තම ඡන්ද ගොඩ පෙන්වා කේවල් කරමින් ප‍්‍රධාන පක්‍ෂ සාදන ආණ්ඩු හැම එකකම පාහේ ඇමැතිකම් ගැනීම මුස්ලිම් කොංග‍්‍රසය සහ කම්කරු කොංග‍්‍රසය වැනි පක්‍ෂවල දේශපාලන පුරුද්දකි. මොවුන්ට මෙසේ කිරීමට ඇති හැකියාව සහ එහි පසුබිම පිළිබඳ මෙම විචාරාත්මක විග‍්‍රහය ප‍්‍රවීණ දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා ගෙනි.
මේ කාරණය කතා කරන්න යද්දි මෙහි අතීත පසුබිම ටිකක් හොයලා බලන එක ඉතා වැදගත්. එතනදී අපි බලමු කම්කරු කොංග‍්‍රසයේ අතීතය පිළිබඳව මුලින්ම. ඒක ගොඩනැගෙන්නේ සුළුතර ජනතාවක් හැටියට එකට රොක් වෙච්ච ඡන්ද ලක්‍ෂ කීපයක් හසුරුවන්න පුළුවන් ව්‍යාපාරයක් හැටියට. ඒක එහෙම වෙන්නෙ ඇයි කියන එකට ඉතිහාසයක් තියෙනවා. ඒක ලංකාවෙ දේශපාලනයේ නරුමකමක් හේතුවෙන් ඇති වෙච්ච තත්ත්වයක්. නිදහස් ලංකාවේ 1947 පාර්ලිමේන්තුවෙන් පස්සෙ එතෙක් ඡන්ද බලය සහ පුරවැසි බලය තිබුණු උඩරට වැවිලිකරයේ දෙමළ ජනතාවගේ ප‍්‍රජා අයිතිවාසිකම් අහෝසි වෙනවා.
ඊට පස්සෙ සිද්ධ වෙන දේ තමයි ඒ අය එතෙක් වමේ පක්‍ෂ එක්ක දේශපාලනයට ගැටගැහිලා සමසමාජ පක්‍ෂය වගේ වෘත්තීය සමිතිවලත් ඉදපු ඉතිහාසය එතනින් පස්සෙ අහෝසි වීම. එහෙම වෙන්නේ මේ පක්‍ෂ පාර්ලිමේන්තුවාදී වුණාම ඡන්ද බලය අහිමි පිරිසක් වෙනුවන් කතා කිරීමේ වුවමනාවක් ඒ අයට නැති වීම තුළ. ඒක නිසා ඒ අයගෙ පුරවැසි බලය හා ඡන්ද බලය ලබාගැනීමේ අරගලය ඒ අයගේම වෘත්තීය සමිතියක් මත තමයි ගොඩනැගෙන්නේ. ඒක වෙන්නෙ කම්කරු කොංග‍්‍රසයත් එක්ක. ඒක නිසාම සෞම්‍යමූර්ති තොණ්ඩමන් ඒ අයගෙ ඉතාම විශ්වාසවන්ත ඓන්ද්‍රිය නායකයෙක් හැටියට ගොඩනැගෙනවා. මේ දෙමළ ප‍්‍රජාවගේ පුරවැසි අයිතීන් නැවත දිනාගැනීමේ සටන එයා තනි හයියෙන් අදින්න මුල් වුණේ. ඒක නිසා 1977 වන විට සැලකිය යුතු පිරිසකට ඡන්ද බලය ලැබුණා. ඒකට පාර කැපුණෙ සිරිමා - ශාස්ත‍්‍රි ගිවිසුම හරහා. එතනදීත් සලාක ක‍්‍රමයට තමයි පුරවැසි අයිතීන් ලැබුණෙ.
පිරිසක් නම් නැවත ඉන්දියාවෙ පදිංචියට යවනවා. අනිත් අයට ටිකෙන් ටික පුරවැසි අයිතිය ලැබෙනවා.
ඒ අයට ඡන්ද බලය ලැබුණම ඒ කාණ්ඩායම්වලින් එක්කෙනෙකුට පමණයි නුවරඑළිය - මස්කෙළිය ආසනයෙන් පාර්ලිමේන්තුවට එන්න ලැබුණෙ. මොකද එතකොට නුවරඑළිය - මස්කෙළිය බහු මන්ත‍්‍රී ආසනයක් මන්ත‍්‍රීවරු තුන් දෙනෙක් පත්කරන. ලංකාවේ භූගෝලීය වශයෙන් විශාලම ආසනය මේ. සිංහල මන්ත‍්‍රීවරුන් දෙන්නෙක් පත්වෙනවා. තුන්වෙනියා විදිහට තමයි 1977 වෙනකොට සෞම්‍යමූර්ති තොණ්ඩමන් කරළියට එන්නෙ. එයා විශ්වාස කෙරුවා එයාලගෙ පුරවැසි අයිතීන් දිනා ගන්න පුළුවන් වෙන්නෙ ආණ්ඩුව එක්ක එකතු වෙලා තියලා. ඒ වෙනකොට මේක දැවැන්ත වෘත්තීය සමිතියක්. ඒක නිසා ජේ.ආර්.ටත් මේක පාලනය කර ගන්න වගේම ඒ ඡුන්ද එයාගෙ ප‍්‍රයෝජනය සඳහා ගන්න තොණ්ඩමන් ආණ්ඩුවට ගන්න සිදුවුණා. ඒ අනුව තමයි තොණ්ඩමන් පළමුවෙනි වතාවට ආණ්ඩුවට යන්නේ. ඒත් 1987 විතර වෙනකම්ම එයාට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ එයාලගෙ කණ්ඩායමේ පුරවැසි අයිතීන් පිළිබඳ ප‍්‍රශ්නය විසඳගන්න. ඒක විසඳෙන්නෙ ඉන්දු - ලංකා ගිවිසුමෙන්. ඒකෙන් උඩරට සියලූ දෙමළ ජනතාවට ඡන්ද අයිතිය ලැබුණට පස්සෙ වුණත් තොණ්ඩමන් අහකදාන්න බැරි චරිතයක් බවට පත්වෙනවා. මොකද නුවරඑළියෙ තනි බලයක් එයා සතු කරගන්නවා. බදුල්ලෙත් යම් ප‍්‍රමාණයකට මහනුවරත් මේ බලය ඔහුට ලැබෙනවා. රත්නපුරේනුත් යම් ප‍්‍රමාණයක බලපෑමක් කළ හැකි ඡුන්ද ටිකක් එයා වටා ගොනු වෙනවා. ඒක නිසා තොණ්ඩමන්ට පුළුවන් වෙනවා, ..ක්‍උක්, එක හරහා එයාලගෙ ප‍්‍රජාව පාවිච්චි කරලා ආණ්ඩු එක්ක ගනුදෙනුව ගෙනියන්න. ඒ වගේම තොණ්ඩමන් සැලකිය යුතු ජනබලයක් සහිත නායකයෙක් නිසා ඔහු ආණ්ඩුවෙ තියාගන්න ප‍්‍රධාන පක්‍ෂවලටත් සිදුවුණා.
මීට සමාන්තරව තමයි අසූ ගණන් වෙනකොට නැගෙනහිරෙන් එන්නෙ අශ්රොප්ගෙ මුස්ලිම් කොංග‍්‍රස් එක. මේකත් ගොඩනැගෙන්නෙ ඒ පළාතෙ ජන සංයුතිය එක්ක. නැගෙනහිර පළාතෙ තුනෙන් එකක් මුස්ලිම්. රටේ අනෙක් තැන්වල මුස්ලිම් ප‍්‍රජාව ගොනුවෙලා ඉන්නෙ අඩුවෙන්. මේ පිරිස දේශපාලනය කෙරුවෙ සාම්ප‍්‍රදායික පක්‍ෂයන් එක්ක. ඒක නිසා නැගෙනහිර මුස්ලිම් ජනතාව අත්ඇරිලා තිබුණෙ. අඩු දියුණු ග‍්‍රාමීය සමාජයක් හැටියට ඔවුන් අවධානයට යොමු නොවී හිටියෙ. ඒක නිසා සමන්තුරේ, කල්මුණේ වගේ ප‍්‍රදේශවල පදනමක් තිබුණු අශ්රොෆ් ඉදිරියට ගෙනවා මුස්ලිම් කොංග‍්‍රස් එක ඒ ජනතාවගෙ ප‍්‍රශ්න බේරගන්න. එතකොට එයත් නැගෙනහිර මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය කරන සැලකිය යුතු ඡුන්ද බලයක් සහිත චරිතයක් බවට පත්වෙනවා.
අලූත් මැතිවරණ ක‍්‍රමය තුළ කොළඹ ආණ්ඩු හදන්න තනි බලයක් ගන්න බෑ කියලා හිතන ප‍්‍රධාන දේශපාලන පක්‍ෂවල නායකයො මැතිවරණ වලදී කල්තියාම මුස්ලිම් කොංග‍්‍රස් එක, කම්කරු කොංග‍්‍රස් එක වගේ අයත් එක්ක එකඟතාවන්වලට එනවා. මේක එක්තරා ආකාරයකට දෙමළ - මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්න විසඳගන්න මේ පක්‍ෂ දෙක ආණ්ඩු එක්ක එකතු වෙනවා විතරක් නෙවෙයි. දකුණේ ප‍්‍රධාන පක්‍ෂත් එයාලට ආණ්ඩු හදන්න මේ ගොල්ලො ළං කර ගැනීමක් වෙනවා. ඒක නිසා මේ තත්ත්වය මේ දෙපාර්ශ්වයම අන්‍යොන්‍ය අවබෝධය මත අවස්ථාවාදීව සිදු කරන සූත‍්‍රයන් හැටියට තමයි ක‍්‍රියාත්මක වෙන්නෙ.
මේ සූත‍්‍රයට අනුව ආණ්ඩු පිහිටුවා ගැනීමේ වාසිය හැමදාම ප‍්‍රධාන පක්‍ෂ දෙකට ලැබුණා. 1994 චන්ද්‍රිකා බලයට එනකොට පොදු පෙරමුණට ආසන 105 ලැබෙද්දී ඉතුරු ආසන 8 සම්පූර්ණ කර ගන්න එයා අශ්රොප් එකතු කරගත්තා. ඒක නිසාම අශ්රොප් ඒ රජයේ ප‍්‍රබලම ඇමැතිවරයෙක් වෙනවා. ඒ තත්ත්වය උඩ ඔහු කල්පනා කරනවා නැගෙනහිර දියුණු කර ගන්න ඔහුට පුළුවන් වෙයි කියලා. ඔහුට යම් යම් වැඩ ටිකක් කරගන්නත් හැකියාව ලැබෙනවා.
තොණ්ඩමන්ලා එක්ක ගනුදෙනුවත් මේ විදියටම තමයි. ඒ ප‍්‍රධාන පක්‍ෂ දෙක වරින්වර අරගෙන ගියේ. නමුත් තොණ්ඩමන්ලා නම් උඩරට දෙමළ ජනතාවට කරපු ලොකු දෙයක් නෑ. ඒ අය පුද්ගලිකව ආණ්ඩු බලය භුක්ති වින්දා. කොළඹ ආණ්ඩුවලට ඒක ප‍්‍රශ්නයකුත් නෙවෙයි. උඩරට දෙමළ ප‍්‍රජාව හෝ නැගෙනහිර මුස්ලිම් ප‍්‍රජාවට හෝ මේ තමන් ගොනු වෙලා ඉන්න පක්‍ෂ දෙක හරහා ලැබුණු මහා සුගතියක් නෑ. පක්ෂෙ නායකයෝ ඒ ජනතාව පෙන්නලා ප‍්‍රධාන පක්‍ෂ එක්ක කේවල් කරලා ආණ්ඩුවල ඇමැතිකම් අරගන්නවා. අපේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය තුළ තමයි අනවරතව මේ දේශපාලන ඞීල් එක ඉදිරියට ගමන් කරන්නේ.
මුල් කාලේ මේ කණ්ඩායම්වලට තිබුණු තේවල් කිරීමේ තනි අයිිතිය යම් පමණකට අද වෙනකොට දෙදරලා ගිහින් තියෙනවා. ’77 ඉඳලා හැම ආණ්ඩුවක් එක්කම තොණ්ඩමන් තනි ‘ගේම් එකක්’ ගැහුවෙ. ඒ අය ඇමැති තනතුරු අරගෙන බලය අතේ තියාගෙන හිටියට දෙමළ ප‍්‍රජාවට සැලකීමත් නැති නිසාම ඒ බලය තවත් අය අතටත් බෙදෙනවා. අද දිගම්බරන්ලා අතට ඒ බලයෙන් කොටසක් ගිහිල්ලා. සෞම්‍යමූර්ති තොණ්ඩමන් තනියෙන් රජකරගෙන ඉඳපු හැටියට එයාගෙ මුනුපුරාට අද නුවරඑළියෙ බලය අතට ලැබෙන්නේ නෑ. දැන් මේ අය අතර තරගයන් තියෙනවා ඒ බලය වැඩිපුර අතට ගන්න දරන උත්සාහය තුළ.
නැගෙනහිර වෙන්නෙත් මීට සමාන තත්ත්වයක්. දැන් හකීම්ලට අමතරව මුස්ලිම් නායකයො විදිහට රිෂාඞ් බදියුදින්ලා ඉදිරියට එනවා. ඒ අය අතරත් බල අරගලයක් තියෙනවා. මේ අය මේ විදිහට කැඩුණත් ආණ්ඩු හදන්න යනකොට ප‍්‍රධාන පක්‍ෂවලට මේ ඡුන්ද ටික අවශ්‍යයිනේ. ඒක නිසා මේ කීප දෙනාම එකතු කරගන්න ප‍්‍රධාන පක්‍ෂවලට අද සිද්ධ වෙනවා. මේ කණ්ඩායම් දෙකට තුනට නැඩෙන්නෙම ඒ ප‍්‍රධාන නායකයන්ගෙ තියෙන අවස්ථාවාදී දේශපාලන බලපොරය නිසාම තමයි. මිනිස්සුන්ගෙ ඡුන්ද ටික පෙන්නලා ආණ්ඩු කේවල් කරල ඇමැතිකම් ගත්තට මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ. එතකොට ඒ අය තව නායකයෙක් වටා එකතු වෙනවා.
කොහොම වුණත් ප‍්‍රධාන පක්‍ෂ දෙකට මේ ඡුන්ද ටික තමන්ගෙ ආණ්ඩුව හදාගන්න නැතුවත් බෑ. ඒක නිසාම තමයි හකීම්වත් අරගෙන, රිෂාඞ් බදියුදීන්වත් අරගෙන, අමීර් අලීවත් අරගෙන, තොණ්ඩමන්වත් අරගෙන, දිගම්බරන්වත් අරගෙන ආණ්ඩුවෙ තියා ගන්නේ.
මේ තත්ත්වයට තව දුරටත් පල්වෙන තැනකට යනවා මිසක් මේක නතර වීමත් දකින්න නෑ. මුස්ලිම් කොංග‍්‍රසත් කම්කරු කොංග‍්‍රසයත් මේ ඡුන්ද වෙන්දේසිය තව කොච්චර කල් කරගෙන යනවද කියන එක තීරණය වෙන්නෙ ප‍්‍රධාන පක්‍ෂ තව කොච්චර කල් අවස්ථාවාදී දේශපාලන බලපොරයේ ඉන්නවද කියන එක උඩ. ඒ අය ඒ විදිහට හැසිරෙන තාක්කල් තොණ්ඩමන්ලා, හකීම්ලා වගේ අය එක්ක ඡුන්දවලදී දාන ‘ඞීල්’ එක දිගටම කරගෙන යාවි.
තොණ්ඩමන්ලා හකීම්ලත් ප‍්‍රධාන පක්‍ෂවල අවස්ථාවාදී දේශපාලන බල අරගලය තුළ තමන්ගෙ මේ ගේම් එක දිගට කරගෙන යාවි. මේ දෙගොල්ලන්ටම දැන් මේ දෙගොල්ලො නැතුව බෑ. ඒක නිසා මේක හකීම්ලගෙ, තොණ්ඩමන්ලගෙ වැඩක් විදියට හුදකලා කරන්න බෑ. නමුත් සිංහල මිනිස්සු එහෙම තමයි මේ ප‍්‍රශ්නය තේරුම් අරගෙන තියෙන්නේ. සිංහල සමාජය සූදානම් නෑ තමන්ගේ නායකයො දේශපාලන අවස්ථාවාදී කෑදර පිරිසන් කියලා පිළිගන්න. ඒකට සිංහල සමාජය අදිමදි කරනවා. ඒ අය හැම තිස්සෙම හිතනවා ඒ අයට තෝරා ගැන්මත් තියෙනවා කියලා. යූ.එන්.පී.ය නැත්නම් ශ්‍රී ලංකා එක ඒ අය තෝරා ගන්නවා. ඒත් මේ දෙකම එකම කාසියේ දෙපැත්ත. මේ අය කාලෙන් කාලෙට තමන්ගෙ පක්ෂෙට බලය අල්ලගන්න ලස්සන දවටනයක් එක්ක ආකර්ෂණීය තේමා පාඨ කරළියට ගේනවා. දැනුත් තියෙනවානේ සම්මුතිවාදී ශීලාචාර සමාජයක් පිළිබඳ කතාවක්. මේ අය කොහොමද සම්මුතිවාදී ශීලාචාර සමාජයක් හදන්නෙ කොහොමද ජනතාව පාර්ලිමේන්තුවෙන් එළියට විසිකරලා දාපු අය ආපහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරගෙන. ඉතින් මේ වගේ පසුබිමක තොණ්ඩමන්ලා හකීම්ලාගෙ පැවැත්ම තවදුරටත් තහවුරුයි. ඒක නිසා මේ සෙල්ලම තවදුරටත් වලංගුයි. ප‍්‍රධාන පක්‍ෂවල නායකයන්ගේ බලලෝභය නිසාම තමයි තොණ්ඩමන්ලට, හකීම්ලට ඉල්ලූමක් තියෙන්නෙ.
2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලුවල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලුපිටියේ
නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ
නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික
රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ
නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කවුරු දිනුවත් පැරදුනත් සදාකාලික ඇමැතිවරු
අජිත් කුමාර Sunday, 06 September 2015 06:43 AM
ජාතිය මොකවුණත් හැමෝම තමන්ගේ ජාතියට ආදරෙයි. රටේ ජනතාව පයින් ගහලා දියවන්නාවෙන් එලවපු දුෂ්ටයෝ ආයෙත් පීනන් ආවා. ඇමැතිකමුත් ගත්තා. මේකද ජනපතිතුමනි යහපාලනය (බ)
චන්න බුවනෙක Wednesday, 02 September 2015 02:33 PM
ඒ වගේම ඒ අයට ඡන්දෙ දෙන අයත් සදාකල් අමාරුවේ. (නි)
ශානක Thursday, 03 September 2015 05:42 AM
තමන්ගේ ජාතිය වෙනුවෙනුයි මොවුන් ඉදිරිපත් වෙන්නේ. ඔන්ගේ ජාතිය නගාසිටුවීමට ආණ්ඩුවට, බලය ඇති පැත්තට එකතු වෙන එක හැම ජන්දෙයක් ඉවර වුණාම වෙන සාමාන්‍ය දෙයක් . (ම)