කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
බස් රථයේදී තරුණ කතට බලෙන් ලබාදුන් ජංගම දුරකතන අංකයෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගත් අයකු පිළිබඳව කතාවක් ඇහෙන්නේ ගාලු දිසාවේ ගමකිනි.
හේ අමුම අමු කුකුළෙකි. ලස්සන කතුන් පෙන්නන්නම බැරිය. බලන්නේම බලෙන් හෝ ආශ්‍රයට ගැනීමය. මෙය ඔහුගේ විනෝදාංශයක් මෙනි.
මහ මගදී හෝ බස් රථයේදී ඇහැට කනට පෙනෙන කතුන්ට සිය ජංගම දුරකතන අංකයදී ඔවුන් ආශ්‍රයට ගැනීමට ඔහු තුළ ඇත්තේ අපූරු දක්ෂතාවයකි. මෙයින් ඔහු වඩාත්ම සතුටු වන්නේ ඔහුගේ ගමේ අයට සිය හපන්කම පෙන්වීමෙනි.
එදාත් ඔහු මගී ප්‍රවාහන බස් රථයක වාඩි වුණේ ලස්සන කතක ඉන්නා අසුනේය. මහත් ඕනෑකමින්මය. බසයට ගොඩවූ මොහොතේ සිටම ඔහු ඇයට විරිත්තුවේය. එහෙත් ඇය නොවේ එයට මායිම් කළේ. ඔහු වඩාත්ම කැමති එවැනි කතුන් ආශ්‍රය කිරීමටය. මේ නිසාම ඔහු සිය උත්සහාය අත් නොහැරියේය. මේ දවස්වල හරි රස්නේ නේදැයි ඇයගෙන් ඇසුවේ ඇය කතාවට ඈදා ගැනීමටය. ඇය එයට හූම් කීවාය. ඔහුට ඉන් චූටි අස්වැසිල්ලක් ලැබුණේය. තව තවත් මොනව මොනවදෝ ඔහු ඇසුවත් ඇය ඒවාටද භාවිතා කළේ හූම් නියායය.
තමා වැඩ කරන්නේ අසවල් තැන බව ඔහු ඇයට කීවේය. ඇය එය ගණන් නොගත්තාය. ඒ වනවිට ඔහු ඇයට වදයක්මවී තිබුණේය. එයට කෝපය පත්ව ඔහුට බනින්න තරම් ඇයට ලොකු හයියක් නොතිබුණේ ඇය ගමේ කතක නිසාවෙනි. ඇයගේ ගමනාන්තය ළං ළංව තිබුණාය. ඔහු එය ඉවෙන් මෙන් තේරුම් ගත්තේය.
ඒ අනුව ඇය බසයෙන් බැසීමට සූදානම් වූවාය. වහාම ක්‍රියාත්මකවූ ඔහු තමාගේ ජංගම දුරකතන ලියූ කොළ කෑල්ලක් ඇයට දීමට උත්සාහ කළේය. ඇය එය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළාය. එහෙත් ඔහු එය ඇයට බලෙන් ලබාදීමට කිහිප වරක්ම උත්සහා ගත්තේය. අවසානයේදී මඳවේලාවක් කල්පනා කළ ඇය ඔහු දුන් දුරකතන අංකය ලියූ කොළකෑල්ල අතට ගත්තේ දසන් පෙන්නා සිනහවකින් ද සංග්‍රහ කරමිනි. ඔහුගේ ඉහේ මලක් පිපුනාක් මෙනි. ඔහු ඒ සම්බන්ධයෙන් ලොකු සතුටක් ලැබුවේය.
දින දෙකකට පසුව ඔහුගේ ජංගම දුරකතන අංකයට ඇමතුමකි. එය ඊට පෙර බසයේදී හමුවූ කතගෙනි. එදා රැස් දැමූ කත අද බොහෝම සන්සුන්ය. ඒ කතගේ කතා බහ සන්සුන්ය. මිහිරිය. එයින් කියවුණේ හමුවීමට තැනක් සම්බන්ධයෙනි. පළමු දවස හමුවීමකට තීරණය කළ ඔහු ඇය හමුවීමට ගියේ තමාගේ හපන්කම පෙන්වීමට මිතුරකු සමගය. මිතුරාට කීවේ තමා ඇය සමග කරන කතා බහ දුර සිට නරඹන ලෙසය. ඒ අනුව මිතුරා ඒ අනුව කටයුතු කළේය.
ඔහු කත කී වෙලාවට කී තැනය. ඇඳගෙන ඇඳුම හා එහි වර්ණය ද ඇයට කියා තිබුණේය. ඒ සමගම ඔහුගේ ජංගම දුරකතනයට අර කතගෙන් දුරකතන ඇමතුමකි. ඔහු එයට සම්බන්ධවුවද කතාවක් නොවීය. ඒ සමගම පිරි මි අයවලුන් තිදෙනකු ඔහු සම්මුඛවය. යකෝ මුන් බැඳපු ගෑනියකුටවත් බස් එකක යන්න දෙන්නේ නැහැ යයි කියමින් ඔවුහු ඔහුට නෙළන්න ගත්තෝය. තෝ මගේ නෝනට දුරකතන අංකය දුන්නේ මොකක් කරන්නද. අද තෝට හොඳ පාඩමක් උගන්වනවා යයි කියමින් ඔහුට නෙළුවේය. එය දුටු අයද එතනට පැමිණ විස්තරය අසා ඔහුට තැළුෑහ. බේරෙන්න බැරිම තැන ඔහු දෙකකුල්වලට වැඳ වැඳ දිව්වේය.
ඔහු ගමරට එනවිට ඔහුගේ මිතුරා ඔහු කළ හපන්කමට ලැබුණු දේ පිළිබඳව ඒ වනවිටත් ගම රටම දැනුම්වත් කර තිබුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd