පෝයදා නිදහස් කිරීමේ අරමුණින් මස් මඩුවකදී ගවයකු තෝරද්දී පසෙක සිටි එළදෙනක් ලණුවත් කඩාගෙන ලොරියට නැඟීම නිසා අවසානයේ එම එළදෙන ඒමට සිදුවූ පුවතකි මේ. දනට පිනට ලැදි අයකු ගමේ විහාරාධිපති හිමි හමුවී පවසා සිටියේ තමන්ට පෝයදා ගවයෙක් මුදාහැරීමට අවශ්‍ය බවයි. එම උතුම් ක‍්‍රියාව අගේ කළ ඒ හිමියෝ ගව ගාලට යාමට පැමිණෙන බවද පැවසූහ. ඒ අනුව විහාරාධිපති හිමි සමග කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ගවගාලකට ගිය ඔහු මරණයට කැපවී සිටි ගවයන් අතරින් බේරාගත යුත්තේ කවර ගවයාදැයි පිරික්සන්නට විය. මෙම ගවයන් අතරින් එකතු තෝරා ගැනීමට උත්සාහ දරද්දී අසල සිටි එළදෙනක් බැඳ සිටි ලණුවත් කඩාගෙන පැමිණ ලොරිය ළඟ නැවතී එයට නගින්නට උත්සා දරනු දැකගත හැකිවිය. සේවකයා එම එළදෙන මෙල්ල කරගන්නට ගත් උත්සාහය සපලවූයේ නැත. එළදෙනගේ කෑගැසීම හා හැසිරීම වටහාගත් විහාරාධිපති හිමියෝ කීයක් හරි වැඩිපුර දෙන්නම් මේ සතා ලොරියට පටවන්න කීහ. මරණින් මුදාගැනීමට ගවයකු තෝරාගැනීමට ගිය පිරිසට සිදුවූයේ මුදල් ගෙවූ ගවයා ගාලේ තබා සිය කැමැත්තෙන්ම ලොරියට නැගුණු එළදෙන විහාරස්ථානයට රැගෙන ඒමටය. සතෙක් වුණත් මරණයෙන් මිදෙන්නට දරන උත්සාහය කොපමණදැයි මේ සිද්ධියෙන් මිනිසුන්ට තේරුම්ගත හැකියැයි ඒ හිමියෝ පන්සලේදී බණට කීහ.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
මිතුරා අමාරුවේ දමා ඔහු ඇඳටම වැට්ටවූ මිතුරෙකු පිළිබඳ අපූරු කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මරණයට කැපවී සිටි එළදෙන බලෙන්ම ලොරියට නැඟලා
වසන්ත නාත් පතිරත්න බිබිල Thursday, 17 November 2011 12:04 PM
අනේ අපේ හාමුදුරුවනේ මෙය මොන තරමි පිනක්ද ගව ඝාතනය වලක්වන්න අපිසැම පෙල ගැසෙමු බිබිල පිටකුඹුරෙන් මම ඉන්නවා
අනුෂිකා ශිමාණි Friday, 18 November 2011 09:39 AM
ගව ඝාතනය අපි කොහොම හරි නවත්වමු