IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


නාමල්ට උසස්වීමක්

 

අඩු කාර්යසාධනයක් පෙන්වීයැයි වන කාණ්ඩයේ දෙවැනි තැන සිටියේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියයි. සෞඛ්‍ය ඇමැතිනිය ලෙස තමාට වැඩි වගකීමක් ලබා දී, නැතැයි ඇය සිය හිතවතුන් හමුවේ මැසිවිලි නඟා තිබිණ. කෙසේවුවත් ඇය වසංගත තත්ත්වය මර්දනය කිරීම වෙනුවෙන් පිහිටුවා තිබෙන කාර්යසාධන බලකායේ සාමාජිකාවකි. අනෙක් පසින්, ඇය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මුලු රටටම දැඩි හානියක් අත්කර දුන් ක්‍රියාවල නියැලුණා මෙන්ම ප්‍රකාශද කළා ය. 

පළමු අවස්ථාවේ ඇය ජීවං කරන ලදැයි සදහන් වුනු පැන් කල, ගලන ගගකට අත හැරියාය. එසේ කළේ අධ්‍යාත්මික ජීවකයෙක් යැයි තමන් හදුන්වාදෙන එලියන්ත වයිට්ගේ ජප කිරීම්වලින් කොරෝනා වෛරසය මර්දනය කළ හැකි යැයි දැරූ විශ්වාසයක් මුල්කරගෙනය. ඉන් අනතුරුව ඇය කොරෝනා මර්දන ඔසුවක් යැයි යකදුරෙක් සකස් කළ පානයක් රූපවාහිනී කැමරා ඉදිරියේ ප්‍රසිද්ධියේම ගෙන පානය කළා ය.

එය ඇයව ලෝක පූජිත කිරීමට සමත්වූ සිදුවීමක් විය. මෙම පැනියට ලබා දී තිබූ අවසරය අහෝසි කරන බව ආයුර්වේද දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මීට යන්තම් දින කිහිපයකට පෙරය. ඇය දැන් ප්‍රවාහන ඇමැතිනිය ලෙස පත්වීම් ලැබ සිටී.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ප්‍රකාශයකින් හිටපු ඇමැතිනියව හාස්‍යයට ලක්කර තිබුණේ දොස්තරයෙක් නොව කොන්දොස්තරයෙක් වූ ඇයව දැන් සැබෑවටම කොන්දොස්තර සේවයට පත්කර ඇතැයි කියාය.
ඇතිවූ තත්ත්වය අනුව තමන් කළකිරීමට පත්ව සිටින්නේය යන්න පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සැඟවූයේ නැත. සිය පුරෝහිතයා සමග දඩයමේ ගිය සිංහල රජෙක් ගැන අටුවා කතාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ නික්ම යාමේ අවස්ථාවේ දී ඇය ගෙනහැර දැක්වූවා ය. 

රජු දුන්නෙන් විද මුවෙකු දඩයම් කරගැනීමට තැත් කළත් එය සාර්ථක නොවූ තැන පුරෝහිත තෙමේ ඔහුට පවසා තිබෙන්නේ සියලු දේ වන්නේ හොඳකට යැයි කියාය. ඊළග අවස්ථාවේ දී දුන්න මානන විට රජුගේ ඇගිල්ල තුවාළව තිබෙන අතර එම අවස්ථාවේ ද පුරෝහිත තැන කියා තිබෙන්නේත් එයමය. එය අසා කෝපයට පත්වූ රජු පුරෝහිතව පණ පිටින් වළලන්ට අණකර ඉදිරියට ගොස් ඇත. 

එසේ යාමේ දී ඔහුව ගෝත්‍රික කණ්ඩායමක ග්‍රහණයට හසුව තිබෙන අතර රජුව බිලිපූජාවක් ලෙස ඔප්පු කිරීමට ඔවුන්ට වුවමනාවී ඇත. නමුත්, ඇගිල්ලේ තුවාළක් තිබූ නිසා ඔහු ඊට සුදුස්සෙක් නොවන බව හදුනාගැනීමෙන් පසුව ඔවුන් රජුව මුදාහැර තිබේ. සිය පුරෝහිතයා එතෙක් පවසා තිබෙන්නේ ඇත්තක් යැයි රජුට තේරුම්ගොස් තිබෙන්නේ එවිටය. වහාම ඔහුව නිදහස් කිරීමට රජු කටයුතු කර ඇත. 

කෙදිනක හෝ තමා මෙතෙක් දැරූ සෞඛ්‍ය අමාත්‍යධූරය නැවත තමාට ලැබෙනු ඇතැයි අපේක්ෂාවක් පවිත්‍රාගේ පසුතැවීම පසුපස තිබෙනවා වන්නට හැකිය. කෙසේවෙතත් සෞඛ්‍ය ඇමැතිනිය ලෙස නිදහසේ කටයුතු කිරීමට තමාට අවස්ථාව නොතිබුණු බව ඇය සිය හිතවතුන්ට පැමිණිලි කර තිබීමත් මෙහිදී සැළකිල්ලට ගත යුතු ය.

වන්නිආරච්චි මහත්මිය වෙනුවට නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබ සිටින්නේ කැබිනට් මණ්ඩල ප්‍රකාශකවරයෙක් ද වන කෙහෙළිය රඹුක්වැල්ල මහතාය. ඔහුගේ ඇතැම් ප්‍රකාශ හමුවේ රජය ඉතා දැඩිව අපහසුතාවයට පත්වූ අවස්ථා ගණනාවක්ම විය. 

එක් අවස්ථාවක අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඔලිම්පික් උළෙලට සහභාගීවීම සදහා ජපානයේ ටෝකියෝ නුවරට ගොස් තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙමින් තිබෙන්නේයැයි ඔහු කීවේය. නමුත් එවැනි විමර්ශනයක් සිදුවෙමින් තිබුණේ නැත.

මේ කාණ්ඩායමේ සිටින තෙවැන්නා වන්නේ හිටපු විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ය. ඔහුගේ අමාත්‍යංශය පිළිබදව කළ විවරණයක දී හිටපු අමාත්‍යවරයා ගෙවුණු සමයේ වැදගත් යැයි සැළකිය හැකි ව්‍යාපෘති කිසිවක් ආරම්භ කිරීමට හෝ දැනට ක්‍රියාත්මකව පවතින ව්‍යාපෘති කිසිවක් අවසන් කිරීමට හෝ සමත්ව නැතැයි අනාවරණය වුනු බව රජයේ ආරංචි මාර්ගයක් පැවසුවේය. 

හිටපු මාධ්‍යවේදියකු වන අලහප්පෙරුම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අදහස් දැක්වූයේ ප්‍රවේසමින් වචන ගලපාගනිමිනි. ඔහුගෙන් හිස්වන තනතුරට නව විදුලිබල අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබ තිබෙන්නේ හිටපු ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාය. පිළියන්දල සිදුවීමෙන් පසුව මේ ඔහුට ලැබුණු උසස්වීමක්දැයි සිතේ. එම ප්‍රදේශයේ ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයක් පනවා තිබුණු අතරවාරයේ එය ඉවත්කරන්නැයි ඔහු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට අණ කළේ ය.

කැබිනට් තනතුරු මාරුව අතරතුරම නව කැබිනට් තනතුරක් ද ඇති කෙරිණ. සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ යන එම තනතුර පිරිනැමුනේ නාමල් රාජපක්ෂට මහතාය. අමාත්‍යධූරය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයේ සදහන් වන ආකාරයට ජාතික සංවර්ධන වැඩසටහන වන සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනතා කේන්ද්‍රීය සංවර්ධන වැඩසටහන් දියත් වන බව සහතික කිරීම සදහා ජනපතිවරයාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ සියලු සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය සහ නියාමනය කිරීම මෙම ධූරයේ වගකීම වේ.

නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අනුව, නව අමාත්‍යධූරයේ කාර්යයන් සහ කර්තව්‍යයන් සදහන් වන්නේ මෙසේය. 

■ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව සහ රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා සංවර්ධිත රටක් බිහි කිරීම සදහා නියමිත නීති සහ අණපනත්වලට අනුකූලව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ විෂයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම පසුවිපරම් කිරීම හා ඇගයීම.

■ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය මට්ටමින් රාජකාරි කරන සියලුම නිලධාරීන් ද, ඇතුළත් වන පරිදි වෙනත් සියලුම ආයතනවල ප්‍රධානීන් ද, ආවරණය කැරෙන පරිදි නාමල් රාජපක්ෂට බලය ලබා දී තිබෙන අතර, එසේ බලය ලබා දී තිබෙන්නේ එකිනෙකට වෙනස් විශේෂ ව්‍යාපෘති 6 කට අදාළවය. විවිධ සංවර්ධන ව්‍යාපෘති අවසන් වන බවට සැළසුම් කර තිබෙන කාලරාමුවලදී ම, එම ව්‍යාපෘති අවසන් කිරීමට අදාළ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් අවැසි බලතල අමාත්‍යවරයාට ලබා දී තිබේ.

ගෙවුණු සතියේ කැබිනට් තනතුරු මාරුවේ දී ඉහළම ඇවරිය හිමිවූයේ නාමල් රාජපක්ෂට බවට සැකයක් නොමැත. වඩාත් වැදගත් වන්නේ, ජනපතිවරයාට පමණක් දෙවැනි වන පරිදි සියලු සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ බලය, විශේෂයෙන්ම ගම සමග පිළිසදර වැඩසහන වැනි, ඔහුට හිමිව තිබීමයි. 

නාමල්ගේ මෙම උසස්වීම අවධානයට ගෙන ඒ අනුව වැඩකටයුතු කිරීමට අනෙක් සියලුම අමාත්‍යවරුන්ට සිදුවනු ඇත. ඔවුන් දියත් කරන වැඩසටහන් සහ ක්‍රියාකාරකම් ආදිය මින් ඉදිරියට ගෙනයා යුතුවනු ඇත්තේ නාමල් හරහාය. මෙම කටයුතු සදහා වෙනම දෙපාර්තමේන්තුවක්, ව්‍යාපෘති කළමණාකරනය සහ අධීක්ෂණය මැයෙන්, පිහිටුවීමටත් නියමිතය. 

අනාගත නායකත්වය ඉලක්ක කරගනිමින් නාමල් රාජපක්ෂ සූදානම් කෙරෙමින් පවතින්නේය යන්න සන්ධානයේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ අදහසයි. මෙසේ ඔහුට නව තනතුරු හා වගකීම් ලබාදීම ඔවුන් දකින්නේ රජයේ විවිධ අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට අත්දැකීම් ලබාදීමට ගන්නා උත්සාහයක් ලෙසය.
නාමල් රාජපක්ෂට ලැබුණු උසස්වීම හැරෙන්නට ගෙවුණු සතියේ සිදුවුණු කැබිනට් තනතුරු මාරුව, කැබිනට් සංශෝධනයක් යැයි අර්ථ දැක්වීමට තරම් හැකියාවක් නොමැත. පැවැති තත්ත්වයට අනුව සිදුකැරුණු වෙනසක් මිස එයින් ගතහැකි අනෙකක් නොමැත. 

එහෙයින්ම, මෙතැනදී නැගෙන පැනය වන්නේ තනතුරු මාරුවකට මුහුණදුන් අමාත්‍යවරු අයෙක් හෝ කිහිපදෙනෙක්, ඔවුන්ගේ නව තනතුරුවලදීත්, දුර්වල ලෙස කටයුතු කළහොත් ඔවුන්ට කුමක් සිදුවනු ඇති ද? යන්නය. එම කාරණය සැළකිල්ලට ගැනීමේ දී, මීට පෙර අවස්ථා කිහිපයකදීම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට සිය විෂය පථය යටතේ පැවැති විවිධ ආයතන සහ සමාගම් අත්හැරීමට සිදුවිය. 

යන අත වෙනස් කිරීමේ දැඩි වුවමනාවක් පැවැති හෙයින්, මෙම කැබිනට් තනතුරු මාරුව සිදුකෙරුණු බව පැහැදිලිය. මෙය මෙතැනින් නොනවතින බව රජයේ ආරංචි මාර්ග තහවුරු කළේය.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය  - කොවිද ගුණසේකර



අදහස් (19)

නාමල්ට උසස්වීමක්

ganegoda Friday, 27 August 2021 06:12 PM

ඇත්තටම අපේ රටේ වෙන උගත් තරුණ තරුණියෝ නැද්ද? ඔය ඔක්කොම තාන්න මාන්න, පට්ටම් පුතාණෝගේ කරේ එල්ලුවාම අනිත් තරුණ තරුණියන්ට ඉතුරු වෙන්නේ මොනවද? පවුල් බලයක බලය...!!!

:       1       81

Nuwan Friday, 27 August 2021 06:38 PM

ලොකුම විහිළුව කොවිඩ් මරන සාකච්ඡාවල මෙයා මුල් පුටුවේ ඉන්නවා. පී.එච්.ඩී. ගත්තු උගත්තු පොඩි පුටුවල ඉඳන් මෙයාගේ බයිලා අහගෙන ඉන්නවා...!!!

:       1       77

සිරිබිරිස්Saturday, 28 August 2021 06:41 AM

පී.එච්.ඩී ගත්තත් වහල් මාසනිකත්වයෙන් සිටින විට තමාගේ ආත්ම අභිමානයත් නැතිවෙනවා කියා නොදන්නා පිරිසකුයි සිරිලංකාවෙ සිටින්නේ මෙරට විදේශිකයින්ට යටත්වීමට පෙර තිබුනේ වැඩවසම් යුගයක් ඒකාලේ ඇතිහැකි එවුන් නැතිබැරිවුන් යටත්කර වැඩ ගත්තා. එහෙම යටත්ව සිටි අයගෙන් පැවතෙන ජානවලින් උපන්නු වහල් මානසිකත්වයෙන් පසුවෙනවා. එවැනි මානසිකව දුර්වලයින් සිටිනතුරු මෙවැනිවුන්ට ගජවාසි ලැබෙනවා.

:       1       24

Keppetipola Saturday, 28 August 2021 12:51 AM

මේවා දැකලා එපා වෙලා දැන්.

:       0       49

පප්ප Saturday, 28 August 2021 06:36 AM

අපේ රටේ කොයිතරම් දක්ෂයො ඉන්නවද. මේවගේ අයට තමයි මුල් තැන. දේශ පාලකයො දෙ පැත්තම මේ රට හුරන් කෑව. හැබැයි මුලු පවුලම ගෙනල්ල මේ රට නන්නත්තාර කලේ මේ රාජපක්ෂ පවුලයි.

:       0       31

Vithana Saturday, 28 August 2021 11:29 AM

බහුතර ජනතාවගේ තේරීම...

:       8       10

මාමSaturday, 28 August 2021 12:45 PM

ඒ ඒ ගොල්ල ඔක්කොම බෙදාගන්නවා.

:       0       20

magodisSaturday, 28 August 2021 12:46 PM

ඔව් දැන් අපේ රටේ ජනතාව කියන්නේ රාජපක්ෂමෙන්තුවටනේ.

:       0       19

අබිලින්Saturday, 28 August 2021 06:35 PM

කණගාටුවෙන් වුවත් කියන්න වෙනවා නුදුරේම අපේ රට මිහින්ලන්තය, නැත්නම් පෝක්ලන්තය නමින් නම වෙනස්කරන්න වෙනවා කියලා...

:       0       17

Nimal Saturday, 28 August 2021 12:46 PM

69 ලක්ෂෙ මොකද මේ ගැන කියන්නේ.

:       3       15

hesaSaturday, 28 August 2021 07:39 PM

69 ලක්ෂෙ මනාපය දිනන්න බැරි වුන එකයි මේ සැමට හේතුව..

:       0       6

SOMASIRI Saturday, 28 August 2021 05:53 PM

දැන් නම් අහසේ වදින ගානට උසස් වෙලා මගෙ හිතේ...

:       0       17

hesa Saturday, 28 August 2021 07:35 PM

කෙනෙකුට තරවටු කරන්න කරන්න අවේගශීලි වීම වැඩිවී තරවටු කරන්නා කෙරෙහි ඇති ක්‍රෝධය තව තවත් උග්‍ර වේ.. ලංවී හිතවත්වී යාප්පුවෙන් සිටීනම්, සියල්ල තමුන්ට ලැබේ.. නමුත් එතන ගන්නට කෙනෙක් බිහි නොවෙනු ඇත.. දැන් මේ යන විදියට ඇහුම්කන් දෙන බවක් දකින්නට නෑ..අවසානය "පියාගෙන් පුතුට"

:       0       7

Lal Sunday, 29 August 2021 07:05 AM

එක පවුලක් විසින් මේ රට පාලනය කරන ක්‍රමය වහා නතර කළ යුතුයි. තාත්තාගෙන් පුතාට බලය යන ක්‍රමයට සියලු දෙනා විරුද්ධ විය යුතුයි, ඊළඟ ඡන්දෙදි බුද්ධිමත්, තරුණ කොටස් තෝරා ගතයුතුයි. දේශපාලනයෙන් කුරුවල් වෙච්ච උන්ගේ මෝඩ පුත්තුන්ව ප්‍රතික්ෂේප කිරිම සියලු දෙනාගේ වගකීමක්.

:       0       21

mp Sunday, 29 August 2021 09:24 AM

රජතුමාගේ රාජධානියේ නිලතල/බූදලය රාජකුමාරයාට නොදී කාටදෙන්නද දෙවියනේ?

:       1       20

fairoos Sunday, 29 August 2021 02:07 PM

කෝ වහල්ලු ප්‍රතිචාර දාන්නේ නැද්ද ?

:       2       15

ඩන්කන් Sunday, 29 August 2021 05:15 PM

ඝෝටාඝය අතිගරැ ඡනාධිපති තුමා නොහිටින්නට මේ වන විටත් ඡනගහනයෙන් හරි අඩක් වල පල්ලට ගොස් හමාරය. විපක්ශය සහ 3% කෙසේ කීවද සත්‍ය එයයි. එම නිසා රඡයට පක්ශපාතී මන්ත්‍රීන් වෙනුවෙන් ඔවුන් කරන ලද සේවය වෙනුවෙන් මෙම තනතුරු පිරිනැමීම කිසි විටෙකත් වරදක් ලෙස අපි නොදකිමු.

:       23       1

Wimale Monday, 30 August 2021 11:35 AM

සුදුස්සාට සුදුසු තැන දීලා තියනවා .රටේ වාසනාව

:       10       2

amila Wednesday, 01 September 2021 09:02 AM

සෑහෙන්න ගේමක් දෙන්න ඇති මේක ගන්න .ඇයි ඉතින් කිසිම දේශපාලන සම්බන්ධත් නෑ නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මන්ත්‍රීවරුන්ගෙන් සියයට 60කට වඩා මගේ මිතුරන් - ’’ක්ලබ් වසන්ත’’
2024 ජුලි මස 09 6155 8

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, ඊයේ (08) මියගිය අතර ලංකාදීප යූ ටියුබ් නාලිකාවේ ධනූට කියන්න


ෂැංග්හයි සහයෝගීතාව යුරේසියාවට
2024 ජුලි මස 02 404 1

ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ (SCO) සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව, ජූලි 3 සහ 4 දෙදින කසක්ස්තානයේ, ඇස්තානා අගනුවර දී පැවැත්වෙයි. මෙය, ෂැංග්හයි සහයෝගීතා සංවි


‘පන්නෛයි පක්කම්’ කියමින් දකුණ ඇල්ලූ උතුරේ ටික්ටොක් තරුව ශෝජන්
2024 මැයි මස 10 2103 1

මම සිංහල වේග රිද්මයේ ගීතත් අහනවා. එහෙම අහපු ගීතයක් තමයි “මේ කමනි” ගීතය. ඒ ගීතයේ සංගීතයට මං ආස වුණා. මුලදී මම ඒ ගීතයට බටහිර නර්තනයක් ඉදිරිපත් කළා. පස්සේ මට


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව
2024 මැයි මස 07 5548 5

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා



දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3904 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site