IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පළමු වසරට සිසුන් ගන්නා සම්මුඛ පරීක්ෂණ ගුරුවරයාගෙන් මවුපියන්ට අපූරු පාඩමක්

ඉර බහින පැත්තේ පාසලක පළමු වසරට සිසුන් ඇතුළත්කර ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයට ඇතුළත්ව සිටි ගුරුවරයකු සම්මුඛ පරීක්‍ෂණයට පැමිණි මවුපියන් විස්මයට පත්කරන උපදෙසක් දුන් බව වාර්තාවේ. මෙහිදී අදාළ ගුරුවරයා බොහෝ දෙනෙකුට පවසා ඇත්තේ තම පාසලට සුදුසුකම් ලැබීමට නම් පාසල ආසන්න ස්ථානයකට ලියාපදිංචි විය යුතු බවයි. ”කෙල්ලයි, කොල්ලයි යාළුවුණ දවසෙමනේ ළඟ තැනකට ලියාපදිංචි වෙන්න  ඕනේ. ඔයාලා ඒක කරලා නෑ. ඉතින් කොහොමද අපේ පාසලට තේරෙන්නේ” යැයි මෙම ගුරුවරයා ඔහු දැන හඳුනන යුවළකට පවසා ඇති බවත් වාර්තාවේ. ”අපට කිව්වා නම් අපි ඒවා කරන විදිය කියලා දෙනවානේ.  ඕනෑ දේ කරගන්නේ නැතිව මොකටද සම්මුඛ පරීක්‍ෂණයට ආවේ” යැයි ගුරුවරයා ඇතැමුන්ට පවසා ඇති බවද දැනගන්නට තිබේ. මේ ගුරුවරයා ඇතැම් මවුපියන්ගේ ලිපිගොනු අසත්‍ය යැයි පවසා හුළෙඟ් පාකර අරිනවාලූ. එවිට ඇතැම් මවුවරුන් කඳුළු සලනවාලූ. ලොකු තැන්වලටත් පැමිණිලි කරලාලූ.



අදහස් (0)

පළමු වසරට සිසුන් ගන්නා සම්මුඛ පරීක්ෂණ ගුරුවරයාගෙන් මවුපියන්ට අපූරු පාඩමක්

fox Thursday, 22 December 2011 10:43 AM

මේ වගේ අය හින්දා තමයි රටේ ළමයි මැරයො වෙන්නේ.

:       0       0

සම්පත් නිලාක Thursday, 22 December 2011 10:46 AM

මෙම ගුරුවරයාගේ හැසිරීම තරයේ හෙලා දකිනවා ඒගමන්ම කින්න ඕනේ පාසැල් වලට සිසුන් ඇතුලත් කරගන්නා විට පාසැලට ආසන්න පදිංචිකරුවන් තෝරාගැනීම සඳහා ලේඛන සාක්ෂි වශයෙන් ඡන්ද නාම ලේඛන භාවිතා කිරීමට පුරුදු වෙලා ඒකෙ නම නැත්නම් ඒ පුද්ගලයා උපන්දා ඉඳල එතන හිටියත් ළමය පාසැලට තේරෙන්නෙ නෑ නමුත් මො විදියකට හරි නම දාගෙන පදිංචිවෙලා හිටියත් නැතත් ඒ අයගෙ ළමයි තේරිලා ඡන්ද නාම ලේඛන තියෙන්නේ පුද්ගලයකුගේ පරමාධිපති බලය ලබාදෙන ලේඛනයක් විදියට පමණයි.ඇතැම් වෙලාවට පුද්ගලයින්ට මෙම ලේඛනයට නම ඇතුලත් කිරීම අතපසු වෙනවා ඒවෙලාවට දඩුවම ළමයට ඒක අසාධාරන බව කාටත් තේරෙනවා. මේ වගේ ගුරුවරුන්ට හැර මැතිවරණ කොමසාරිස්තුමා කොපමණ උපදෙස් දීල තිබුණත් ගුරුවරුන්ට මේ ටික නොතේරෙන්නේ ඇයි කියල තමා ප්‍රශ්නෙ අපේ කාලෙ ගුරුවරුනම් දෙවිවරු වගේ.

:       0       0

සජීවනී Thursday, 22 December 2011 12:28 PM

ඒක ඇත්ත

:       0       0

රන්මලී Thursday, 22 December 2011 01:10 PM

පුදුම මිනිස්සු

:       0       0

නාමල් බණ්ඩාර Thursday, 22 December 2011 02:21 PM

කොහොම උනත් පාසලකට ඇතුල් කරන්න දෙමව්පියන් හුගක් මහන්සි වෙනවා. මම දකින විදියට සුදුසුකම් නැත්නම් ඒක ඒ අයට සරලව අපහසුතාවට පත් නොකර කියලා දෙන්න ඕන. එතකොට ලංකාව මීට වඩා ගොඩක් ලස්සන වෙයි.

:       0       0

මංචනායක - දෝහාකටාර් Thursday, 22 December 2011 02:38 PM

උතුම් ගුරු වෘත්තිය කෙලසෙන මෙවැනි අය හෙලා දකිමු.

:       0       0

චරිත් Thursday, 22 December 2011 02:51 PM

මේවගේ ගුරුවරුත් එක්ක කොහොමද වැඩ කරන්නේ?

:       0       0

ජීවන්ත Thursday, 22 December 2011 05:07 PM

ගුරුවරයෙක් උනත් මානසික ලෙඩ්ඩු ඉන්නවා. අහංකාරකම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 94 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site