දේශපාලනය සහ සුරාව අතර පවතින්නේ අනවරත සම්බන්ධයකි. ඇතැම් දේශපාලනඥයන් ප්‍රසිද්ධ වේදිකාවේ සුරාවට එරෙහිව දේශන පවත්වමින් සුරාවෙන්ම යැපෙන බව කවුරුත් දන්නා සංසිද්ධියකි. මන්ත්‍රී පදවියක් නැතිනම් මහජන නියෝජිත ධූරයක් ලබා ගැනීම සුරා සලක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට තිබෙන එක්තරා මාර්ගයක් බව ද ප්‍රකට කරුණකි. එහෙත් සුරාව අලෙවි කිරීමටත් වඩා සුරාව තමන්ගේ පක්ෂ කාර්යාලය තුළම නිෂ්පාදනය කර අලෙවි කරන්නේ නම් එය බරපතළ සමාජ විරෝධී ක්‍රියාවකි.
එසේම රටේ නීතිය හමුවේ ද නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය හා අලෙවිය දැඩි දඬුවම් හිමිවන වරදකි. එහෙත් දෙවියන් වහන්සේ පය නොතබන තැන මෝඩ නරුමයන් කරණම් ගසනවා යැයි කීවා සේ ජනතා නියෝජිතයකු ලෙස මහජන වරමින් පත්වන දේශපාලනඥයා තමන්ගේ පක්ෂ කාර්යාලයේ භූගත බංකරයක් සකස් කොට එහි නීතිවිරෝධී මත්පැන් නිපදවයි නම් එවැන්නන්ට කියන්නට බණක් නැත.
මෙම නීතිවිරෝධී ඉස්කාගාර සිද්ධිය වාර්තා වූයේ කළුතර ප්‍රදේශයෙනි. මෙරට දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර කාර්යාලයේ භූගත බංකරයක් සකසා කසිප්පු නිෂ්පාදනය කළ ඉස්කාගාරයක් පසුගියදා පොලිසිය විසින් වටලනු ලැබීය. අනතුරුව අදාළ දේශපාලනඥයා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය ක්‍රියා කර තිබේ. මේ ආකාරයට හෝ එම දේශපාලනඥයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම යහපත් ආදර්ශයකි.
සුරාව සහ මත්ද්‍රව්‍ය උවදුර රටේ ව්‍යසනයක් මෙන් පැතිරෙමින් පවතී. පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් බලවත් චරිතවලට අයත් නීත්‍යානුකූල සුරා නිෂ්පාදන ඉස්කාගාර ගැන ද පසුගිය දා වාර්තා විය. ඒ අදාළ ඉස්කාගාර හිමියන් වන දේශපාලනඥයන් රජයට ගෙවිය යුතු බදු නොගෙවීම සම්බන්ධයෙනි. එයට අමතරව තවත් සෑහෙන මහජන නියෝජිත පිරිසක් තමන්ට ලැබුණු සුරා සල් බලපත්‍ර ඔවුන් විසින්ම හෝ තමන්ගේ දේශපාලන ගැත්තන් හරහා ව්‍යාපාරික මට්ටමින් පවත්වාගෙන යමින් සිටිති. ලජ්ජා බය නැති මහජන නියෝජිතයන් මෙලෙස ක්‍රියා කරමින් සුරා විරෝධී ව්‍යාපාරවල මුලසුන ගන්නේ සුදු ඇඳුමින් ද සැරසීගෙන වීම හාස්‍යයට මෙන්ම ඛේදයට ද කරුණකි.
මෙවර වාර්තා වූ ආකාරයට අදාළ ඉස්කාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ ප්‍රාදේශීය දේශපාලන පක්ෂයක ඡන්ද අපේක්ෂකයකුය. ඔහුගේ ඉස්කාගාරයේ තිබී අත්අඩංගුවට පත් ගෝඩා ප්‍රමාණය මිලිලීටර් ලක්ෂ 20 කි. ඒවා විශාල බැරල් 10 ක අසුරා තිබූ බව පොලිස් වාර්තාවල සඳහන් වේ. එයින් පෙනී යන්නේ මෙම හොර කසිප්පු ව්‍යාපාරය ඉතාමත් සැලසුම් සහගතව සහ ව්‍යාපාරික මට්ටමින් පවත්වාගෙන ගොස් ඇති බවයි. කෙසේ හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම ගැන කළුතර පොලිසියට කෘතඥතාව හා ජනතා ප්‍රසාදය හිමිවිය යුතුය. පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් ලෙස නීතිය ක්‍රියාත්මක කර ඇත. ඊළඟට ජනතාව බලා සිටින්නේ එකී ප්‍රාදේශීය දේශපාලනඥයන් නියෝජනය කරන පක්ෂය මෙම ඉස්කාගාර ඡන්ද අපේක්ෂකයා සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමක්ද කියායි.
දේශපාලනඥයන්ගේ විනය සහ අනීතික ක්‍රියාමාර්ග පාලනය කළ යුත්තේ නීති මගින් පමණක් නොවේ. ඊට අදාළ පක්ෂ විනය නැමැති මෙවලම උපයෝගී කරගෙනය. අතීතයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් විෂයෙහි පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කළ මහජන නියෝජිතයන්ට පවා ඇතැම් අනීතික ක්‍රියාවල දී පක්ෂ විනය නැමැති වේවැලින් දඬුවම් කළ අවස්ථා අපට මතකය.
මෙම සිදුවීම් සමාලෝචනය කරන විට පෙනෙන්නේ දිනෙන් දින සිදුවන මෙරට දේශපාලනයෙහි පරිහානියයි. මෙහිදී අදාළ පක්ෂ විසින් සම්මත කරගත් පක්ෂ විනය නීති සහ ආචාරධර්ම අනුව අදාළ පක්ෂ නායකයන් ක්‍රියාත්මක විය යුතුය. එබැවින් ඉස්කාගාරය පවත්වාගෙන ගිය ප්‍රාදේශීය දේශපාලන භවතා සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට සමගාමීව පක්ෂයේ විනය නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු වටී. මෙවැනි සැලසුම් සහගත ජාවාරම් මැඩිය හැක්කේ එබඳු දැඩි පියවරකින් පමණි.
(***)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දේශපාලන බලයට මුවාවී හොර ජාවාරම් කරන්නෝ
දුක්ගන්නා රාළ. Saturday, 04 November 2023 02:00 PM
ඔබතුමාගේ ප්‍රශංසනීය "කගපත" කාලයේ තාලයේ හැඩ තලය ප්‍රකාරව තරමක ගැස්මක් තිබුණොත් ඉතින් අර "සිරා" ගේ හදවත ස්පර්ශ වෙයි...!!!
Bunny Preena Monday, 13 November 2023 01:15 PM
දේශපාලකයා අනෙක් සාමාන්‍ය පුරවැසියා මෙන් නීතියට අනුකූල විය යුතුයි. විශේෂ වරප්‍රසාද සියල්ලම අහෝසි කළ යුතුයි. අකැමැති අයට දේශපාලනයෙන් සමුගත හැකිය... වරප්‍රසාද නැතිව අවංකව රටට සේවය කිරීමට කැමැති වැදගත්, ගුණගරුක පවුල්වලින් පැවත එන දරුවන් ඕනේ තරම් අප දේශයේ සිටිති...