IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කතරගම බෞද්ධ ති‍්‍රකෝණ පුරාණය

 

 

කතරගම දෙවියන් සම්බන්ධව අප අතර ඇති විවිධ වංශ කථා, ජන කථා  ඉතිහාස සාධක පිරික්සා බලන විට ඒවා ඉතා දිර්ඝකාලීන විකාශනයක් බව පෙනේ විවිධ මතවාද මේ සංකල්පය වටා එක් රොක් වී ඇත. කඳදෙවිදුන්ගේ ජනප‍්‍රියතාව 15 වැනි සියවසේ සිට 19 වැනි සියවස මුල්කාලය දක්වා ඉතා ශීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇත. කතරගම වැඩි වැදගත් ප‍්‍රදේශයක් වන්නේ එය ලක්දිව ආක‍්‍රමණය කළ කිසිදු විදේශිකයකුට සහ දේශීය සතුරකුට අද දක්වා ඇතුළු විය නොහැකි වූ ආරක්ෂක ප‍්‍රදේශයක් වූ බැවිනි.

උතුරු දෙසින් රාවණ අඩවියෙන් පටන් ගන්නා ඌව වෙල්ලස්ස දෙසය දකුණු දෙසින් අවසන් වනුයේ ස්කන්ධ කුමාර අඩවියෙනි. ශ්‍රී ලංකාවට ආවේනික දෙවිවරුන් අතරෙන් හිමාලය නිම්කොට ඇති දඹදිව මුළුල්ලේ තෙද බලපාන එකම ප‍්‍රායෝගික දෙවියෝ ස්කන්ධ කුමාරයෝය. එසේම මෙරට වාසි ප‍්‍රධාන ආගම් දෙක වාස භූමිය සර්වාගමික ශුද්ධ භූමියකි.

මහසෙන් කතරගම දෙවියන් මහේශාක්‍ය ගණයට අයත් ඌව පළාතෙදි උත්තර දේව ගණයට අයත් වෙයි. සිංහල රාජධානිය අනුරාධපුරයේ පිහිටුවා වසර දහසක් ගතවන තෙක් ශ්‍රී ලංකාවේ ජනතාව අතර අවධානයට යොමුව ඇත්තේ දෙවිවරුන් තිදෙනෙක් පමණි. එනම් කන්ද කුමාර, ශ්‍රී විෂ්ණු, උපුල්වන්, සමන් යන දෙව්වරුන් තිදෙනා පමණි. ශ්‍රී ලංකාවේ දේශීය සතරවරම් දෙව්වරුන් ගණයට මෙතුමෝ අයත් වෙති. ආරක්ෂක දෙවියකු වශයෙන් කතරගම දෙවිදුන්ට විශේෂ තැනක් හිමිවේ. අසුරන්ට පැරදී සිට සුරයන් එදත් අදත් ජය ලබාදුන් දකුණේ ස්කන්ධ මහාභාරත යුගයේ යුද දෙවිකෙනකු වශයෙන් මහත් කීර්තියක් ලබා සිටින බව පෙනේ. ඔහුගේ සේනාධිපති තත්ත්වය ශ්‍රී ලංකාවේ ග‍්‍රාම හා පුර දෙවියකු වශයෙන්ද ගෞරවාදරයට පත් බෞද්ධ දෙවියෙකි. බුදුරජාණන් වහන්සේ තුන්වැනිවරට ලක්දිව කතරගම කිරිවෙහෙර පිහිටි තැන කිහිරි වෘක්ෂ මූලයේ රහතන්වහන්සේලා 500 නමක් පිරිවරා වැඩ සිට එකල කතරගම අග‍්‍ර රාජධානිය කොට විසූ මහසේන නම් දෙවි රජු ප‍්‍රධාන පිරිසට දහම් දෙසා සෝවාන් පලයෙහි පිහිටා මහසේන රජුට එම ස්ථානය රැුකවරණ කරන ලෙස භාරකරන ලදී. මරණින් මතුවද එම ස්ථානයේ දේව ආත්මලාභිවද සිටිතැයි බෞද්ධයෝ විශ්වාස කරති. මහසේන දෙවියන් කතරගම කන්දේ මනුෂ්‍ය රජව සිටින සමයේ වැඩ සිටින හෙයින් දේව ආත්මලාභීව දේවවිමානයේ වැඩවසන හෙයින්ද ස්කන්ධ කන්ද කුමාර යනුවෙන් ව්‍යවහාර විය.

කුජ ග‍්‍රහයා හෙවත් අඟහරුට අධිපති දෙවියා හැටියට අදත් ශ්‍රී ලාංකිකයන් සලකන්නේ කඳ කුමරුන් හෙවත් කතරගම දෙවිදුන්ය. ලංකාවේ දකුණු ප‍්‍රදේශයට අධිපතිත්වය දරන්නේද කඳ දෙවිදුන්ය. එමෙන්ම කඳ කුමරුන් හා රතු පැහැයට එක්වේ කඳ දෙවිඳුන් එඩිතර බලපරාක‍්‍රමයෙන් හෙබියැයි ජ්‍යෙතිෂ්‍යයේ සඳහන්වේ. ස්කන්ද හෙවත් කාරතිකය දෙවිවනාහි ඊස්වර දෙවියන්ගේ හා පාර්වතී මෑණියන්ගේ බාල පුතනුවෝය.

කතරගම දෙවියන්ගේ උපන්දිනය වන්නේ මකර ලග්නයේ රවිගේ කැති නැකත යෙදෙන දිනය දේව සේනාධිපති තනතුර ලැබුවේ. වෘශ්චික රවි කැති නැකත යෙදෙන දිනයයි. එය අසුර ඉල් මහා මංගල්‍ය දිනයයි.

කතරගම බෞද්ධ ත‍්‍රිකෝණයේ මහා කතරගම, සෙල්ල කතරගම වැඩ සිටින කන්ද ප‍්‍රදේශය අයත් වන්නේ මෙම ත‍්‍රිකෝණයටය. වැඩ සිටින කන්ද පිහිටා තිබෙනුයේ තවත් කදුවැටි 6 ක් මැදය එයින් දෝ මැදුම් හෙළ යැයි වැඩසිටින කන්දට පැවසේ මහසෙන් රජු රජ කරන සමයේදී මෙහි වාසය කරද්දී සිසු පිරිවර ජනයා විසූ කදු යැයි සලකති. සේනාධිපති කඩවර විසූ කන්ද කඩවර කන්ද නමින්ද අනිත් යක්ෂ සේනාධිපති වූ කන්ද ප‍්‍රකාශ කන්ද නමින්ද උමං ඇති කන්ද උමං කන්ද නමින්ද උයන් පැවති කන්ද උයන් කන්ද නමින්ද කුමාරවරුන් විසූ කන්ද කුමාර කන්ද නමින්ද බංඩාරවරුන් විසූ කන්ද බංඩාර කන්ද නමින්ද ප‍්‍රචලිතය, ව්‍යවහාර වෙති. මෙම කඳු සයම පෙර කතරගම මහා දෙවොලට සම්බන්ධ වනු ඇත.

 එදා වැද්දා හුන් කන්ද+වැද්දා සිටි කන්ද අද වැඩ සිටින කන්ද විය. මෙම කදු හතේ දේවාල 7 ක් පැවති බව ඉතිහාසයේ සදහන් වේ. ද්‍රවිඩයන් තෛලයිමලෙයි කියති. කදු 7 වූ දේවාල 7 න් එදා පෙරහර 7 ක් ඇසළ මංගල්‍ය වෙනුවෙන් දිනපතා පැමිණි බව ජනප‍්‍රවාදයයි. ඒ පෙරහර වලදී වැඩ සිටින කන්දෙන් වේලායුදය හා ඇවරිය පන්දමද උයන් කන්දෙන් සුරති කොඩිය හා සුර්ය පන්දමද උමං කන්දෙන් කස කොඩිය හා ආලත්ති පන්දමද කඩවර කන්දෙන් මකර කොඩිය හා කාල පන්දමද බංඩාර කන්දෙන් රණසිංහ කොඩිය හා අවල් පන්දමද පළමු මගුල් පෙරහර 5 සඳහා ගෙන ආ බව ඉතිහාසයේ දැක්වේ.

කද කුමරුගේ භාර්යාව කෞම්‍යමාරි හෙවත් සෙනානම වෙයි. ස්කන්ධ පළමු වරට විවාහ පිණිස තොරගත්තේ ශක‍්‍ර හෙවත් දෙව්ලොවට අධිපති ඉන්ද්‍රගේ දියණිය වූ තේවාණි අම්මා සමගය. ඒ තුළින් ස්කන්ධගේ ක‍්‍රියාශීලි බලපරාක‍්‍රමය වර්ධනයට හේතුවිය. තේවාණි ඉන්දියානු භාර්යාවකි. වල්ලි ශ්‍රී ලංකා භාර්යාවකි. සෙල්ල කතරගම බෞද්ධ ගමක් වූ අතර මැණික් ගගෙහි උතුරු ඉවුරෙහි සෙල්ල කතරගම පිහිටා තිබේ. කද කුමරු වල්ලි අම්මා හමුව විවිධ කතන්දර ගෙතී ඇතත් වල්ලිය ගැන සිත් බැදුණු කද කුමරු මහලූ අයකුගේ වෙසක් ගෙන ඇයගෙන් අහරක් ඉල්ලයි. හුදකලාව සිටි වල්ලි මහල්ලාට අලද මී පැණිද දුන්නාය. ගඟ වෙත යද්දී මහල්ලා ඇය විවාහ කරගන්නට කැමත්ත පළකර අතර වල්ලි දේවිය එයට විරුද්ධ වුවාය. කද කුමරු සෝරු ඇත්වෙස් ගෙන වණය දෙවනත් කරමින් ඇය පසුපස ආ අතර වල්ලි බියපත්ව මහල්ලාගෙන් දිවි ගලවා දෙන ලෙස ඉල්ලා සිටියාය. තමා සමග විවාහ පත්වනවානම් පමණක් ඇයව බේරගන්නා බව පළකර අතර වල්ලිය ඊට කැමති වුවාය. අලියා පලා ගියේය. ලස්සන තරුණයකු ලෙස මහල්ලා අඩි 6 අගල් 3 ක් උස කතරගම කද සුරිඳු බව වල්ලිය වටහා ගත්තාය. වල්ලි අම්මා කද කුමරු හමු වූ තැන සෙල්ල කතරගම විය. හමුවූ ස්ථානය වල්ලිගුහාව යැයි අදත් විශ්වාස කරති.කද කුමරු වල්ලි අම්මා විවාහය අද ගණ දේවාලය පිහිටා ඇති සෙල්ල කතරගම ඉල්මස උත‍්‍රපල් නැකත යෙදෙන දිනය ලෙසද සැලකේ. ගම්මන්ඩිලා වන්නිලා ඇත්තෝ වැදි නායකයාට පුතුන් 12 දෙනෙකු සහ 1 දුවක් සිටියාය (කැකුලිය)

දිනක් කැළේ යනවිට මුව දෙනක් වළක් වටේ කැරකෙමින් සිටි අතර වැදි දියණිය වන්නියලා ඇත්තෝ සිය බිරියන් සමග පැමිණ මේ කුඩා දැරිය වළක් අසල සිටිනිසා වල්ලි යන නම තැබිණි. කද කුමරු මහලූ වෙස්ගෙන වළලූ වෙළෙන්දකු සේ පැමිණ වල්ලිය රැුගෙන යාමේදී එදා කැළේ අතුවලින් පැලක් සදා දුන්නෙත් වැදි ජනයා නිසා කතරගම පෙරහරේ වල්ලියට වැදි වර්ගයාට විශේෂ තැනක් හිමිවන අතර කද කුමරු වල්ලිය රැුගෙන පළායනවිට ද්‍රවිඩ හින්දු ජනයා සෙල්ල කතරගම සිට කද කුමරුට හු කිවු අතර කද කුමරු ඔහුනට ශාප කර ඇත. එදා පටන් හින්දු දමිළ ජනයා කතරගමට පැමින හරෝ හරා කියති. කටේ පිටේ උල් ගසාගෙන බිම පෙරළි පෙරළි දෙවියන් වදිති. එය දේව දඩුවම දැනට වල්ලි අම්මා දේවාලයේ කපුවල ඇත්තෝ ඌනපානවරිගයේ බණ්ඩිලා ඇත්තෝ අදත් පෙරහරේ ගමන් කරති. මෙයයි සෙල්ල කතරගම මහා සේන විහාරය (මහසෙන් කද දෙවිදු* යන නමින් මැණික් ගඟ අසබඩ අදත් විහාරස්ථානයක් වශයෙන් පවතින්නේ මෙම ප‍්‍රයෝගික බෞද්ධ ත‍්‍රිකෝණ කරුණු මුල් කරගෙනය. කතරගම ඇසළ පෙරහර මංගල්‍ය සැමට සිරිසෙත උදා කරන දිව්‍ය මංගල්‍යයක් වේවා.
 


සැමට කඳ දෙවිදුගේ පිහිටයි !

 

සාම විනිසුරු හෙට්ටිආරච්චිගේ මහින්ද ගලප්පත්ති

 



අදහස් (0)

කතරගම බෞද්ධ ති‍්‍රකෝණ පුරාණය

එම්.එන්.පියරත්න Friday, 23 August 2013 09:28 PM

ඔබේ ලිපිය හොදයි නමුත් වල්ලි අම්මා දේවාලයේ කපුවල ඇත්තෝ උනාපාන වරිගෙ බණ්ඩිලි ඇත්තෝ නොවෙයි කතරගම මහ දේවාලයේ කපු මහතා වන සොමිපාල ටී රත්තායක මහතාගේ බාල සොයුරු විමල් ටී රත්නායක මහතායි.බණ්ඩිල ඇත්තේ සිට පෙරහැර පැවැත්වෙන කාලයේ කතගරමට පැමිණ නැවතී පෙරහැර සමය ඉවරවූ පසු තම ගම් බිම් බලා යනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site