දිනක් තරුණයෙක් ෆොටෝ සාප්පුවකට ගොඩවිය. තමා ගෙනා පැරණි දුර්වර්ණ වූ ඡායාරූපය පෙන්නූ හෙතෙම ‘අයියා මේක අපේ ආච්චිගේ. ගෙදරට තියෙන්නෙත් මේක විතරයි. මේක අලුතින් හදලා ගන්න පුළුවන්නේ’දැයි විමසීය.

ෆොටෝ සාප්පුවේ හිමිකරු ඡායාරූපය පරීක්ෂා කර ‘කොම්පියුටර් ජිල්මාට් එකක් දාලා මොඩිෆයි කරලා ගමු’ යැයි පැවැසීය. ‘කීයක් ගියත් කමක් නැහැ, ෆොටෝ එක ලොකු කරලා රාමු කරලම දෙන්න’ යැයි තරුණයා කීය. ‘හෙට හවසට එන්න’ යැයි පැවසූ ෆොටෝ සාප්පුවේ හිමිකරු සේයාරුව ගෙන පරිගණකය ආධාරයෙන් පණ පිටින් සිටින්නාක් සේ නිර්මාණය කළේ සේයාරුව වටා සුදු මල් වැලක්ද යොදමිනි. පසුව සේයාරුවට අනගි රාමුවක්ද සවි කළේය.
තරුණයා පසුදින පැමිණි අතර ඡායාරූපය පරීක්ෂා කළ ඔහු එළකිරි යැයි පවසා මුදල දී සේයාරුව රැගෙන ගියේය. පැයක් ඇතුළත ඔහු හති දාගෙන ආපසු පැමිණියේය.
‘අයියෝ අයියේ මොකද මේ ෆොටෝ එකේ සුදු මල් වැලක් තියෙන්නේ. අපේ ආච්චි මැරිලා නැහැ. තාම ජීවත් වෙනවා. ගෙදර ඔක්කොම මට බනිනවා. ආච්චි ඇහුවා උඹ මාව මරලා දැම්මා නේද කියලා. මමත් ඕක ඔච්චර දුරට හිතුවේ නැහැ.’ යැයි කීය.
‘මම හිතුවේ ඔයාගේ ආච්චි මැරිලා කියලා. තරහා වෙන්න එපා මල්ලී වැරැද්ද මගේ. හෙට දවල්ට ෆොටෝ එක අරන් යන්න එන්න.’ ෆොටෝ සාප්පුවේ හිමිකරු පැවැසීය.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද මේ මොට්ට පුතා ඉන්නේ .පරණ දුවර්ණ ෆොටෝ ගෙනියනකම් එයාට බැරි උනාද ආච්චි එක්ක ගිහින් ෆොටෝ එකක් ගන්න .