IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


ගොවි - පාරිභෝගික දෙපිරිසම රකිමු

එළැඹෙන්නේ උත්සව සමය වේ. වේලක් හැර වේලක් කමින් යාම්තමට  ජීවිතය ගැටගසාගෙන සිටින ජනයාට උත්සව සමය යනු දවල්තරු පෙනෙන මාතෘකාවකි. ආර්ථික අර්බුදයට අමතරව සියලු ආකාරයේ ජාවාරම්කරුවන්ගේ, අතරමැදි මාෆියාකරුවන්ගේ, මංපහරන්නන්ගේ නින්දිත සූරා කෑමට ජනයා ලක්වන්නේද උත්සව කාලවලය. ‘‘කල දුටු කල වළ ඉහගන්නා’’ නරුමයන්ගේ නිර්දය  ප්‍රහාරයට මෙම උත්සව සමයේදී ද ජනයා ලක්වනු නොඅනුමානය.

අප පුවත්පත වාර්තා කළ පුවතකින් කියැවුණේ වෙළෙඳපොළේ ලොකු ලූනු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් පවසන බවය. වෙළෙඳ පොළේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 420 දක්වා මිල ඉහළ ගැන ඇති බව ප්‍රවෘත්තියේ සඳහන් වන අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 350ක් පමණ වූ බවද එහි සඳහන්ය.

ලොකු ලූනු යනු එක් ද්‍රව්‍යයක් පමණි. සීනි කිලෝවේ සිට බිත්තරය දක්වා සෑම ආකාරයකම ආහාර ද්‍රව්‍යවල මිල ජනයා දිවන්ගත කරවීමට තරම් ගුවන් ගතය. එළවළු මිල අදහාගත නොහැකි තරමට සාමාන්‍ය ජනයාට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් තිබේ. අමු මිරිස්වල මිල අමු මිරිස් කරලේ තරමට නොවේ. දෙහිද එසේමය. පොල් මිල එලොව පොල් පෙන්වන තරම්ය.

දුරාතීතයේ අල්ලක් තරමට  මුදල් රැගෙන කඩ මණ්ඩියට ගිය ජනයාට මල්ලක් නොව මලු දෙක තුනක් පිරෙන්න ද්‍රව්‍ය රැගෙන ආ හැකි විය. එහෙත් වර්තමානයේ මල්ලක් පිරෙන්න මුදල් රැගෙන ගියද අල්ලක් පිරෙන්න බඩු ගෙන ආ නොහැකිය.

ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමට පවතින වැස්ස ද හේතු වී තිබේ. එක දිගට ඇද හැලුණ අනෝරා මහ වැසි වගාවට ඉතා බරපතළ ලෙස බලපෑවේය. එමෙන්ම උත්සව සමය නිසා ඉල්ලුමද ඉහළ ගොස් තිබේ. මේවා වෙළඳපොළ තුළ කළමනාකරණය කළ යුතු දේය. එහෙත් අවාසනාවකට එබඳු දියුණු යාන්ත්‍රණයක් අප රට තුළ නැත.

එළවළු, ලූනු ආදියෙහි මිල ඉහළ යාම එක අතකින් ගොවියාට හොඳය. එමෙන්ම සලකා බැලිය යුත්තේ මිල ඉහළ යාමේ වාසිය ගොවියාට ලැබී ඇද්ද යන්නය. විශේෂයෙන්ම හැමදාමත් අධික ලාබ ලැබුවේ අතරමැදියන්ය. ගොවියා  මෙන්ම පාරිභෝකයාද නිර්දය ලෙස සූරාකන්නෝ අතරමැදියෝ වෙති.

ගොවියා දෙස මෙන්ම බහුතරයක් වන පාරිභෝගික ජනයා දෙසද බැලිය යුතුය. මෙයින් බහුතරයක් ජනයා ස්ථාවර මාසික ආදායම් ලබන්නෝ වෙති. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ස්ථාවර ආදායම්ලාභීන්ට දරාගත නොහැකිය. ඔවුන්ට අමතර ආදායම් මාර්ග සොයාගත යුතු යැයි ප්‍රකාශ කළ හැකි වුවද ආර්ථික අර්බුදය හමුවේ එබඳු අතිරේක අදායම් මාර්ග සියල්ල හැකිලී ගොස් තිබේ. උත්සව සමය යන දෙවදන දවල් තරු පෙන්වන දෙවදනක් වන්නේ එම ජනයාටය.

අතරමැදියන්ගෙන් අනවරත සූරාකෑමට ලක්වන ගොවියාත් බහුතරයක් වන පාරිභෝගික ජනයාත් ආරක්ෂා කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය. මේ මොහොතේ ජනයා බලධාරීන්ගෙන් අපේක්ෂා කරනුයේ එබඳු අහිංසක ඉල්ලීමක් පමණි.

(***)



අදහස් (2)

ගොවි - පාරිභෝගික දෙපිරිසම රකිමු

AB Saturday, 16 December 2023 08:49 PM

ඉල්ලුම ඉහළයාම නිසා එයට සරිලන සැපයීමක් රටතුළ නොමැති නම් එම අඩුව සපුරාගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ සහ ප්‍රමාණයන් ආනයනය කර ගැනීම තුළ සමබරව පවත්වාගෙන යාමට හැකිවේ. උත්සව සමය නිසා හෝ ස්වභාවික හේතුන් මත (නියඟයන් හෝ ජලගැලීම් හෝ අධික වර්ෂාවන්, කෘමී සතුන්ගෙන් වන හානි) නිසි සැපයුමක් නොමැති නිසා ඉල්ලුමද ඉහළයාම නිසා මිල ඉහළ යාම සිදුවේ. සමහර අවස්ථාවන්හිදී ඉල්ලුමට වඩා සැපයුම තිබෙන්නා වූ අවස්ථවන් ඇත. එවැනි අවස්ථාවන් සීග්‍රයෙන් කෙටිකාලයකට මිල පහළයාම සිදුවේ සහ විශේෂයෙන් එළවලු සහ පලතුරු වගාවන් විකුණාගැනීමට තිබෙන්නාවූ අපහසු තත්වයන් නිසා ගොවින් විසින් ඔවුනගේ ආස්වනු සතුන්ට ආහාර සඳහා ලබාදීම සිදුකරයි. වියදම් දරා කරනලද වගාවන්ගෙන් ලැබෙනා අස්වනු විනාශ කරනා ලෝකයේ එකම රට ලංකාව වේ. වෙනත් රටවල්, සීත රටවල් පවා ඔවුන්ගේ වගාවන් නිසි ආකාරයට කලමනාකරණය කරගැනීම සිදු කරයි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් නිසා සියලු පැතිකඩයන් සලකා දේශීය වෙළඳපොළ තුළ කළමනාකරණයට පුළුල් වැඩසටහනක් විධිමත්ව ක්‍රියාත්මක විය යුතුවේ. ඒ සඳහා කෘෂිකර්මාන්තය දේශීය සහ ගෝලීය වෙළඳපොළ තුළ කළමනාකරණය පිළිබඳ අලුතින් සිතා නව නිර්මාණ කළහැකි දක්ෂ කණ්ඩායමක් යටතට පත්කළ යුතුවේ...

:       0       1

pakeer Wednesday, 20 December 2023 12:50 PM

ගොවියට සල්ලි යන්නේ නැහැ. කොහේවත් ඉන්න කාලකණ්ණි අතරමැදියෝ තමයි මේකෙන් සල්ලි ගහන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ ඉදිරි ගමනේ දුෂ්කරතා
2024 අප්‍රේල් මස 29 248 3

ආර්ථිකයේ තත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, විසඳාගතයුතු කරුණු ජා.ජ.බ. සමග විවාදය යනාදී කරුණු සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හම


මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?
2024 අප්‍රේල් මස 29 460 0

උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්‍රචාරක වැඩට ක


සත්‍යය අසත්‍යයට පාවාදීම
2024 අප්‍රේල් මස 27 769 1

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 156 1

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 803 4

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 200 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 394 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1790 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1621 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site