IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පැරැණි පෙම්වතියගේ හසුනක් හොරෙන් කියවද්දී බිරියට අහුවෙලා

වසර තිස් පහකට පමණ ඉහත තම පෙම්වතියක් එවා තිබූ පෙම් හසුනක් යළිත් කියවමින් සිටියදී බිරියට හසුවීමෙන් හැට හැවිරිදි විශ‍්‍රාමිකයෙක් මහත් අසීරුවට පත්විය. බිරිඳ ද විශ‍්‍රාමිකය. ලොකු පුතා වෙනත් පෙදෙසක රැකියාව කරයි. වැඩිමහල් දියණිය නිවසේ සිට රැකියාවකට යයි. බාලම දියණිය උසස් අධ්‍යාපනය හදාරමින් සිටී. නිවසට වී කම්මැලිකමේ සිටිනා මේ විශ‍්‍රාමිකයාට නිවසේ එක් මුල්ලක තිබූ ලිපිගොනු මිටියක් හමුවිය. එම ලිපි ගොනු මිටිය නිවස පිටුපසට රැගෙන ගිය ඔහු ඒවා එකින් එක ගසා දමමින් පරීක්‍ෂා කරන්නට විය. මීට වසර තිස් පහකට පමණ ඉහත රැකියාවට ගිය මුල් යුගයේ ඔහුට ලැබුණු ලිපි රැසක් එහි විය. එම ලිපි කියවීම ඔහුට මහත් සතුටක් ගෙන දෙන්නක් විය. ඇතැම් ලිපි බොඳවී ගොසිනි. තවත් ලිපි දිරාපත්වී ගොසිනි. මේ ලිපි අතර තිබූ තවත් ලිපියක් ඔහුගේ අතට පත්විය. හැට විය ඉක්මවා තිබුණ ද ඔහුට ඒ අත් අකුරු හොඳින් මතකය. එය දිගු පෙම් හසුනකි. රැකියාවට ගිය මුල් යුගයේ සිය පෙම්වතිය ඇතුළු පිරිසක් සමගින් දුම්රියෙන් බදුල්ල බලා ගිය ගමනක විස්තර එහි තිබුණි. ඔහුට සියුම් සතුටක්ද  දැණුනි. ඔහු යළිත් ඒ ලිපිය මුල සිටම කියවන්නට විය. සැමියා බොහෝ වේලාවක් මහත් ආශාවෙන් කියවන මේ ලිපි මොනවාදැයි දැන ගැනීමට බිරිඳ ද එහි ආවාය. ඇය ද ලිපියට එබී එය කියවන්නට විය. මොහොතකින් ඇගේ යක්‍ෂයා ආරූඪ විය. ඇයට කෝපය දරාගත නොහැකිය. ”අරකිගෙ හොර ලියුම් තාමත් රහ කර කර කියවනවා”  තල් අත්තට බොරළු ගසන්නාක් මෙන් සැමියාට දොස් නගන්නට වූවාය. වහාම එම ලිපි ලේඛන සියල්ල ගිනි තැබූ ඇය දින ගණනාවක් යනතුරුම සැමියාට දෙස් දෙවොල් තැබුවාය.



අදහස් (0)

පැරැණි පෙම්වතියගේ හසුනක් හොරෙන් කියවද්දී බිරියට අහුවෙලා

ටෝනි Thursday, 15 December 2011 11:01 PM

මිල්ටන් මල්ලවආරච්චිගේ යුගය. ඒ කාලේ කොතැනකහෝ ආදර කතාවක් නම් එතන අනිවාර්යෙන්ම මිල්ටන් මල්ලවආරච්චිගෙ සිංදු කෑල්ලක් හරි ඇති

:       0       0

කසුන් Friday, 16 December 2011 11:45 AM

හැට පැන්නත් වදුරා බිමින් යන්නෑ කියන්නෙ ඕකට තමයි

:       0       0

බණ්ඩාර Monday, 19 December 2011 05:41 PM

අතීතිය සුන්දරය

:       0       0

ෆනෑන්ඩු Monday, 12 December 2011 12:33 PM

වයසට ගියි කියලා ඒවා අමතක වෙන්නේ නෑ.

:       0       0

ගයාන් ලක්මාල් Monday, 12 December 2011 02:08 PM

ඒ කාලේ කරපුව මතක් වෙනවා ඇති

:       0       0

bad guy Monday, 12 December 2011 01:58 PM

අනේ පවු

:       0       0

sudee Monday, 19 December 2011 08:02 PM

වයසට ගියන් ආදරය සුන්දරයි.

:       0       0

යමුනා Thursday, 15 December 2011 10:00 AM

අපි වයසට ගියත් ආදරය වයසට යන්නේ නෑ

:       0       0

vernon Thursday, 15 December 2011 07:13 PM

60 පැන්නත් වදුරා ගහේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site