IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එළිවනතුරු ආරක්‍ෂක නිලධාරියාට තනිරකින්න සංචාරක නිලධාරියා ඇවිත්

පෞද්ගලික ආරක්‍ෂක අංශයේ රැකියාවක් ලැබුණු තරුණයෙකුට රාත‍්‍රි රාජකාරිය සඳහා ලැබුණේ කොළඹ නගරයේ පිහිටි කිසිවකුත් නොමැති නිවෙසක් මුර කිරීමටය. නිවැසියන් විදේශගතවී සිටි මෙම නිවසේ ආරක්‍ෂාව පෞද්ගලික ආරක්‍ෂක ආයතතනයකට පවරා තිබිණි. තාප්පයෙන් වටවුණු නිවසේ විශාල ගේට්ටුවකි. ආරක්‍ෂක නිලධාරියා එය ඇතුළතින් අගුල්ලා, තම ජංගම දුරකතනයෙන් රේඩියෝවට සවන් දෙන්නට විය. ඒ වෙලාවේ විකාශය වූයේ භූතාත්ම සම්බන්ධ කතාවකි. නිවස අසල ගසේ කෑගසන බස්සකුගේ හඬින් කලබලයට පත් ඔහු ගලක් රැගෙන එම ගසට ගැසීය. ඒත් බස්සාගේ හඬ නැවතුණේ නැත. ඒ අතරවහලට ගල් කැබලි වැටෙන්නාක් වැනි ශබ්ද ද යමෙක් ගේට්ටුවට තට්ටු කරන හඬක්ද ඔහුට ඇසුණි. බියට පත් තරුණ ආරක්‍ෂක නිලධාරියා තම ජංගම දුරකතනයෙන් ආරක්‍ෂක ආයතනයේ සංචාර නිලධාරි තැන අමතා, ”අනේ සර් මට මෙතන නම් ඉන්න බැහැ. මෙතැන හොල්මන්. මාව එක්කගෙන යන්න එන්න” යැයි කීය. සංචාරක නිලධාරියා ඔහු අස්වැසීමට බොහෝ දේ කීවත් ඔහු කීවේ තනියම සිටිය නොහැකි බවය. පැය බාගයකින් සංචාරක නිලධාරියා පැමිණි අතර ගේට්ටුව ඇර ඔහුව ඇතුළට ගත් ආරක්‍ෂක නිලධාරියා සිදුවූ විස්තරය ඔහුට පැවසීය. ”ගේට්ටුවට තට්ටු කළේ නම් බල්ලෙක්” සංචාරක නිලධාරියා කීය. ”ඒ කිව්වේ සර්” ආරක්‍ෂක නිලධාරියා ඇසීය. ”මම මෝටර් සයිකලෙන් එද්දී ගෙට්ටුව ළඟ නිදාගෙන හිටපු බල්ලෙක් යන්න ගියා. ඌ ඇඟ කහද්දී නැට්ට ගේට්ටුවේ වදින්න ඇති. වහල ළඟ තියෙන ගහේ පොඩි ගෙඩි වගයක් මම දක්කා බිම තියනවා. ඒවා තමයි වහලට වැටුණේ.” ඔහු කීය. ”ඒත් සර් මට බයයි මට මෙතන ඉන්න බැහැ” ආරක්‍ෂක නිලධාරියා පිළිතුරු දුන්නේය. ආරක්‍ෂාවට යෙදවීමට වෙනත් නිලධාරීන් නොසිටි නිසා සංචාරක නිලධාරියාට සිදුවූයේ එළිවෙනතුරු එතැන මේසය මත දිගාවී ආරක්‍ෂක නිලධාරියාට තනි රැකීමටය.



අදහස් (0)

එළිවනතුරු ආරක්‍ෂක නිලධාරියාට තනිරකින්න සංචාරක නිලධාරියා ඇවිත්

ජයී Friday, 02 December 2011 07:56 PM

කට්ටාන්ඩි මහත්වරු කීප දෙනෙක්ද ආරක්‍ෂක නිලධාරීතනතුරට බඳවාගන්න.

:       0       0

චාමී Friday, 02 December 2011 09:31 PM

හරි බොලඳයි නේ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site