රාත‍්‍රියේ සැරිසරන යකුන් ගැන කතා මේ පළාතේද නොතිබුණාම නොවේ. එහෙත් මේ වනතුරු එවැනි යකකු දුටු අයකු නම් සොයා ගැනීමට නොලැබුණි. සැමියා දුර බැහැරක මළගෙයකට සහභාගි වීමට ගිය දිනයේ සීලවතී තම දරු තිදෙනාත් සමඟ නින්දට ගියේ ගෙයි දොර ජනෙල් ද හොඳ හැටි වසා තබමිනි. ඔරලෝසුවේ වෙලාව මැදියම් රැයද පසුවී තිබුණි. නිවසේ ඉදිරි දොරට කිසිවකු සිහින් හඬින් තට්ටු කරනු ඇසුනි. සීලවතී හොඳ හැටි කන්දුන්නාය. තට්ටු කරන හඬ මඳකට නතර විය. යළිත් තට්ටු කරයි. ඇයට යකුන් ගැන සිහියට ආවේ ඉබේටමය. ඇතිවූ බිය මෙතෙකැයි කිව නොහැකි විය. දොරට වරින් වර තට්ටු කරන හඬ යළි යළිත් ඇසෙයි. ‘දැන්නම් මේ එකත් එකටම රාති‍්‍රයට එන යකාමය.’ කිසිම සැකයක් නැත. ඇගේ මුළු ගතම දහඩියෙන් තෙත් විය. ඒ අතර සීලවතීට ගණ දෙවි නුවණ පහළ විය. මඳ දුරක නිවෙසක වෙසෙන තම සොහොයුරාට ඇය ඉතා පහත් හඬින් කතා කොට දුරකතන ඇමතුමක් දුන්නේ යකාට නොඇසෙන්නටය. ”අයියේ ඉක්මනට එන්න අපේ ගෙදෙට්ට යකෙක් ඇවිත් දොරට ගහනවා”. ඇගේ සොහොයුරාද ඒ අවස්ථාවේම නිවෙසින් පිටත් වූයේ යකා පණ පිටින්ම අල්ලා ගැනීමටය. ඒ එන ගමනේදී තම යහළු හිත මිතුරන් කිහිප දෙනකුද තම ගමනට එකතු කර ගත්තේය. නිවසට ළංවනවිට මේ පිරිස ඉතා සැලකිළිමත් වූහ. ශබ්දයක් නොනැඟෙන පරිදි ඉතා සීරුවෙන් නිවසට ළංවූ පිරිසට දැක ගැනීමට හැකිවූයේ බලාපොරොත්තු වු යකකු නොවේ. නිවසේ ඉදිරිපස දොරට හේත්තුවී ඉස්තෝප්පුවේ නිදා සිටින බල්ලෙකි. ඌ වරින් වර තම ඇඟ කසන්නේ ඇඟේ වූ හොරි තුවාල නිසාය. එසේ කරන වාරයක් වාරයක් පාසා උගේ වල්ගය දොරේ හැපේ. සොහොයුරා සමග ගමනට එකතු වූ අනෙක් පිරිස ආපසු තම නිවෙස් කරා පිටත් වූයේ මැදියම් රැයේ තමන්ගේ නින්ද කඩා කඩිමුඩියේ තමන් රැගෙන පැමිණි ගමනේ අවසන් ප‍්‍රතිඵලය පිළිබඳව ඔහුට ඇති වෙන්නට දෙහි කපමිනි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
මිතුරා අමාරුවේ දමා ඔහු ඇඳටම වැට්ටවූ මිතුරෙකු පිළිබඳ අපූරු කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බලූ වල්ගය දොරේ වදිද්දී යකකු ඇවිත් යැයි බයවෙලා
කලින්දු රත්නායක Monday, 21 November 2011 08:29 AM
මේක මහ පිස්සු ඇඩ් එකක්නෙ