හැදියාව කියාපෑවාට ක්රියාව අන්ත බාලය
රටේ ජනතාවගේ හැදියාව කියාපාන කතාවක් අපි ඉස්සර අසා ඇත්තෙමු. ඒ තුළ මෙරට ජනයාගේ ගරුත්වය පිළිබඳ දෘෂ්ටියත්, හැදියාව යොමු විය යුතු දිශාවත් පිළිබඳ අදහසකුත් මතු වී තිබිණි. ඒ කාලයේ “රටේ ඉන්නා සුන්දරතම කන්යාවිය රන් ආභරණයෙන් සරසා, ඈට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පා ගමනින් රට මැදින් යන්නට සැලැස්සුව පසුත් ඇගේ සිරුරේ පැළඳි ආභරණවලටවත්, ඇයටවත් යම් තරමින් හෝ හානියක් සිදු වෙන්නේ නැත” යන්න ඒ කතාවයි.