මහත්තයා මට්ටු කරන්න ගොස් මට්ටු වුණු නෝනා කෙනකු පිළිබඳව කතාවක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ.
මහත්තයා බෙබේය. මේ ගැන නෝනා සිටියේ කලකිරීමෙනි. මහත්තයා බේබදුකමෙන් මුදවාගන්න කොතෙක් උත්සාහ කළත් පලක් නොවීය. ඒවා හරියට ගඟට කැපූ ඉනිමෙන්ය. මේ නිසා ඇය නිතර දෙවේලේම හීල්ලුවාය. දන්නා කියන හැමදෙනාගෙන්ම උපදෙස් පැතුවාය. හැමදෙනාම දුන්නු උපදෙස් ඇය ක්‍රියාත්මක කිරීමටද වගබලා ගත්තාය.
එදා ද ඇයට ඒ සඳහා උපදෙසක් ලැබුණාය. ඒ දුරින් නෑකමක් ඇති නෑනා කෙනෙකුගෙනි. ඒ බීලා එන දවස්වලට කෑම නො උයන ලෙසය. ඇය එය ක්‍රියාත්මක කිරීමට සිතා ගත්තාය.
එදා ද ඔහු නිවසට ආවේ බීගෙනය. කට ගොන්නක් බීගෙනය. රෑ කළුවර විය. ඇය රෑ කෑම උයන පාටක් නොවීය. ඒ සමග ඇයගෙන් ඒ පිළිබඳව විමසීය. බීලා එන දවසට කෑම නොදෙන බව ඇය කීවාය. ඒ සමගම ඔහුට මළ පැන්නේය.
ඔහු හනිකට මුලුතැන් ගෙට දිව ගියේය. උයන්නේ පිහින්නේ නැත්නම් හට්ටි මුට්ටි මොකටදැයි කියමින් යක්ෂාවේෂ වූ ඔහු මුලුතැන් ගෙයි හට්ටි මුට්ටි පොළවේ ගැසුවේය. ශබ්දය ඇසී ඒ දෙසට යනවිටත් ඔහු මුලුතැන් ගෙයි හට්ටි මුට්ටිවලට වෙන්න ඕන දේ සිදුවී හමාරය. අයියෝ කියවුණේ ඔහු බිඳපු හට්ටි මුට්ටි ටික දැන් ගේන්න වෙන්නෙත් තමාට නේදැයි දැනුණු විට ඇයට හීන්දහඩිය දැම්මේය.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd