IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


විගණන වාර්තාවෙන් කියැවෙන පණිවිඩය

ජාතික විගණන කාර්යාලයේ නවතම  වාර්තාව ඉකුත් දා ප්‍රකාශයට පත්විය. එම වාර්තාවේ කාගෙත් ඇස් ඇරෙන පුවතක් සඳහන්ව තිබේ. එම පුවත නම් නීතිපති දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 30කට අධික හිඟ ආදායමක් (2022 වසරේ දෙසැම්බර් 31 වනවිට) අයකර ගැනීම පැහැර ඇති බවය.

පුවත වාර්තා වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙනි. නීතිපති දෙපාර්තමේන්තුව යනු නීතියට සම්බන්ධ ප්‍රධානම ආයතනයයි. ඒ අනුව පුවත එම දෙපාර්තමේන්තුවට තරම් නොවේ. එමෙන්ම එහි ගෞරවයට, අභිමානයට පෞරුෂයට තරම් නොවේ. එහෙත්  ජාතික විගණන කාර්යාලය පවසන්නේ එය එසේ සිදුවී ඇති බවය.

ජාතික විගණන කාර්යාලයේ එම වාර්තාවට අනුව මෙම ආදායම් අයකර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියා මාර්ග නීතිපති දෙපාර්තමේන්තුව ගෙන නැත. මේ අනුව හිඟ ආදායම ලෙස රුපියල් කෝටි 9 කට වැඩි මුදලක් වසර 10කට වැඩි කාලයක් තිස්සේ ද කෝටි 4කට වැඩි මුදලක් වසර 7සිට 9 දක්වා කාලයක් තිස්සේ ද කෝටි 3කට වැඩි මුදලක් වසර 4 සිට 6 දක්වා කාලයක් තිස්සේ ද කෝටි 7කට ආසන්න මුදලක් වසර 1 සිට 3 දක්වා කාලයක් තිස්සේ ද මෙලෙස අය කරගෙන නොති බූ බව එම වාර්තාවේ සඳහන්ය.

ඉහත කාරණාවලට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව, රාජ්‍ය සංස්ථා, මණ්ඩල පළාත් සභා සහ බැංකු යනාදි ආයතන 13කින් 2005 වසරේ සිට 2022 වසර දක්වා අඛණ්ඩව රුපියල් කෝටි 17ක හිඟ ආදායමක් අය කරගෙන නොමැත. මෙම හිඟ මුදල් සම්බන්ධයෙන් අප්‍රමාදව නීති ප්‍රකාරව කටයුතු කරන ලෙසත් නීති මාර්ගයෙන් හෝ හිඟ මුදල් අයකර ගත නොහැකි නම් දීර්ඝ කාලීන හිඟ මුදල් භාණ්ඩාගාරයේ එකඟතාව මත කපා හැරීමට අප්‍රමාදව කටයුතු කරන ලෙසත් විගණන අංශ නිර්දේශ කර ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව යනු රහසින් හෝ පව් නොකළ යුතු හෝ පවු නොකරන ආයතනයක් යැයි අපි විශ්වාස කරමු. එහි සේවය කරන්නෝ ද මිනිස්සු වෙති. එහෙත් එම ආයතනයේ නම නීතිපති දෙපාර්තමේන්තුව වන හෙයින් වැරැදි අඩුවෙන්ම සිදුවිය යුතු ආයතනයක් ලෙස අපි විශ්වාස කරමු. නැතහොත් එහි අත්වැරැද්දකට ඉඩක් තිබිය නොහැක. එහෙත් ජාතික විගණන කාර්යාලය පවසන්නේ රුපියල් කෝටි 30කට අධික හිඟ ආදායම අයකර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් ක්‍රියා මාර්ග ගෙන නොමැති බවය.

මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ හිඟ මුදල් අයකර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියා මාර්ග ගෙන නොමැත්තේ ඇයි ද යන්න කෙරෙහිය. වගකිව යුතු ආයතනයකට විශේෂයෙන්ම නීතිය සම්බන්ධ ප්‍රධානම ආයතනය ලෙස එම ආයතනයෙන් මෙවැනි දෝෂ වාර්තා විය හැකි ද?

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවෙහි ඉතා වැදගත් කරුණක් සඳහන්ව ඇත. එනම් නීතිපති දෙපාර්තමේන්තුවේ නව  ගොඩනැගිල්ල සඳහා 2022 ජනවාරි සිට මාර්තු දක්වා විදුලි බිල්පත් ගෙවීමේ දී මාසික විදුලි පරිභෝජන වියදමට අමතරව ලක්ෂ ගණනක පොලී මුදලක් ද සහිතව බිල්පත් සඳහා ගෙවීම් කිරීමෙන් රජයට මූල්‍ය අවාසියක් සිදුවී ඇති බවය.

දැන් මතුවන ප්‍රශ්නය වන්නේ මෙම වරදම  සිදුකරන පුද්ගලයන්ට. රාජ්‍ය ආයතනවලට නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන්නේ කෙසේ ද යන්නය. 

(***)



අදහස් (1)

විගණන වාර්තාවෙන් කියැවෙන පණිවිඩය

himal Thursday, 04 January 2024 09:37 AM

අනේ මේ, නීතිපති එකට ඔය සල්ලි එන්න තියෙන්නෙත් රජයේ ආයතන වලින් නම් රජයේ මුදල් එක තැනකින් තව තැනකට ගියා කියලා වෙන වෙනස මොකක්ද? ඕක අය කරාම ඔය තැනට ලැබීමක් වුණාට තව රජයේ තැනකට ගෙවීමක්...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site