IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පාප්තුමාගේ හිටපු උපදේශකට එරෙහි නඩුවෙන් අපටත් පාඩමක්

මූල්‍ය අපරාධ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් වතිකානයේ හිටපු කාදිනල්වරයකු මෙන්ම පාප්තුමාගේ හිටපු උපදේශකවරයකු වූ ඇන්ජලෝ බෙවුට වතිකානු අපරාධ අධිකරණය වසර පහයි මාස 6ක සිර දඬුවමක් හා යුරෝ 8000ක දඩයක් නියම කළ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙම ඇන්ජලෝ බෙවු වරක් පාප් ධුරය සඳහා ද සුදුස්සකු ලෙස සැලකිණි.

අපගේ ශ්‍රී ලාංකේය පාඨකයන්ට මෙම ප්‍රවෘත්තිය විමතිය දනවන්නක් වනු නොඅනුමානය. මන්දයත් අප රටේ ජනයාට ලැබෙන අත්දැකීම් මෙයට හාත්පසින්ම වෙනස් හෙයිනි. සමාජයේ එක් පොදු මතයක් වන්නේ නීතිය රටේ පොඩි මිනිසාට එක ආකාරයකිනුත් බලවතුන්ට තවත් ආකාරයකිනුත් ක්‍රියාත්මක වන බවය. ගරු කටයුතු අධිකරණය එසේ නොවුණ ද ඇතැම් බලවතුන් හැසිරෙන්නේ නීතිය තමන්ට ඇවැසි පරිදි නමාගත හැකි බව එත්තු ගන්වන ස්වරූපයෙනි. මාර්ග නීති කඩ කිරීමේ වරදට කොටුවන බොහෝ දෙනකු උත්සාහ කරනුයේ ඉහළ නිලධාරීන්ට හෝ මැති ඇමැතිවරුන්ට හෝ කතා කර බේරී යාමටය. එබඳු අවස්ථා ඕනෑ තරම් තිබේ. එක රටක් එක නීතියක් යැයි කීව ද එය එසේ නොවන බව පැහැදිලිය. එය එසේ නොවේ නම් පාර්ලිමේන්තුවේ සෑහෙන පිරිසක් මේ වන විටත් සිටිය යුත්තේ මහ උළුගෙදර කල්දේරම් බතෙහි රස බලමිනි.

පාප් වහන්සේගේ හිටපු උපදේශකයකු මෙන්ම වරක් පාප් ධුරය සඳහා සුදුස්සකු ලෙස සැලකූ ඇන්ජලෝ බෙවු කාදිනල්වරයාට එරෙහිව වතිකානු අපරාධ අධිකරණය දුන් තීන්දුව එයට හිමි බරින් කියවාගත යුත්තේ එහෙයිනි.

රෝමානු කතෝලික පල්ලියේ හිටපු කාදිනල්වරයකු වතිකානු අපරාධ අධිකරණය විසින් වැරැදිකරු කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය බවත්, මෙම නඩුව වතිකානු ඉතිහාසයේ දීර්ඝතම නඩු විභාගය බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. වතිකානයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 200.5ක මුදලක් අවභාවිත කරමින් ඉතාලි ව්‍යාපාරිකයකු ළඟ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් හිටපු කාදිනල්වරයාට චෝදනා එල්ල වී තිබිණි.

මෙම මූල්‍ය අපරාධ චෝදනා නඩුව 2021 වසරේ ජූලි 27 වැනිදා ආරම්භ වූ අතර, එම නඩුවේ දී ඇන්ජලෝ බෙවු හැර තවත් විත්තිකරුවන් නව දෙනකුට මූල්‍ය අපරාධ චෝදනා ගොනු කර තිබේ. නඩු වාර 80කට වඩා වැඩි ගණනකට පසු ඉකුත්දා හිටපු කාදිනල්වරයා ඇතුළු විත්තිකරුවන් වැරැදිකරුවන් කරමින් වතිකානු අපරාධ අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අප ප්‍රවෘත්තියට අනුව මුදල් ආයෝජනය කළ ඉතාලි ව්‍යාපාරිකයාට හා තවත් ව්‍යාපාරිකයකුට සිර දඬුවම් නියම වී තිබේ. ඒ වතිකානයට වංචා කර 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 381ක් වටිනා ලන්ඩනයේ අධි සුඛෝපභෝගී දේපළක් ආයෝජනය කළ මුදල් භාවිත කරමින් මිලට ගැනීම ඇතුළු මූල්‍ය අපරාධ චෝදනාවලට වැරැදිකරුවන් වීම නිසාය.

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන්නේ නම් වැරැදි දේ කිරීමට ජනයා බිය වෙති. එහෙත් එම තත්ත්වය නොමැති වූ විට බියක් සැකක් නොමැතිව වැරැදි දේ කරති. අද අප රට පත්ව ඇති තත්ත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ ද එයයි. නීතියේ ආධිපත්‍ය බලගැන්විය යුත්තේ එහෙයිනි. නීතිය සම්බන්ධයෙන් විශ්වාසය සමාජය තුළ බරපතළ ලෙස බිඳ වැටීම අපරාධවලට, සොරකම්වලට ප්‍රධාන හේතුවය. වතිකානු අපරාධ අධිකරණය ලබාදී ඇති ඓතිහාසික තීන්දුව වණපොත් කළ යුතු වන්නේ එහෙයිනි.

(***)



අදහස් (1)

පාප්තුමාගේ හිටපු උපදේශකට එරෙහි නඩුවෙන් අපටත් පාඩමක්

Dasa P Thursday, 21 December 2023 08:43 PM

හොඳ වෙලාවට අපෙන් පාඩම් ඉගෙන නොගත්තේ... එහෙම වුණා නම් නිදොස් කර නිදහස්...

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site