IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


බස්රියේ පේ‍්‍රමයට කණකොකා හඬලා

වේලාව සවස හතහමාර පමණ විය. ගාල්ලේ සිට මාතර බලා දිවෙන එම බසය මගීන්ගෙන් පිරී තිබිනි.  බසයේ පසුපස අසුනේ දකුණු පස කොනේ තරුණ පෙම්වතුන් යුවළක් තුරුලූවී පෙම් බස් දොඩමින් සිටියහ. බසයේ මැද හරියේ සිටි මැදිවියේ මගියෙකි. ඔහු අධික ලෙස  බීමත්ව සිටියේය. කෙනෙක් නැගිට ඔහුට අසුනක් දුන්නට ඔහු එය ප‍්‍රතික්ෂේප කළේය. ඔහු එක්වරම පිටුපස අසුනේ සිටි තරුණ පෙම් යුවළ දුටුවේය. ඔවුන් දෙස පරික්ෂාවෙන් බැලූ හෙතෙම මගීන් අතරින් රිංගා ඔවුන් වෙත ළංවෙද්දී තරුණිය බිමට නැඹුරු වෙමින් සිය මුහුණ සඟවා ගැනීමට තැත් කළාය. එහෙත් ඇගේ උත්සාහය අසාර්ථක වූ සෙයකි. ”ඔළුව උස්සපන් ජයංගනී” හේ උස් හඬින් කියද්දී ඇය තම මුහුණ තව තවත් සඟවා ගැනීමට තැත් කළාය. ”උඹ පංති යනවා කිය කියා යන්නෙ  ඕකටයි එහෙනම්. යමංකො අද ගෙදර මම උඹේ මහ මිනිහට කියල කරවන්නන් හොඳ සාත්තුවක් ” බීමත් පුද්ගලයා හඬින් කියවන්නට විය. ”අංකල් තමුසෙ බිව්වා නම් පාඩුවේ ඉන්නවා” ඉවසා දරාගත නොහැකි තැන ඇගේ පෙම්වතා උස් හඬින් කීවේය. ”මොකක්ද බොල කිව්වේ? කියමින් කෝපයට පත් බීමත් පුද්ගලයා අඩියක් දෙකක් පෙරට ආවේය. බසයේ සිටි මගීහු ඔහු වළක්වා ගත්හ. බසය හබරාදුව බස් නැවතුම්පොළේ නතර කළ විට තරුණිය ලජ්ජාවෙන් බිම බලාගෙන කඩිනමින් බසයෙන් බැස යන්නට ගියාය. බීමත් අය වැනි වැනී ඇය පසුපසින් යන්නට ගියේය.



අදහස් (0)

බස්රියේ පේ‍්‍රමයට කණකොකා හඬලා

eye Thursday, 24 November 2011 08:27 AM

ලැජ්ජාවක් නැතිව බස් ඇතුලෙ පෙම් කරනවට හොද පාඩම.

:       0       0

දුමින්ද Tuesday, 22 November 2011 01:32 PM

නියමයි

:       0       0

බස් මගියෙක් Tuesday, 22 November 2011 10:01 PM

බස් එකේ ලව් කරන්න එපා.

:       0       0

mip මැදගෙදර Wednesday, 23 November 2011 01:15 AM

බස් තියෙන්නෙ ආදරය කරන්න නෙමෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කසිප්පු පෙව්වැයි ගනුන්ගෙන් අම්බානට ගුටි කාලා
2024 මැයි මස 21 555 0

මළ ගෙදරක් ආසන්නයේ ගලක් උඩ සිට ගමේ පිරිමින්ට කසිප්පු අලෙවි කළැයි කාන්තාවන් පිරිසක් එකතු වී පුද්ගලයකුට පහරදී ගල පල්ලට තල්ලු‍ කර ඇතැයි කියන සිද්ධියක් සම


තරු හෝටලේ සාදයට ගමේ බඩු දී හතර අතේ වැටිලා
2024 මැයි මස 20 783 0

අත දිගහැර වියදම් කොට මෙරට ප්‍රමුඛ පෙළේ හෝටලයක පැවැත්වූ සිය වැඩිමල් දරුවාගේ මංගල උත්සවයට පැමිණි හිතවතුන්ට විදේශීය රටක නිෂ්පාදනය කරන ලද උසස් තත්වයේ මත


තහනම් ගහේ ගෙඩි කඩන්න ගිහින් පෙම්වතියගේ අම්මාගේ උගුලට අහුවෙලා
2024 මැයි මස 18 1168 0

අනියම් පෙමක සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට ගිය අයකු පෙම්වතිය කියා ඇයගේ මව හමුවීමට යාමෙන් පෙම්වතාට සිදු වූ අකරතැබ්බයක් ඉබ්බාගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබු


නෑගම් යද්දී පාර්සලය මාරුවී දෙලෝ රත්වෙලා
2024 මැයි මස 18 510 0

සිංහල අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යාමේදී සීනි වෙනුවට සිමෙන්ති කිලෝ දෙකක් රැගෙන ගිය අපූරු කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ලස්සන ගම්මානයකින් වාර්තා ව


පන්දහසක් පෙන්වා ත්‍රිරෝද රියැදුරාගේ 4500ට විදලා
2024 මැයි මස 18 299 0

රුපියල් 5000ක් පෙන්වා රුපියල් 4500ක් ත්‍රීරෝද රථ රියදුරකුගෙන් ගත් අපූරු හාදයන් දෙදෙනකු ගැන පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ. ත්‍රීරෝද රථ ගාලේ ඒ අවස්ථ


ලෙඩා මැරුණැයි සිතා අනුන්ගේ මළගේකට ගිහින්
2024 මැයි මස 18 251 0

මියගිය අයකුගේ මළ ගෙදරට සහභාගි වූ නඩයක් මැරුණු අය ජීවමානව දැක ආපසු ගිය පුවතක් ගල්නෑව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි. මෙම ගම්මානයේ උපන් අයකු කුරුණෑගල දිස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 852 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2400 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2057 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site