IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


වැට් බදු ඉහළ දැමීමෙන් පොඩ්ඩාට තවත් අමාරුකම්

අප රට රටක් වශයෙන් හැඳින් විය හැකි සියලු නිර්ණායක රටට අහිමි වෙමින් තිබෙන සෙයකි. ඒ බවට ඉඟිදෙන පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ප්‍රවෘත්තියේ  සිරස්තලයෙන් එම ඉඟිය මනාව උළුප්පා තිබිණි. එම සිරස්තලය නම් ‘වැට් එකෙන් ජනවාරියේ සිට බස් ගාස්තුව ඉහළට’ යන්නය.

ජනවාරි මාසයේ සිට වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් බස් ගාස්තු ද ඉහළ දැමීමට සිදුවනු ඇතැයි බස් සංගම් ප්‍රකාශ කරන බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් බස් රථවල අමතර කොටස් සහ සේවා ගාස්තු ඉහළ යනු ඇති බවය. වැට් බදු සංශෝධනයත් සමඟ බස් රථයක මිල රුපියල් ලක්ෂ 30කින් පමණ ඉහළ යනු ඇතැයිද වැට් බද්ද සමඟ ඉන්ධන මිලද ඉහළ යනු ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කර තිබිණි.

2024 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙහි එක් යෝජනාවක් වනුයේ වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමය. එළැඹෙන ජනවාරි 1 වැනිදා සිට එය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව 2024 වසර මෙරට සාතිශය බහුතරයක් ජනයාට ඉතා තීරණාත්මක වසරක් බවට පත්වීම අනිවාර්ය වේ.

මෙරට බහුතරයක් ජනයා ජීවත්වන්නේ අතිශයින්ම බරපතළ ආර්ථික පීඩනයකට මැදිවය. මිනිසා සතු පරම ධනය සතුට යැයි කීවද වසර ගණනාවක් මුළුල්ලේ මෙරට ජනයාට එම සතුට අහිමි වී තිබේ. තත්ත්වය කොතෙක් බරපතළ දැයි කිවහොත් එළවළු දෙක තුනක් සමඟ බතක් පිස ගැනීම මෙරට ජනයාට නපුරු හීනයකි. ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 500 ඉක්මවා ගොස් තිබෙන බව අප පුවත්පතේම ප්‍රවෘත්තියකි.

විදුලිය බිල්පත මරණ වරෙන්තුවක් බවට පත්වී තිබේ. ජල බිල්පතද එසේමය. ඉහළ ගිය කිරිපිටි මිල ආයේ පහතට ආවේ නැත. ගෑස් මිලද සැලකිය යුතු ගණනකින් ඉහළ යනු ඇතැයි කියැවේ. ඒ පෝලිමට අලුතෙන්ම එකතුවී තිබෙන්නේ බස් ගාස්තුවය.

මෙරට සැලකිය යුතු පිරිසක් පෞද්ගලික වාහනයෙන් ගමන් බිමන් යාම අතහැර බොහෝ කල්ය. ඒ ඉන්ධන ගාස්තුව දරා ගැනීමට නොහැකිවීම හා වාහන අමතර කොටස්වල මිල ඉහළ යාම හේතුවෙනි. පහුගිය කාලයේදී ‘ටයර්’ එකක් සොයා ගැනීම කළුනික සොයා ගැනීමක් බඳුවිය. එහෙයින් පොදු ප්‍රවාහන සේවයේ පිහිට පැතීම හැර අන් විකල්පයක් නොවීය. දැන් කියැවෙන්නේ බස් ගාස්තුවද ඉහළ යන බවය.

මිනිසාට ජීවත්වීමට අවශ්‍ය පන්නරය, ශක්තිය ලබාදෙන්නේ බලාපොරොත්තුවලිනි. එහෙයින් මිනිසා අහස උසට බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත්වේ.

ඒ සියලු බලාපොරොත්තු කෙසේ වෙතත් යම් ප්‍රමාණයක් හෝ ඉටුකර ගත හැකි පරිසරයක් රටක් තුළ තිබිය යුතුය. මේ වසරේදී නොහැකි වූවත් ඊළඟ වසරේ හෝ එම පියවරට යා හැකිවේය යන විශ්වාසයක් මිනිසාට තිබිය යුතුය. එහෙත් දැන් තියෙන්නේ ඊළඟ වසරේදී නොව මේ කල්පයේ කිසිම බලාපොරොත්තුවක් ඉටුකර ගත නොහැකි ශාපලත් පරිසරයකි. මෙම ඉච්ඡාභංගත්වය සමාජයේ යහපැවැත්මට මාරාන්තික බව හඳුනා ගන්නේනම් එය ඉතා යහපත් වනු ඇත.

(***)



අදහස් (1)

වැට් බදු ඉහළ දැමීමෙන් පොඩ්ඩාට තවත් අමාරුකම්

pakeer Thursday, 21 December 2023 04:29 PM

තවත් මේ රට රැකගැනීමට හදන එක..., බිඳිලා බිම වැටෙන වීදුරුවක් අල්ලන්න යනවා වගේ වැඩක්... මේක අපිට බේරගන්න බැහැ. අපි ඒ පරම සත්‍යය තේරුම් ගත යුතුයි. එකම විදිහ ... මිනිස්සු මේ රටින් පැනයාමයි.. මම ලැබෙන මුල්ම වතාවේ එය කරමි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site