දකුණු පළාත හරහා හමාගිය සුළි සුළඟින් විනාශ වූ නිවසක ටකරන් තහඩු යළි සවිකිරීමට යද්දී ඉපැරණි සොරකමක සුලමුල සොයා ගැනීමට හැකිවීමේ අපූරු පුවතක් දකුණේ ප‍්‍රධාන නගරයකින් වාර්තාවේ.මේ නිවසට විශාල අලාභහානි නොවුවත් අසල වූ පුවක් ගසක් ඇද වැටීම නිසා වහල මුළුමනින්ම විනාශ වී තිබුණි. මෙය දැනගත් නිවස අසල වූ තරුණ පිරිසක් වහලට ගොඩවූයේ එය පිළිසකර කිරීමටය.බිඳී විසිරී තිබූ ටකරන් තහඩු එක්රැස් කිරීමේදී මෙයට වසර ගණනාවකට පෙර තම ගමේ ස්වෙච්ඡුා සංවිධානයක තිබී නැතිවූ ටකරන් තහඩු ඒවා බව ඔවුන් හඳුනාගත්තේ එහි වූ ලාංඡනය යළි මතු වී තිබූ නිසාය.නිවසේ හිමිකරුගෙන් මේ පිළිබඳව ප‍්‍රශ්න කළ විට ඔහු අන්දමන්ද වීම නිසා කරුණු තහවුරු කරගත් තරුණ පිරිස ‘‘වහලට පුවක් ගහක් නෙමෙයි, පොල් ගහක් වැටෙන්නයි තිබුණේ’’ කියමින් වහලෙන් බැස ගියාලූ.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුළි සුළඟින් විනාශවූ නිවෙසින් කලකට පෙර අතුරුදන් වූ ටකරන් හමුවෙලා