බීර බෝතල් 13ක් හා කටගැස්ම පීරිසි 12ක් හිස්කර දහවල් කෑම ඇණවුම් කර කෑම ගෙන අතරදී බිල්පත නොගෙවා පලාගිය තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට කන්තලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි. කන්තලේ නගරය ආසන්නයේ අවන්හලකදී මෙය සිදුවිය. වරින්වර බීර හා කටගැස්ම ඇණවුම් කරමින් සප්පායම් වූ තරුණයන් පස්දෙනා පැය දෙකකට පමණ පසුව දිවා ආහාරය ඇණවුම් කර ඇත. දිවා ආහාරය ගෙන එනතුරු බලා සිටි ඔවුන් එක් එක් තරුණයා වරින් වර වැසිකිළියට යන මුවාවෙන් එළියට ගොස් ඔවුන් පැමිණි වෑන් රියේ නැගී පලාගොස් ඇත. දිවා ආහාරය හා රුපියල් පන්දහසක් පමණ වූ බිල්පතද රැුගෙන සේවකයකු පිරිස සිටි මේසය ළඟට විත් සොයා බලද්දී ඔවුන්ගේ රංගනය හෙළිවීමෙන් පසු පොලීසියට පැමිණිලි කරනු ලැබිණි. සැකාකාර තරුණයින් යළි දුටුවහොත් හදුනාගත හැකි බව අවන්හල් සේවකයන් පොලිසියට පවසා තිබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බීර බෝතල් 13 ක් බී කටගැස්ම පීරිසි 12 ක් හිස්කර බිල නොගෙවා පැනගිහින්
බබී Friday, 25 November 2011 08:57 AM
මෙහෙමත් කොල්ලො ටිකක්??????
රුවන් බණ්ඩාර Wednesday, 23 November 2011 10:23 AM
කවුරු කළත් වැරදි වැඩක්...