IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම 



සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
එම ගම තරමක් දුෂ්කර ගමකි. නගරයේ මෙන් ආදාහනාගාර නොමැති හෙයින් කනත්ත භූමියේ මිනී භූමදානය සිදු කරයි. දුප්පත් පුද්ගලයන් සාමාන්‍යයෙන් මිනිය භූමදානය කරන අතර, පොහොසත් පිරිස් සොහොන් කොත් නිර්මාණය කර වසරක් පාසා ගොස් ඉටි පහන් හෝ මැටි පහන් දල්වා මියගිය පුද්ගලයන් ස්මරණය කරති.
මෙම කනත්ත ප්‍රධාන මාර්ගයකට ආසන්නව පිහිටා ඇති අතර, පාර පුළුල් කිරීමේදී කනත්ත දෙසින් නොව අනෙක් පසින් පාර සකස් කර ඇති හෙයින්, කනත්ත භූමියේ පැරැණි කිලෝ මීටර් කණුවක් ද තිබේ. එම කණුව නව පාර තැනීමේදී එම ස්ථානයෙන් ඉවත් කර නොමැති අතර, වටේ ඇති සොහොන් සමග පස්වලින් යට වී සොහොන් කොතක් සේ දිස් වේ.
මෙම ගමෙහි ජීවත් වූ තරමක් ධනවත් පවුලක කාන්තාවක් සිය පියාගේ වසර හතේ පින්කම නිමිත්තෙන් සොහොන ශුද්ධ කර ඉටි පහන් දල්වා පැමිණෙන ලෙස සිය ස්වාමිපුරුෂයාට පවසා ඇත. 
පසු දින තමන් සොහොනට මල් කලඹක් තැබීමට යා යුතු බව ද ඔහුට පවසා ඇත. ඉතා බියගුලු‍ පුද්ගලයකු වූ ඇයගේ සැමියා බිරියගේ කීම අහක දැමීමට නොහැකි නිසා හා ඇය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළහොත් ලැබෙන ප්‍රතිවිපාක දන්නා හෙයින්, මිතුරකු හා කනත්ත වෙත යාමට කටයුතු කර ඇත්තේ ඇයට සිතින් සාප කරමිනි. 


රාත්‍රී කාලයේ පහන් දැල්විය යුතු බැවින්, එතෙක් බිය මඳක් හෝ අඩු කරගැනීමට මිතුරා සමග අවන්හලකට ගොස් හොඳ හැටි මත්පැන් පානය කර තිබේ. පසුව රාත්‍රී උදා වූ පසු දෙදෙනා බොහෝ අපහසුවෙන් කනත්ත වෙත ගොස් මාමණ්ඩියගේ සොහොන් කොත සොයා කනත්ත පුරා ඇවිද ඇත. 
මාමණ්ඩියගේ නම කේ.එම්. යනුවෙන් පටන් ගන්නා අතර, මිතුරා බොහෝ අපහසුවෙන් කේ.එම්. සොහොන් කොතක් සොයා ගෙන ජයග්‍රාහි ලීලාවෙන් ඔහුට කතා කර තිබේ. පසුව එම ස්ථානය එහෙන් මෙහෙන් ශුද්ධ පවිත්‍ර කර, බිරිය කෑන් එකකට දමා දුන් නැවුම් කිරිවලින් කොත සෝදා ඉටිපන්දම් දල්වා ඉක්මනින් එතැනින් ගොස් ඇත්තේ වෙරි පිටමය.
බිරිය මල් කලඹක් රැගෙන පියාගේ සොහොන වෙත සැමියා සමග ගොස් ඇති අතර, පෙර දින සැමියා සිය පියාගේ සොහොන වෙත කිසිවක් කර නොමැති බව දැක යකා ආරූඪ වී තිබේ. එවිට ඔහු බියෙන්, බිරිය අමතා, “නැහැ, නැහැ. මගේ යාළුවා හොඳට නම බලලා ශුද්ධ කරලා කිරිවලින් සොහොන නාවලා හේදුවේ”‍ යැයි පවසා ඇත. පසුව ඔහු වටපිට බලද්දී කිලෝ මීටර් කණුව අසල දැවී ගිය ඉටිපන්දම් හා කිරි ගෙනා කෑන් එක දැක, තමන් මාමණ්ඩියගේ සොහොන යැයි සිතා කිරිවලින් සෝදා ඉටිපන්දම් දල්වා ඇත්තේ කිලෝ මීටර් කණුවකට බව දැක, ඒ දෙස දත් මිටි කමින් බලා සිටින බිරිය දෙස බලා ලැජ්ජාවෙන් එතැනින් හිමිහිට මාරු වී ඇත්තේ බිරියගේ කටේ ශක්තිය ඇයගේ අත පයවලට ඒමට පෙරය.

 



අදහස් (0)

සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site