IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පූසාගේ මළගමදා ආරක්ෂක නිලධාරින් කුලියට හඬලා

විදේශික යුවළ ආසියානුවෝය. තරමක් දිගු සංචාරයකට පැමිණ සිටි ඔවුන් නැවතී සිටියේ කොළඹට ආසන්න පෙදෙසක නවාතැනකය. ඔවුන්ගේ සුරතල් පූසා නිදා ගත්තේ ඔවුන්ගේ ඇඳේය. පසුගියදා අසනීප වූ පූසා සත්ව රෝහලක දී මිය ගියේය. මරණය ඇසූ දෙදෙනාම හඬා වැළපෙන්නට වූහ. පූසා වැළලීමට වළක් කැපූ ආරක්ෂක නිලධාරියාට රුපියල් පන් දහසක් ලැබිණ.

යුවළ කළු ඇඳුමින් සැරසී “අපි දැන් බොඩි එක ගේනවා. ඔයත් කළු ඇඳුමක් ඇඳ ගන්න. අඬන කට්ටියක් කුලියට ගන්න පුළුවන්ද?” විදේශිකයා විමසීය.

‘‘සර් මම කෝල් එකක් අරන් දැන්ම කියන්නම්’’ ආරක්ෂක නිලධාරියා පැවසීය. ඔහු මිතුරෙකුට කතා කළේ සිංහලෙනි.
‘‘මචං බොස්ගේ පූසා මැරිලා. බොරුවට අඬන්න ඕනෑ. තව දෙන්නෙක් එක්ක කළු ඇඳගෙන වරෙන්.’’ යැයි කීය.

‘‘හරි සර් තුන් දෙනෙක් එනවා.’’ හෙතෙම පැවැසීය.

අලංකාර කුඩා පෙට්ටියක සතපන ලද පූසාගේ දේහය සමග කිහිප දෙනෙකුම පැමිණියේ, රෝස සහ ඇන්තූරියම් මල් වඩම් ද අතැතිවය. එවිටම කළු ඇඳගත් තිදෙනා හඬන්නට පටන් ගත්හ. පූසා වළ දැමූ පසු හැඬූ තිදෙනාට රුපියල් පහළොස් දහසක් දුන් විදේශිකයා ‘‘වෙරි ගුඩ්’’ යැයි පැවසුවේ සොම්නසිනි.

ක්‍රිස්ටෝපර් සීපියන්, අනුරාධපුරය.



අදහස් (2)

පූසාගේ මළගමදා ආරක්ෂක නිලධාරින් කුලියට හඬලා

Perera Thursday, 17 November 2022 12:52 PM

බොහෝ පිටරටවල් වල අය සතුන්ට සලකන්නේ ඔවුන්ගේ පවුලේ කනෛකු හැටියට නැත්නම් තමුන්ගේ දරුවෙකුට හා සමානවයි. අපේ රටේ සමහර මිනිස්සු ළමයින්ට සලකන්නේ සතුන්ටත් අන්ත විදියට.

:       1       13

de silva Thursday, 17 November 2022 09:57 PM

මේක සත්‍යක්ද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site