එකම මාදිලියේ විෂයන් එකම අමාත්‍යංශයකට ඕනෑ
එකම විෂය පථයකට අයත් දැනට බෙදී වෙන්ව පවතින අමාත්‍යංශ ඒකාබද්ධ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි අපගේ ලංකාදීපය පසුගියදා වාර්තා කර තිබිණි. ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නාස්තිය අවම කිරීම, ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සහ රජයට ලාභ ලැබෙන පරිදි ආයතන සකස් කිරීම යන අරමුණු ඉටුකර ගැනීම මේ තීන්දුව ගැනීමට හේතු වී ඇතැයි ද සඳහන් ය.