IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


නත්තලේ අසිරිය සැමට උදාවේවා!

අසිරිමත් නත්තල අදින් උදා වේ. ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත ජනතාව ඉමහත් බැතියෙන් මෙන්ම අපමණ ප්‍රීතියෙන් නත්තල සමරති. ඒ, තමන්ගේ මනුෂ්‍ය ආත්මභාවයේ ගැලවුම්කරුවා බෙත්ලෙහෙමේ ගවලෙනක ඉපදුණු සතුටය. නත්තල අප රටේ එක් විචිත්‍රවත් සංස්කෘතිකාංගයකි. එහෙයින්, කිතුනු ජනයා පමණක් නොව සෑම ආගමකටම අයත් ජනයා උත්සවශ්‍රීයෙන් නත්තල සමරති. ජේසුස් වහන්සේගේ උප්පත්තිය සම්බන්ධ ශුභාරංචියෙන් ඉපිලෙමින් නත්තල සමරන ඒ ජනී ජනයා සමග ලංකාදීපය ද මෙසේ සාදරයෙන් එක්වේ.

අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමෝ සුවිශේෂී ප්‍රකාශයක් ඉකුත්දා කළහ. එනම්, “මෙවර නත්තල දුගියා සමරන්න” යනුවෙනි. මෙය මෙම යුගයට අවැසි ඉල්ලීමකි. දුකෙන් පෙළෙන ජනයා වෙනුවෙන් කෙරුණු සානුකම්පිත හා මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ඉල්ලීමකි.

සත්‍ය වශයෙන්ම රටේ බහුතරයක් ජනයා බලවත් පීඩාවෙන් කල් ගෙවති. දෙතුන් වසරක් පුරා කැළැතෙමින් තිබූ ආර්ථික අර්බුද වගුර දැන් වාන් දමමින් තිබේ. මෙම පරිසරය තුළ ද බොහෝ යස ඉසුරින් පිරුණ දිවි ගෙවන රන් බඳුන්වල රජ බොජුන් වළඳන පිරිස් ද සිටිති. එමෙන්ම, වේලෙන් වේලට අලුත් වන බඩගින්න නිවා ගන්නේ කෙසේ දැයි හූල්ලමින් කල දවස ගෙවා දැමීමේ දුෂ්ට ඉරණමට යටත්වූ පිරිස අතිවිශාලය. ගිනි කෙළි!යක් බවට ජීවිත පත් වූ ජනයාට සැණකෙළි ඇවැසිම නැත.

කිතුනු දහමේ පදනම මානව ප්‍රේමය වේ. “අසල්වැසියාට ප්‍රේම කරන්න” යනුවෙන් ජේසු සමිඳානෝ ඉල්ලා සිටියහ. මානව සමාජයට ඇවැසි සහජීවනය නිර්මාණය වන්නේ ප්‍රේමය මතිනි. මුළු මහත් මානව සමාජයම එකට ඇද බැඳ තබන්නේ ප්‍රේමයේ රැහැන් පටිනි. එහෙයින්ම, මෙවර නත්තලේදී ප්‍රේමය එයට හිමි නිසි බරින් හා ගැඹුරින් නිර්මාණය කරගැනීමට සමත් වන්නේ නම්, ඔහු හොඳ කිතුනුවකු මෙන්ම විශිෂ්ට හා විචිත්‍ර මිනිසකු බවට පත්වේ.

මානව ආපදාවකට පත්ව සිටින මොහොතක තනි තනිව විසඳුම් සෙවීමට යාම නිරර්ථකය. එමෙන්ම, තිබෙන අර්බුද වගුර තව තවත් ගැඹුරු කරන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම අනුචිතය. විනාශය, විනෝදයක් බවට පත්කරගන්නේ නම්, අපට නෙළා ගැනීමට සිදු වන්නේ පරාජය හා විනාශය පමණි. මෙබඳු අවස්ථාවක අවුළුවාගත් මහා මිනිස් අනුරාගයකින් පණ පෙවී සාමූහිකව කටයුතු කළ යුතුය.

අපගේ ආගමික මෙන්ම සංස්කෘතික ජීවිතය ඔපවත් කළ නත්තල වාර්ෂික ලිත් සැමරුවකින් බැහැර විය යුතුය. එය වසරේ තවත් එක් දිනයක් පමණක් බවට පත් නොකළ යුතුය. කාබී නටා ගයා අවසන් කරන දිනයක් නොවිය යුතුය.

අප සමාජයට තවත් අත්දැකීම් ඇවැසි නැත. ජීවිතයේ තතු එයාකාරයෙන්ම හඳුනා ගැනීමට පහසු සෑම ආකාරයකම, සෑම පන්නයකම අත්දැකීම් අපි ලබා ඇත්තෙමු. ඒ සියල්ල අමතක කර දමා කල දවස ගෙවීමට අපට කිසිදු අයිතියක් නැත. එහෙයින්, පවතින තත්ත්වය මැනවින් වටහා ගනිමින්, එයට සරිලන ජීවන විලාසිතාවකට ජීවන විලාසයකට අප ගමන් කළ යුතුය.

අපට බොහෝ දේ කිරීමට අවශ්‍ය නැත. අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමා ඉල්ලූ පරිදි, පීඩාවට පත් ජනයා සමග අප නත්තල සමරන්නේ නම්, ඔවුන්ට දිරියක් බලයක් ලබා දෙන්නේ නම්, එය සැබෑ අසිරිමත්ම නත්තලක් වනු ඇත.

(***)



අදහස් (0)

නත්තලේ අසිරිය සැමට උදාවේවා!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site