IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ප්‍රංශයේ හිටපු ජනපති නඩු ගාලක පටලැවෙයි

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මහතා ප්‍රංශය  පොලිසියේ මුල්‍ය අපරාධ අංශය විසින් පැය 48ක රැඳවුම් නියෝග මත අත් අඬංගුවට ගන්නා ලදී . 

එසේ නමුදු ඊයේ රාත්‍රීයේ ඔහුගේ පැරීසියේ ඇති නිවසේ රාත්‍රී නිදා ගැනීමට අවසර ලැබුන අතර අද 22 වෙනිදා උදේ 08.30ට නැවතත් මුල්‍ය අපරාධ අංශයේ ප්‍රශ්න කිරීමට පැමිනියේය. වර්ෂ 2007දී ඔහු  ප්‍රංශ ජනාධිපතිවරනය ජය ගැනීමෙන් පසු වර්ෂ 2012 දක්වා වසර 5ක කාලයක් ජනාධිපති ධූරය දැරීය. 
         
ඉහත ජනාධිපතිවරනයේදී ඔහු විසින් එවකට ලිබියාවේ නායකයා වූ කර්නල් මුවමර් අල් ගඩාෆිගෙන් යුරෝ මිලියන 50 ක මුදලක් ලබා ගත් බව ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි. වර්ෂ 2011දී මෙම ගනුදෙනුව ගැන මුලින්ම අනාවරනය කලේය. 

ඒ අනුව අනාවරණය වු කරුනු ප්‍රධාන කොට  මූලික පරීක්ෂන ආරම්භ වුවද සාර්කෝසි මහතා තමන්ට ඇති චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. එසේ නමුදු පරීක්ෂණ ඉදිරියට සිදුවෙමින් පැවැති අතර වාරයේ මෙම ගනුදෙනුවට සම්බන්ධ ලෙබනන් උපතක් ඇති ප්‍රංශ පුරවැසි භාවය හිමි කෝටිපතියෙක් වන සයිඞ් ටකඞීන් (Zaid Takieddine) නම් ව්‍යාපාරිකයා විසින් සූට්කේස් තුනකින් දෙවරකට එම මුදල් ස්විස්ට්ර්ලන්තය හරහා රැගෙනවිත් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කල එවකට එනම් 2007දී සාර්කෝසි මහතාගේ මැතිවරන කටයුතු සිදුකල ප්‍රධාන කලමනාකරුවූ ක්ලෝඞ් ගෙයියොන් (Claude Gueant) මහතාට භාර දුන් බව ප්‍රසිද්ධ ප්‍රංශ රූපවාහිනි නාලිකාවක් ඉදිරියේ පිලිගත්තේය. ප්‍රථමයෙන් යුරෝ මිලියන 30ක මුදල් නෝට්ටුද ඉතිරිය විවිධ බැංකු වල ගිනුම් වලට බැර කල බවද ඔහු පිලිගත්තේය.
         
ලිබියාව කඩා වැටීමට ආසන්නව තිබියදී 2011 මාර්තු මස15 වෙනිදා ගඩාෆිගේ එක් පුත්රයෙක් වු දැන් ලිබියාවේ සිරබත් කන  සයිෆ් අල් ඉස්ලාම් (Saif Al Islam)  විසින් සාර්කෝසි මහතාට තම පියා මුදල් ලබා දුන් බව ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් කළේය. එවකට ලිබියාවේ ඛනිජ තෙල් ඇමති ලෙස කටයුතු කල චුක්රි ගහානෙම් විසින්ද එම ප්‍රකාශය සනාථ කළේය. ඉන් අනතුරුව ගඩාෆිගේ මරණයට පෙර රටින් පැන ගොස් ටියුනීසියාවේ සැඟවී සිටි ලිබියාවේ හිටපු අගමැති බැග්ඩඅඞී අලී අල් මහාමුඞී (Baghdadi Ali Al Mahmodi ) විසින් තම නායකයා වූ ගඩාෆි 2007 ප්‍රංශ ජනාධිපතිවරනයට සාර්කෝසි මහතාට මුදල් දුන් බව තමා හොදින්ම දන්නේ යැයි  පැවසු අතර ඔහුගේ නීතිඥයා වූ බෙෂිර් එසීඞ් (Bechir Essid)  මගින් ප්‍රංශ අධිකරනයට 

ලිඛිතව ලිපියක් ඉදිරිපත් කළේය. එකල සාර්කෝසි මහතා ජනාධිපති වූ බැවින් අධිකරනයට කැඳවීම ව්‍යවස්ථානුකූල ගැටලූවක් වූ හෙයින් 2012 ජනාධිපතිවරන පරාජයෙන් පසු ඉහත ගනුදෙනුව නැවත කරලියට පැමිනියේය. 

එතැන් සිට නැවතත් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් එක් එක් සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශ ලබා ගත් අතර මෙම ගනුදෙනුව සම්බන්ධව ප්‍රථම වරට සාර්කෝසි මහතා පසුගියදා අත් අඬංගුවට ගත්තේය. මේවන විටත් පරීක්ෂන සිදුවෙන අතර ඉදිරියේදී තවත් බොහෝ කරුනු අනාවරනය වීමට ඉඩ ප්‍රස්ථාව ඇත්තේය. මෙවැනි මුල්ය වංචා නඩු කිහිපයක් ඔහුට එරෙහිව ප්‍රංශ අධිකරනය ඉදිරියේ ඇත්තේය. කෙසේ නමුදු මේ දක්වා ඔහු වරදකරුවෙකු ලෙස ඔප්පුවී නොමැත.
                
වර්ෂ 2011දී මෙම ගනුදෙනුව ගැන මුලින්ම අනාවරනය කලේ ප්‍රංශ, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ යන භාෂා ත්‍රීත්වයෙන්ම පළවන මීඩියා පාට්  (Mediapart) නම් වෙබ් අඩවිය විසිනි. මෙම වෙබ් අඩවියේ ප්‍රධානියා ලෙස කටයුතු කරනුයේ ප්‍රංශයේ සුප්‍රසිද්ධ ලේමොන්ඞ් (Le Monde) පුවත් පතේ හිටපු ප්‍රධාන කතෘ එඞ්වි ෆැලැනෙල් (Edwy Plenel) නම් ප්‍රංශයේ සුප්‍රසිද්ධ මාධ්‍යවේදියාය.
                   
ඉහත කරුනු හේතු කොට හිටපු ජනාධිපති තුමා පඹ ගාලක නොව නඩු ගාලක පැටලී ඇත්තේය. ඉහත සියලූ චෝදනා කරලියට තිර විවර කළේ ප්‍රංශ ජන මාධ්‍ය විසින්ය. ඒ අතරින් ප්‍රංශයේ ප්‍රසිද්ධ ලේ මොන්ඞ් (Le Monde)   පිගාරෝ(Le Monde) , ලිබරේෂන් (Le Pigaro) මිඩියාපාට් (Liberation) කැනා ඔන්චෙනේ (Canard Enchaine) පැරී මැච් (Paris Match) හා එක්ස්ප්රස්  (L Express) යන පුවත්පත්, සඟරා හා වෙබ් අඩවි ඉදිරියෙන්ම සිටින්නේය. එසේ වුවද එම කිසිම ආයතනයකට හිරිහැර කිරීම, මාධ්යවේදීන් අතුරුදහන් හෝ නිහඬ කරවීමක් කැමරා ආම්පන්න කුඩු කිරීමද මෙතෙක් සිදුවී නොමැත. 

ප්‍රංශයේ කිසිම මාධ්‍යයවේදියෙක් විදේශ රැකවරන ලබන්නේද නැත. එවැනි පරිසරයක ඔවුන් නිදහසේ කටයුතු කරති. ඔවුන් නිහඬ වූ දිනය ප්‍රංශයද අඳ, ගොළු , බිහිරි සුලභ කෝලම් මඩුවකි. එබැවින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම එම රට වැසියන්ගේ  මෙන්ම සෑම වැසියෙකුගේම පරම යුතුකමක්ද වන්නේය . එසේ වුවොත් රටක යහ පාලනයක් ඇති වීමට එයද එක් හේතුවක්  වන්නේය. එබැවින් ජන මාධ්ය මෙන්ම ජනමධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීමද තම රට රැක ගැනීමට දායක වුවෝ වන්නේය.

ප්‍රංශ ජනතාව නම් එසේය !

සුනිල් ආනන්ද පැරීසියේ සිට



අදහස් (4)

ප්‍රංශයේ හිටපු ජනපති නඩු ගාලක පටලැවෙයි

erdi Thursday, 22 March 2018 06:21 PM

ඒකට අපේ රටේ හොරකම් මිනීමැරුම් අපරාධ කරපු අයගේ නඩු දවසින් දවස අධිකරණය විසින් කල් අරිනවා. අපරාධකාරයෝ මගෙ නඩුව අහන්න එපා කියල අධිකරණයට නියෝග නිකුත් කරනවා. එයාර්පෝර්ට් වහල හොරු අල්ලනවා කියපු හන්ද අපිත් ලනු ගිල්ලා. අද හොරු කියනව අපිලු හොරු.

:       76       112

tommyFriday, 23 March 2018 08:42 PM

හා හා අපේ අධිකරණයට අපහාස කරන්න එපා!

:       0       2

sachith Friday, 23 March 2018 03:18 AM

ප්‍රංස රටේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ, අපේ කට්ටිය කවදාවත් චන්ද දිනන්න පාගා ගන්නේ නෑ.

:       0       35

padmini france Saturday, 24 March 2018 05:24 AM

අනේ, මට නම් හිර ගෙදර යන්ට බැරියෝ,.. මේ අය මෙහෙම කළාට මට නම් ඒ නිර්භීත ගති නැතෝ..., කියලා සර්කොසිට නීති උපදෙස් දෙන්න මණ්ඩලයක් නැත්තේ ප්‍රංශයේම අවාසනාවටනේ..

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1057 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site