සුපිරි මඟුලේ අසිරි සැප විඳින්න ගිහින් අමාරුවේ වැටිලා මහනුවර ප්‍රදේශයේ තරු හෝටලයක පැවැති සුපිරි මංගල්‍යයක අසිරි සැප විඳීමට ගිය පුද්ගලයන් දෙදෙනකුට වසුරු සැප ලැබී ඇති කතාවක් ගැන පුවතක් බස්නාහිර පළාතෙන් පසුගිය දා අසන්නට ලැබුණි. 21 hours ago
නැතිවුණූ රටකජු හොයන්න හොරාගේ අම්මාගෙන් පේනයක් අහලා ගෙමිදුලේ වේළෙන්නට දමා තිබියදී අතුරුදන් වූ බව කියන රටකජු තොගයක් සොයා ගැනීමට හොරාගේ අම්මාගෙන්ම පේනයක් ඇසූ පුවතක් වයඹ පළාතේ ගමකින් වාර්තා විය. වාර්තා වූ අන්දමට සිද්ධිය සැකවින් මෙසේය . ගොවිතැන සිය ප්‍රධාන ජීවනෝපාය කරගත් මිනිසුන් බහුල මෙම ප්‍රදේශයේ වෙසෙන එක්තරා ගොවි පවුලකි. මෙම ඇත්තන් මෙවර යල කන්නයේ අක්කර කාලක පමණ රටකජු වගාකර තිබී ඇත. ඒ අනුව නියමිත කාලය පැමිණී නිසා එම වගාවේ අස්වනු නෙළීම පසුගිය දිනවල සිදුකර ඇත. එසේ නෙළා ගන්නා ලද රටකජු අස්වැන්න අලෙවි ක 13 June 2026
මහන්තත්වකමට ගිහින් වංශේ කබල් ගාගෙන වංශයේ ගරුත්වය රැකෙන්නට සවස් යාමයේ සිට කලුවර වැටෙන තෙක් ආගන්තුක නිවසක රැඳෙන්නට ගිය අයකුට නින්දා අපහාස මැද වංශෙ කබල් ගාගෙන යාමට සිදු වූ පුවතක් යාපහුව අඩවියෙන් ඇසෙයි. 13 June 2026
ලාබෙ බලලා ඩබල් ගෙවලා බස් රථයට රුපියල් 100 ක් දෙන්න ලෝබ වූ මගියකුට ඒ වගේ දෙගුණයක් ත්‍රිරෝද රථයකට ගෙවීමට සිදු වීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයක පදිංචි මැදිවියේ පුද්ගලයකු වන මොහු දැඩිලෙස ලෝභ පුද්ගලයෙකි. රුපියලක් වියදම් කරන්නෙත් බොහෝ දුර කල්පනා කරයි. පසුගිය දිනෙක ඔහු නගරයට ගියේ නිවසට අවශ්‍ය බඩු ටිකක් ගෙන ඒමටයි. ළඟදී නැවත නිවසට පැමිණීමට සූදානම් වී බස් නැවතුමට පැමිණි ඔහුට එක්වරම කල්පනා වූයේ 13 June 2026
බෝතලයට යටවී එලිවෙනකන් පරිප්පු කයි හොඳම මිතුරකුගේ මංගල උත්සවයකට සහභාගිවී උත්සවය අවසන් වීමෙන් පසුවත් මිතුරන් හා මධුපානය කරමින් සිට යා යුතු බස් රථය මගහැරී නිරාහාරව එළිවෙනතුරුම පාරේ රස්තියාදු වූ තරුණයකු පිළිබඳ කතාවක් ගාලු පුරයේ නගරයකින් අසන්නට ලැබේ. මෙම තරුණයා දියතලාව ප්‍රදේශයේ නේවාසිකව ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්නෙකි. හෙතෙම පසුගිය දා ගමට පැමිණියේ තම හොඳම මිතුරකුගේ මංගල උත්සවයක දෙවැනි දිනය නිමිත්තෙනි. මංගල උත්සවය සතියේ දිනක පැවති අතර එදින නිවාඩු ලබාගත නොහැකිවූ බැවින් එයට සහභාගිව 13 June 2026
ගොවියා අන්දවන්න ගිහින් අතේ පත්තු වෙයි පංගු ක්‍රමයට ඇති දැඩි කිරීම සඳහා එළ ගවයකු රැගෙන ගිය අයකු එම සතා මසට අලෙවි කොට ගවමස් කඩයකින් ගව මළ කුණක කොටසක් රැගෙන විත් ගවයා අයිතිකරුට දී තමන් රැගෙන ගිය එළ ගවයා කොටියකු විසින් කා දමා ඇති බව කියා ගොවියකු මුළාකළ අයකු පිළිබඳ පුවතක් හසලක ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයකින් වාර්තා විය. තිස් හතර හැවිරිදි වියේ පසුවෙන මොහු එදිනෙදා කුලියෙන් දිවි ගෙවන අයෙකි. මදු විතට ද දැඩි ලොල් කමක් දක්වන මොහු මිනිසුන් මුළා කර යම් යම් දේ කඩා වඩා ගන්නට රුසියකු බව ඇසුරු කරන්නෝ හ 13 June 2026
බයිට් එකට ඌරු මී මස් කා කබරයා දාලා බයිට් එකට ගත් දඩ මසේ නම ඇසූ සැනින් කඹරයා සෙට් වී අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව කයිකතන්දරයක් ගාලු දිසාවේ කුරුඳුවලට ප්‍රසිද්ධ ගමකින් අසන්නට ලැබේ. දෙන්නා මිතුරෝය. ගජයෝය. වෘත්තීන් දෙකකය. එකෙක් කුරුඳු වැඩය. අනෙකා කුරුඳු වතු උදලු ගායි. වෘත්තීන් දෙක බැලූ බැල්මට වෙනස්වුවත් ආසන්නයෙන්ම යයි. අකුරු සෑස්තරේ දෙන්නටම අරහංය. කතාව නම් එය නොවේ. දෙන්නම සෙට් වෙන්නේ දඩ මසක් තළාගත් දාටය. කුරුඳු ඉඩම්වලට එන ඌරකු, විල් මුවකු, තලගොයකු ඔවුන්ගේ දඩ මස්ය. වාසියක් වූ දාට 13 June 2026
“චීනාගේ “ගැටේට සිරියාවි අහුවෙලා මුහුණට මුහුණ මුණ නොගැසුණත් මුහුණු පොතෙන් මිතුරු වූ විදෙස් ජාතික මිතුරා කැපූ කැටයමෙන් මුහුණ බෙරි වූ මෙරට මිතුරියක ගැන අසන්නට ලැබෙන්නේ අහුන්ගල්ලෙනි. මුහුණු පොත ඇයට හුරුය. පුරුදුය. එහි සැරිසරන්නේ කාලයකම සිටය. ඉඩක් ලද සැණින් ඇය යන්නේ මුහුණු පොතටය. මුහුණු පොතට ගිය සැණින් ඇයගේ මුහුණට සිනහව එන්නේ මුහුණ කෝපි මලක් මෙන් දිලිසෙමිනි. 12 June 2026
දන්සලට දුන් පරිප්පු අයිතිකාරියටම විකුණලා ගමේ පැවැත්වෙන වෙසක් දන්සල සඳහා කාන්තාවක විසින් පරිත්‍යාග කළ පරිප්පු කිලෝ එක දන්සල නිමවී දින කිහිපයකට පසුව එම ප්‍රදේශයේම වෙළෙඳ සලකින් එම කාන්තාවටම අලෙවි කර ඇති අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. මහා පරිණත දැනුමක් ඇති යැයි හුවා දක්වමින් ආගම දහම පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කරන පිරිසක් එක්තරා ගමක ජීවත් වූහ. මෙම පිරිස අතර සිටි බොහෝ දෙනකු ව්‍යාපාරික ප්‍රජාව නි 11 June 2026
මීයෙක් මහ රෑ හොල්මන් කරලා වන්දනාවේ ගිය නඩේ ගුරාට සහ රියැදුරුට ජීවිතයේ කවදාවත්ම අත්විඳීමට නොවූ අලි ඇබැද්දියක් පිළිබඳ කතාවක් ඇසෙන්නේ ඌරගස්මංහන්දියෙනි. කට්ටියම ඌරගහය. ගියේ අම්පාරටය. නැවතුණේ විශ්‍රාම ශාලාවකය. එහි එක් කාමරයක නඩේ ගුරා සහ රියැදුරුය. මේ දෙන්නා එදා රෑ වේලාසනින්ම නින්දට ගියේ පසු දා පාන්දරම වන්දනාවේ අවසානයක් දැකීම සඳහා පසු දින යා යුතු තැන් සිත්හි තබාගෙනය. 10 June 2026
අයියාගෙන් ගාණ කපන්න ගිහින් අලි අමාරුවක වියපත්ව සිටින මව දිනපතා නෑම සහ ඇඟ සේදීම නිසා විශාල ජල බිලක් ලැබෙන බව පවසා බිල්පත වෙනස් කර තම වැඩිමහල් සහෝදරයාගෙන් සල්ලි කඩාගන්න ගිය බාල සහෝදරයකු ගැන කියැවෙන අපූරු කතාවක් ගාලු පුරයේ හිනිදුම්පත්තුවේ ගමකින් පසුගිය දා අසන්නට ලැබුණි. 09 June 2026
වළලු අතකින් කම්මුල අතගා ගන්න වැදිලා වැඩමුළුවකට ගිය අයකුට බස් රථයේදී වළලු දමාගත් අතකින් කම්මුල අත ගා ගැනීමට සිදුවූ අපූරු පුවතක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ. මෙම පුද්ගලයා ජීවිතේ අග්ගිස්සේය. ප්‍රකට සමාජ සේවකයෙකි. මෑතකදී ඔහුට වැඩමුළුවකට ආරාධනාවක් ලැබුණේය. ඔහු එය මහ ඉහළින් පිළිගත්තේය. වැඩමුළුව පැවතියේ ගාල්ලේය. ගාල්ලේ උත්සව ශාලාවකය. 08 June 2026
විහිළුවෙන් දීගෙත් කැඩෙන්න ගිහින් මිතුරකු මිතුරකුගේ බිරියකට කළ විහිළුවෙන් ඇස් රතු වී තරුණ යුවළකගේ පවුල් ජීවිතයක් කඩා විසිරෙන තත්වයක් දක්වා දුර දිග ගිය පුවතක් හසලක නුදුරු ගම්මානයකින් වාර්තා විය. තිස් හතර වියේ පසුවෙන ඔහු විහිළු තහළුවට බර අයෙකි. මොහුගේ ඇතැම් විහිළු නිසා ඔහු මෙන්ම හිත මිතුරන්ගේ ඇස් රතු වූ අවස්ථාද නැතිවා නොවේ. ඒ නිසාම මොහුට මිතුරන් විසින් විවිධ අන්වර්ථ නම් ද පටබැඳ තිබේ. 06 June 2026
අඩියක් ගහන්න ගිහින් කූඩුවේ කූරු ගැනලා බිරිඳට හොරෙන් පොඩි අඩියක් ගහන පොරක් යාළුවන් දෙන්නකුට සෙට් වී ලොකු අඩියක් ගහන්න ගිහින් අමතක නොවන පාඩමක් ඉගෙන ගෙන ඇති පුවතක් ගැන ගාලු පුරවරයේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. 05 June 2026
කොකු දාන්න ගිහින් නෝන්ඩි වෙලා චණ්ඩියා බන්ඩියේ දමාගෙන චණ්ඩියා වීමට ගොස් නෝන්ඩි වූ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ දුෂ්කර ගමකින් ඇසේ. එකක් දෙකක් දාගත්විට කොකු ද එකක් දෙකක් දානොගත්තොත් මිනිහා නම් නොවේ. එදාට මිනිහාට අමුතුම ආරූඩයක් වැහෙන්නේය. චණ්ඩියා බන්ඩියට දාගත් විට කොක්කට හේතුවක් අවශ්‍යම නොවේ. එය අහේතුවක් වීමට ද හැකිය. 04 June 2026
නොකාපු දන්සලෙන් කෑමක් කාලා දන්සල කන්න ගොස් කවදාවත්ම නොකාපු කෑමක් කෑ තරුණයකු පිළිබඳව අඬහැරයක් දිගහැරෙන්නේ මෙසිරිලක දකුණු ලකේ ගාලු පුරෙනි. වෙසක් දන්සලකි. තිබුණේ මහ රෑය. පෝලිම දිගය. ජනතාව එහි කිටිකිටියේය. කෙල්ලන් කොල්ලන්ද මේ අතරය. පෝලිමේ සිටි කවුරුත් නොඉවසිල්ලෙන් බලා සිටියේ සිය වාරය එන තෙක්ය. 03 June 2026
පොලිසියෙන් බේරෙන්න මදුරුවන් තළන්න වෙලා ‘ආයේ නම් මචෝ අරක්කු බීලානම් බයිසිකලයේ යන්නේ නම් නෑ. අරක්කු බීලා බයිසිකලයේ ගිහිල්ලා මම හොඳ පරිප්පුවක් කෑවානේ.” යැයි ඔහු සිය හිතමිතුරන්ට පවසන්නේ රාත්‍රි කාලයක පැය ගණනක් මදුරුවන් තළමින් පොලිස් නිලධාරින්ගෙන් බේරීමට ගම්මිරිස් කොටුවක රැඳීසිටීමට සිදුවු සිද්ධියක් සිහිපත් කරමිනි.” 02 June 2026
රියැදුරාට පාට් දාලා පාරේ කට්ට කාලා තම රියැදුරා හදිසි කෝපයට පත්ව තම වාහනයත් සමග තමන්ව අතරමංකර පැමිණීම නිසා කොළඹ පුරා වෙනත් රියැදුරකු සොයන්නට එම වාහන හිමිකරුට සිදුවූ මේ පුවත වාර්තා වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ නගරයකිනි. වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය . 29 May 2026
කුණු හොයන්න ගිහින් ඇදගෙන නාලා අසල්වැසි නිවසක පදිංචි වැන්දඹු කාන්තාවක ලැගුම්හලක සිට පිටවෙනු දකින එම ප්‍රදේශයේම තවත් කාන්තාවක විසින් තමා දුටු සිද්ධිය ගමේ පැතිරවීමට ගොස් මහත් අකරතැබ්බයකට මුහුණදී ඇති පුවතක් ගැන ගාලු දිසාවේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. 28 May 2026
“අමුතු” ආදරෙන් රස්සාවට තට්ටුවෙලා අනියම් සැමියාට අමුතු ආකාරයට ආදරය කරන්න ගොස් රැකියාවට ආයුබෝවන් කියන්න සිදුවූ කාන්තාවක පිළිබඳව අපූරු කතාවක් ගාලුපුර ගමකින් ඇසේ. ඇය ජීවත්වූවේ ගමේ වුවත් සේවය කළේ නගරයේය. නගරයේ නිවෙසක මෙහෙකාරියක ලෙසය. විවාහක කතක වුවත් නගරයේ විවාහක අයකු සමග සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ නගරයේ රැකියාවට ගොස් සිටියදීය. තමා සේවය කරන නිවෙසින් නිවාඩුවක් ලබා බස් රථයෙන් ගම රට බලා යන අතරතුර දැන හැඳිනගත් අයකු සමගය. දෙන්නට දෙන්නා ඉඩ ලැබෙන ලැබෙන පරිදි හමුවෙති. මේ හමුවීම දුරදිග යාමට 27 May 2026
“තැපෑලෙන් කරන්ට්” වැදී හතර ගාතෙන් වැටිලා මංගල උත්සවයකදී ලැබුණු ඉස්තරම් රට බීම වර්ගයක් කිසි කමකට නැතැයි කියමින් බාල්දු කළ පුද්ගලයකුට සාදය අතරමැද දී සිදුවූ අකරතැබ්බයක් ගැන ගාලු දිසාවේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. 26 May 2026
ඩෝප් පිට පන්සීයට දහදාහක් දීලා හොඳටම බීලා ත්‍රිරෝද රථ රියදුරුට අපූරු කුලියක් ගෙවූ සුපිරි මහත්මයකු ගැන කතා බහක් මේ දිනවල සංසරණය වන්නේ දකුණු පළාතේ ගාලු දිසාවේ ගමකිනි. රජයට පක්ෂපාතීව වැඩ කරන කෙනෙකි. කෙටියෙන්ම දෙසාබෑවහොත් රාජ්‍ය සේවකයෙකි. බේබද්දෙකු නොවුණත් අඩි පුඩි ගහන මැදි වයසේ කෙනෙකි. හැමදාම නොවුණත් සතියට දින දෙක තුනක්වත් අඩියට පුඩියට මිල මුදල් පූජා කිරීම දැන් ඔහුට පුරුද්දකට ගොස් මෙනි.පිනට අඩිපුඩි ලැබේනම් සතියෙම වුණත් මිනිහා සූදානම්ය. 25 May 2026
“සොහොන් යකා” චණ්ඩියා මට්ටු කරලා මොහු ගමේ ප්‍රධාන චණ්ඩියා මෙන්ම ප්‍රසිද්ධ සමාජ සේවකයෙකි. මංගල්‍යයේදී අවමංගල්‍යයේදී ගමේ පොදු වැඩකදී කැපී පෙනෙන චරිතයකි. අවමංගල්‍යයකදී ගමේ පන්සලේදී පැවැත්වෙන සභාවකදී, මුලාසනය හෝ ගුණ කථනයක් මොහුට නොලැබුණහොත් වෙන්නේ මහා විපතකි. 22 May 2026
එකට “ගල්’’ ගහලා ෆෝනය ගල් කරලා ගල් බෝතලයක් සමග එකට සෙට්වූ මිතුරාගේ වටිනා ජංගම දුරකතනය ගල් කළ අපූරු මිතුරෙකු පිළිබඳව අපූරු කතාවක් අම්බලන්ගොඩින් ඇසේ. මිතුරා ඉතාලියේ සිට පැමිණියේ ඊයේ පෙරේදාය. ආ සැනින් ඔහු සිය සහචරයන් සමග සෙට්වූවේය. ඒ නිවාඩු නිකේතනයකදීය. ඉස්තරම් බීමට සෙට්වූ අය අකමැති වූහ. ඔවුන් සියලුදෙනාම කැමතිවූවේ ගල්වලටය. ඒ නිසාම ඉතාලි මිතුරා ගල් යහමින් ගෙන ආවේය. 21 May 2026
මල්පොකුරට කෙහෙවලු පටලවාගෙන රැස්වීම් ශාලාවක මේසයක් මත තැබූ මල් පොකුරක් නිසා කාන්තාවන් දෙදෙනකු අතර වෙන්නට ගිය මහා ගැටුමක් ගමේ වැඩිහිටියන් කීප දෙනෙකුගේ මැදිහත් වීමෙන් වැළකී ගිය සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තාවිය. 20 May 2026
තරු හෝටලයෙන් “පරිප්පු’’ කා පටි රෝල් බෙන්තොට හෝටලයක පැවැති රාත්‍රී වැඩසටහනකට සහභාගී වූ විදුහල්පතිවරයකු රාත්‍රී කෑම වේලට වේලාසනින්ම පරිප්පු බෙදාගෙන අලි පරිප්පුවක් කෑ කතාවක් ගාල්ල පැත්තෙන් අසන්නට ලැබේ. 19 May 2026
“පනහ’’ ලාබෙ බලන්න ගිහින් අතින් තට්ටුවෙලා රුපියල් පනහක් බේරගන්න ගොස් රුපියල් තුන් දහස් අටසීයක් පාඩුකරගෙන දහසක් බැනුම් ඇසූ පුද්ගලයකු ගැන කියවෙන කතාවක් පසුගියදා දකුණු පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 18 May 2026
දානේ උම්බලකඩ ඥාතියාගේ මල්ලෙන් පනී දානේ ගෙදර ඉතුරු වූ උම්බලකඩය හංගාගෙන සිටි ඥාතියාගේ මල්ලෙන් උපායශීලීව ගත් නිවැසියකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. නිවැසියාගේ ආච්චි අම්මාගේ තෙමස් මහා සාංඝික දානමය පිංකමකි. ගමටම මෙන්ම නෑ හිතවතුන්ට ද මේ සඳහා ආරාධනා ලැබිණි. ඒ අනුව ඔහුගේ හැත්ත බුරුත්ත මෙන්ම හිතවත්තු මිතුරෝ ද සහභාගී වූහ. 16 May 2026
බයිට් කාලා ඇල්වතුර බීලා කසිප්පු බොන්නට හැදූ කට ගැස්ම එක්ක ඇල්වතුර බී බොරු සූර් පෙන්වූ මිතුරන් දෙදෙනකු පිළිබඳ සිද්ධියක් අම්පාරේ එක්තරා ගමකින් වාර්තාවේ. ඔවුන් දෙදෙනා ගජ මිතුරන් වූ අතර, ඉඳහිට මධු විතෙන් සප්පායම් වීම පුරුද්දක් කරගෙන තිබිණි. එක් අයකු වඩුබාස්වරයකු වූ අතර, අනෙකා එදිනෙදා කුලී වැඩ කර ජීවත්වන්නෙකි. 15 May 2026
ගොනෙක් ලියුම කාලා තැපැල් පියුන් මහතා විසින් ලියුමක් බාරදීමට යන අවස්ථාවේ ලියුම ලබාගත යුතු පුද්ගලයා නිවස අසල පිහිටි එළවළු කොරටුවේ වැඩ කරමින් සිට ඇති බැවින්, ලියුම කොස්ගස අසලින් තබා යන්නැයි පැවසීම නිසා එසේ තබාගිය ලියුම අතුරුදන්වීමේ අමුතුම කතාවක් ගැන දකුණු පළාතේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. 14 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026