IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


තැනට ඔබින නුවණින් ගතමනාවකුත් ලැබිලා

 මොරගොල්ලාගම  සිසිර කැලේගම 



පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට  තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මානයකින්  අසන්නට ලැබුණි.
බිරිය හා දරු දෙදෙනා සමග නිවැසියා එහි වාසය කරයි. ඔහු රැකියාවක නිරත වුවත් උපයන මුදලින් ජීවත්වීම අසීරු ය. කෙසේ වෙතත් කනවා නෙමෙයි ලෙව කන ගානට ජීවත්වන බව දන්නේ නිවසේ  අයම විතරයි. එය එසේ වුවත් සමාජයට හා පවුලේ අයට තෙලෙන් කා කිරෙන්  අත සෝදන අයකු මෙන් ඔහු උජාරුවට රඟපායි. නෑදෑ පිරිවර අමතන හැමවිටම  කිසිවෙකුත් තම නිවෙස්වලට නොඑන බවට ඔවුනට  දොස් නගන්නේ ය.
මේ නිසාම දුර පළාතක සිටින තමාගේම බාල මල්ලී අයියාගේ නිවසේ රැඳී වට වන්දනාවක යාමට එහි  එන බව දන්වා සිටියේය. මල්ලී, මල්ලිගේ බිරිය, දරුවන් ඇතුළුව එන පිරිස අට දෙනෙකි. 
පළමු දිනයේ එහි නතර වෙනවා. උදේ අවුකන වැඳගෙන කලාවැවෙන් නාලා දවල්ට ගෙදර කෑමට එනවා. එදින රාත්‍රියත් එම නිවසේම රැඳී පසුදින උදේට, දවල්ට කෑම පාර්සල් හදාගෙන අනුරාධපුර වට වන්දනාවේ ගොස් එදින රෑටත් මෙම නිවසටම එනවා. පසුදින දඹුලු‍, සීගිරි යනවා. මල්ලි තම අයියාට ගත කරන දින චරියාව ගැන කීවේ ය.


එය ඇසූ අයියාට ඉහමොළ රත් වුණි. අතේ පිච්චිය නැති වෙලාවේ නෑදෑ පිරිවර පැමිණීම ඔහුට බිරියට ගෙදරට හිසරදයක් වුණි. ඔවුන් එන දිනය ටිකෙන් ටික ළං වුණි. කළ හැක්කක් නොමැත. අවට පිරිත් ගෙදරකි. එහි ගිය නිවෙස් හිමියා පිරිත් නූල් හතරක් ගෙන ආවේය. හතර දෙනාගේම අතේ නූල් ගැට ගැසූහ. නෑදෑයෝ එදින හවස ළඟා වූහ.
“මාර වැඩේනේ වුණේ. පොඩි එකීට ආරූඪයක් ආවා. ඒකිට මතක නැහැ මොකද වුණේ කියලා. පස්සේ දේවාලයකට අරන් ගියා. දෙහි කපනකම් ආරක්ෂාවට  හතර දෙනාටම නූල් දැම්මා. ඒ කාලය තුළ පුළුටු කරන්න හොඳ නැහැ. මස්, මාළු, බිත්තර, කරවල තියා තෙල් දාන්නවත් එපා කිව්වා. ඔයාලා ආවේ මාර දවසක තමයි”. 
‘කමක් නැහැ කිරෙන් හරි මොනවා හරි කමු’. රෑ කෑම වේල, උදේ කෑම වේල එසේ කිරෙන් කනවිට තෙහෙට්ටුවට පත් නඩයට එම කෑම රසය එපා වෙලා  දින ගණනක් නවතින්නට පැමිණි ඔවුන් දෙහි කපා සාත්තුව කරන්නත් ගතමනාවක් අයියාගේ අතේ තියා හිතවතෙකුගේ පිහිට පතා එතැනින් නික්ම ගියා ලු‍.

 



අදහස් (0)

තැනට ඔබින නුවණින් ගතමනාවකුත් ලැබිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site