කාලයක සිට සිය නිවසේ පවතින මීයන්ගේ කරදරයට විසඳුමක් වශයෙන් එම සතුන් මරණයට පත් නොකර ජීවග්‍රහණයෙන් අල්ලා පිටතට රැගෙන ගොස් මුදාහැරිය හැකි උගුලක් අටවා දින තුනක් එක දිගට රාත්‍රි කාලයේදී එමඟින් සාර්ථක ප්‍රතිඵල අත්වීමක් පිළිබඳව සතුටට පත් පුද්ගලයකු ඒ බව පසු දින අසල්වැසි මිතුරෙකුට කියන්නට ගොස් ඔහුගේ උපදෙස් මත සිදුකළ පරීක්ෂණයකට අනුව ගෙහිමියා පෙරදිනවල මීයන් ඇල්ලූ වාරයක් පාසා මීයකුද ගෙහිමියා අන්දවා ඇති බව කියන පුවතක් පසුගියදා සාලියවැව ප්‍රදේශයේ ගමකින් අනාවරණය විය.
මීයන් මර්දනය සඳහා වස විස මෙන්ම මී උගුල් වර්ගද පොදුවේ භාවිත කෙරෙන අතර වෙළඳපොළෙන් මිලදී ගැනීමට ඇති මෙම එක් උගුලක් මීයන්ට ක්ෂණිකවම මරණය අත්කර දෙන අතර තවත් උගුලක් මීයන් ජීවග්‍රහණයෙන් අල්ලා පිටතට රැගෙන ගොස් නිදහස් කළ හැකි ලෙස නිපදවා ඇත.
ඒ අනුව අදාළ ගෙහිමියාද තමන්ටද පව්සිද්ධකර ගැනීමකින් තොරව සිය නිවෙසේ කරදරකාරී මීයන් මර්දනයට වඩාත් සුදුසු බවට තීරණය කෙරුණු මීයන් ජීවග්‍රහණයෙන් අල්ලා පිටතට රැගෙන ගොස් නිදහස් කළ හැකි උගුලක් ඔහුද ගමේ කඩේකින් මිලදී ගෙනැවිත් ඇති අතර ඒ අනුව ඔහුගේ නිවසේද ගෙවුණු දින තුනක් තිස්සේ පිට පිටම රාත්‍රි කාලයට එය අටවා තිබී ඇති බවත් ඒ සෑම දිනකම අදාළ උගුලට මීයකු බැඟින් හසුවී ඇති බවත් කියයි.
එසේ උගුලට හසුවන මීයා පසු දින උදෑසන ගෙහිමියා විසින් උගුලත් සමග සිය නිවසට මීටර් දෙතුන් සියයක් පමණ දුරකින් පිහිටා ඇති යාබද කැලෑ රොදකට රැගෙන ගොස් එහිදී ඌව එම කැලෑවට නිදහස් කර ඇති බවත් ඒ අනුව මෙම ක්‍රියාවලිය නොකඩවා අදාළ දින කිහිපය තිස්සේම ඔහු විසින් සිදුකර ඇති බවත් කියයි.
මෙයින් මහත්සේ සතුටට පත්වී සිටි බව කියන ගෙහිමියා හතර වැනි දින උදෑසනද පෙරදින රාත්‍රියේ උගුලට හසුවූ මීයාද කූඩුව පිටින් කැලෑවට රැගෙන ගොස් නිදහස් කර එන අතරතුර මගදී ඔහුට හමුවූ ඔහුගේ මිතුරෙකුට මෙම සිදුවීම හෙතෙම ජයග්‍රාහී ලීලාවෙන් පවසා ඇති බවද කියයි.
මෙහිදී ගෙහිමියා කී කතාව අසා සිටි ඔහුගේ මිතුරා ‘උඹ දන්නෙ නෑ මීයන්ගෙ කපටි වැඩ. මං හිතන්නෙ නම් ඔය දවස් ටිකේම එන්ඩ ඇත්තෙ එකම මීය කියල’ යැයි මිතුරා පිටකළ ඒ වචන කිහිපයෙන් අන්දමන්ද වූ ගෙහිමියා මිතුරාගේ කතාවේ ඉතිරි කොටසද තුෂ්නීම්භූතව අසාගෙන සිට පසුව ඊට අනුව කටයුතු කිරීමට තීරණය කර ඇති බවද කියයි.
එහිදී මිතුරා ගෙහිමියාට පවසා ඇත්තේ තමන් එක් දිනක රාත්‍රියේ සිය නිවසේ අටවා තිබූ උගුලකට හසුවූ මීයකුගේ ඇඟේ තීන්ත ස්වල්පයක් තවරා යාබද කැලෑවකට නිදහස් කළ බවත් එම මීයාම එදින රාත්‍රියේද නැවතත් උගුලට කොටුවී සිටි බවට තීන්ත ආලේපයෙන් තහවුරු වූ බවත්ය.
ඒ අනුව ගෙහිමියාද මිතුරාගේ කියමනෙහි සත්‍ය අසත්‍යතාවයද දැන ගැනීමේ අටියෙන් සිව්වැනි දින රාත්‍රියේද නියමිත පරිදි පොල් කැබැල්ලක්ද පුලුස්සා උගුල තුළට සම්බන්ධකර එය අටවා ඇති අතර ඊටද මීයකු හසුවී ඇති බවට පසුදින උදෑසන ඔහුට දැක ගැනීමට හැකි වී ඇත. මෙහිදී මිතුරා කී පරිද්දෙන් එම මීයාට සුදුපාටින්ම තීන්ත ස්වල්පයක් උගේ ඇඟේ ආලේපකර පසුව සුපුරුදු පරිදි කැලෑවට නිදහස්කර ඇති බවත් කියයි.
පසුව එදින රාත්‍රියේද ගෙහිමියා මහත් උනන්දුවෙන් නැවතත් ඇටවූ පර්‌යේෂණාත්මක උගුලටද මීයකු හසුවී ඇති බවත් එම මීයා වෙනකෙකු නොව මිතුරා කී පරිද්දෙන්ම පෙරදින තමන් තීන්ත ආලේපකර කැලේට මුදාහළ මීයාම බවට එම ආලේපයෙන් ඔහුටද තහවුරු වී ඇති බවද වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය විය.
කරුවලගස්වැව
ජයරත්න වික්‍රමාරච්චි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
උගුල් අටවන්න ගිහින් මීයාට ඇන්දවිලා