මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ‘ලංකාදීප’ යේ පසුගියදා පළවූ වාර්තාවක සඳහන් විය. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඒ බව හෙළිකරමින් ප්‍රකාශ කර තිබුණේ ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් බවට පත්ව තිබෙන බව ය. එම ආයතන නියාමනය කිරීමට මහ බැංකුව නොවන වෙනම ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දී තිබිණි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ තොරතුරු හෙළිකළ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ අපරාධ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා සකස් කළ නීති කෙටුම්පත ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ය. රටේ දැනට සිදුවෙමින් පවතින අපරාධවල දරුණු ස්වාභාවය අනුව එම නීති හැකිතරම් ඉක්මණින් ක්‍රියාත්මක විය යුතු බවට විවාදයක් නැත. ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල කියුම් කෙරුම් ද අපරාධ ගණයට වැටෙන බැවිනි.
මේ රටේ ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ ද සංවිධානාත්මක අපරාධකරුවන් අනුව ම යමින් බවට මහජනතාව තුළ සැකයක් පහළවීම පුදුමයක් නො වේ. තමන් මුහුණ දෙන ආර්ථික ගැටලු හමුවේ පිළිසරණක් හැටියට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල උදව් ලබාගන්නා ඇතැම් දුරබැහැර පළාත්වාසීන් ඊළඟට මුහුණ දෙන්නේ ‘සුනාමියකට’ ය. තමන්ගේ අතේ තිබෙන සේසතම හැඳි ගෑවී යන තත්ත්වයකට පත්වන ඔවුහු ඊළඟට ගඟේ මුහුදේ පනිති. මේ ආකාරයට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය කලට වේලාවට ආපසු ගෙවීමට හැකියාවක් නොමැති වූ ඇතැමුන්ට තම ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවූ අවස්ථා තිබේ. එහෙත් ඒ ගැටලුවට විසඳුමක් සොයාගැනීම ඉතාම අපහසු ය.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ රටේ විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක ය. බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ග්‍රාමීය සමුපකාර බැංකු, සකසුරුවම් සහ සමුපකාර සංගම් මෙන්ම වෙනත් ප්‍රජා මූලික සංවිධාන හරහා එම ආයතන ක්‍රියාත්මක ය. මේ හැර විවිධ ආකාරයට පිහිටුවා ගන්නා ලද ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ද ක්‍රියාත්මක ය. ඒවා ඇතැම් විට රාජ්‍ය නොවන සංවිධාන හරහා ක්‍රියාත්මක වන බව ද සඳහන් වෙයි.
දැනට ගණන් බලා ඇති අන්දමට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 10,000ක් පමණ රටේ පවතින බව නිල නොවන වාර්තා පෙන්වා දෙයි. මේවායින් සේවය ලබාගන්නේ අඩු ආදායම්ලාභී පුද්ගලයන් හෝ කණ්ඩායම් වශයෙනි. මූල්‍ය ආයතනය සිදු කරන්නේ තැන්පතු බාරගැනීමත් සාධාරණ පොලියකට කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා ණය සහනයක් සැලසීමත් ය. එහෙත් නිසි ආකාරයට නීතිගත කර ඇති ආයතනයක් මෙන් නොව හතු පිපෙන්නාක් මෙන් බිහි වී ඇති වංචාකාරී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන බොහොමයක් සිදුකරන්නේ ගෙවාගත නොහැකි තරමට ණය මුදලක් ලබා දී එය නොගෙවා පැහැර හැරීමේ දී ණය හිමියා දැඩි ලෙස පීඩාවට පත් කිරීම ය. ඔවුන් සතු කිසියම් හෝ දේපළක් තිබේ නම් එය තමන්ගේ ආයතනයට පවරා ගැනීම ය. එහි අනිවාර්ය ප්‍රතිඵලය ණයලාභී දුප්පතා තවත් පතුලට ඇදවැටීම ය.
මේ ආකාරයට කටයුතු සිදුවන්නේ මේ ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල සේවක පිරිසට ප්‍රමාණවත් අධ්‍යාපනයක් හෝ පුහුණුවක් නොමැතිවීම හේතුවෙන් බවද සඳහන් වේ. දැනට පවතින ආර්ථික පීඩනය හමුවේ රටේ දිළිඳු ජනතාවට ගෙවාගත නොහැකි තරම් ණය මුදල් ලබාගැනීමට සිදුකරන පෙළඹවීම් මේ ගැටලුවේ බරපතළ පැතිකඩක් පෙන්වයි. එය මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිදු පිළිගත් නියාමනයක් සිදු නොවීමේ ප්‍රතිඵලයකි. එහි වින්දිතයන් බවට මෙරට දිළිඳු ජනතාව පත්විය යුතු නැත.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය වඩාත් සක්‍රීයව සිදුවන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල බව හෙළිවී තිබේ. යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් සංසන්දනාත්මකව සෙසු පළාත්වලට වඩා එම දෙපළාත දිළිඳු බවින් පීඩා විඳීම එයට හේතුවක් ද විය හැකි ය. ජීවන වියදම අධිකවීමත් ව්‍යාපාරික ජාලය පුළුල් කර ගැනීමට සිදුවීමත් හේතුවෙන් මේ පළාත්වල ජනතාව ණය ලබා ගැනීමට පෙළඹී සිටිති. එහිදී බැංකු සහ මූල්‍ය සමාගම් වෙත යනවාට වඩා ඔවුන්ගේ තේරීම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන බව එම දෙපළාත ආශ්‍රිතව සිදුකෙරුණු සමීක්ෂණයකින් හෙළි වී ඇත. එහෙත් ආයෝජනයකට වඩා පරිභෝජනයට එම ණය මුදල යොදා ගැනීමෙන් ඔවුහු අමාරුවේ වැටෙති.
මේ තත්ත්වයන් සලකා බැලීමේ දී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට හැකි ඉක්මණින් පියවර ගැනීම විශාල විනාශයක් වළක්වා ගැනීමක් බව කිව යුතු ය.
(***)
ශ්රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ. බැංකු පනත සංශෝධනය කර ස්වාධීනත්වය ඇතිකරන නමුත් ආකෘතිගත රාමුව නොවෙනස්ය. රාජ්‍ය ප්‍රති
බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීප
ආර්ථිකයේ තත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, විසඳාගතයුතු කරුණු ජා.ජ.බ. සමග විවාදය යනාදී කරුණු සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හම
උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්රචාරක වැඩට ක
ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට නියාමනයක් ඕනෑ ඇයි?
janaka Thursday, 14 December 2023 07:23 PM
ඔන්ලයින් ණය ගැනත් බලන්න.
aad Saturday, 16 December 2023 10:59 AM
HNB වගේ ජනතාව හූරාගෙන කන බැංකු ගැනත් බලන්න...
වීරවිජේ Saturday, 16 December 2023 10:57 PM
දයා ගමගේලට බොල් ණය බිලියන ගණන් ගන්න පුලුවන් වෙන්න.