IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හොර වැඩකට ගිය සටන් ගුරා අම්බානක කාලා

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
අනියම් පෙම්සුව විඳින්නට ගොස් සිදුවූ අකරතැබ්බයක් නිසා සිය වෘත්තියද, සිය ඇඳුමද අතහැර දමා වෙනත් වෘත්තියකට මාරුවූවකු පිළිබඳව දකුණේ නගරයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ සටන් ගුරුවරයෙකි. ඒ නිසාම ඔහුට බොහෝ දෙනා කතා කළේ “මාස්ටර්”‍ යන නමිනි. ඔහු ඊට පෙර පෞද්ගලික පන්තිවල උගන්වන ටියුෂන් ගුරුවරයකු වූ අතර ඊට වඩා මුදලක් සටන් ගුරුවරයකු ලෙස ගැන්වීමෙන් ලබාගත හැකිවාක් මෙන්ම ඉන් සමාජයේද කැපී පෙනෙන්නකු වීමට ඇති හැකියාව නිසා ඔහු එය තෝරාගත්තේය.
මොහු දිනක් ඔහු ඇසුරු කළ තරුණියක සමග පෙම්සුව විඳින්නට ගියේ එක්තරා නගරයක උද්‍යානයකටය. ඔහු එසේ සිටියදී ඔවුන් නොදැනුවත්වම තරුණියගේ සොහොයුරා තවත් මිතුරන් දෙදෙනකු සමග මේ උද්‍යානයට පැමිණියේ දුම්වැටියක් දෙකක් උරා සිත්සේ සතුටුවන්නටය.


සිය නැගණිය තරුණයකු සමග පෙම්සුව විඳිමින් සිටින අයුරු එම තරුණයා දුටුවේ මේ අතරතුරදීය.
දුටු දසුනින් කුපිතවූ තරුණයා මිතුරන් දෙදෙනාද සමග එතැනට ගොස් පෙම්වතාට  ආපසු නොබලා දුවන්නට පහර දුන්නේය. ඔහු ඇඳ සිටියේ ජාතික ඇඳුමකි. එයත් ඉරී ගොසිනි.
නිවෙසට ආ ඔහු නිවෙසේ අයට කීවේ තරුණියකට කරදර කරන්නට ආ තරුණයකුට පහර දෙන්නට ගොස් තමන් ඇඳ සිටි ඇඳුමද ඉරී ගිය බවය.
දින ගණනාවක් ලජ්ජාවෙන් නිවෙසට වී සිටි ඔහු යළි ටියුෂන් ගුරුකමම තෝරා ගත්තේය. ඇඳුමද වෙනස් කර යුරෝපීය ඇඳුම අඳින්නට පටන් ගත්තේ‍ය.
ඔහු දන්නා අය මේ ගැන විමසද්දී ඔහු පවසන්නේ දැන් සටන් කලාව ඉගෙනගැනීමට එන සිසුන් පිරිස අඩු නිසා යළිත් පුරුදු ටියුෂන් ගුරුකම තෝරාගත් බවය. එහෙත් ටික දිනකින් ගමේ අයට ඔහු ගුටිකෑ සිද්ධිය ආරංචිවීම නිසා ඔහු දැන් ගමේ දන්නා හඳුනන අය මග හරිමින් සිටිනවා ලු‍. 



අදහස් (0)

හොර වැඩකට ගිය සටන් ගුරා අම්බානක කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site