තම පෙම්වතියට චොකලටයක් මිලට ගත් තරුණයා ඇය හමුවීමට ගොස් එය ඇයට දුන්නේය. විවෘත කළ විට දක්නට ලැබුණේ කුඩා පණුවන් විශේෂයකි.‘‘ඉකේයියා මට නම් චොකලට් එපා.’’ මේකේ පණුවොනේ. ඇය අප්පිරියාවෙන් කීවාය. චොකලටය පරීක්ෂා කළ තරුණයාද කුඩා පණු විශේෂ දුටු අතර ආවරණයේ තිබූ කල් ඉකුත්වීමේ දිනය පරීක්ෂා කර බැලූවිට දක්නට ලැබුණේ කල් ඉකුත්වීමට තව මාස තුනක් පමණ ඇති බවය.පසුදා උදේ චොකලට් අලෙවි කරන ලද වෙළඳ සැලට ගිය තරුණයා, මොනවද මුදලාලි මේ චොක්ලට්, බලනවකෝ මේකේ පණුවොනේ. කියමින් චොක්ලටය මේසය මතට විසි කළේය. වෙන්ඩ බැහැ යැයි පැවසූ මුදලාලි චොක්ලටය විවෘත කළවිට කාරණය සත්‍ය බව වැටහුණි. ආ මේ චොකලට් පණුවොනේ. කියූ මුදලාලි ”මුන් අගුණ නැහැ. ඔය පළතුරු වල පණුවොත් කෑවාට කමක් නැහැ කියලා කියන්නේ” යැයි පැවසීය.එහෙනම් කනවා බලන්න. තරුණයා තදින් පැවසීය. මුදලාලි බියවී චොක්ලට් කැබැල්ල කටේ දමා අමාරුවෙන් ගිල දැමීය. තරුණයාගේ කෝපය තුනීවී අනුකම්පාවක් ඇතිවිය. මුදලාලි මුදල් ආපසු දීමට සැරසුණු අතර තරුණයා පැවසුවේ ”සල්ලි මට එපා. ඒවායින් පණු බෙහෙත් ගන්න” යනුවෙනි. වාර්තා වූයේ අනුරාධපුරට නැගෙනහිරිනි.
මළ ගෙදරක් ආසන්නයේ ගලක් උඩ සිට ගමේ පිරිමින්ට කසිප්පු අලෙවි කළැයි කාන්තාවන් පිරිසක් එකතු වී පුද්ගලයකුට පහරදී ගල පල්ලට තල්ලු කර ඇතැයි කියන සිද්ධියක් සම
අත දිගහැර වියදම් කොට මෙරට ප්රමුඛ පෙළේ හෝටලයක පැවැත්වූ සිය වැඩිමල් දරුවාගේ මංගල උත්සවයට පැමිණි හිතවතුන්ට විදේශීය රටක නිෂ්පාදනය කරන ලද උසස් තත්වයේ මත
අනියම් පෙමක සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට ගිය අයකු පෙම්වතිය කියා ඇයගේ මව හමුවීමට යාමෙන් පෙම්වතාට සිදු වූ අකරතැබ්බයක් ඉබ්බාගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබු
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යාමේදී සීනි වෙනුවට සිමෙන්ති කිලෝ දෙකක් රැගෙන ගිය අපූරු කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ලස්සන ගම්මානයකින් වාර්තා ව
රුපියල් 5000ක් පෙන්වා රුපියල් 4500ක් ත්‍රීරෝද රථ රියදුරකුගෙන් ගත් අපූරු හාදයන් දෙදෙනකු ගැන පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ. ත්‍රීරෝද රථ ගාලේ ඒ අවස්ථ
මියගිය අයකුගේ මළ ගෙදරට සහභාගි වූ නඩයක් මැරුණු අය ජීවමානව දැක ආපසු ගිය පුවතක් ගල්නෑව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි. මෙම ගම්මානයේ උපන් අයකු කුරුණෑගල දිස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පණු චොකලට් මුදලාලිට කවා පණුබේත්ගන්න සල්ලිත් දීලා