IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුකුළු හොරකමේ ආ ‘උගුඩුවා’ විදුලි පන්දම දමා ගිහින්

තම නිවසට ගෙවල් කීපයකට එහා නිවසේ සාදයක් පවතින හැම දිනකම තම කුකුළු කොටුවේ කුකුළන් එකෙක් දෙන්නෙක් අඩුවන බව දැනගත් කොරටු හිමියා එදා එහි සාදයක් පවතින වෙලාවේ සිටියේ කුකුළු කොරටුව පැත්තට ඇස ගසාගෙනය. හිතුවා හරිය. මැදියම් රැුයේ කුකුළන් ගේ කැ ගැසීමට එහි ගිය ඔහු අඳුර මැද කිසිවකු පැන යන අයුරු දුටුවේය. කුකුළු කොරටුව පරීක්‍ෂා කිරීමේ දී අඩුවක් නොවූ බව දැනගත් ඔහු ආපසු හැරෙන විටම හොරා කලබලයෙන් දමා ගිය විදුලි පන්දමක්ද දුටුවේය. පසුදා සාදය පැවති නිවසේ තරුණයකු සමග කුකුළු සොරකම ගැන කී විට ඔහු කීවේ මේ දිනවල උගුඩුවන් කුකුළු කොටුවලට ඉව අල්ලන බවකි. කුකුළු කොටු හිමියාද ඒක ඇත්ත පුදුමෙ කියන්නෙ දැන් උගුඩුවන් ටෝච් එකත් අරගෙනම එන්නෙ ටෝච් එක දමල ගිහිං තිබුණා. කී විට තරුණයාගේ මුහුණ අමුතු වුණාලූ. මෙය අසන්නට ලැබුණේ දකුණු පළාතේ කඳුකර ප‍්‍රදේශයකිනි.



අදහස් (0)

කුකුළු හොරකමේ ආ ‘උගුඩුවා’ විදුලි පන්දම දමා ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site