IMG-LOGO

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා


දකුණේ පාතාලයට තවත් බිල්ලක්

 දකුණු පළාතේ ප‍්‍රබල කල්ලි නායකයෙකු වූ පල්ලික්කුඩාවේ උක්කුවා සිය ප‍්‍රතිවාදියෙකු වූ ආමි අමිල ඇතුළු කණ්ඩායමකගේ වෙඩි ප‍්‍රහාරයකින් පසුගියදා මරුමුවට පත්වීමත් සමඟ තංගල්ලේ පාතාලය මේ වනවිට තරමක් දුරට පාලනය වී තිබේ. පසුගිය කාලයේ විරුද්ධ මත දරන්නන්ගේ රැුස්වීමක්වත් හම්බන්තොට දිස්ති‍්‍රක්කය තුළ පැවැත්වීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී තිබුණි. එමෙන්ම සිය පෙම්වතිය සමග සංචාරයකට පැමිණි බි‍්‍රතාන්‍ය ජාතිකයෙකුට තංගල්ලේ දී රජයේ දේශපාලනඥයෙකු අතින් මැරුම් කෑමට ද සිදුවිය.

 


එහෙත් බල පෙරළියත් සමඟ තංගල්ලේ පාලනය වී තිබෙන පාතාලය අද වනවිට මාතර දිස්ති‍්‍රක්කය තුළත් යළි හිස එසවීමට පටන්ගෙන තිබේ. ප‍්‍රදේශ රැසකින්ම වෙඩි තැබීම්, බිය වැද්දවීම් හා මනුෂ්‍ය ඝාතන කිහිපයක් වාර්තා වුවද ඊට සම්බන්ධ සැකකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇත.

1
ඉකුත් පෙබරවාරි මස 28 වන දින රාතී‍්‍ර වල්ගම අතගහපුහංදිය අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු මාතර නගරයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ රංග ඉඳුනිල් මහතාට වෙඩි තබා ඝාතනය කළ අතර ඊට සම්බන්ධ කිසිවකුත් පොලිසිය මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. මාස හතකට වැඩි කාලයක් තිස්සේ සිදුකළ පරීක්‍ෂණවල ද ප‍්‍රගතියක් දැකගත නොහැකිය.


යටියන පදිංචි දෙදරු පියෙකු වූ රංග ඉඳුනිල් මහතා රැකියාව අවසන්ව යතුරු පැදියෙන් සිය නිවස වෙත ගමන් කරමින් සිටියදී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි.


ඉන් අනතුරුව ඉකුත් මැයි මස 16 වැනි දින උදෑසන මාතර උයන්වත්ත, ශ්‍රී දේවානන්ද මාවතේ නිවසකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල විය. ඉන් ගෙහිමි කාන්තාව හා ඇගේ මුණුපුරෙකු  බරපතළ තුවාල ලැබූහ.


එම වෙඩි ප‍්‍රහාරය එල්ල කරනු ලැබ තිබුණේ කුඩු චමිල් නමැත්තා විසිනි.


ඔහුගේ පළමු බිරිඳ අදාළ නිවස හිමි කාන්තාවගේ පුත‍්‍රයා සමඟ සම්බන්ධතාවක් ඇති කරගෙන ඔහු සමඟ එකට ජීවත්වීම එම වෙඩි ප‍්‍රහාරය එල්ල කිරීමට හේතුවී තිබුණි.


ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සේවය කරන අතර කුඩු චමිල් නිවසට පැන වෙඩි තබන අවස්ථාවේදී ඔහු නිවසේ නොසිටියේය. එම නිසා එම තැනැත්තාට සිය ජීවිතය බේරාගැනීමට එහිදී හැකියාව ලැබුණි.

26pg-26d--main-pgs

මිරිස්ස බීච් සිද්ධිය

 


ඊට අදාළ පවුල් ආරවුල එම සිද්ධියට පෙර මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත ඉදිරිපත් වී තිබූ අතර, එහිදී කුඩු චමිල්ගේ පළමු බිරිඳ පෙරකී තරුණයා  සමඟ යාමට කැමැත්ත පළ කළාය. එහෙත් ඇයගේ දරුවන් තිදෙනා කුඩු චමිල්ගේ රැකවරණය යටතේ හැදී වැඩුණේය.
ඔහු නිතර රිමාන්ඞ් භාරයට පත්වන නිසා ද මව ද පුළුවන් හැමවිටම දරුවන් ගැන සොයා බැලූවාය. ඇය යටතේ ද දරුවන් මාරුවෙන් මාරුවට හැදී වැඩුණේය.


 උයන්වත්ත දේවානන්ද මාවතේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් කුඩු චමිල් රිමාන්ඞ් භාරයේ පසුවෙයි.


මාතර බන්ධනාගාරය තුළ කුඩු චමිල්ගේ ප‍්‍රතිවාදියෙකු සිටින නිසා ඔහු අධිකරණ නියෝග මත රඳවාගෙන තිබෙන්නේ තංගල්ල බන්ධනාගාරයේය. මාතර බන්ධනාගාර අධිකාරී ඒ.ඩබ්ලිව්.එස්. ධම්මික මහතා ඉතා සූක්ෂ්මව කුඩු චමිල් හා ඔහුගේ ප‍්‍රතිවාදියා කිසිදු විටෙක එකට මුණනොගැස්වීමට කටයුතු කරයි.
බන්ධනාගාරයේ සිටින කුඩු චමිල් බැලීමට යාම හා ඔහුට අවශ්‍ය ආහාරපාන ගෙනගොස් බාරදීම සිදු කළේ මාතර නගරයේ කායවර්ධන ක‍්‍රීඩා උපදේශකවරයෙකු වූ ඉන්ද්‍රජිත් ජයවර්ධන (33) මහතාය. ඔහු කුඩු චමිල්ගේ දෙවැනි බිරිඳගේ මිතුරෙකි.


එම යාළුකම නිසාම ඉන්ද්‍රජිත් මෑත කාලයක සිට කුඩු චමිල් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. චමිල්ගේ දෙවැනි බිරිඳ හා ඇගේ දරුවා එහා මෙහා කැටුව යාම පමණක් නොව ඔවුන්ගේ ආරක්ෂාවද ඉන්ද්‍රජිත් සලසා දී තිබුණි. චමිල්ට අයත් කෝටි ගණනක් වටිනා හමර් රථය ද ඔහු පරිහරණය කළේය.

2


ඉන්ද්‍රජිත් මාතර උයන්වත්ත දිසාගේවත්තේ පදිංචිකරුවෙකි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා මාතර මහනගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රී ජනක ජයවර්ධන මහතාය. දෙදරු පියෙකු වූ ඉන්ද්‍රජිත්, කුඩු චමිල් බැලීමට යාම ගැන එම පවුලේ අය නිතරම දොස් කීව ද ඔහු යාළුකමට මුල් තැනක් ලබා දුන්නේය.


මීට පෙර කුඩු චමිල්ට ඇප ලබාදුන් අවස්ථාවේ සුදුසු ඇපකරුවන් සොයාදීමට වැඩ පටන් ගත්තේ ද ඉන්ද්‍රජිත්ය. 


කෙසේ වෙතත් ඉකුත් 16 වැනි දින රාත‍්‍රී ඉන්ද්‍රජිත් මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගියෙකු බැලීමට ගොස් ඔහුට අවශ්‍ය උණුවතුර රැුගෙන යාම සඳහා ඒ ඉදිරිපිට වෙළෙඳසලක් වෙත පැමිණ තිබුණි. ඒ වනවිට වේලාව රාත‍්‍රී 8.40ට පමණ ඇත. ජංගම දුරකථනයට ලැබුණු ඇමතුමකට බිම බලාගෙන ප‍්‍රතිචාර දක්වමින් සිටිය දී ඉන්ද්‍රජිත්ගේ හිස පිටුපසට වෙඩි උණ්ඩයක් එල්ල විය.


එම උණ්ඩයේ වේගය කොපමණදැයි කිවහොත් මුහුණ පසාරු කරගෙන එය එළියට ආවේය. ගිනි අවියෙන් බේරීමට ඉන්ද්‍රජිත්ගේ කායවර්ධන ශක්තිය ප‍්‍රමාණවත් නොවීය. ඔහු ක්ෂණයකින් බිම ඇද වැටුණි. ඝාතකයා අසල නවතා තිබූ යතුරුපැදියේ නැගී වේගයෙන් පලා ගියේය. ඉතා ඉක්මණින් මාතර මහ රෝහල වෙත ඇතුළත් කළ ඉන්ද්‍රජිත් සුළු වේලාවක දී ගාල්ල කරාපිටිය මහ රෝහල වෙත මාරුකර යවන ලදී. එම රෝහලේ තෙදිනක් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 20 වැනි දින ඔහු සදහටම දෙනෙත් පියා ගත්තේය.


මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් විසි දෙනකුගෙන් පමණ පොලිසිය දැනටමත් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.


දින හයක් ඇතුළත දී ඉන්ද්‍රජිත්ට වැඩක් දෙන බවට ඔහුගේ මිතුරකුට ලැබුණ දුරකථන ඇමතුමක් ඔස්සේ ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. මෙය කවුරුන් විසින් කරනු ලැබුවේ ද යන්න මෙතෙක් නිශ්චිතව තොරතුරු හෙළිවී නොමැත.

 

SLMA_26.qxd


එම නිසා පරීක්ෂණ දෙයාකාරයකට යොමුවී තිබේ. අචිල නමැත්තකු මෙම අපරාධයට හසුකිරීමේ අරමුණින් වෙනත් අයෙකු සිදුකළේ ද යන්න ද පොලිස් ඇස යොමුවී ඇත. ඉන්ද්‍රජිත්ට වෙඩි තැබීමට උපයෝගී කරගෙන ඇත්තේ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකි. ඒ අසල තිබී හිස් පතොරම් කොපුවක් ද හමුවී තිබේ.


එමෙන්ම අචිල නමැත්තාගේ නිවසට මෙයට පෙර එල්ල කළ ප‍්‍රහාරයට ද යොදාගෙන ඇත්තේ මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියකි. එම ගිනි අවි සම්බන්ධව ද පොලිසියේ අවධානය යොමුවී ඇත.


කෙසේ නමුදු ඉන්ද්‍රජිත් ජයවර්ධන (33) මහතා යනු දක්ෂ කායවර්ධන ක‍්‍රීඩා උපදේශකවරයෙකි. කුඩු චමිල් ඇසුරු කිරීම හැර ඔහුට වෙනත් කිසිදු චෝදනාවක් එල්ල වී නොමැත. එම නිසා මිතුරන්ගෙන් ද ඔහුට අඩුවක් නොමැත.


මෙම ගැටුමේදී ඉදිරියේ දී කුඩු චමිල් ජය ගනීද? එසේත් නොමැති නම් අචිලට ජය හිමිවේද යන්න ඉදිරියේ දී ඔවුන් විසින් සිදුකරන කි‍්‍රයාකාරකම්වලින් හෙළිවනු ඇත.


එමෙන්ම එම තත්ත්වයන් පාලනය කිරීමට දක්ෂ එඩිතර පොලිස් නිලධාරීන් සිටිය යුතු බවද කිව යුතුමය.


ඒ ආකාරයට අපරාධකරුවන් පසුපස හඹාගොස් රාජකාරි ඉටුකළ මාතර පොලිසියේ උපපොලිස් පරීක්ෂකරයකු වූ උපුල් සමින්ද මහතා වැලිගම මූලස්ථාන පොලිසියට මාරුකර තිබුණි. ඒ සේවා අවශ්‍යතාවය මත යයි දැනුම්දෙමිනි.


මේ අතර ඉකුත් අගෝස්තු මස 01 වැනි දින ද මාතර, වල්ගම ප‍්‍රදේශයේ පිහිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසකට ද වෙඩි ප‍්‍රහාරයක් එල්ල විය.


සති කිහිපයකට පසු ඊට සම්බන්ධ වූ බව කියන යුද හමුදාවෙන් ඉවත් කළ කොමාන්ඩෝ සෙබළෙකු හා ගුවන් හමුදාවෙන් පැන ගිය සෙබළෙකු ඇතුළු සැකකරුවෝ තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ තංගල්ල දිසා කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය විසිනි.


ඉකුත් 19 වැනි දින කඹුරුපිටිය අකුරුගොඩ ප‍්‍රදේශයේ දී ද වෙඩි ප‍්‍රහාරයක් එල්ල වූ බව පවසා සීසර්වරයෙකු රෝහල් ගත වී තිබුණි. ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති එච්.කේ. කමල් මහතා ඇතුළු කණ්ඩායම සොයාගෙන තිබුණේ අදාළ පැමිණිල්ල අසත්‍ය බවත් එය වායු රයිපලයකින් ඔහුගේ මිතුරකු අත්වැරදීමකින් එල්ල කළ ප‍්‍රහාරයක් බවත්ය.


මේ අතර වැලිගම මිරිස්ස මුහුදු වෙරළ තීරයේ දී 37 හැවිරිදි බි‍්‍රතාන්‍ය ජාතිකයෙකුට පිහියකින් ඇණ ඔහුගේ 23 හැවිරිදි පෙම්වතියට අතවර කිරීම සඳහා පැහැරගෙන යාමට තැත්කිරීමේ සිද්ධියක් ද වාර්තා වේ.


රාතී‍්‍ර සාදයකට සහභාගි වී නවාතැන්ගෙන සිටින හෝටලය වෙත යන අතරතුර දී එම විදේශීය යුවළ මෙම අපරාධයට ලක්වූයේ ඉකුත් 20 වැනිදා අළුයම් කාලයේදීය.


ඊට සම්බන්ධ වූ බව කියන සංචාරක මඟපෙන්වන්නන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 01 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත්කොට තිබේ.


කෙසේ නමුදු මාතර දිස්ති‍්‍රක්කය පුරා විහිදෙමින් තිබෙන මෙම ආයුධ සංස්කෘතිය පාලනය කිරීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා විශාල උත්සාහයක නිරත වී සිටී. එහෙත් ඒ සඳහා දිවා රෑ නොබලා නිර්භීතව රාජකාරි කරන පොලිස් නිලධාරීන් අත්‍යාවශ්‍යය.
මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් කොඩිතුවක්කු, සහකාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා යන මහත්වරු මෙම අපරාධ සිද්ධීන් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.


මේ රටේ  ඕනෑම පුරවැසියෙකුට නිදහසේ ජීවත්වීමට, නිදහසේ ගමනක් බිමනක් යාමට අයිතියක් ඇත. වීසා බලපත‍්‍රයට අනුව විදේශිකයෙකුට වුව ද එසේමය. එහෙත් කිසිවකුත් ඝාතනය කිරීමට හෝ හිංසා පැමිණවීමට කාටවත් බලයක් ලබාදී නොමැත.


ඒ ආකාරයට මානව හිමිකම් කඩකිරීමට ද ඉඩ ලබාදිය නොහැකිය. එම නිසා ජීවිත හා දේපොළ ආරක්ෂා කරදීම නීතිය රකින්නට සිටින පොලිසියේ වගකීම වන්නේය.

n



අදහස් (0)

දකුණේ පාතාලයට තවත් බිල්ලක්

කමල් Wednesday, 07 October 2015 04:15 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

සෙනරත් Saturday, 03 October 2015 11:16 AM

කලින් කිවේ පසුගිය රජයේ වැරදි නිසා පොලිසියට මේවා පාලනය කරන්න බෑ කියලයි. දැන් මොකද්ද ප්‍රශ්නේ ? දැන් යහ පාලනය නිසාද මේවා කෙරෙන්නේ ? (බ)

:       0       0

සමන්තිකා Tuesday, 29 September 2015 11:11 AM

මේ වගේ ක්‍රියා නිසා ලංකාව ලෝකය ඉදිරියේ අපකීර්තියට ලක්වෙනවා. සංචාරකයන් පැමිණීම අඩු වෙනවා මෙවැනි සිද්ධි නිසා.(ම)

:       0       0

නුවරගේ Wednesday, 30 September 2015 04:17 AM

පාතාලය උතුරේ වුනත් එකයි දකුණේ වුනත් එකයි. පාතාලය නම් වහාම මර්දනය කළ යුතුයි. පොලිස් ආරක්ෂක හමුදා විරුවන්ට උපහාරය පිරිනැමීමට කැමැත්තෙමු. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 13786 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 371 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 230 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site