IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අතින් ඇදලා අම්බානට ගුටි කාලා

නාඋල - ඉන්දික අරුණ කුමාර



විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුටි පූජාවකට ලක්වූ පුවතක් වාර්තා වෙයි.
පසුගිය දිනෙක මාතලේ - යටවත්ත ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනෙකුගෙන් යුතු පිරිසක් නිවසකට පැමිණ තමන් පැමිණියේ අවදානම් සහිත පොල් ගස් ඇදීමට බැව් සඳහන් කර තිබේ.
නිවසේ ඒ වන විට සිට ඇත්තේ කාන්තාවක පමණක් බවත් පසුව ඇය සිය නිවසේ පිහිටි අවදානම් සහිත පොල් ගසක් ඇද බැඳීම සඳහා මුදල් කතාකරගෙන එම කාර්ය සිදුකිරීම සඳහා පැමිණි පිරිසට අවස්ථාව සලසා දී තිබේ.


පැමිණි පිරිසෙන් එක් අයෙකු පොල් ගසට නැග කම්බි යොදා අදාළ පොල් ගස ඇදීමට සැරසෙද්දී කාන්තාව සමග බිම සිටි තරුණයා එකවරම කාන්තාවගෙ අතින් ඇදීම හේතුවෙන් කලබලයට පත්වී ඇති ඇයගේ කෑ ගැසීම අසා අවට පිරිස් එක්වී අතින් ඇල්ලූ පුද්ගලයාට නොසෑහෙන්නට තඩිබා ඇතැයි වාර්තා වෙයි.
ගස ඇදීමට පොල් ගසට නැගි පුද්ගලයා ද ඉතා අපහසුවෙන් ගසින් බැස ත්‍රිරෝද රථය පණගන්වා නිවසෙන් හැකි වේගයෙන් පලාගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වෙයි.
ජීවත් වෙන්නට කීයක් හරි හොයාගන්නට රැකියාවල් කරන පිරිස් අතරේ එය ද කිරීමට පිනක් නැති පුද්ගලයන් සිටින බැව් ශබ්දය ඇසී එම ස්ථානයට පැමිණ ඇති වැඩිහිටියකු සඳහන් කර ඇත.

 



අදහස් (0)

අතින් ඇදලා අම්බානට ගුටි කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site