ධර්මද්වීපය යැයි විරුදාවලි ලත් රට බොහෝ වේගයෙන් සංස්කෘතික කාන්තාරයක් බවට පත්වෙමින් තිබේ. අසන්නට, දකින්නට ලැබෙන සිදුවීම් හද කම්පා කරවයි. මිනිසුන්ට මෙහෙම හැසිරිය හැකිදැයි’ සිතෙන තරමට එම සිදුවීම් ජුගුප්සාජනකය. එමෙන්ම කුරිරුය. මෙම සිදුවීම් වාර්තා වන්නේ නූගත් අඥාන පුරවැසියන්ගෙන් පමණක් නොව දැන උගත්කමින් පිරිපුන් සමාජයේ වගකිවයුතු යැයි සැලකෙන පුරවැසියන්ගෙන් වීම ද විශේෂිතය. මේ බව පසක් කරවන සිදුවීමක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ දරුකමට හදා ගැනීමට ගත් බව කියන 5 හැවිරිදි දැරියකට කෲර වධ හිංසා සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසන බවය.
විශ්වවිද්‍යාලයේ කඹුරුපිටියේ නිල නිවෙසක සිටින දරුවකු නිතර අඬන බවට කිසිවකු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාට දුන් තොරතුරකට අනුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් එම දැරිය පොලිස් බාරයට ගෙන ඇති අතර ඒ වන විටත් එම දැරියගේ ශරීරයේ කීප තැනක පහරදීම හේතුවෙන් නිල්පැහැ ගැන්වී තිබූ බව සඳහන්ය. දැරියගේ නාසය, තොල්, තල්ල ආදි ශරීරාංග තුවාල වී තිබූ බවත් එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
සැකකරු ‘බෙල්ට්’ එකක් කැඩෙන තෙක් එම දැරියට පහරදී ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත. ළමා නිවාසයක සිටි එම දැරිය හදා ගැනීම සඳහා නීති මාර්ගයෙන් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.
මෙම තක්කඩියා සිදුකර තිබෙන්නේ සරසවි ඇදුරකුට නොව පහේ පංතියට හෝ නොගිය නූගතකුට තරම් හෝ නොවන අපරාධයකි. අවුරුදු පහක් පමණ වන දැරියක් මෙම දරුණු වධ හිංසා කෙසේ දරා සිටියේ ද යන්න සිහි නුවණින් විමසා බැලිය යුතුය. ළමා නිවාසයක හැදුණු වැඩුණු බැවින් එම දැරිය අකීකරු වන්නට ඇත. මුරණ්ඩු වන්නට ඇත. එහෙත් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට වැඩිහිටියන් සමත් විය යුතුය. එහෙත් මෙම සරසවි ඇදුරා කර තිබෙන්නේ මෙම දැරිය නිර්දය ලෙස හිංසාවට ලක් කිරීමය. එය එසේ වන විට සරසවි ඇදුරකු වීමට තරම් සුදුසුකම් කොහෙන් අහුලා ගත්තේ දැයි විමසිය යුතුය.
කෙනකුගේ අධ්‍යාපන සහතිකවලින් ඔහු හෝ ඇය මනින්නට නොහැකිය. ඔහුගේ හෝ ඇයගේ දැනුම මැනිය හැක්කේ චරිතය මගිනි. ‘විද්‍යා දදානි විනයං’ යනුවෙන් සඳහනකි. එයින් කියැවෙන්නේ විද්‍යාවෙන් හෙවත් අධ්‍යාපනයෙන් ලබා දෙන්නේ විනය බවය. විනය නැති තැන ඉතිරි වෙන්නේ කොඩිවිනය වේ. තමන් අධ්‍යාපන කටයුතුවල නිරතවන විශ්වවිද්‍යාලය ද ගඳ ගැස්සූ මෙම සරසවි ඇදුරා ඔප්පු කර තිබෙන්නේ තමන් ගුරු වෘත්තියට කථීකාචාර්ය ධුරයකට සුදුසු නොවන බවය.
කහවත්ත, වැල්ලඳුර, වෙලේවත්ත ප්‍රදේශයේ තිදරු මවක ඝාතනය කර තිබුණේ ඉකුත්දාය. මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත්තේ එම මවගේ බාල දියණියයි. මෙම බාල දියණිය රජයේ සේවිකාවකි. උපාධිධාරිණියකි. එහෙත් ඇයට සිදු වූයේ දසමසක් කුස දරා ගත රුහිරු කිරි කර පොවා වැඩූ තම ආදරණීය මවගේ ඝාතනයට සැකපිට අධිකරණය ඉදිරිපිටට යාමටය.
අප රටක් වශයෙන් ගමන් කරමින් සිටින්නේ කොතැනටදැයි මෙම සිදුවීම්වලින් පැහැදිලිය. මෙම අගාධයෙන් රට ගොඩ ගැනීමේ මහා ක්‍රියාන්විතයක් සිදුකළ යුතුය. එයට දැනුත් කල්යල් හරිය.
(***)
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සරසවි ඇදුරාගේ නිහීන ක්‍රියාව
nihal Saturday, 23 December 2023 09:49 AM
මෙයාටත් බෙල්ට් එක කැඩෙනතුරු පොලිසියට ගෙනගොස් පහර දිය යුතුයි...
Shamaal Udayanga Saturday, 23 December 2023 11:43 AM
මෙයාලාව ගස් බැඳලා බෙල්ට් එකෙන් කැඩෙන්න ගහන්න ඕනෑ... සල්ලි තියෙන හැම කෙනාම නඩුවලින් නිදහස්...!
fairoos Tuesday, 26 December 2023 02:48 PM
මෙහෙමත් කාලකණ්ණින්...!
Name and Shame Wednesday, 27 December 2023 01:50 PM
තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයකු - නම කියන්නේ නැත්තේ වැදගත් කියලා ඔවුන්ම ලේබල් ගහලා තියෙන නිසාද?
chandima Sunday, 31 December 2023 01:16 AM
ඉස්සර අහලා තිබුණට දැන් ධර්මද්වීපයේ කියන නම මතක් කරන්නවත් එපා... ඒ කාලේ වගේම දැන් ඩොලර් එක 325යි.., වැට් එක 18% යි. බිත්තර ගෙන්වන්නේ IMF ණය සල්ලි වලින් ඉන්දියාවෙන්. ධර්මය පන්සල් වලිනුත් ඈත්වෙන්න ඔන්න මෙන්න...!
Dulaj Sunday, 31 December 2023 02:03 PM
පේරාදෙණියේ ඉන්නවා ඊටත් වඩා අයියලා.. වැඩකරන සේවකයින්ට සලකන්නේ සත්තුන්ට වගේ... මර්ධනය හොඳටම තියෙන්නේ එතැන..
abeygunasekarasampath95Sunday, 31 December 2023 10:03 PM
සත්තු වගේ හැසිරෙනකොට වෙන මොනවා කරන්නද? පඩි ගන්නවා වැඩක් කරන්නේ නෑ. කොහොමද පරිපාලනය ගෙනියන්නේ?
Sampath Abeygunasekara Sunday, 31 December 2023 10:06 PM
කහවත්තේ සිද්ධිය හුදු සැකයක් පමණයි... නියම ඝාතකයා අල්ලා ගත්තා...