IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


ඖෂධ සමග සෙල්ලම් දාන අපේම ද්‍රෝහියෝ

රෝහල් ඉදිරිපිට මල්ශාලා තිබෙන බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. කුමන අදහසක් හිස දරා එම ප්‍රකාශය කළේදැයි පැහැදිලි නැතත් දැන් දැන් එම හේතුව වුවමනාවටත් වඩා වැඩියෙන් අනාවරණය වෙමින් තිබේ.

අප පුවත්පත ඉකුත් දා සිය මුල් පිටුවෙන් අනාවරණය කළ පුවත අප රටේ සෞඛ්‍යය කෙතරම් දුරට රෝගීවී ජරාජීර්ණ වී දූෂිත වී ඇද්දැයි ඔප්පු කරන්නකි. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘‘ඉමියුනෝග්ලෝබින්’’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමෙන් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී පිළිකා රෝගීන් සඳහා භාවිත කරන ‘‘රිටොක්සිනන්’’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් ද අනාවරණය වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන් බවය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට තවදුරටත් දැනුම් දී ඇත්තේ අදාළ රුපියල් කෝටි 11කට ආසන්න මුදල එක්තරා වෙළෙඳ සමාගමකට මුදාහරින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඔහුගේ අත් අකුරෙන් ටෙන්ඩර් පත්‍රිකාවේ පෞද්ගලිකවම සටහන් යොදා ඇති බවය. එමෙන්ම අදාළ ඖෂධය ගෙන්වා තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා පෞද්ගලිකව යෙදු සටහන නිසා අවස්ථා තුනක දී එම මුදල ගෙවා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසියේ පෙනී සිටින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංයේ හිටපු ලේකම්වරයාට නියම කරන්නැයි ඉල්ලා සිටි බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

‘‘බාල ඖෂධ’’ ගෙන්වීම මහා ජාවාරමක් බවට පත්කරගෙන තිබෙන බවට චෝදනා නැගුණේ අද ඊයේ නොව බොහෝ කාලයක සිටය. එහෙත් ඒ බොහෝ අවස්ථාවල චෝදනාව මග හැර යමින් ප්‍රශ්නය යටපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත වළල්ල සමත් විය. එහෙත් ප්‍රශ්නය ‘‘පොල් කට්ටෙන්’’ වසා දැමිය නොහැකි තැනට පත්වී තිබේ. බාල ඖෂධ ගෙන්වීමේ චෝදනාවට අදාළව බාල ඖෂධ ගෙන් වූ සමාගමේ හිමිකරු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා, එහි සහකාර අධ්‍යක්ෂවරිය, ගණකාධිකාරී (සැපයුම්) සහ තොග පාලකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිති.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට නියෝග කර ඇත්තේ ‘‘මෙම ඖෂධ ජාලයට සම්බන්ධ මෙම සැකකරුවන්ට ඉහළින් සිටින මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කරන්න’’ යන උපදේශයෙනි. එමෙන්ම සැකකරුවන් මේ ආකාරයෙන් කටයුතු කර ඇත්තේ ඔවුන්ට ඉහළින් සිටින කුමන නිලධාරීන්ගේ නීති විරෝධී නියෝග මතදැයි වහාම විමර්ශනය කර ඉදිරි දිනයේ දී අධිකරණයට වාර්තා කරන ලෙස ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට නියම කළ බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

මෙරට සියලු ජනයාට දැන් ඇත්තේ අධිකරණයේ පිහිට පමණි. මානව සංහාරයකින් වෙනස් නොවන මෙම මහා ජාවාරමට සම්බන්ධ සියලු පාපතරයන් තරාතිරම් බේදයකින් තොරව කුදලාගෙනවිත් අධිකරණයට ඉදිරිපත් කර උපරිම දඬුවම් දිය යුතුය. ඒ ජනතාවගේ එකම ප්‍රාර්ථනය වේ.

(***)



අදහස් (0)

ඖෂධ සමග සෙල්ලම් දාන අපේම ද්‍රෝහියෝ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය දුර්වල ගමනක?
2024 අප්‍රේල් මස 30 92 0

ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ. බැංකු පනත සංශෝධනය කර ස්වාධීනත්වය ඇතිකරන නමුත් ආකෘතිගත රාමුව නොවෙනස්ය. රාජ්‍ය ප්‍රති


ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු
2024 අප්‍රේල් මස 30 13 0

බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීප


ආර්ථිකයේ ඉදිරි ගමනේ දුෂ්කරතා
2024 අප්‍රේල් මස 29 298 3

ආර්ථිකයේ තත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, විසඳාගතයුතු කරුණු ජා.ජ.බ. සමග විවාදය යනාදී කරුණු සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හම


මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?
2024 අප්‍රේල් මස 29 580 0

උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්‍රචාරක වැඩට ක


සත්‍යය අසත්‍යයට පාවාදීම
2024 අප්‍රේල් මස 27 819 1

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 164 1

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 397 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1794 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1622 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site