විදේශික යුවළ ආසියානුවෝය. තරමක් දිගු සංචාරයකට පැමිණ සිටි ඔවුන් නැවතී සිටියේ කොළඹට ආසන්න පෙදෙසක නවාතැනකය. ඔවුන්ගේ සුරතල් පූසා නිදා ගත්තේ ඔවුන්ගේ ඇඳේය. පසුගියදා අසනීප වූ පූසා සත්ව රෝහලක දී මිය ගියේය. මරණය ඇසූ දෙදෙනාම හඬා වැළපෙන්නට වූහ. පූසා වැළලීමට වළක් කැපූ ආරක්ෂක නිලධාරියාට රුපියල් පන් දහසක් ලැබිණ.
යුවළ කළු ඇඳුමින් සැරසී “අපි දැන් බොඩි එක ගේනවා. ඔයත් කළු ඇඳුමක් ඇඳ ගන්න. අඬන කට්ටියක් කුලියට ගන්න පුළුවන්ද?” විදේශිකයා විමසීය.
‘‘සර් මම කෝල් එකක් අරන් දැන්ම කියන්නම්’’ ආරක්ෂක නිලධාරියා පැවසීය. ඔහු මිතුරෙකුට කතා කළේ සිංහලෙනි.
‘‘මචං බොස්ගේ පූසා මැරිලා. බොරුවට අඬන්න ඕනෑ. තව දෙන්නෙක් එක්ක කළු ඇඳගෙන වරෙන්.’’ යැයි කීය.
‘‘හරි සර් තුන් දෙනෙක් එනවා.’’ හෙතෙම පැවැසීය.
අලංකාර කුඩා පෙට්ටියක සතපන ලද පූසාගේ දේහය සමග කිහිප දෙනෙකුම පැමිණියේ, රෝස සහ ඇන්තූරියම් මල් වඩම් ද අතැතිවය. එවිටම කළු ඇඳගත් තිදෙනා හඬන්නට පටන් ගත්හ. පූසා වළ දැමූ පසු හැඬූ තිදෙනාට රුපියල් පහළොස් දහසක් දුන් විදේශිකයා ‘‘වෙරි ගුඩ්’’ යැයි පැවසුවේ සොම්නසිනි.
ක්‍රිස්ටෝපර් සීපියන්, අනුරාධපුරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ පිටරටවල් වල අය සතුන්ට සලකන්නේ ඔවුන්ගේ පවුලේ කනෛකු හැටියට නැත්නම් තමුන්ගේ දරුවෙකුට හා සමානවයි. අපේ රටේ සමහර මිනිස්සු ළමයින්ට සලකන්නේ සතුන්ටත් අන්ත විදියට.
මේක සත්‍යක්ද ?