මරණ සහතිකයට නම දී ජංජාලයයි මෙය බලංගොඩ ප්රදේශයේ එක්තරා ගමක සිදුවු අපුරු කතා පුවතකි .. මෙම නිවසේ පදිංචිව සිටියේ අයියා මලෝ දෙදෙනෙකි. දෙදෙනාම අවිවාහකය. මල්ලී රෝගියෙකි. දෙදෙනාම වැඩිදුර අධ්යාපනයක් ලබා තිබුණේ නැත. එහෙත් අයියාට කියවන්න ලියන්න හැකියාව තිබිණි. ඔහු කිසියම් කුලියක් මලියක් කර මල්ලීටද කන්න බොන්න දුන්නේය. 23 hours ago
විහිළු කරන්න ගිහින් වෙදාගෙන් යස පාඩමක් තැන නොතැන වයස නොබලා කවටකම් කළ තරුණයකුට එම නොහොබිනා කවටකම් නොකරන්නට මතක හිටින දඬුවමක් දුන් දේශීය විෂ වෛද්යවරයකු පිළිබඳ පුවතක් මිනිපේ ගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තාවිය. 26 October 2026
පාටට ගරන්න ගිහින් සුද්දාගෙන් අපූරු පාඩමක් හමේ පාටට නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් මුදල් ගන්න ගිය ස්කෑන් විශේෂඥ වෛද්යවරයකුට සුද්දකු දුන් අපූරු පාඩමක් පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ පෞද්ගලික රෝහලකින් අසන්නට ලැබේ. 24 October 2026
හොඳම මිතුරාට පෙම්වතිය දන්දීලා සිය හොඳම මිතුරාගේ පෙම්වතිය ඩැහැ ගත් අපූරු තරු කෑගල්ල ප්රදේශයේ ග්රාමයක වැදගත් පවුලක 24 හැවිරිදි තරුණයෙක් මවුපියන් සමග පදිංචිව සිටියි. මෙම තරුණයාගේ මවුපියෝ රජයේ රැකියා කරති. තරුණයා ද හොඳට ඉගෙනුම ලබා රැකියාවක් අපේක්ෂාවෙන් නිවසට වී සිටියි. ඔහු තලෙළු සුරූපීය. පසු ගිය අවුරුද්දේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙලක පැවති අවුරුදු කුමාරයාට ද ඉදිරිපත් වී ප්රථම ස්ථානයට තේරී පත්ව තිබුණි. 23 October 2026
කන්කරච්චලෙන් බේරෙන්න සැමියාගෙන් අපූරු වැඩක් දරුවාගේ දත් නොමැදීම සම්බන්ධයෙන් පාසලේ දෙමව්පිය රැස්වීම්වලදී පන්තිභාර ගුරුතුමියගෙන් සහ නිවසේදී තම බිරිඳගෙන් නිරන්තරයෙන්ම බැණුම් ඇසූ සැමියකු සිදුකළ අපූරු උපක්රමයක් පිළිබඳ කතා ප්රවෘත්තියක් කැබිති ගොල්ලෑව ප්රදේශයේ ගමකින් දැනගන්නට ලැබුණි. 22 October 2026
“මොඩ්” වෙන්න ගිහින් මඟුල් ගමනත් හබක් මංගල උත්සවයකට දරුවන්ගේ උපදෙස් මත නවීන පන්නයට යාමට පෙර සූදානම් වූ මැදිවියේ පසුවෙන අඹුසැමි යුවළක ගමන වර්ජනය කළ පුවතක් ගල්නෑව මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබුණි. මැදිවියේ පසුවෙන අඹුසැමි යුවළ පමණක් මුල් නිවසේ වෙසෙති. ඒ ඔවුනගේ දූ පුතුන් පිට පළාත්වල නැවතී රාජ්ය සේවාවේ නියැලෙන නිසාය. 21 October 2026
‘හුති’ පැටලී කොසු පහර දීලා සරසවි සිසුවකු වූ මුණුපුරා නොගැළපෙන වචනයක් කිව්වා යැයි උරණ වූ අත්තම්මා කෙනකු ඔහුට කොසු පහර දුන් පුවතක් කැබිතිගොල්ලෑව ප්රදේශයේ ගමකින් දැනගන්නට ලැබුණි. එම සිද්ධිය මෙසේය. 20 October 2026
“නිදි දෙව්දුව” ෆෝනය කුඩු කරලා හදිසියේ ආ නින්ද නිසා රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ඉස්තරම්ම වර්ගයේ ජංගම දුරකතනයකට සිදුවූ අලි අබැද්දියක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. ඊශ්රායල් රටේ සේවය කර මෙරටට ඊයේ පෙරේදා ආ ගැටයෙකි. ඒ රටේදී ලැබුණු හොඳ වැටුප නිසා ඔහුගේ අතමිටද සරුවි තිබිණ. ඒ නිසාම ඔහු රුපියල් ලක්ෂ තුනක් වටිනා ඉස්තරම්ම වර්ගයේ ජංගම දුරකතනයක් මිලට ගත්තේය. ඒ ලංකාවට ආ සැණින් ය. 19 October 2026
ෆොටෝ එකෙන් අනියම් පෙම අහුවී බිරිඳ යකින්නියක් වෙලා රජයේ කන්තෝරුවක අවිවාහක ලිපිකාරිනියක හා හාදවූ වෙනත් ආයතනයක ලිපිකරු මහතකු ගැන ප්රසිද්ධ වූයේ සත්කෝරළයෙනි. මොහු දරුවන්ද ඇති විවාහකයෙකි. වයස නොපෙනෙන කඩවසම් අයෙකි. පෙර සඳහන් කළ ලිපිකාරිනිය රූමත් ළඳකි. ඇය සමග හාද වූ ලිපිකරු මහතා තමා අවිවාහකයකු බවත් විවාහයට කෙනකු සොයන බවත් පැවසූ අතර ඇයට කැමති බව පැවසීය. ඇයද අවිවාහක නිසා ඔහුට කැමැත්ත දුන්නේ එක සිතින්මය. මෙසේ අනියම් ඇසුර දිගටම ගෙන යන්නේ බිරියට රහසේය. ඔහුගේ අලුත්ම උඩුකය සේයාරුවක්ද ඇයට දුන්නේය. මේ කිසිවක් 17 October 2026
අම්මා මාළු අරන් කියා කඩෙන් ගත් කුකුළු මස් ආපසු ගෙනත් අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනවිත් මුදල් ඉල්ලාගෙන ගියා පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර්තා විය. ඇති හැකි යමක් කමක් ඇති පවුලකි. පියාගේ ඇවෑමෙන් ගෙදර කටයුතු භාර වී ඇත්තේ එකම පුතුටය. දෙදරු පියකුද වන මේ පුතා කුණු ලෝබයකු බව ප්රකට කතාවකි ඉකුත් දිනක මේ පුත්රයා ගමේ වෙළඳසලකට ගොස් මේ ඇත්තට කන්න දෙන්නත් එපායැ ඔය කුකුළු මස් පන්සීයක් දෙන්නයි ඉල්ලීය. එහි වටිනාකම ද කේවල් කර ගෙවීමෙන් අනතුරුව ඔහු න 17 October 2026
මාමණ්ඩියට බේත් ගන්න එවූ සල්ලි ලේලි මාටියා ගහලා වයෝවෘද්ධ මාමණ්ඩියට බේත් හේත් ගන්න සැමියා එවූ මුදලින් අඩක්ම මාටියා ගසා මාට්ටුවූ ලේලියක ගැන අලුත් කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. පියා සිටියේ ජීවිතයේ සැඳෑ සමයේය. ඔහු ජීවත්වූවේ බැරි බැරි ගාතයේය. ලෙඩ මර ගාතේය. දූදරුවන් දෙදෙනෙකි, දුවක සහ පුතකු ලෙසය. දෙදෙනාම විවාහකයෝය. මෙයින් පුතා යුරෝපීය රටකය. හොඳ වැටුපකි. දුව ගෘහණියකි. පියා බලා කියා ගත්තේ දුවය. ඊට සහයෝගයක් ලෙස පුතා මාස් පතා පියාගේ බෙහෙත් හේත් ගන්න ලංකාවට මුදල් එව්වේය. ඒ සිය භාර්යාව 17 October 2026
’ස්මාර්ට්’ වෙන්න ගිහින් තරු පෙනිලා නිවසේ සෑම දෙයක්ම කිරීම සඳහා ස්මාර්ට් ක්රමයක් සොයා යන පුතකුට පියාගෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගන්න ලැබීම පිළිබඳව පුවතක් කන්ද උඩරට ප්රදේශයන් වාර්තා වෙයි. වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. ඔහු මැදි වියේ පසුවන දෙදරු පියෙකි. ලොකු පුතාට අවුරුදු 24 ක් පමණ වෙයි. අධ්යාපනය හමාර කළත් තවමත් රැකියාවක් නොකරන ඔහු නිවසේ සිටිමින් සිය කාලයෙන් වැඩි කොටසක් ජංගම දුරකථනයට වැය කරයි. නූතන තරුණ පරපුර බැවින් සියල්ල ස්මාර්ට් ලෙස කල්පනා කර මෙම පරපුර නිවසේ ගැටලු ව 17 October 2026
සුර් එකෙන් බේරෙන්න මවත් බිරිඳත් අන්දවයි මත් වතුර පානය කොට වෙරි මතින් නිවසට පැමිණීම ගැන උරණවී අමනාපයෙන් කතා නොකර සිටි සිය මව සහ බිරිය ඇන්දවූ අයකු පිළිබඳ පුවතක් මිනිපේ මහගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා විය. ඔහු පෞද්ගලික ආයතනයක සේවය කරන තිස් හැවිරිදි දෙදරු පියෙකි. විවාහයට පෙර මත් වතුර භාවිතා කළත් විවාහයෙන් පසු මත් වතුරට තිත තැබුවෙකි. මත් වතුරට තිත තබා මේ වන විට වසර පහක පමණ කාලයක් ගත වී තිබේ. මෙදින නිවාඩු දිනයක් හෙයින් නගරයට ගොස් පෙරළා නිවස කරා යතුරු පැදියෙන් එන අතරේ ඔහුට අතරමගදී හමුවූයේ 17 October 2026
රෝහල අත ළඟ තියෙද්දී සුවසැරිය ගෙන්වාගෙන නිවසේ සිට පා ගමනින් රෝහල වෙත යාමට හැකියාව තිබියදීත් දුර බැහැර ප්රදේශයක සිට 1990 සුව සැරිය ගිලන් රථයක් ගෙන්වාගෙන රෝහලට පැමිණි පුද්ගලයකු රෝහලේ නේවාසික ප්රතිකාර ලබා ගැනීම සඳහා ඇඳ ඇතිරිල්ලක් සහ කොට්ටයක් නැතැයි පවසා ඒවා රැගෙන ඒමට යළි ආපසු සිය නිවස කරා පා ගමනින් ගොස් පැමිණි බව කියැවෙන පුවතකි. සිද්ධිය මෙසේය. ඔහු ගම්බද ප්රදේශයක පුද්ගලයෙකි. කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් විටින් විට රෝහල්ගතවීම පුරුද්දක් කරගත් අයෙකි. රෝහලට ඇත්තේ පයින් යන දුරක් වුවද ඔහ 17 October 2026
පෙම්වතිය කුඩේ යටින් එක්ක ආවැයි තරුණයාට තඩි බාලා වැස්ස වේලාවේ පෙම්වතිය කුඩය යටින් එක්කරගෙන ආවේ මන්දැයි පවසා අසල්වැසි නිවෙසක තරුණයකුට පහරදීමක් සිදු කර ඇතැයි කියන අපූරු පෙම්වතකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්රදේශයේ ග්රාමයකින් වාර්තා වෙයි. වාර්තා වී ඇති අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 16 October 2026
මුනුපුරාගේ ටිකිරි මොළෙන් කාකිකෝටයෙන් බේරිලා 7 හැවිරිදි මුනුපුරා සමඟ රාත්රී කාලයේ යතුරු පැදියෙන් ගමනක් ගිය පුද්ගලයකු යතුරුපැදියේ අඩු පාඩුවක් පැවතිය ද මුනුපුරාරාගේ ටිකිරි මොළයෙන් ලබාදුන් උපදේශය ක්රියාත්මක කිරීම නිසා දඩයක් නොගෙවා බේරුණු පුවතකි. 15 October 2026
චරිතෙ බේරගන්න ගිහින් අනාගෙන චරිතය බේරාගැනීම සඳහා එල්ලී මැරුණු ජවනිකාවක් රඟපෑමට ගොස් ගොඩනගාගෙන තිබූ චරිතය අන්තිමටම සවුත්තු වූ පුද්ගලයකු පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව නගරාසන්නයේ ගමකින් දැනගන්නට ලැබුණි. මේ පුද්ගලයා ගම් ප්රදේශයේ හොඳ නමක් දිනාගෙන සිටි අයෙකි. නිතරම පුරසාරම් දෙඩුවේ තම චරිතය පිළිබඳවමය. කෙනකුගේ චරිතය ආරක්ෂා කර ගැනීම ගැන ඔහු උදම් ඇනුවේ තමා ආදර්ශයට ගනිමිනි. මෙම ගමේ රූමත් ගුරුවරියක දිනපතා හිමිදිරියේම නෑමට පුරුදු වී සිටියේ ගමේ පොදු ළිඳකිනි. එම ළිඳ සමීපයේ අතුපතර හො 14 October 2026
සිහිනෙන් කාවාඩි නටා අමාරුවේ වැටිලා පෙරහරේ කාවාඩි නටන්න මුදල් බැඳ නොහිතූ අකරතැබ්බයකට මුහුණදී නැටූ කාවාඩියක් මෙන්ම ඒ වෙනුවෙන් බැන්ඳ මුදල්ද නැතිවූ තරුණයකු පිළිබඳව කතාවක් ගාල්ලේ නගරයකින් අසන්නට ලැබේ. ගාලු දිසාවේ ප්රසිද්ධ නගරයක පැවැත්වූ පෙරහරකි. පෙරහර පැවතියේ රාත්රියේය. එම පෙරහරේ කාවාඩි නටන්න මුදල් බැඳිය යුතුය. ඒ වෙනුවෙන් බැඳිය යුතු මුදල රුපියල් තිස්දහසකි. ප්රදේශවාසී තරුණයකුටද පෙරහරේ කාවාඩි නටන්න ආශාවක් ඇතිවූවේය. ඔහු ඒ සඳහා අවැසි මුදල් ද බැන්ඳේය. ඊට පසු ඔහු දතකට මැදගෙන සිටියේ පෙරහ 13 October 2026
වැඩේ බාරඅරන් ගමෙන් වාෂ්ප වෙලා හිතවත් මිතුරකු හදිසියේ අසනීප වෙද්දී සමීපතම කළණ මිතුරකු පැවරූ වගකීම් ඉටු කරන්නට බියෙන් ගමෙන් අතුරුදන් වූ පුවතක් කුරුණෑගල දිස්ත්රික්කයේ වැඩිම ජනගහනයක් සිටිනා ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකට අයත් ගැමි පෙදෙසකින් අසන්නට ලැබුණි. වට්ස්ඇප් ඇප් ගෲප් එකක් වටා ගෙතුණු තරුණ මිතුරු සංවිධානයකි.දුකට සැපට නිරතුරුව පිහිට වෙන නිසාත්, මසකට වරක් නම් කරන ලද නිවසකට රාත්රියේ දී හමුවී සතුටු සාමීචියේ යෙදී පොදු වැඩවලට හා අසරණ අයට පිහිට වෙන නිසාත් එය ප්රදේශයේ ජනප්රිය සමාජ ස 12 October 2026
වාසියට හිනාවෙන මිතුරෙක් මුදල් පසුපස හඹා යන නූතන මසුරු සිටානෝ කෙනකු “සිනාසීම” පිළිබඳව කියා දුන් අපූරු පාඩමක් ගැන කැබිතිගොල්ලෑවේ උපන් දැනට අනුරාධපුර පදිංචි මිත්රයකුගෙන් දැනගැනීමට ලැබුණි. අප මිත්රයාගේ අති ජාත මිත්රයාද කැබිතිගොල්ලෑව ප්රදේශයේ ජන්ම ලාභය ලැබීය. මොවුහු දෙදෙනාම මේ වනවිට උතුරු මැද පළාතේ වගකිවයුතු රාජ්ය ආයතනයක රැකියාව කරති. මේ සිනාසීම පිළිබඳ අපූරු පාඩමක් කියා දුන් මිත්රයාට මිතුරන් කොතෙක් සිටියත් ඔහු සිනාසෙන්නේ ඉන් කීප දෙනෙකු සමග පමණකි. 10 October 2026
බලෙන් ෆෝන් අංකය දෙන්න ගිහින් “කුකුළා” ගුටිකාලා බස් රථයේදී තරුණ කතට බලෙන් ලබාදුන් ජංගම දුරකතන අංකයෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගත් අයකු පිළිබඳව කතාවක් ඇහෙන්නේ ගාලු දිසාවේ ගමකිනි. 09 October 2026
බීලා බිරිඳට නෙළන්න ගිහින් රෝහලේ ලැගලා බී ගෙන විත් භාර්යාවට තළන්න ගොස් අලි අමාරුවක වැටුණු හාදයකු පිළිබඳව කතාවක් ගාලු පුරේ ගමකින් අසන්නට ලැබේ. දෙන්නා දෙමහල්ලන් අතරේ ආරවුල් හට ගත්තේ කාලයක සිටය. එයට වැඩිමනත්ම හේතුවී තිබුණේ සැමියාගේ බේබදු කමය. හැමදාම බී ගෙන නොආවත් ඔහු මාසයේ වැඩි හරියක්ම නිවසට ආවේ බීගෙනය. වැඩ නිමවී ඇඳිරි වැටීගෙන එන විටදීය. 07 October 2026
දරු පල දෙන්න ගිහින් කපුවා මරළතෝනි දීලා දරු පල අහිමි විවාහක කතකට දේව වරමින් දරු සම්පත්තිය ලබාදීමට සූදානම් වූ ජනප්රිය උපාසක කපුවකුගේ සායම සේදී ගිය පුවතක් රජරට පළාතේ ගමකින් අසන්නට ලැබුණි. එය මෙසේය. එම ගම්පළාතට අලුතින් පැමිණි වයස අවුරුදු 65 ක් පමණ වයස ඇති තැනැත්තෙක් එම ගමේ නිවෙසක් මිලදී ගෙන එහි පදිංචි විය. හෙතෙම මාස කිහිපයක් ඇතුළත එම ප්රදේශය පුරා අතිශයින්ම ජනාදරයට පත් ජනප්රිය දැහැමි පුද්ගලයකු බවට සමාජය පිළිගත්තේය. 06 October 2026
පදමට ගහලා ගෙදර කියා අනියම් බිරියගේ ගෙට රිංගලා මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයකු මදුවිතේ පදම වැඩි වී එම සාදය අවසානයේ නිවෙස සොයාගත නොහැකි වුවත්, අනියම් බිරියගේ නිවෙසට ගිය පුවතක් කොළඹට නුදුරු ප්රදේශයකින් පසුගිය දා වාර්තා විය. තම සේවා ආයතනයේ යහළුවකුගේ දියණියකගේ මංගල සාදයකට සහභාගි වූ මෙම පුද්ගලයා එම සාදයේදී මිතුරන් සමග මදුවිතෙන් සප්පායම් විය. එකින් එක මදුවිත සප්පායම් වූ මොහුගේ පදම වැඩි විය. ඒ සමගම සාදයේ පැවැති නර්තනයටත් එක්වූ මෙම පුද්ගලයා එහි සිටි පුද්ගලයන්ට කරදරයක් විය. 05 October 2026
අනංග පාට් දාන්න ගිහින් වතුර එකට පරිප්පු දාගෙන කාලා පෞද්ගලික වැඩපළක හිමිකරුවකු වන ඔහු ඉතා පිරිසිදුවට ඇඳුම් අඳින, ප්රසන්න පෙනුමක් ඇති කඩවසම් පුද්ගලයෙකි. මනමාලකමක්ද ඇත. තනිකඩයෙකි. දිනපතා වැඩපළට යන ඔහු නගරයේ තිබෙන හෝටලයකට ගොඩ වැදී උදේ ආහාරය ගැනීමට පුරුදු වී සිටියේය. ඒ අසලම තවත් හෝටලයක වේටර්වරියන් දෙතුන් දෙනකු වැඩ කරනු දුටු ඔහු මෙම සිද්ධිය වූ දින එම හෝටලයට පැමිණ උදේ කෑමට පාන් ඉල්ලා සිටියේය. වේටර්වරිය ඔහුට වාඩිවීමට කියා මේසය වෙත පාන් පරිප්පු සහ සම්බෝල පීරිසියක් ගෙනැවිත් තැබුවාය. ඉන් පසු ඔහු වේටර් 03 October 2026
බීපු සැමියාට පාඩමක් උගන්වන්න ගිහින් අනාගෙන මහත්තයා මට්ටු කරන්න ගොස් මට්ටු වුණු නෝනා කෙනකු පිළිබඳව කතාවක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ. මහත්තයා බෙබේය. මේ ගැන නෝනා සිටියේ කලකිරීමෙනි. මහත්තයා බේබදුකමෙන් මුදවාගන්න කොතෙක් උත්සාහ කළත් පලක් නොවීය. ඒවා හරියට ගඟට කැපූ ඉනිමෙන්ය. මේ නිසා ඇය නිතර දෙවේලේම හීල්ලුවාය. දන්නා කියන හැමදෙනාගෙන්ම උපදෙස් පැතුවාය. හැමදෙනාම දුන්නු උපදෙස් ඇය ක්රියාත්මක කිරීමටද වගබලා ගත්තාය. එදා ද ඇයට ඒ සඳහා උපදෙසක් ලැබුණාය. ඒ දුරින් නෑකමක් ඇති නෑනා කෙනෙකුගෙනි. ඒ බීලා එන දවස්වලට 03 October 2026
කේන්දර බලන්න ආ තරුණිය එක්ක සැමියා ’මිසින්’ රජයේ රැකියාවට අමතරව කේන්දර බැලීම සිදුකළ අයකු බිරිඳ සහ දරු දෙදෙනා අතහැර කේන්දරය බලා ගැනීමට පැමිණි රූමත් තරුණියක සමග පැනගිය අපූරු කතාවක් දකුණු පළාතේ ග්රාමීය ප්රදේශයකින් වාර්තා වේ. උපතේ සිට මරණය දක්වා ජනතාවට සේවය සපයන ආයතනයක රැකියාව කරන ඔහු අතිශයින් තැන්පත් හා අහිංසක ආකාරයට ජීවත්වූ අතර කේන්දර බැලීම පිළිබඳව ප්රසිද්ධියට පත්ව සිටියේය. විශේෂයෙන් කේන්දරය බලා අනාවැකි කීමට ප්රසිද්ධය. සිය සේවා ස්ථානයේ මෙන්ම සෙසු ස්ථානවලත් ඔහු අතිශයින් ජනප්රිය ප 03 October 2026
බිරිඳගේ මායමෙන් බේබදු සැමියා මට්ටු වෙලා සැමියාගේ මත් වතුර පානයට සහ මත් වතුර පානය කර නිවසට පැමිණ තමන්ටත් දරුවන්ටත් කරනු ලබන අඩන්තේට්ටම් නතර කිරිමට ඇය සමත්වූයේ ගැහැනියක සතු හැටහතර මායමෙන් එකක් ඔහුට පෙන්වා බය කිරීම නිසා බව ඇය තම මිතුරියන්ට පැවසුවේ “ඔන්න උඹලගේ දඟකාරයොත් මේ විදිහට මට්ටු කරපල්ලා” යැයි කියමිනි. එදිනෙදා කුලී වැඩෙන් ජීවත්වෙන ඔහු 34 හැවිරිදි දෙදරු පියෙකි. දෛනික කුලී වැඩෙන් පසු සවස නිවස බලා එන සෑම දිනකම ගමේ තිප්පොළකට ගොස් මත් වතුර බිඳක් පානය කර ඒම ඔහුගේ පුරුද්දක් වී තිබිණි. මොහු 03 October 2026
තඹ තහඩු හුනියමෙන් පවුල් දෙකක් ඇරගෙන දිරාගිය තඹ තහඩුවක් හූනියමක් වී යාබද නිවෙස් දෙකක් ජන්මාන්තර වෛරක්කාරයන් වීමේ පුවතක් කන්ද උඩරට ප්රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. කන්ද උඩරට ප්රදේශයේ එක්තරා කුඩා ගම්මානයක යාබද නිවෙස්වල පදිංචි මෙම පවුල් දෙක දීර්ඝ කාලයක් තිස්සේ එකමුතුව සහයෝගයෙන් ජීවත් වූහ. තම නිවෙස්වල උයාගන්නා විශේෂිත ආහාර පාන පවා හුවමාරු කර ගත් ඔවුන් අතර පැවැතියේ ඉතා කිට්ටු සබඳතාවකි. එකිනෙක නිවෙස්වලට ගෙනෙන බඩු මුට්ටු ගැන පවා එම නිවැසි කාන්ත 03 October 2026
ගෝලයන්ගේ පස්ස බැලිල්ලෙන් හාම්පුතා අමාරුවේ වැටිලා මෙය රත්නපුර දිස්ත්රික්කයේ එක්තරා ප්රදේශයක සිදුවූ අපූරු සිදුවීමකි. එම ප්රදේශයේ ජීවත් වූ ඔහු කාලයක් දුක් මහන්සි වී මුදල් උපයා වෑන් රථයක් මිලදී ගත්තේය . එය පාසල් සිසුන් ප්රවාහනය කිරීමට යොදාගත් අතර හොඳ දක්ෂ පළපුරුදු රිය සහයකයෙක් බඳවා ගත්තේය. රියැදුරු වැඩේ කළේ අයිතිකාර ඔහුමය. දිනක් රිය සහයකයා කියා සිටියේ හෙට දිනයේ තමන්ට නිවාඩුවක් අවශ්ය බවයි . ඉතා හොඳට අවංකව සේවය කරන නිසා තම ගෝලයාට නිවාඩුවක් දීමට වෑන් රථයේ අයිතිකරු තීරණය කළේය. “හරි බන් උඔට නිවාඩු 03 October 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026