IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි.
පියා ආයතනයක සේවය කරන්නෙකි. ඔහු පිටස්තර පෙදෙසක සේවයේ නිරතව සිටී.
විවාහක බිරිය හා දරුවෝ නිවෙසේ පසු වෙති.
එක් දරුවකු රෝහල්ගතව සිටි අවස්ථාවල දී පවා ආයතනයේ සේවක පිරිස් රෝගියාගේ සුව දුක් බැලීමට ගොස් උදව් උපකාර කරපු  අවස්ථා එමටය. එලෙස සිටි පුත්‍රයකු හදිසියේම මිය ගියේය.
ඔහුගේ සිරුර නිවෙසේ තැන්පත් කර තිබුණි. අවසන් කටයුතු සිදු කරන දිනයේ ආයතනයේ නිලධාරීහු හා සියලු සේවකයෝ ඒ අවස්ථාවට සහභාගි වූහ.
ආයතනයෙන් ගෙනෙන ලද ශෝක ප්‍රකාශ බැනර් ගේට්ටුව අසල පාරේ දැමිය යුතුය.
එහෙත් ඒ සඳහා ලී කපන්නට පිහියක් වුවමනාය.


කපන ලද ලී පොළවේ හිටුවීමට පොළව හිල් කරන්නට අලවංගුවක් ද අවැසිය. තම පුතා මිය ගොස් සිටින නිසා ශෝකයට පත් පියාගෙන් ඒ ගැන විමසීමට තම සේවක පිරිස කටයුතු නොකළහ. ඔවුන් කිසිවකුටත් නොකියා නිවසේ පිටුපස ඇති ගබඩාවට ළඟා වූහ. ඒ පිහියක් හා අලවංගුවක් සොයා ගැනීමටය. එහි තිබුණු උදැල්ලක් සේවක පිරිසකගේ නෙත ගැටුණි.
එය ආයතනයට අයත් එකකි. ඒ සමඟම එහි තිබී පිහියක් සොයා ගත්ත ද එය ද ආයතනය සතු භාණ්ඩයකි.
ඉන් අනතුරුව සොයා ගත් අලවංගුවත් ආයතනයේ ගබඩාවේ ආරක්ෂිතව තිබූ එකකි. තවත් තාච්චි හා ආයතනය සතු ඒවා කිහිපයක්ම එහි තිබී සොයා ගැනීමට සේවක පිරිසට හැකි වී තිබේ.
දැනගත් රහස සේවකයෝ නිවැසියාට නොදැනෙන්නට ආයතනයේ ප්‍රධානියා ද ගබඩාවටම ගෙනැවිත් පෙන් වූහ.
ඒවා එතැනම තබා පිහිය හා අලවංගුව ඉවතට ගෙන අවැසි ලී  කපා ඒවා සිටුවන විට මිය ගිය පුතාගේ පියා බැනර් සවි කරන තැනට පැමිණියේය.
 ආයතන ප්‍රධානියා ඒ අවස්ථාවේ දී සේවක පිරිස ඉදිරියේ තබාගෙන “මම හිතුවේ ආයතනය තියෙන්නේ අපේ වැඩපොළේ විතරයි කියලානේ. බැලුවාම එහි උප ඩිපෝවක් දඹදෙණියේත් තියෙනවානේ” යනුවෙන් උපහැරණයක් කීවේය.
එසේ කීවේ ඇයි දැයි විපරම් කළ සේවකයාට දැන ගන්නට ලැබුණේ ඔවුන් ගබඩාවට රිංගා ඇති බවයි.
ඔවුන් අත තිබෙන පිහිය හා අලවංගුව දුටු ඔහුට දෙලොව රත් විය. පුතුගේ අවසන් කටයුතු හා දානය නිම වී  ඇතත් ආයතනයට යන්නේ කෙසේදැයි කියා සිතමින් ඔහු තවමත් නිවෙසේ පසු වෙන්නේ ආරක්ෂිතව වසා තිබූ ගබඩාව විවෘත කරපු නිවෙසේ උදවියටම දොස් නගමින්ලු.

 

මොරගොල්ලාගම
සිසිර කැලේගම



අදහස් (0)

පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site