ඓතිහාසික උරුම අතින්ගත් විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව බොහෝ වාර්තා අත්පත් කරගත් රටකි. වසර 2500ක් තරම් අතීතයට දිවයන ඉතිහාසයක් සහ සංස්කෘතියක් ඇති ලංකාවේ උරුම හරුමකම් ලෝක ප්‍රකට විද්වතුන්ගේද ඇගයුමට හා සම්භාවනාවට පාත්‍ර වී තිබේ. භාරතයෙන් දායාදයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනැමූ බුදුසමය විසින් හික්මවන ලද සමාජය මේ ප්‍රබුද්ධ සංස්කෘතික හර පද්ධතිය නිර්මාණය කළ බව කීම වරදක් නොවේ.
අපට මෙම පෙරවදන සටහන් කරන්නට සිදුවූයේ ශ්‍රී ලංකාවේ ලෝක උරුම පිළිබඳ කතිකාව නැවතත් පුවත් මවන්නට පටන් ගැනීම නිසාය. ශ්‍රී ලංකාවේ දැනට ප්‍රකාශ වී තිබෙන ලෝක උරුම අටට අමතරව තවත් ලෝක උරුම ස්ථාන 10ක් හඳුනාගෙන ඇතැයි පුරාවිද්‍යා හා සංස්කෘතික බලධරයන් පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවට වාර්තා කර තිබුණි. එහෙත් එම උරුම ස්ථාන හෝ ප්‍රදේශ කවරේ දැයි සඳහනක් නැත.
මෙම ලෝක උරුම ස්ථාන හෝ ප්‍රදේශ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ බලය ඇත්තේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝවටය. 1972 යුනෙස්කෝව සම්මත කරගත් ලෝක උරුම හා පාරිසරික උරුම රැක ගැනීමේ අන්තර් ජාතික සම්මුතිය අනුව මෙකී ලෝක උරුමය ප්‍රකාශයට පත් කෙරේ. මේ තාක් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති ලෝක උරුමස්ථාන ගණන 8කි.
එම ස්ථාන වන්නේ අනුරාධපුර පූජා නගරය, පොළොන්නරුව පූජා නගරය, මහනුවර පූජා නගරය, සීගිරිය, රන්ගිරි දඹුළු විහාරය, ගාලු කොටුව, සිංහරාජ වනාන්තරය හා මධ්‍ය කඳුකරයේ සමනල හා දුම්බර (දුම්බානාගල) පරිසර පද්ධතිය. මෙයට අමතරව තවත් ස්ථාන හඳුනාගෙන ඇතැයි ප්‍රකාශ නිකුත්වන විට ඒ පිළිබඳව හැදෑරීම් කරන විද්වතුන් විසින් ප්‍රකාශයට පත් කරන ලද යෝජිත ස්ථාන ගණනාවක් ගැන සඳහන් වෙයි. මෙයින් ස්ථාන 3ක් ගැන පමණක් යුනෙස්කෝ වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ යෝජිත ලෝක උරුමස්ථාන ලෙස සටහන්ව ඇත. සේරුවිල මංගල රජමහා විහාරය, සේරුවිල සිට මහවැලි ගංගාව ඔස්සේ පුරාණයේ පැවති සිරිපා මාවත සහ රජගල නටබුන් මෙම ස්ථාන තුනය. ඒ හැර වෙනත් කිසිදු යෝජිත ලෝක උරුම ස්ථානයක් ගැන යුනෙස්කෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ නැත.
ලෝක උරුම ස්ථානයක් ප්‍රකාශයට පත් වූ විට එම ස්ථානයට හෝ ප්‍රදේශයට අලුත් වටිනාකමක් එක්වෙයි. ඒ නිසා එම ස්ථාන ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම යුනෙස්කෝව විසින් අදාළ රටවල ආණ්ඩුවලට පවරා ඇත. එම පැවරීමේදී ලබාදී ඇති ප්‍රධානම නිර්දේශයක් වන්නේ අදාළ ස්ථානයේ පැවැත්මට හානිදායක කිසිවක් නොකළ යුතු බවයි. එහෙත් ශ්‍රී ලංකාව ගත් විට අපේ ලෝක උරුම ස්ථානවල සුරක්ෂිත බව සම්බන්ධව රටේ පාරිසරික හා සංස්කෘතික උරුම සුරැකීමේ සංවිධාන වරින්වර විවිධ ප්‍රශ්න මතුකර තිබේ. අනුරාධපුරය, පොළොන්නරුව ආදී පුදබිම්වල කෙරෙන අනවසර ඉදිකිරීම් ගැන මෙයට පෙර වාර ගණනාවක් වාර්තා ලැබී තිබුණි. එසේම ශ්‍රී ලංකාවේ පවත්නා අගනා පරිසර පද්ධතියක් ලෙස සැලකෙන ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව කෙරෙන හානිදායක ක්‍රියාකාරකම් හා ඉදිකිරීම් සම්බන්ධයෙන්ද වාර ගණනාවක්ම චෝදනා එල්ල විය. ගාලු කොටුව සංරක්ෂණය කිරීමේ මුවාවෙන් එහි ලෝක උරුම ලක්ෂණවලට හානි කිරීමක් ගැනද ඇතැම් වාර්තාවල සඳහන් විය. මේ ආකාරයට මෙරට ලෝක උරුම ස්ථාන සම්බන්ධයෙන් කාලයෙන් කාලයට විවිධ අර්බුදකාරී තත්ත්ව හට ගැනිණ. එහෙත් එම චෝදනා මත මෙම ස්ථාන ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යුනෙස්කෝව පියවර නොගැනීම වාසනාවට කරුණකි.
මෙහිදී තවත් සිහිපත් කළයුතු කරුණක් තිබේ. රටක ලෝක උරුමයක් ප්‍රකාශයට පත් වූ විට. එම ස්ථානයට හෝ ප්‍රදේශය ජාතික හා ජාත්‍යන්තර අවධානයට ලක්වෙයි. එසේම ලෝක උරුමයක් ලෙස යම් ස්ථානයක් නම්කරනු ලැබූවිට විශේෂයෙන්ම සංචාරකයන්ගේ දැඩි අවධානය එම ස්ථානවලට යොමුවීම ස්වභාවිකය. එබැවින් දැනට මෙරට ප්‍රකාශ වී තිබෙන ලෝක උරුම ස්ථාන සංචාරක ගමනාන්ත වශයෙන් තවදුරටත් ජාත්‍යන්තරයෙහි ප්‍රවර්ධනය කළ හැකි නම් ඒවා රටට ඩොලර් ගලන ධන උල්පත් බවට පත්කර ගත හැකිය.
(***)
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රටට ධන උල්පත් මවන ලෝක උරුම රැකගනිමු
AB Sunday, 22 October 2023 05:50 AM
"ලෝක උරුම ස්ථාන සංචාරක ගමනාන්ත වශයෙන් තවදුරටත් ජාත්‍යන්තරයෙහි ප්‍රවර්ධනය කළ හැකි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවන් තිබේ". අවශ්‍ය වන්නේ ඇමැතිවරයාගේ සහ නිලධාරීන් ඒ පිළිබඳව දක්වන උනන්දුව, ඔවුන්ගේ හැකියාවන් සහ සංචාරකයින් ගෙන්වා ගැනීමට කරන්නා වූ නිර්මණශීලිත්වය සහ එම නිර්මාණශීලිත්වය ලංකාවේන් පිටට ගෙන යන්නේ කෙසේද යන්න මතය. එසේ නොමැතිනම් ලෝක උරුම ස්ථාන ඇතුළු අනෙක් සංචාරක ගමනාන්ත වලින් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකියි. සංචාරකයින් ලංකාවට පැමිණීමෙන් ලබෙන්නාවූ ආදායමෙන් යම් මුදල් ප්‍රමාණයක් යොදවා සංචාරක කලාප තුළ පහසුකම් ඉහළ දැමීමට කටයුතුම කළහැකිවේ.