විනෝද චාරිකාවක දී ගෙනැවිත් සිටවු රත්හඳුන් ඇටයක් ජලය හා පොහොර යොදා රෝපණය කිරීමෙන් පසු මා දං පැළයක් වීමේ පුවතක් අසන්නට ලැබුණේ සියනෑ කෝරළයේ ගමකිනි. දුන්හිඳ බැලීමට යද්දී වනගත මාර්ගයේ කඩයකින් රත්හඳුන් ඇට කීපයක් මිලදී ගත් මේ යහළුවන් තිදෙනා ඒවා සිය ගෙවත්තේ රෝපණය කළේ ජලය හා පොහොර යොදා ඉතා ආරක්ෂාකාරීවය. එහෙත් එක් යහළුවකුගේ රත් හඳුන් පැළය රෝපණය වුවත් අනෙක් දෙදනාගේම ඇට පැළවුයේ නැත. පැළය රෝපනය කරගත් යහළුවා අන් අයට සරදම් කරමින් තම අත් ගුණය ගැනද වර්ණනා කළේ ඔවුන්ට වගාව ගැන උපදෙස්ද දෙමිනි. ඔහුගේ පුරසාරම නිසා රත් හඳුන් පැළය බැලීමේ ආසාව ඇතිවූ යහළුවන් දෙදෙනා පසුගිය දා එම නිවසට ගියේ සැකයෙනි. ඔහු රත් හඳුන් ඇටය පැළකළ වලේ තිබූ මා දං ඇටයක් පැළවී අපුරුවට වැඞී ඇති ආකාරයත් යහළුවා ඒ රත්හඳුන් පැළයකැයි රැවටී ඊට සත්කාර කරන ආකාරයත් දුටු ඔවුන් ඒ ගැන කී විට යහළුවාට දවල් තරු පෙනුණාලූ.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විනෝද චාරිකාවක ගිහින් ගෙනා රත් හඳුන් ඇට පැළ වෙනවිට මාදං වෙලා
නිල්මිනී Friday, 09 December 2011 12:03 PM
හොද අදහසක්