IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහත්වරුන්ගෙන් ගිලිහුණු අපේ ක්‍රිකට් ක්‍රීඩාව

ක්‍රිකට් වසන්තය එක්වරම රුදුරු ගිම්හානයකට යටත් වී තිබේ. ඉතිහාසයේ පළමුවරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රිකට් තහනම් කර තිබේ. එක්වරක් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් රටක් හා දෙවරක් ක්‍රිකට් ලෝක අනුශූරයන් වූ රටක් මෙන්ම විස්සයි - 20 ලෝක කුසලානය  දිනූ රටක් වන ශ්‍රී ලංකාවට මෙම තහනම නින්දනීය කැළලකි. දැවැන්තම අවමානයකි. මෙම තහනම තව දුරටත් තහවුරු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉකුත් 21 වැනිදා තීරණය කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීම ක්‍රීඩාව පැත්තෙන් මෙන්ම ආර්ථිකය පැත්තෙන්ද රටට බලවත් අලාභයකි. වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන මාසයේ මෙරට පැවැත්වීමට සියල්ල සූදානම් කරමින් තිබිණි. එහෙත් ක්‍රිකට් තහනම නිසා එම තරගාවලිය අපට අහිමි විය. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනම් කර ඇති රටක ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්විය නොහැකිය යන ස්ථාවරය නිසා ය. එහෙයින් එම තරගාවලිය දකුණු අප්‍රිකාවට ගියේය. එම තරගාවලිය අහිමිවීම නිසා ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය මුදල ඇමරිකන් ඩොලර් මිලියන 100කට අධික ය. ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටින මොහොතක එවන් මුදලක් රටට අහිමිවීම බරපතළ ප්‍රශ්නයකි. එමෙන්ම මෙම තරගාවලිය සංචාරක ව්‍යාපාරයට ද බලවත් රුකුලක් විය. එහෙත් ඒ සියල්ලම රටට අහිමි විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රිකට් තහනම් කරනු ලැබුවේ ක්‍රිකට් පරිපාලනයට එල්ලවන දේශපාලන අතපෙවීම හේතුවෙනි. එබඳු දේශපාලන අතපෙවීමක් නැතැයි කාටවත් කිව නොහැකි වාතාවරණයක් ඉකුත් සමයේ තිබිණි. එක් අතකින් රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා සමාජ ඡන්දයෙන් තේරීපත් වූ ක්‍රිකට් පරිපාලනය වෙනුවට අතුරු කමිටුවක් පත් කළේය. ක්‍රිකට් බලධාරීහු අධිකරණයට ගියහ. අධිකරණයෙන් එම අතුරු කමිටුවට වාරණ නියෝගයක් ලබා දුන්නේය. ඔය අතරවාරයේ පාර්ලිමේන්තුවේ දිනක විවාදයක්ද පැවතුණි. ආණ්ඩු පක්ෂයේ ඇතැම්හු හා විපක්ෂයේ පිරිස් ක්‍රිකට් පරිපාලනය තදින් විවේචනය කළා පමණක් නොව ක්‍රිකට් පරිපාලනය ඉවත් කළ යුතු බවට යෝජනාවක් ද සම්මත කරගත්හ.

මෙම සමස්ත ක්‍රියාදාමයම මුළුමනින්ම දේශපාලනික මුහුණුවරක් ගත්තේය.  ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ‘‘මෙතැන තිබෙන්නේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ දෙපිරිසක් අතර ප්‍රශ්නයක්’’ බවය. රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ‘‘ක්‍රිකට් ආයතනය සතුව ඇති මහ ධන නිධානය නිසා මෙම ප්‍රශ්න ඇතිවන’’ බවය. වත්මන් ක්‍රිකට් පරිපාලනය පවසන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගසන බවය.

කවුරුන් කුමක් කීවද අවසානයේ දී සිදුවූයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තහනම්වීමය. විපක්ෂයේ ඇතැම් පිරිස් ක්‍රිකට් ප්‍රශ්නය තමන්ට දේශපාලන වාසි ලබාගැනීමේ අවස්ථාවක් බවට පත් කර ගත්හ. තවකෙක් තමන්ට ක්‍රීඩා සමාජ ඡන්දවලින් ක්‍රිකට් පරිපාලනයට පැමිණිය නොහැකි හෙයින් අමාත්‍යවරයාගේ අතේ එල්ලි ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට උත්සාහ කරති. එහි තාර්කික අන්තය මෙරට ක්‍රිකට් තහනම් වීමය.

ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවකි. එහෙයින් මෙහි මතුවන  ඕනෑම ප්‍රශ්නයක් මහත්මා ලීලාවෙන් විසඳාගත යුතුය. ඒ වෙනුවෙන් පළමුවෙන් සියල්ලන්ම මහත්වරුන් විය යුතුය. නැතහොත් ක්‍රිකට් ‘බල්ලට’ යනු ඇත.

(***)



අදහස් (7)

මහත්වරුන්ගෙන් ගිලිහුණු අපේ ක්‍රිකට් ක්‍රීඩාව

sam Friday, 24 November 2023 04:15 AM

ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වශයෙන් පවත්වා ගෙනයාමට නම් එයට සම්බන්ධ සියලු දෙනා මහත් හොරුන් නොව මහත්වරුන් විය යුතුම වේ. එසේ නොවන්නේ සියල්ලෝම ක්‍රිකට් ක්‍රීඩාවට වඩා $ වලට වැඩි කැමැත්තක් දක්වන සහ ඒ මත තීන්දු ගන්න නිසාවෙනි. ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් යනුවෙන් සඳහන් පාටයට අනුව මීට දශක 4කට පෙර ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණියේ කොළඹ සහ අවට පාසල් තුළ අධ්‍යාපනය ලැබූ පිරිසක් නිසා එදා ක්‍රීඩාව ඒ කාරයට පැවතිණි. එසේ වුවත් මේ වනවිට දුරස්ථ ප්‍රදේශවලින් පවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාවට බොහෝ පිරිසක් එක්ව තිබෙන්නා වූ නිසා ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩා පුහුණුව පමණක් නොව ඔවුන්ගේ මනසටද පුහුණුවක් ලබාදිය යුතුවේ...!

:       0       10

Perera Friday, 24 November 2023 06:03 PM

මහත්වරුන් රට පාලනය කරනකොට ක්‍රිකට් විතරක් බේරිලා තියෙයිද? 

:       0       1

Shan Saturday, 25 November 2023 03:17 PM

ශම්මි කියක් දුන්නද?

:       0       15

Xooo Sunday, 26 November 2023 01:14 AM

මෙයා නම් ශම්මිද කොහේද?

:       0       6

Dukatapath Cricket Lolayek Sunday, 26 November 2023 10:06 AM

මහත්වරුන්ගෙන් මහත්හොරුන් අල්ලගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව....

:       0       5

LAST MAN Sunday, 26 November 2023 02:20 PM

"නැතහොත් ක්‍රිකට් ‘බල්ලාට’ යනු ඇත.

:       0       3

GAMAGE Tuesday, 28 November 2023 05:05 AM

දීර්ඝ කාලයක් ලංකාදීප කතුවැකිය කියවූ කෙනෙක් හැටියට මෙය කියෙව්වේ ඉතා කණගාටුවෙනි . "තවකෙක් තමන්ට ක්‍රීඩා සමාජ ඡන්දවලින් ක්‍රිකට් පරිපාලනයට පැමිණිය නොහැකි හෙයින් '' . ඔය සුමතිපාල ධර්මදාස ශම්මි කල්ලිය නාමිකව පමණක් ඇති ක්‍රිකට් සමාජ ඇතිකොට එම සමාජ සල්ලිවලට අරගෙන බලයට පත්වී ඇති බවවත් දන්නේ නැතිද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site