IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම 



 අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ගම්මු වසරක් පාසා අවුරුදු උත්සවයක් සංවිධානය කරති. ගමේ මැණික් ව්‍යාපාරිකයන් සහා වෙළෙඳ ප්‍රජාව අනුග්‍රහය දක්වන බැවින් ලැබෙන ත්‍යාගවල වටිනාකම්ද ඉතා ඉහළය. අවුරුදු උත්සවවල ආරම්භයේ දක්නට ලැබෙන ගමේ තරුණ පිරිසගේ ජවය පෙන්වන ගම හරහා දිවීමද මෙම අවුරුදු උත්සවයේ පවත්වයි.
එම තරගයේ ජයග්‍රාහකයන් සදහා විශාල වශයෙන් මුදල් ත්‍යාග ලබාදීමද සිදු කෙරේ. මෙවර අවුරුදු උත්සවය සදහා එක් තරුණයකු අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ ධාවන තරගය සදහා සහභාගි වී ඇති අතර ඔහු ධාවන තරගයෙන් දෙවැනි වන්නේ එක් තරග කරුවකුට පමණකි. මෙවර කෙසේ හෝ ඔහු පරදා ප්‍රථම ස්ථානය දිනා ලැබෙන විශාල ත්‍යාග මුදල ලබා ගැනීමට ඔහු සිතා ගෙන සිටියේය. 


ඒ අනුව ඔහු කදිම උපායක් යෙදුවේය. ඒ ප්‍රථම ස්ථානය දිනා ගන්නා තරගකරුවාගේ වතුර බෝතලයට බඩ විරේක දැමීමය. මිතුරන් සමග එක්ව ඔහු එම තරගකරුගේ වතුර බෝතලයට බඩ විරේක දමා තිබේ. 
මේ දුටු ප්‍රථම ස්ථානය දිනා ගන්නා තරගකරුගේ මිතුරකු වහාම එම වතුර කලින් බඩ විරේක  දැමූ පුද්ගලයාගේ වතුර බෝතලය වෙත මාරුකර තිබේ. තරගය ආරම්භ වන මොහොතේ ඔහු සිය මිතුරන්ට කතා කර ජලය පානය කර ඇත්තේ තමන් දැමු බඩ විරේක දැමූ වතුර තමන්ම පානය කරන බව නොදනිමිනි. තරගය ආරම්භ වී සුළු මොහොතක් ගත වෙද්දී තමන්ගේ බඩ ගොර, ගොර ශබ්දයක් සමග කැක්කුමක් එන බව දැනී හැකි වේගයෙන් දිවීමට පටන්ගෙන ඇත්තේ දෙවියන් සිහිපත් කරමිනි. 
තරගයේ ප්‍රථම තරගකරුට වඩා කිලෝමීටර් දෙකක පමණ ලීඞ් එකක් ඔහු තැබුවේ බලා සිටි පුද්ගලයන් අන්ද මන්ද කරමිනි . එහෙත් ඔහුගේ ඉලක්කය දිනුම් කණුව නොව ළගම වැසිකිළිය බව නොදත් ගම්වාසීන් ඔල්වරසන් දී ඇත්තේ ඔහුගේ ධාවන හැකියාව පිළිබඳව අගය කරමිනි.



අදහස් (0)

අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site