාකිගේ සිත්ඇදගන්නාසුළු වචනද හමුවිය. අත්අඩංගුවට ගත් එක් සැකකරුවකුගේ මුදල් පසුම්බියේ පරිපථයක රූප සටහනක් සහ බෝම්බ සෑදීමේ විස්තර ඇතුළත් ලිපියක් තිබී ඇත.
එ. ඉරාක දේශසීමාව ආසන්නයේ නැගෙනහිර සිරියාවේ කැලිපේට්හි අවසන් ග්‍රහණයද අහිමි වීමේ පසුබිම තුළ 2019 ජනවාරි 23 වැනිදා අයිඑස් විසින් සිය ආධාරකරුවන්ට ජිහාඩ් මාවතට පිවිසෙන්න යනුවෙන් ඉල්ලා සිටින වීඩියෝවක් නිකුත් කළේය.

ඒ. 2019 ජනවාරි 31 වැනිදා සහරාන් සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ ස්ථිර ජීවිතය මරණයෙන් පසු ජීවිතය බවත් මරණයෙන් පසු ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා මුස්ලිම් නොවන අය මරා ජිහාඩ් කළයුතු බවත්ය. අල්කුර්ආනයෙහි හා හදීස්හි මෙලොව හා මරණයෙන් පසු ජීවිතය විශ්ලේෂණය කර ඇති බවත්, ඒ අනුව අල්ලාහ් සතුටු වන්නේ මුස්ලිම් නොවන අය ඝාතනය කිරීමෙන් ඉස්ලාමය ලොව පුරා ප්‍රචාරය කළහොත් පමණක් බවත් ඔහු තවදුරටත් පැවසීය.

ඔ. 2019 පෙබරවාරි 1 වැනිදා සහරාන් සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් නිකුත් කළ අතර අල්ලාහ් නිවැරදි මාර්ගය පෙන්වා ඇති බවත් එම මාර්ගයේ යා හැකි එකම මාර්ගය ජිහාඩ් කිරීම සහ මුස්ලිම් නොවන අය ඝාතනය කර ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම බවත් පැවසීය.

ඕ. 2019 පෙබරවාරි 5 වැනිදා සහරාන් විසින් ජිහාඩ් උත්කර්ෂයට නංවන වීඩියෝවක් උඩුගත කර ඇති අතර මුස්ලිම්වරයකු දෙවියන්ගේ ඒකීයභාවය පිළිබඳව ප්‍රචාරය කිරීම ප්‍රමාණවත් නොවන අතර ජිහාඩ් අනිවාර්යය බවත්, ජිහාඩ් ඉටු කිරීමට එම උත්සාහය ගත යුතු බවත් ප්‍රකාශ  කරයි. පුද්ගලයකුට පාරාදීසයට යා හැක්කේ ජිහාඩ් කළහොත් පමණක් බව ඔහු තවදුරටත් පවසයි. ඔහු මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ සටන්කරුවන් ලෙස මිය යන ලෙසයි.

ක. 2019 මාර්තු 1 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ අයිඑස් රටාවේ ප්‍රහාරයක් දියත් කිරීමට රිල්වාන් මඩකළපුව, අම්පාර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් පොළඹවමින් සිටියේය.

ග. 2019 මාර්තු 6 වැනිදා සහරාන් සිය ෆේස්බුක් පිටුවේ කෆීර්වරුන්ගේ රුධිරය සහ ආර්ථිකය නමින් වීඩියෝවක් නිකුත් කළ අතර ඉස්ලාම් ශුද්ධ මාස අවසන් වූ වහාම මුස්ලිම් නොවන අය ඝාතනය කරන ලෙස තම ආධාරකරුවන්ට දැනුම් දුන්නේය. අල්-කුර්ආනයේ සූරා 9 : 5 ට අනුව ඉස්ලාමයේ 1, 7, 11 සහ 12 මාසවලදී යමෙකු පුණ්‍ය ක්‍රියා කළ යුතු බවත්, අනෙක් මාසවලදී මුස්ලිම් නොවන අය දුටු තැන මරා දැමියයුතු බවත්, ඉස්ලාමය වැළඳ ගන්නා මුස්ලිම් නොවන අයට පමණක් තම ගමන ඉදිරියට යාමට ඉඩහැරිය යුතු බවත්, ඔහු තවදුරටත් පැහැදිලි කරයි. අල් කුර්ආනයේ ඉගැන්වීම් අකුරටම අනුගමනය කරන මුස්ලිම්වරු ශුද්ධ නොවන මාසවලදී මුස්ලිම් නොවන ඝාතනය කර ඔවුන්ගේ දේපළ අත්පත් කරගන්නා බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. ඔහු එම කතාව අවසාන කරන්නේ හොඳම විකල්පය ලෙස කලීෆරයෙකුගේ නායකත්වය යටතේ ඉස්ලාමීය රාජ්‍යයක් ස්ථාපනය කිරීම තෝරාගත යුතු බවයි.

2019 අප්‍රේල් 9 වැනිදා ජාතික බුද්ධි ප්‍රධානී විසින් පොලිස්පතිවරයා වෙත රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාගෙන් අප්‍රේල් 8 වැනිදා ලැබුණු ප්‍රකාශයට අදාළ ලිපියක් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලදී. එම දිනය තුළදීම පොලිස්පතිවරයා වෙත මෙම ලිපිය ලැබුණු අතර, අදාළ දිනය වන විට මෙම ලිපිය සහ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා විසින් අප්‍රේල් 9 වැනි දිනැතිව යොමු කරන ලද ලිපිය යන ලිපි දෙකම පොලිස්පතිවරයා සතු විය. පොලිස්පතිවරයා විසින් මෙම ලිපි දෙකම ජ්‍යෙෂ්ඨ උපපොලිස්පතිවරුන් හට (බස්නාහිර පළාත සහ රථවාහන), ජ්‍යෙෂ්ඨ උපපොලිස්පතිවරුන්හට (අපරාධ හා විශේෂ කාර්ය බළකා), පොලිස්පති (විශේෂ ආරක්ෂණ පරාසය) සහ ත්‍රස්ත අපරාධ විමර්ශන කොට්ඨාස අධ්‍යක්ෂවරයා වෙත අවශ්‍ය පරිදි පසුවිපරම් සඳහා යන සටහන සහිතව යොමු කළේය.

මෙම තොරතුරු පිළිබඳ ක්‍රියාමාර්ග හෝ අතපසුවීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ වගවීම 20 වැනි පරිච්ඡේදයේ වෙන වෙනම සාකච්ඡා කෙරේ.
2019 අප්‍රේල් 18 වැනිදා දක්වා රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා විසින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් හෝ පොලිස්පති පූජිත් ජයසුන්දර සමඟ මීට අමතරව කිසිවක් සඳහන් කර නැත.

2019 අප්‍රේල් 10 වැනිදා ජ්‍යෙෂ්ඨ උපපොලිස්පති එම්.ආර්. ලතීෆ් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරිවරයා 2019 අප්‍රේල් 9 දිනැති පොලිස්පතිවරයාගේ ලිපියට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය පොලිස්පති සන්තෝෂ් වර්මා සහ ආරක්ෂාව බාර නිලධාරී කර්නල් රවීන්ද්‍ර හමුවිය. රවීන්ද්‍රන් හමුවී ආරක්ෂක විධිවිධාන පිළිබඳව උපදෙස් දුන්නේය.
2019 අප්‍රේල් 12 වැනිදා තොරතුරු ලබාදුන් ඉන්දීය සහචරයා සති අන්තයේ පිටත සංචාරය කිරීමට නියමිතව තිබූ හෙයින් ඉන්දීය මහ කොමසාරිස්වරයාට නියමු මෝටර් රථයක් ලබාගැනීම සඳහා පොලිස්පතිවරයා සමග කතා කරන ලෙස රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටියේය. ට්‍රක් රථ ප්‍රහාර සම්බන්ධයෙන් ඔවුන්ට ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම කරන බව පැවසීය. මෙයින් පෙනී යන්නේ ඉන්දියානු තානාපති කාර්යාලය විසින් සපයන ලද බුද්ධි අංශ තොරතුරු බැරෑරුම් ලෙස සැලකූ නමුත් රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂගේ ස්ථාවරය වූයේ එහි විශ්වසනීයත්වය පිළිබඳව පවා ඔවුන්ට විශ්වාසයක් නොමැති බවයි.

2019 අප්‍රේල් 9 දිනැති ලිපිය පොලිස්පතිවරයා වෙත යැවීමට වැඩියමක් රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා විසින් සිදු නොකළේ යන්න පිළිබඳව විමර්ශන කොමිසම විමතියට පත්වී ඇත. විශේෂයෙන් ඔහු එම ලිපිය අවසානයේ දක්වා ඇති පරිදි විදේශීය සගයා සැපයූ තොරතුරු පිළිබඳව රහසිගත පරීක්ෂණ පවත්වන බව සඳහන් කරමින්. 2019 අප්‍රේල් 17 වැනිදා තාලන්කුඩාහි යතුරුපැදි පිපිරීමක් සිදුවනතුරු වැඩිදුර තොරතුරු යැවීමට රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයාට කිසිදු හේතුවක් නොතිබුණි.

රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා ඉන්දියානු සහචරයා ලබාදුන් බුද්ධි තොරතුරුවලට නිසි වැදගත්කමක් ලබාදී නොමැති බවට මෙය පැහැදිලි ඇඟවුමකි.

ඇත්ත වශයෙන්ම අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා විසින් 2019 අප්‍රේල් 20 වැනිදා දක්වා සිය ඉන්දීය බුද්ධි සගයන්ගෙන් ලබාගත් බුද්ධි තොරතුරු රාජ්‍ය බුද්ධි අංශහි වෙනත් කිසිදු අංශයක් සමග හුවමාරු කර නොගත්තේය. මෙය පුදුමයට කරුණකි. 2019 මාර්තු 26 දිනැති අභ්‍යන්තර සංදේශය සෙසු සියලු අංශ වෙත යොමු කිරීම සුදුසු යැයි ඔහු සිතීම පුදුමයකි. සහරාන්, සාදීක් සහ ෂාහිඩ් සැඟවී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අයිඑස් සංවිධානය විසින් එල්ල කරන ආකාරයේ ප්‍රහාරයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව මෙහි සඳහන් වී තිබුණි.


 

(***)

(මතු සම්බන්ධයි)



අදහස් (0)

පාලමුණේදී යතුරු පැදියක් පුපුරුවා පෙර පුහුණුවක් දීලා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 232 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 112 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 236 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 606 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4817 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site