පාටියේදී පදම වැඩිවෙලා අමුතුම තැනක නිදාගෙන මිතුරන් සමඟ පැවැත්වූ සුහද හමුවකදී වැඩිපුර සප්පායම් වූ යහළුවකුට වැසිකිළියේ නින්ද යාමේ කතාවක් දකුණු පළාතෙන් වාර්තා වේ. දකුණේ එක්තරා ආයතනයක සේවකයෝ පිරිසක් වාර්ෂික සුහද හමුවක් සංවිධානය කළහ. ආයතනයේ ජනප්‍රියතාවට සරිලන පරිදි උත්සවශාලාවක් සහ කෑම බීමද සූදානම් කිරීමට සංවිධායකයෝ වගබලා ගත්හ. සාදය පැවැත්වෙන දිනයේ සවස හය පමණ වනවිට සේවක පිරිසේ වැඩිදෙනෙක් උත්සව ශාලාවට පැමිණ සිටියහ. විවිධ කතා ආගිය තොරතුරු සහ දේශපාලනය වැනි කතාවලින් සපිරි රස සාගරයක් බවට සාදය පත්වීම 14 August 2023
වන්දනාවේ ගිහින් එද්දී බිරිඳ සැමියාගේ ‘රෑ බේත’ මතක් කරලා වන්දනාවේ ගොස් එමින් සිටි බිරියගේ මතක් කිරීමකට අනුව අත්‍යවශ්‍ය ඖෂධයක් ලබා ගැනීම සඳහා සුපිරි වෙළෙඳසලකට ගොඩවූ සැමියා සුපිරි වෙළෙඳසලේ මත්පැන් අලෙවි කුටියට අදාළ පෝලිමේ රැඳී සිටි පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ. මහනුවර ප්‍රදේශයේ ඥාති හිතමිතුරන් පිරිසක් සංවිධානය කරනු ලැබූ වන්දනා ගමනකට රජයේ විශ්‍රාමික ප්‍රධාන පෙළේ නිලතල දැරූ අඹුසැමි යුවළක්ද එක්ව සිටියහ. බිරිය වයස අවුරුදු අසූවක් පමණ වන අතර, සැමියාට වයස අසූපහක් පමණ වේ. මහනුවර බලා ගමන් ගන්නා අතරතුර නගර 12 August 2023
රිලවා හෙළ බොජුන් හලේ සල්ලි පෙට්ටයට විදලා මහනුවර සිට බදුල්ල දක්වා දිවෙන රන්දෙණිගල මහවැලි රජ මාවත මාර්ගයේ කීර්තිබණ්ඩාරපුර, සේරුපිටිය ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේම ඇති හෙළ බොජුන් හලේ සිය කෑම බීම සදා සකස් කර අලෙවි කර මුදල් දමන පෙට්ටිය හෙළ බොජුන් හලට කෑම බීම සොයා ගෙන පැමිණෙන රිළා රංචුවක රිළවකු විසින් මුදල් ද සමග පැහැර ගෙන ගිය බව එම හෙළ බොජුන්හලේ කෑම බීම සාදා සකස් කර අලෙවි කරන කාන්තාවක් කීවාය. මධ්‍යම පළාතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන මෙම හෙළ බොජුන් හලේ ප්‍රදේශයේ කාන්තාවන් කීප දෙනක 12 August 2023
සේවකයාගේ ගුණමකුකමෙන් හාම්පුතාට ගිනිගෙඩියක් පාත්වෙලා හේ ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා සංචාරක හෝටලයක කළමනාකරුවෙකි. දිනක් තම අරක්කැමි සේවකයා මෙම කළමනාකාරවරයාගෙන් ඉල්ලා සිට ඇත්තේ තමන් දුෂ්කර ප්‍රදේශයක සිට සේවයට පැමිණෙන හෙයින් තම ස්වාමියාගේ යතුරුපැදිය සේවා ස්ථානයට පැමිණීම සඳහා තමන් වෙත ලබාදීමට හැකියාව පවතීද යන්නයි. පසුව මෙම ඉල්ලීම ගැන සලකා බැලූ කළමනාකාරවරයා තමන් හෝටලය තුළ නේවාසිකව සිටින බැවින් යතුරු පැදියේ අවශ්‍යතාව එතරම් නොවන බැවින් මෙම සේවකයා වෙත තම යතුරු පැදිය ටික දිනක් පාවිච්චිය සඳහා ලබාදීමට අදහස් ක 12 August 2023
පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගිහින් පරිස්සමට තිබ්බදේ ඈලියාවට ගිය කථාවක් සිහිපත් වන සිද්ධියක් ඉකුත්දා අපට අසන්නට ලැබුණි. එම සිද්ධිය මෙසේය. මාදම්පේ ප්‍රදේශයේ කාන්තාවක සිය ඥාති දියණියක සමග ගාල්ල නගරයට ගියේ තම ඇසේ අමාරුවකට ප්‍රතිකාර ලබාගැනීමටය. ගාල්ලට ගොස් ආපසු නිවස බලා ඒමට ඇය ඥාති දියණිය සමග ගාල්ල බස් පොළට පැමිණ සිටියදී නුවර බලා යන බස් රථයක් පැමිණි හෙයින් ඇයත් ඥාති දියණියත් එයට ගොඩවූහ. බස් රථය අතුරු සිදුරු නැතිව මගීන්ගෙන් පිරී ඉතිරී තිබුණි. එනිසා මේ දෙදෙනාට ගමන් කිරීමට සිදුවූයේ හිටගෙ 12 August 2023
ආදාහනාගාර සහායකයා සොහොන් ගෙට කැරකෙන පුටු මේස ඉල්ලලා බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයකට අයත් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට සමීපව කළුතර නගරය පසුකර යන විට ඇති ආදාහනාගාරයක සේවය කරන ආදාහනාගාර සහායකයකු අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානියාගෙන් තමන් වාඩි වී සිටින වේවැල් පුටුව සහ ලී මේසය වෙනුවට කැරකෙන පුටුවක් හා ඊට ගැළපෙන මේසයක් ඉල්ලූ පුවතක් වාර්තා වෙයි. ආදාහනාගාර සේවයේ යෙදෙන සේවක මණ්ඩලයට එම කාර්යයන් නොමැති වෙලාවට වාඩිවී සිටීමට පුටු, මේස ලබාදී තිබියදී රාජ්‍ය ආයතනවල අමතර වියහියදම් 12 August 2023
බිරියගේ අනියම් පෙමට සැමියාගෙන් ටයර් කොක්කක් අනියම් සම්බන්ධය නතර කිරීමට බැරි තැන අනියම් පෙම්වතාගේ සහෝදරයාට අයත් යතුරු පැදියක ටයර් කපා සැඟවූ පුවතක් තලාව නගරයට ආසන්න ගම්මානයකින් වාර්තා වේ. පාසල් කාලයේ පැවැති පෙම් පලහිලව්වක් මල්පල ගැන්වී තරුණ යුවළක් මවුපිය ආශිර්වාදය මැද දැනට වසර ගණනාවකට පෙර විවාහ වී තිබේ. කාලය ගතවෙද්දි දරුවන් දෙදෙනෙකුගේ මවුපියන් වූ මොවුන්ට අග හිඟකම් වැඩිවන්නට විය. 12 August 2023
ලක්ෂ 7 ක රන්’ මාලය ගන්න තරුණියක ගේක හිරකර විසිදාහක පලතුරු කන්න දීලා තම තරුණ බිරිය දරු ප්‍රසූතිය සිදුකර සති දෙකක් යාමටද පෙර මිතුරකු හඳුන්වා දුන් වෙනත් තරුණියක සොයා ගිය 35 හැවිරිදි පුද්ගලයකුගේ ලක්ෂ හතහමාරක රන් මාලයක් තරුණිය විසින් ගිල දැමීම නිසා සතියකට අධික කාලයක් තිස්සේ තරුණිය බලහත්කාරයෙන් නිවෙසක රඳවාගෙන රුපියල් විසිදහසකට අධික ප්‍රමාණයක පලතුරු ආහාරයට ලබාදීමේ පුවතක් හිඟුරක්ගොඩ පොලිසියෙන් වාර්තා වේ. නැති වූ මාලය තරුණියගේ තිසර පට තුළ තිබී සොයාගත් බව පොලිසිය කියයි. රන් මාලය නැතිවීම සම්බන්ධයෙන් 28 හැවිරිදි තරුණිය ස 11 August 2023
අවුරුදු තිහක නාකි බල්ලෙක් බල්ලකු නිසා අමාරුවේ වැටුණ තරුණයකු සම්බන්ධ අපූරු සිද්ධියක් මහනුවර තලාතුඔයෙන් වාර්තාවේ. ඔහු මහනුවර තලාතුඔය ප්‍රදේශයේ තරුණයෙකි. අසල්වැසි නිවෙසක ඇතිකරන බල්ලකුගේ දරුණු සපාකෑම්වලට ලක්වී ප්‍රතිකාර සඳහා රෝහලට ගියේය. බල්ලාට එන්නත් කළ කාඩ්පත රැගෙන එන ලෙස වෛද්‍යවරයා ඔහුට පැවැසුවේ ප්‍රතිකාර කිරීමට පෙරාතුවය. වහාම ඔහු තම නිවෙසට දුරකතන ඇමතුමක් දී එම බල්ලා සිටි නිවසට ගොස් එන්නත් කාඩ්පත ඉල්ලාගෙන එන ලෙස බිරිඳට දැන්වීය. බිරිඳ තකහනියේ එම නිවෙසට ගොස් නිවෙස් හිමියා 10 August 2023
බඩ අඩු කරගන්න අමුතු ව්‍යායාමයක් කියා දෙන්න ගිහින් බඩ අඩු කර ගැනීම සඳහා අමුතු ආකාරයේ ව්‍යායාමයක් කියා දීමට තැත්කළ විශ්‍රාමික හමුදා සෙබළකු පිළිබඳව කතාවක් තලාතුඔයට නුදුරු ගම්මානයකින් වාර්තා වේ. විසි වයස් වූ ඇය නගරයේ පලතුරු යුෂ අලෙවි සලක සේවිකාවකි. ඊට නුදුරින් එළවළු වෙළෙඳසලක් පවත්වාගෙන යන විශ්‍රාමිකයා, ඇය හා සුහද කතාබහේ ද යෙදෙයි. ඉකුත් දිනෙක උදෑසන පලතුරු යුෂ අලෙවි සලට පැමිණි මොහු තමාට අත් සෝදා ගැනීමට අවශ්‍ය බව පවසා පිටුපස ඇති ජල කරාමය වෙත යාමට සූදානම් විය. එවිට තරුණිය පවසා ඇත්තේ ඉදිරිපස ඇති ජල කරාමය 09 August 2023
ඩෝප් මිතුරා ගඟ ළඟ දමා පාටියේ කට්ටිය ගෙදර ගිහින් පදම ඉක්ම වීම නිසා වමනය දැමීමෙන් පසුව තද නින්දකට වැටුණු තම මිත්‍රයා පාළු ගං තෙරක් අද්දර අමතක කර පලා ගිය මිතුරන් පිරිසක් පිළිබඳ පුවතකි. සිද්ධිය මෙසේය. ඔවුහු එක්තරා ආයතනයක සාමාන්‍ය නිලතල දරන සේවක පිරිසකි. කිසියම් පොදු කටයුත්තක් සඳහා පිටත්ව ගිය ඔවුන් ගමන අවසන් කළේ, මධු සාදයක් සංවිධානය කරමිනි. ස්ථානය ලෙස ප්‍රදේශය හරහා ගලා යන ගංගාවක ඉවුරේ ඉඩකඩ සහිත ස්ථානයක් තෝරා ගැනිණි. 08 August 2023
දුවගේ පෙම්වතා අම්මාටත් පෙම්කර රන්බඩුත් එක්ක වාෂ්පවෙලා මව සහ දියණිය යන දෙදෙනාම සමග පෙම් සම්බන්ධතා පවත්වා දෙදෙනාගේම මුදල් සහ රන්බඩු රැගෙන පලාගිය පෙම්වතකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. වසර විස්සකට පමණ පෙර අවුරුදු දහ අටක් සම්පූර්ණ වූ විගස විවාහ වූ යුවළක් සිටි අතර දෙදෙනාට තරුණ පුතෙක් සහ දියණියක් ද සිටිති. සැමියා සහ බිරිඳ යන දෙදෙනාටම මිල මුදල් යහමින් තිබූ අතර දරුවන් දෙදෙනා ද ආර්ථික පීඩාවකට හසු නොවී ජීවත් වූහ. දියණිය පාසල් වයසේ පසුවන අතර ඇය පසු පසින්ම සෑම ස්ථානයකටම යාමට මව පුරු 07 August 2023
දුවගේ උපන්දින තෑග්ගෙන් පොඩි නැන්දාට තරු පෙනිලා නීතීඥ දුව විසින් තම පොඩි නැන්දාගේ උපන්දිනය සැමරීමට භාවිත කළ නවමු ක්‍රමය නිසා පොඩි නැන්දාගේ හදවත නොනැවතී අනූනවයෙන් ජීවිතය බේරුණු සිදුවීමක් වතුගෙදර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙහි කතා නායිකාව වන ගුරුවරියට ඔන්ලයින් තාක්ෂණයෙන් ඇණවුම් කළ පාර්සලයක් ශීඝ්‍රගාමී පාර්සල් බෙදාහැරීමේ ආයතනයකින් රැගෙන එන්නේ ඇගේ නිවෙසටය. පාර්සල් බෙදන්නා පාර්සලයේ තොරතුරු අනුව එම පාර්සලය අත්සන් කොට එය ලබාගන්නා ලෙස දැනුම් දුන්නේය. එයින් කලබලයටත් විමතියටත් පත්වූ ගුරුවරිය සිය නමට ඇ 05 August 2023
නෝනාගේ නම අමතකවෙලා ගෙදරට පිම්මේ දුවන්න වෙලා වසර ගණනාවක් එක නිවසේ සිටි සිය සැමියා තම බිරියගේ නම නොදැන සිටීමේ පුවතක් පොල්පිතිගමින් අසන්නට ලැබිණි. අස්වැසුම සමාජ ප්‍රතිලාබය ගැනීමට මෙම තැනැත්තා ද දුරකතර ගෙවා පැමිණ පෝලිමේ රැඳී සිටියේය. ගම්බද පෙදෙසක ජීවත් වෙන ඔහු හා බිරියත් අකුරු සාස්තරය නොදන්නීය. ගමෙන් ගමට කල්තියා පැමිණ ඊට අදාළ පත්‍රිකාවන් පුරවා දී තිබේ. ඔවුන් නිවෙස්වලට පැමිණ පත්‍රිකා කොටස රැගෙන එහි නම තිබෙන තැනැත්තා පත්‍රිකාව පිරවීමටත්, ඉන් අනතුරුව ගිණුම් ඇරීමටත් බැංකු වෙතටත් යා යුතුය. ගෘහ මූලි 04 August 2023
ආච්චි ගේකින් ඉස්සු බෝතලෙන් පාසල් යන මුනුබුරා පාටි දමලා මිත්තණිය සිය සේවා ස්ථානයෙන් සොරා ගෙනවිත් නිවස තුළ සඟවා තිබූ මත්පැන් බෝතල්වලින් එක්ක මුනුබුරා සොරාගෙන මිතුරන් සමග පානය කර යකා නැටීමේ සිද්ධියක් වාර්තාවෙයි. සිද්ධිය මෙසේය. මිත්තණිය කොළඹ වතු බංගලාවක සේවිකාවකි. 03 August 2023
රටින් ඇවිත් පාසලට උදව් කරන්න ගියාම විදුහල්පතිනිය දඬුවමක් දීලා සිප් කිරි පෙවූ පාසල් මාතාවට දැනෙන්න උදව්වක් කීරීමට එංගලන්තයේ සිට පැමිණි ආදි සිසුවකුට උදව්ව කරනවා තියා පාසලත් එපා කළ විදුහල්පතිනියක පිළිබඳ කතාවක් අසන්නට ලැබේ. 02 August 2023
පින් පත්තරේ හොරේ යකඩ කටෙන් රටටම එළිවෙලා ගමින් ගමට ගොස් එකතුකරගන්නා සම්මාදම් මුදලින් මත්පැන් පානය කළ හොර උපාසක පිරිසක් ඔවුන් ගමන්ගත් ත්‍රීරෝද රථයේ ගැට ගසා තිබූ ශබ්දවාහිනී යන්ත්‍රයෙන් හසුකර ගැනීමට හැකි වූ බව කියැවෙන පුවතකි. සිද්ධිය මෙසේය. ඔවුහු බොහෝ දුර බැහැර ප්‍රදේශයක පිහිටි ගම්මානයක අලුතින් ඉදි කරනු ලබන පන්සලක රන් වැටක් සඳහා ආධාර එකතු කිරීමට ත්‍රීවිල් රථයකින් පැමිණි පිරිසකි. කාරණය වඩාත් පැහැදිලිව ගමින් ගමට දැනුම්දීම සඳහා ත්‍රීවීල් රථයට ශබ්දවාහිනී යන්ත්‍රයක්ද ගැට ගසා තිබිණි. අහවල් 01 August 2023
කට වරද්දාගත් අම්මාට පොළොව පලාගෙන යන්න වෙලා මව්වරුන් පිරිසක් ඉදිරියේ සිය දියණියගේ නැති ගුණ කීමට ගොස් පොළොව පලා ගෙන යාමට තරම් වූ ලජ්ජාවකට මුහුණ දුන් තවත් අම්මා කෙනකු පිළිබද කතාවක් ගාලු දිසාවේ ප්‍රසිද්ධ නගරයක පෞද්ගලික උපකාර පන්තියකින් අසන්නට ලැබේ. 31 July 2023
කෙල්ලන් නාන හැටි බලන්න අනංගයා ගහක් උඩ ඇළක දිය නාමින් සිටි තරුණියන් දෙදෙනකු දෙස ගසක් මුදුනකට නැග බලා සිටි තරුණයෙකුට අපූරු පාඩමක් ඉගැන් වූ තරුණ ගම්වාසීන් පිරිසක් පිළිබඳ පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 29 July 2023
සෞන්දර්යයට ගිය ගුරුවරියෝ නිවාස අඩස්සියේ ජීවිතේ කවදාවත්ම අමතක නොවන පාඩමක් ආරක්ෂක නිලධාරියකුගෙන් ඉගෙන ගත් ගුරුවරියන් දෙතුන් දෙනෙකු පිළිබද අපූරු කතාවක් දකුණු පළාතේ ප්‍රසිද්ධ ප්‍රධාන පාසලකින් අසන්නට ලැබේ. 29 July 2023
ෆේස්බුක් වීරයාගේ හුළං බැහැලා ජරමරේ ආයතනයට අලුතින් පත්ව පැමිණි ආයතන ප්‍රධානියා නිසා මුහුණූ පොතේ සිදුකළ රඟපෑම්වලට සමු දීමට සිදු වූ සේවකයෙකු සම්බන්ධ පුවතක් මහනුවරට නුදුරු දුම්බර ප්‍රදේශයෙන් වාර්තා විය. 29 July 2023
පපුවෙ දැවිල්ලට තිප්පොළෙන් දෙකක් දාගන්න බෑණා බේතක් කියලා අධික ලෙස මත්පැන් පානයට ගිජුවීම හේතුවෙන් ඇති වූ පපුවේ දැවිල්ල උත්සන්න වීමෙන් රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය මාමණ්ඩියගේ රෝගයට උචිතම ප්‍රතිකාරය මත්පැන් උගුරක් බීමට දීම බව පවසමින් බලහත්කාරයෙන් ඔහුගේ ටිකට් කප්පවාගෙන නිවසට රැගෙන ගිය බෑනා කෙනකු පිළිබඳ පුවතකි. 29 July 2023
උසාවි ගිය ඩිංගට කරුමයක් පලදීලා සිදුකළ වරදක් වෙනුවෙන් තම ත්‍රිරෝද රථයෙන් අධිකරණයට ගිය පුද්ගලයකු අධිකරණ කටයුතු නිම කොට අධිකරණ භූමියෙන් එළියට පැමිණ තම ත්‍රිරෝද රථය නොමැති බව දැකීමෙන් සොයා බැලීමේ දී ලීසිං සමාගමකින් ත්‍රිරෝද රථය ගෙන ගොස් ඇති බව හෙළිවීමෙන් කරුමය දැන් හොඳටෝම පලදෙනවායි තම හිතවතුන්ට කියා ඇත. 29 July 2023
කාන්තා රැස්වීමේ වැලිතලප සිද්ධියෙන් පටි ගැලවිලා කාන්තා රැස්වීමකදී ලබාදුන් වැලිතලප සංග්‍රහයකින් අනතුරුව ඉතිරි වැලිතලප ටික පැමිණි කාන්තාවන් තිදෙනකු විසින් රැගෙන යමින් සිටිය දී මාට්ටුවීමේ පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබේ. 29 July 2023
පුතුගේ මගුලදා අම්ම්මාත් කසාදෙකට ලෑස්ති වෙලා දහඅට හැවිරිදි පුතණුවන්ට මනාලියක සොයන අතරේ හැට නව හැවිරිදි තමන්ටද මනාලයකු සොයන ලෙසට මඟුල් කපුවකුට දැන්වූ මවක පිළිබඳව පසුගියදා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය. මවත් පුතාත් දෙන්නාම එකම නිවසේ පදිංචිව සිටිති. මව කලක සිට සැමියාගෙන් වෙන්ව සිටින්නේ දික්කසාදය බලාපොරොත්තුවෙනි. සැමියා වෙනම නිවසක වෙසේ. වැඩිමහල් දියණියෝ විවාහවී දරු මල්ලන් සමග පවුල් කති. 28 July 2023
කෙල්ලන් තිදෙනෙකුට පුතා වහ වැටි අම්මා තාත්තා දෙන්නත් බඩගින්නේ සහනාධාර ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කර බැලීමට තම නිවෙසට පැමිණි රූමත් තරුණියන් තිදෙනකුට වශීවී තම අසරණ මව්පියන්ගේ වැඩිහිටි දීමනාවත් සමෘද්ධි දීමනාවත් අහිමි කරගෙන කාර්යාල ගානේ ගොස් හඬා වැටෙන ගැටයකු ගැන අපූරු පුවතක් ගාල්ලේ දුෂ්කර ප්‍රදේශයකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. 27 July 2023
හිතවතියගේ කතාවට හිත උණු වී නෝනා මග දමා ගෙදර ඇවිත් බිරිය සමග හාල් මෝලකට ගිය සැමියකුට තම බිරිය අමතකවී හාල් කෑල්ලක් සමග වෙනත් කාන්තාවක යතුරු පැදියේ තබාගෙන ගොස් සිදුවූ අකරතැබ්බයක් අම්පාරේ ගමකින් වාර්තා වේ. ඔහු උදෑසනම වී උරයක් සහල් මෝලකට ගෙන ගොස් දී එය කොටා තබන ලෙස මෝල් හිමියාට පවසා දහවල් කාලයේ රැගෙන යාමට එන බව කියා පිටව ගියේය. ඒ අනුව බිරිය සමග නගරයට ගිය ඔහු නිවෙසට එන අතර දහවල් 12 ට පමණ හාල් මෝලට පැමිණි හාල් කෑල්ල කාන්තා යතුරු පැදියේ ඉදිරි කොටසේ තැබුවේය. 26 July 2023
නෝනා ආවේස වෙලා මහත්තයාගේ ලක්ෂ තිහක් ගිලලා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ එක්තරා ගමක ඉතාම සුළු පිරිසක් පමණක් දන්නා ඉතාම මෑතක අපූරු සිදුවීමකි මේ. ඔහු විශ්‍රාමික හමුදා සෙබළෙකි. තරමක වත්කමක්ද ඔහු සතුව තිබිණි. ඔහුගේ බිරිය ඉඳහිට දේව ආරූඪයෙන් මායම් වන තැනැත්තියකි. 25 July 2023
යාළුවන්ගේ ලණුවට දතකුත් නැති කරගෙන භාර්යාවගේ වැඩි කට අඩු කිරීමට ගොස් තමන්ගේ කටේ දතක් අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. විවාහ වූ දා පටන්ම එන්න එන්නම ඇගේ කට ගසා ගෙන එ්ම වැඩි වූවා මිස අඩු වූවක් නොවිණි. එකට එක දෙඩීම ද ඊට සමගාමීව වර්ධනය වී තිබිණ. මුලින් මුලින් නිවෙසේදී පමණක් සිදු වූ මේ ක්‍රියාදාම දෙක පසුව දෙපාර්ශ්වයේම ඥාතීන් සහ හිතවතුන් ඉදිරියේදී ද ඇයගෙන් ප්‍රදර්ශනය විය. 24 July 2023
බමන මතින් යකා නටන සැමියාට ගෙදර බල්ලාගෙන් පාඩමක් බමන මතින් නිවෙසට පැමිණ භාර්යාවට තඩිබාන සැමියකුගේ එම ක්‍රියා කලාපය බල්ලකු විසින් සදහටම නතර කළ අපූරු පුවතක් ගාලු දිසාවේ කුරුඳුවලට ප්‍රසිද්ධ ගමකින් අසන්නට ලැබේ. බඹර පදමින් බමන මතින් ඔහු නිවෙසට එන්නේ නිවෙසේ වලියක් හිස මත තබාගෙනමය. ඊට නිවස තුළින්ම හේතුවක් හදා ගැනීමට සොයමින්ය. එදාට භාර්යාව දඟලන්නේ ඔහුත් එක්ක නොඑල්ලෙන්නය. ඔහු බලන්නේම මොකක් හෝ අරභයා එල්ලෙන්නමය. අතේ පයේ හයිය පෙන්නන්නමය. 22 July 2023
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026